Sunday, July 14, 2013

රබර් ගහකට තියා මාංචු දමා පොල්ලකින් තට්ටම්වලට ගැහුව්වා.


උදේ 8.30 ට පමණ, තම නිවසට පැමිණි පුද්ගලයින් හතර දෙනෙක් තමන් මිරිහාන පොලිසියේ බව පවසා, යතුරු පැදියක මැද තබාගෙන කැලෑ බද පෙදෙසකට රැගෙන ගිය බව පවසන, උක්වත්තගේ පත්මසිරි, එහිදී රබර් ගසකට තබා මාංචු දමා, තට්ටම්වලට පොලු වලින් පහරදුන් බව ප්‍රකාශ කර සිටී.
කැලයේ තිබූ කසිප්පු බැරල හතරක වගකීම බාරගන්නා ලෙසට මෙසේ පහර දුන්නේ බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් බව පවසන ඔහු, තමන් ආබාධිතයකු බව ප්‍රකාශ කර සිටියදීත්, පහරදුන් බව කියා සිටී.
පහරදීමෙන් අනතුරුව බණ්ඩාරගම පොලිසියට ගෙනගොස්, ඇප මත මුදාහරින ලද්දේ රෝහල් ගතවුවහොත් සතියකට වරක් බැගින් බොරු නඩු දාන බවට තර්ජණය කර බවද කියා සිටී.
වෑතර රජයේ රෝහලට ඇතුලුවූ ඔහුව වැඩිදුර ප්‍රතිකාර සදහා කලුබෝවිල රෝහලට යවා ඇති බව ඔහුගේ බිරිද කියා සිටියේය.

No comments:

Post a Comment