Wednesday, July 17, 2013

නාරි හා ප්‍රසව විශේෂඥවරයා කවදාවත් බැලුවේ නැහැ බිහිවුනේ ආබාධිත දරුවෙක්.


මගේ කුලුදුල් දරුවා ආබාධිතයෙක් වුනේ - පෙර කර්මය නිසා නොවේ. ශ්‍රී යවර්ධන පුර මහා රෝහලේ නාරි ප්‍රසව විශේෂඥයා එක දවසක්වත් පරික්ෂා නොකළ නිසා.
ඉන්ද්‍රානි මහත්මිය සිය කලුදුල් දරුවාගේ ප්‍රසූතිය සහා තෝරාගත්තේ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල.
ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල ඇයව යොමු කළේ - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරාගේ සායනයටය. එම විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා ඇයව පළමු දිනයේ බලා ඇත.
ඉන් පසුව ඇය සායනයට ගොස් දෙන ලද උපදෙස් සියල්ල ඉටු කර තිබේ. එහෙත් ඇය - විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා ව කිසි දිනක චැනල් කර නැත.
සෑම අවස්ථාවකම ඇය එම රෝහලේ ඇයවපරීක්ෂෘ කළ වෛද්‍යවරු පවසා ඇත්තේ - දරුවා ඉතා සුවෙන් සිටින බවයි. ඇයගේ සම්පූර්ණ කථාව - තේරුම් ගන්නට, ඇය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය මණෟඩලයට ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශයට අවධානය යොමු කරන්න.

දිවුරුම් ප‍්‍රකාශය
ගම්පහ දිස්ත‍්‍රික්කයේ - මීරිගමකණ්ඩලමගල්වල පාරඅංක 52 එ් හි පදිංචි - රන්බංදි දේවලාගේ ඉන්ද්‍රාණි වන මා බෞද්ධාගම්කාරියක වශයෙන්අවංක ලෙසදසත්‍ය ලෙසද,ගරුගාම්භීරතා පූර්වකවද- පහත සඳහන් කරුණු සත්‍ය හා නිවැරදි බව ප‍්‍රතිඥදී ප‍්‍රකාශ කර සිටිමි.
01. 1. ඉහත නම් සඳන් දිවුරුම් ප‍්‍රකාශිකාව මම වෙමි.
    11. මාගේ වයස අවුරුදු 44යිවිවාහකදරුවන් 01යි
    111. මා ශ‍්‍රී ලාංකික පුරවැසියෙක්මි.

02. 2009 ජනවාරි 31 වන දින මාසී.පී.වීරතුංග සමග විවාහ දිවියට එළඹෙන ලදි.

03. විවාහයෙන්මම දරුවෙකු ලැබෙන්නට බව දැනගත් වහාම ශ‍්‍රී ජයවර්ධනපුර මහා රෝහලට ගිය බවත්එතැනදී ප‍්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා මහතාගේ සායනයට යොමු කරනු ලැබූ බවත් ප‍්‍රකාශ කර සිටිමි.

04. පළමු දිනයේදීඑම ස්ථානයේ වෛද්‍යවරු මාගේ විස්තර විමසා පරික්ෂා කරලියා පදිංචි කරන ලද බවත්ලියා පදිංචි අංකය 915471 බවත් ප‍්‍රකාශ කර සිටිමි.
05. එදින මට කාඞ්පතක් ලබාදුන් බවත්ඊලඟ මාසයේ එනම් 2009.08.21 දින සායනයට එන ලෙස දැනුම් දුන් බවත් ප‍්‍රකාශ කර සිටිමි.

06. ඒ අනුව මා, 2009.08.21 දින සායනයට ගිය බවත්එ් අවස්ථාවේදී මාව - විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා පරීක්ෂා කල බවත්එයින් පසුව මට 2009.09.18 වන දින සායනයට පැමිණෙන ලෙසට දැනුම් දුන් බවත් ප‍්‍රකාශ කර සිටිමි.

07. එදින සිට සෑම මාසයකම නොවැරදීමනියම කරන දිනයන්හී මා සායනයට ගිය බවත්එ් බව මට රෝහලෙන් නිකුත් කරන ලද කාඞ්පත මගින් සනාථ කරන බවත් ප‍්‍රකාශ කර සිටිමි.

08. මේ ආකාරයටමා සායනයට ගිය නමුත්කිසිදු අවස්ථාවක විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා මා පරීක්ෂා කලේ නැති බවත්දරුවාව පරීක්ෂා කලේ කනිෂ්ඨ වෛද්‍යවරු බවත් ප‍්‍රකාශ කර සිටිමි.
09. එම වෛද්‍යවරුන් විසින් නියම කරන ලද සියලූම පරීක්ෂණවලට මා ඉදිරිපත්වූ බව ප‍්‍රකාශ කර සිටිමි.
10. එම වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මා නයින් වේල්ස්” පුද්ගලික රෝහලට ගොස්ඇනොමලින් ” ස්කෑන් එකක් කරවා ගත් බවත්එ් අවස්ථාවේ දරුවාට සති 21ක් බවත් ප‍්‍රකාශ කර සිටිමි.
11. මෙම පරීක්ෂණ වාර්තාව මා සතුව තිබෙන බවත්අනෙකුත් ස්කෑන් කිරීම් ඇතුලූවසියලූ පරීක්ෂණ කළේ ශ‍්‍රී ජයවර්ධණපුර රෝහලෙන් බවත් ප‍්‍රකාශ කර සිටිමි.

12. එ්වායේ වාර්තාවන්මාහට අයත් ලිපි ගොනුවේ තිබෙන බව ප‍්‍රකාශ කර සිටිමි.

