Tuesday, July 30, 2013

බදුරලිය පොලිස් හොරු කසිප්පු හොයන්න කැබින්ට් ලාච්චුව ඇරලා එකේ තිබු රු.36,000-කට විදිලා යයි.

කසිප්පු ගඳ එනවා කියමින් ගෙට රිංගු බදුරලිය පොලීසියේ ස්ථානාධිපති ඇතු`ථ පොලිස්කාරයෝ හය දෙනෙක් නිවස තුල යකා නටා කැබිනට් ලාච්චුවේ තිබු රු- 36,000/සොරකම් කරගෙන යන ලද පුවතකි මේ.

සිද්ධිය අදාලව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, මානව හිමිකම් කොමිෂන් සභාව සහ ක`ඵතර-ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත, බදුරලිය, මෝල්කාවේ පදිංචි 24 හැවරිදි දෙදරු මවක් වන අනෝජා චාන්දනී මහත්මිය කරන ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන්වේ.

2013.07.27 දිනදහවල් 1.00 ට පමණමා, මාගේ අවු: 04 යි, අවු: 01 යි වන දරුවන් දෙන්නාවකාමරයේ ඇඳ මත තබාගෙන සිටියා. පොඩි දරුවාට කිරි දෙමින් සිටියේ.

එක පාරටම, දෙන්නෙක් කාමරය ඇතුළට ආවා. එසේ ආවේ බදුරලිය පොලීසියේ ස්ථානාධිපති හා කිත්සිරි කියන නිලධාරියා. ඔවුන් සිටියේ සිවිල් ඇඳුමින්.

ආව ගමන් මහත්තයයා කෝ කියාකිත්සිරි කියන නිලධාරියා මගෙන් ඇහැව්වා. මම ඔහු වැඩට ගිහිල්ලා යැයි කිව්වා. කිත්සිරි කිව්වා ගේ ඇතුලේ කසිප්පු ගඳයි කියලා. මට කිව්වා ළමයාව අරන් ඇඳෙන් බහින්න කියලා. මම ඇඳෙන් බැස්සා ළමයා අරන්. කිත්සිරි නැමැති නිලධාරියා ඇඳේ කොට්ට හතර හා මෙට්ටය බිමට ඇදලා දැම්මා. ඊළඟට ඇඳුම් රාක්කයේ තිබූ රෙදි ඇදලා දැම්මා. ස්ථානාධිපති මට කිව්වා, අල්මාරිය අරින්න කියලා. කිත්සිරි කියන නිලධාරියා අල්මාරියේ තිබූ ඇඳුම් එහාට මෙහාට ඇදලා බැලූවා. මට කිව්වා අල්මාරියේ ලාච්චුව අරින්න යැයි කියා. මම ලාච්චුව ඇරියා. එ්ක ඇතුලේ තිබූ දේවල් කිත්සිරි කියන නිලධාරියා අවුස්සා බැලූවා.  ඊළඟට කාමරයෙන් සාලයට ආවා. මම ළමයා ඇඳ උඩ තියලා ඔවුන් පිටුපස සාලයට ආවා.

කිත්සිරි කියන නිලධාරියා සාලයේ තිබූ කැබිනට් එක ළඟට ගිහිල්ලා, එහි උඩ තිබූ යතුරු කැරැල්ල අරන්      
ලාච්චුවේ යතුර කෝකද කියා මගෙන් ඇහැව්වා. මම යතුර පෙන්නුවා. කිත්සිරි ලාච්චුව ඇරියා. ළමයා අඬන්න පටන් ගත්ත නිසා මම යලිත් කාමරයට ගියා. මම ළමයා අරන් සාලයට එන විටම කිත්සිරි කියන නිලධාරියා කැබිනට් එකේ ලාච්චුව වහලා යතුරු කැරැල්ල කැබිනට් එක උඩට දැම්මා. ඊළඟට කෑම මේසයේ තිබූ රෙද්ද ඇදලා උස්සලා බැලූවා.

එයින් පසුව කුස්සියට ගියා. කුස්සියද අවුස්සා බැලූවා. පෝරණුව අස්සෙ බැලූවා. කිත්සිරි යන නිලධාරියා පෝරණුව උඩට නැගලා, බිත්ති උඩ එහාට මෙහාට ගියා.

ඊට පස්සේ බිමට බැහැලා සාලයේ පුටු සෙටියේ කුෂන් ගලවා දැම්මා. නැවත වරක් කාමරයට ගිහිල්ලා මේසය ඇදලා බැලූවා. බලන ගමන් කිත්සිරි කිව්වා මේ හරියේ තමයි කසිප්පු ගඳ එන්නේ කියලා. නැවත අල්මාරිය අරින්න කියා ස්ථානාධිපති කිව්වා. මම අල්මාරිය ඇරලා දුන්නා. චින්තක කියන නිලධාරියා එවර අල්මාරියේ රෙදි සියල්ලම අවුස්සමින් පරීක්ෂා කළා. ලාච්චු අරින්න කිව්වා. එයද ඇරියා. එයද චින්තක කියන නිලධාරියා පරීක්ෂා කළා. 

