Tuesday, July 16, 2013

හොරණ මහේස්ත්‍රාත් - පොලිස් මෘග ක්‍රියා ගැන කරුණු කියන්න ඉඩ නොදෙයි. මේකද ? යුක්තිය.





මගේ පුතාව බණ්ඩාරගම පොලිසිය අත්අඩංගුවට ගත්තේ ජූලි 09 වෙනිදා. අත්අඩංගුවට ගත් බව දැනුම් දුන්නේ නෑ. පසුදා 10, තමයි දැනගත්තේ.
පුතාව අත්අඩංගුවට අරන් තියෙන්නේ ජංගම දුරකථනයක් හොරකම් කලා කියා. එයා පොඩි හෝටලයක් කරගෙන ජීවත් වෙන්නේ.
පුතාට වධදීලා අතින් පයින් ගහලා. කොච්චි මිරිස් දාලා. නැගිට ගන්නවත් බැරිවෙන්න ගහලා
මානව හිමිකම් කොමිෂමට දැන්නුවා. එහෙම කෙනෙක් නෑ කියලා කොමිෂමට දන්වලා. හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිඥ රොෂාන් දෙහිවල මහතාව පොලිසියට යැව්වා. ඒ මහතාට මුලින් කියලා පස්සේ පිළි අරගෙන ඒ නීතිඥ මහතාට කියලා තියෙනවා ෆෝන් එකක් හොරකම් කලාට තමයි ගත්තේ කියලා.
පහුවෙනිදා (11දා) උසාවි දානවා කියලාකියලා තියෙනවා. නමුත් උසාවි දැම්මේ නැහැ.
12 වෙනිදා උදේත් කිව්වේ උසාවි දාන බව. නීතිඥ රොෂාන් දෙහිවල මයාට අපි සල්ලි බැලා , පුතා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න සූදානම් කලා.
දවල් 12 වෙනකම්, පුතාව උසාවියට ගෙනාවේ නෑ. නඩුකාර තුමා දවල් කෑමට කියලා, එයාගේ නිල කාමරයට ගියා.
බණ්ඩාරගම පොලිසිය, ඒ වෙලාවේ නඩුකාරයගේ කාමරයට ගිහිල්ලා, හෙරොයින් ග්‍රෑම් 2ක් එක්ක අත්අඩංගුවට ගත් බවට බොරු කියලා රැවුම් නියෝගයක් අරගෙන.
ඒක දැනගත්ත නීතිඥ රොෂාන් දෙහිවල මයා, කෑමෙන් පස්සේ උසාවිය පටන්ගත්තාම, ඒ ගැන ප්‍රකාශයක් කරන්න ඉල්ලුවා.
නඩුකාරයා ඒකට ඉඩ දුන්නේ නෑ. තවත් නීතිඥ මහත්වරු ඉල්ලා සිටියා පොලිසියේ නීති විරෝධී ක්‍රියාව ගැන කරුණු කියන්න ඉඩ දුන්නේ නැහැ.
පොලිසියේ තිරිසන් ක්‍රියාව, නීති විරෝධී ක්‍රියා වහන්න - නඩු කාරයාවත් හවුල් කරගෙන. ඒ ගැන අග්‍රවිනිශ්චයකාරතුමාට දැනුම් දුන්නා.
තවමත් පුතා ඉන්නේ බණ්ඩාරගම පොලිසියේ. ඔහුට මුත්‍රා කරන විට යන්නේ ලේ. දිවි නසාගන්න හදනවා.
උසාවිය තියෙන්නේ යුක්තිය ඉටු කරන්න. හොරණ මහේස්ත්‍රාත්වරයා පොලිසියේ - රබර් සීල් එකක් වෙලා. නීතිය අතට අරගෙන පොලිස් අමනයින්ව රකින්න හදනවා.
පොලිසිය පුතාව කොහාට හරි අරන් ගිහිල්ලා මරනවා කියනවා. පුතාට වසක් විසක් දෙන්න පුලුවන්. එහෙම නැත්නම් මරලා, එල්ලුනා කියන්න පුලුවන්.
පුතාට වධදීම, බොරු නඩු දැමීමට මේ වන විට වගකියන්න ඕනා පොලිසිය විතරක් නෙවෙයි. හොරණ මහේස්ත්‍රාත්ද වගකියන්න ඕනි.
මේක තමයි අද තත්වය. රාජපක්ෂ ආණ්ඩුව පොලිසියට ඩී.ඕ. ගහලා තියාගන්න බලය දීලා තියෙන්නේ රෙගුලාසි දාලා. නමුත් ඒවා ගැසට් එකට පමණයි. නීතිය රකින්න ඉන්න නඩු කාරයෝද පොලිසිය හා එක්වෙලා නීති කඩමින් අපරාධ කරනවා.  
ඉහත ප්‍රකාශය කරන්නේ, විසි දෙහැවිරිදි, දෙදරු පියෙක් වන, සමුද්‍ර  කෞෂල්‍ය පෙරේරාගේ පියා වන පොකුණුවිට පදිංචි රත්නසිරි පෙරේරා මහතාය.
ඔහුගේ බිරි වන නිශාදි මධුරිකා විසින් - තම සැමියාව අත්අඩංගුවට ගෙන, වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් - මානව හිමිකම් කොමිෂම හා පොලිස්පති වෙත පැමිණිලි කර තිබේ.

No comments:

Post a Comment