Wednesday, July 10, 2013

ජාතික පොලිස් කොමිෂන් සභාවට අන්ද කයිප්පු


බලපත්‍ර රහිතව දැව ප්‍රවාහන කිරීමක් සම්බන්ධයෙන්, අධිකරණය මග හරින ලද වාහන හිමිකරුවකු වූ මොරඇඳගේ නැමැත්තෙකු අත්අඩංගුවට ගැනීමට කඵතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය. ඔහ බෝම්ඹූවල, වල්පිට, මණ්ඩලියවත්තේ පදිංචි කරුවෙකි.
කඵතර දකුණ පොලිසිය- වල්පිට, මණ්ඩලියවත්තේ පදිංචිකරු වෙනුවට, බෝම්ඹූවල පැලවත්තේ පදිංචි 61 හැවිරිදි, ව්‍යෘපාරිකයෙකු වූ මොර ඇඳගේ දයාරත්න මහතාව අත්අඩංගුවට ගෙන, මුඵ රැයක් පුරා පොලිස් සිර මැදිරියේ තබාගෙන සිට පසුදින අධිකරණයට ඉදිරිපත් කළේය.
තමාට, කිසිදු වරෙන්තුවක් නොමැතිව, තමාව නිරපරාදේ අත්අඩංගුවට නොගන්නා ලෙසටත් ඉල්ලා සිටියද, කට ගොන්නක් බීගෙන සිටි පොලිස් කාරයින්ට කන්නලව් වලින් වත්, ඇත්ත නැත්ත කුමක්ද කියාසොයා බලන්නටත් පියවි සිහියක් නොතිබින.
අධිකරණය රුපියල් 5000/=ක ඇපයක් මත මොර ඇඳගේ දයාරත්න මහතාව මුදාහැර මීලග නඩු දිනයට පෙනී සිටින ලෙසට නියම කළේය.
එම දිනයේ අධිකරණයේ පෙනී සිටි මොර ඇඳගේ මහතාට, නීතිඥවරයෙකු මගින් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව, ඔහුට කඵතර දකුණ පොලිසිය සිදු කරන ලද අපරාධය පිලිබදව සැලකිල්ලක් නොදක්වා, එය සුලු අත්වැරදීමක් වශයෙන් සලකා - ඔහුව මුදාහරින ලදි.
වෙනත් පුද්ගලයකු බේරා ගැනීම සදහා පොලිසිය සිදුකල අපරාධය පිළීබදව ඔහු අදාල බලධාරීන්ට ලිඛීතව පැමිණීලි කළේය.
ජාතික පොලිස් කොමිෂම දයාරත්න මහතාගේ පැමිණිල්ල පිළිබදව විමර්ශණයකර, 2012.06.24 දින පොලිස්පති වරයාට ලිපියක් ලියමින්, මොරඇඳගේ මහතාට අසාධාරණයක් කර තිබෙන නිලධාරීන්ට එරෙහි විනය පියවර ගන්නා ලෙසට දැනුම් දුන්නේය.
එයින් වසරකට පසුව, එකී සිද්ධීය අදාලව, ඉහත ලිපියට අත්සන් තබන ලද නිලධාරියාවූ කඵතර දිස්ත්‍රික් අධ්‍යක්ෂ නීතිඥ ආර්.එම්.එම්.බි.රත්නායක 2013.06.10 දාතමින්, මොර ඇඳගේ මයාට ලිපියක් එවමින් කියා සිටින්නේ පොලිසිය ක්‍රියා කර ඇත්තේ ද්වේෂ සහගතව නොවන නිසා - ඉදිරි කටයුතු කිරීම අත්හිටුවන බවයි.මෙම ලිපියට අන්දමන්දවූ - මොරඇඳගේ මහතා ජාතික පොලිස් කොමිෂමේ සභාපතිවරයාට ලිපියක් යවමින් - මෙවැනි ලිපි නිකුත් කිරීමේ පදනම ප්‍රශ්ණ කරමින්, ජාතික පොලිස් කොමිෂමට අන්ද කයිප්පු කැවිලාදැයි ප්‍රශ්ණ කරති.
පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම අවමන්සහගත සැලිකිලවලට පත්කොට, දැඩි මානසික වධහිංසාවන්ට පත් කිරීම, නිදහස අහිමි කිරීම, උසාවි ගානේ ගෙන යාම, රස්තියාදු කරවීම, මුදල් වැය කරවීම - ජනාධීපති රාජපක්ෂ විසින් මහජන සුභ සිද්ධීය සදහා පිහිටුවා තිබෙන ආයතනවලට තම හෙංචයියන් පත් කිරීමේ ඵළ විපාක විදින්නට සිදුව ඇත්තේ අසරණයන්ටය.

No comments:

Post a Comment