එයින් පසුව මේ පිරිස ගෙයින්  එළියට ගොස්, එහාට මෙහාට ඇවිද යන්න ගියා. පොලිස් නිලධාරීන් හයදෙනෙක් සිටියා. ස්ථානාධිපති, කිත්සිරි හා චින්තක යන නිලධාරීන්ගේ නම් පමණයි දන්නේ. අනෙක් තුන්දෙනාව දැක්කොත් අඳුරන්න පුලූවන්.

පස්වරු 6.30 ට පමණ, මගේ සැමියා වන මනෝජ් වසන්ත, තවත් අයෙක් සමග නිවසට ආවා. කැබිනට්ටුවේ ලාච්චුව ඇරමගෙන් ඇහැව්වා මේකේ තිබුන සල්ලි කෝ කියලා. මම එවිට තමයි කිව්වේ පොලීසියෙන් ඇවිත්නිවස පරීක්ෂා කරලා ගියාකැබිනට් එකදඑහි ලාච්චුද ඇවිස්සුවා කියා. කැබිනට් ලාච්චුවේ රු: 36,000රැුු කමුදලක් තිබුනා. එය පොලිස් නිලධාරීන් රැුගෙන ගිය බව දැන ගත්තා.

මම එ් වෙලාවේමපොලිස් මූලස්ථානයේ 0112421111 අංකයටකතා කරලා කිව්වා. දුරකතන පනිවිඩය ගත්ත නිලධාරියා කිව්වේ හොයලා බලලා කතා කරන්නම් කියා. දුරකතන අංකය ඉල්ලා ගත්තා. නමුත් ආපසු කතා කළේ නැහැ.

පසුවදා, (28 දා* උදේ 7.00 ටපමණ. බදුරලිය පොලීසියෙන් දෙන්නෙක් ආවා. ඔවුන් දෙන්නා හිටියේ සිවිල් ඇඳුමින්. එක් අයෙක් දුමින්ද යන නිලධාරියා. අනෙක් අයගේ නම දන්නේ නැහැ. දෙන්නාගේම අතේ පිස්තෝල තිබුනා. ඔවුන් මගෙන් මහත්තයා කෝ කියලා ඇහැව්වා. මම කිව්වා වැඩට ගියා කියලා. මට කිව්වා ඉස්සරහ ‍ෙදාර අරින්න කියලා. මම ෙදාර ඇරියා. ඔවුන් ගේ තුළට ආවා. ඔවුන් කාමරය බලා එළියට ගියා. එලියේ හිටියා ග‍්‍රාමාරක්ෂක දෙන්නෙකුත්, තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත්. විනාඩි පහක් පමණ මිදුලේ සිට යන්න ගියා.

2013 ජූලි 06 වන දින රාත‍්‍රී 7.00 ට පමණ ආරවුලක් සම්බන්ධයෙන් මගේ සැමියාව හා තවත් අයෙක්ව අත්අඩංගුවට ගෙන බදුරලිය පොලීසියේ රඳවා තබා ගත්තා. පසු දින (07) සවස 6.00 ට පමණ මට ස්ථානාධිපති එන්න කිව්වා. ඇප කොලයක් ගෙනත් අත්සන් කරන්න කියා. මම පොලීසියේ කැන්ටිමෙන් රු:10.00 ක් දීලා ඇප කොලයක් ගෙනත් දුන්නා. එ් කොලේ පුරවා අත්සන් ගත්තා. නමුත් ඇප දුන්නේ නැහැ. හෙට (08) උදේ 8.00 ට එන්න කිව්වා.

මම පසුදින උදේ 8.00 ට පොලීසියට ගියා. එදින 10.00 ට ඇප දෙන බවත් කිව්වා. තවත් ඇප කොලයක් ගෙන්වාගෙන අත්සන් ගෙන ඇප දුන්නා. 2013 අපේ‍්‍රල් 12 දින උසාවියට එන්න කිව්වා.

නමුත් එදිනට යන්න බැරි උනා. ඔහුට වරෙන්තු වී තිබුනා. 2013.07.19 වන දින අධිකරණයට ඉදිරිපත් වීවරෙන්තුව ඉවත් කර ගත්තා. එදින දැන ගත්තා ගෝඩා බැරල් එකකට නඩු දාලා බව.

මෙසේ පොලීසිය දාපු බොරු නඩුවට නිවැරදි කරු කීම නිසා මෙසේ හිරිහැර කරන බව මම ප‍්‍රකාශ කරමි.

බදුරලිය පොලීසියේ ස්ථානාධිපති, කිත්සිරි, චින්තක යන පොලිස් නිලධාරීන් 2013.07. 27 වන දින ගේ ෙදාර සෝදිසි කරම්න් තමාව හා කිරි දරුවන් දෙදෙනා බිය වද්දා භීත්යට පත් කොට රු: 36,000/- කමුදලක් පැහැර ගැනීමට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට ඇය වැඩි දුරටත් ඉල්ලා සිටි.

No comments:

Post a Comment