Tuesday, July 16, 2013

පවුම් 06ක රත්තරන් නොදුන්නොත් - පවුම් 25කට නඩු දානවා.


මොහොමඩ් නවුෆර් , මොරටුවේ "රොම් ජුවලර්ස් "අයිතිකරුය. ඔහු ප්‍රකාශ කරන පරිදි පසුගිය 08 වනදා තම සාප්පුවේ සේවකයෙකු වූ ජිෆ්රි හම්සාව, පානදුර දකුණ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරකම් කරන රන්භාණ්ඩ වගයක් ගත් බවට චෝදනා කරමින්ය.

පානදුර දකුණ පොලිසියේ උ.පො.ප.නිශාන්ත ඇතුලු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන ජිෆ්රි හම්සාගෙන් ඉල්ලා සිටින්නේ පවුම් 06ක රත්තරන්ය. අත්අඩංගුවේ සිටින ජිෆ්රි හම්සාව සවසට ගෙදර යවන පොලිසිය, පසුදින එන්න කියා නැවත සවස ගෙදර යවති. මේ අනුව, 9,10,11 හා 12 යන දිනවල, පොලිසියට ගෙන්වා දවස පුරා තබාගෙන, පවුම් 06 දෙනතෙක් ඒ ආකාරයෙන් උදේට ඇවිත් හවසට යායුතු බව කියා තිබේ. ඒ සමග පවුම් 25ක් සොරකම් කල බවට නඩුදාන බවටද තර්ජණය කර තිබේ.

අත්අඩංගුවේ සිටින තරුණයෙකුට මිරිස් කුඩු දමා වධ දුන් බව පවසා ඇති ජිෆ්රි හම්සා, මිරිස් වතුර තම ඇහැටද විසි කල බව කියා තිබේ.

12 වනදා, ජිෆ්රි හම්සාට පහරදී ඇති අතර, ඔහු එයින් රෝගාතුරුව නාගොඩ මහා රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම තත්වය යටතේ තම වෙළ ව්‍යාපාරය කරගෙන යෑමට නොහැකි තත්වයක් උදාවී ඇති බව පවසන මොහොමඩ් නවුෆර් දින හතරක් පුරාම සාප්පුව වසා දමන්නට සිදුවූ බවද කියා සිටී.

මොහොමඩ් නවුෆර් හා ජිෆ්රි හම්සාගේ බිරි වන අයිෂා රුස්නා, මේ පිළිබව මානව හිමිකම් කොමිෂම හා පොලිස්පතිට පැමිණිලි කර තිබේ.

No comments:

Post a Comment