13. මේ සියලූ අවස්ථාවලදීමට වෛද්‍යවරුන් කියා සිටියේ දරුවා ඉතා හොඳින් වැඞී ඇති බවත්ප‍්‍රසවය සාමාන්‍ය බවත්ය.

14. 2010.02.26 දිනමා සායනයට ගිය බවත්එ් අස්ථාවේදී මාගේ තත්වය සතුටුදායක බවත්දරුවා ලැබෙන දිනය ලෙසට 2010.03.26 දින යෝජනා කර තිබූ බවත් ප‍්‍රකාශ කර සිටිමි.

15. එදින එනම් 2010.02.26 දින සායනයේදීනැවතත් 2010.03.05 දින සායනයට පැමිණෙන ලෙසට දැනුම් දුන් බව ප‍්‍රකාශ කර සිටිමි.

16. එදින, 2010.02.26 දින මානිවසට ගොස්සවස්වරුවේදී දරුවා දැගලීම නැවතුන බවත්,ලැබී තිබූ උපදෙස් අනුවපැය 12ක් දරුවා දැගලූවේ නැති නිසාපසුදින එනම් 2010.02.27දින මා නැවතත් රෝහල් ගතවූ බවත් ප‍්‍රකාශ කර සිටිමි.

17. එහිදී පරීක්ෂා කරශෛල්‍යකර්මයක් කලයුතු බව ප‍්‍රකාශ කරමාව ශෛල්‍යකර්මයකට භාජනය කරන ලද බවත්ශෛල්‍යකර්මය කරන අවස්ථාවේවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා නොසිටි බවත් ප‍්‍රකාශ කර සිටිමි.

18. ශෛල්‍යකර්මයෙන් දරුවාව ගත් පසුවදරුවා ඇඬුවේ නැති බවත්එ් නිසා දරුවාව හදිසි ප‍්‍රතිකාර එ්කකයට ගෙන ගිය බවත්දරුවා ඉපදුනේ 2010.02.27 දින බවත් ප‍්‍රකාශ කර සිටිමි.

19. දින 2කට පසුවමාව හදිසි ප‍්‍රතිකාර එ්කකයට ගෙනගොස් දරුවා පෙන්වාදරුවා හොඳින් ඉන්නවා කියාතව දින දෙකකින් නිවසට යා හැකි බව පවසා සිටි බව ප‍්‍රකාශ කර සිටමි.

20. එයින් දින දෙකකට පසුවදරුවාට අමාරුවී ඔක්සිජන් දෙන්නට වූ බවත්දරුවාට ෆිට් එක එනවාමොකද දන්නේ නැහැස්කෑන් කරන්න අවශ්‍ය බව පවසා සිටි බවත් ප‍්‍රකාශ කර සිටිමි.

21. එමෙන්ම දරුවාගේ මොලේට විෂබීජයක් ඇතුලූවී ඇති බව වෛද්‍යවරු පවසා සිටි බවත්,එසේ වූයේ නම් එ් සඳහා වගකිවයුත්තේ රෝහලම බවත් ප‍්‍රකාශ කර සිටිමි.

22. මේ එකඳු අවස්ථාවකවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා නොසිටි බව ප‍්‍රකාශ කර සිටිමි.

23. දරුවාගේ හිස ස්කෑන් කල පසුව - ඔලූවට ලේ ගලන බව ප‍්‍රකාශ කල බවත්නමුත් ඊට හේතුවක් වෛද්‍යවරු නොපැවසූ බවත් ප‍්‍රකාශ කර සිටිමි. 

24. එ් අවස්ථාවේ මාගේ සහෝදරයකු විසින් - විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරාට එ් පිළිබඳව දැනුම් දුන් විට ඔහු කියා සිටියේ හැදිලා නැති බබාලාට සමහරවිට ඔලූවේ සියුම් නහර පුපුරන්න පුලූවන්හේතුවක් කියන්න බැහැ” යනුවෙන් බව ප‍්‍රකාශ කර සිටිමි.

25. මා දරුවා සමග රෝහලින් නික්ම එන විට දරුවාට රෝහලින් නිකුත් කරන ලද රෝග විනිශ්චය තුන්ඩුවේමට ඉන්සියුලින් ” ලබාදුන් බවට සටහන්කර ඇති බවත්නමුත් මාහටඉන්සියුලින්” ලබා නොදුන් බවත්දරුවා බිහිවන අවස්ථාවේ දරුවාගේ වර්ධන සති 36ක් ලෙස ප‍්‍රකාශ කලදරෝග විනිශ්චය තුණ්ඩුවට අනුව වර්ධන කාලය සති 34ක් වන බවත් ප‍්‍රකාශ කර සිටිමි.

26. රෝහලින් නික්ම යාමෙන් අනතුරුවද දරුවාව පෙන්වූ වෛද්‍යවරුදරුවාව පරීක්ෂා කර පවසා සිටියේ - දරුවාව යථා තත්වයට පත්කල නොහැකි බව හා ඉදිරියට දරුවා සම්බන්ධයෙන් ප‍්‍රශ්ණවලට මුහුණ දීමට සිදුවේවි යනුවෙන් බව ප‍්‍රකාශ කර සිටිමි.

27. ශ‍්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ නාරි හා ප‍්‍රසව වෛද්‍ය විශේෂඥ හේමන්ත පෙරේරාගේ නොසැලකිල්ල හේතුවෙන්මාගේ දරුවා අංගවිකල බවට පත්ව ඇති බව වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටිමි.
මට කීමට ඇත්තේ එපමණයි.

රන්බංදි දේවලාගේ ඉන්ද්‍රාණි

No comments:

Post a Comment