Tuesday, July 23, 2013

චීවරධාරියා දැරියක් දූෂණය කර කන්දේ විහාරයට නින්දා කරලා . අලුත්ගම පොලිසිය, දෙවන වරටත් ඇය දූෂණය කරයි.


බාලවයස්කාර දැරියක් කන්දේ විහාරයට ගෙන්වා , දූෂණය කල චීවරධාරියා කර තිබෙන අපරාධය කන්දේ විහාරයට නින්දා කිරීමලු.

අලුත්ගම කන්දේ විහාරයේ චීවරධාරියෙකුව සිටි අධිකාරීගොඩ ඉන්ද්‍රානන්ද හිමි නැමැත්තා, ඉරේෂ් මධුෂාන් නමින් ගිහියකු ලෙසට පෙනී සිටිමින් දාහත් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් විවාහ කරගන්නා පොරොන්දුව මත ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන, එයින් අනතුරුව 2013 අප්‍රේල් 21 දින ඇයව අලුත්ගම සුප්‍රකට විශ්ණු දේවාලය පවත්වාගෙන යන කන්දේ විහාරයට ගෙන්වා ගනෙ තිබේ.

අධිකාරීගොඩ ඉන්ද්‍රාන්නද හිමි නමින් එහි පෙනී සිටි මේ පුද්ගලයා ඇය පන්සල තුලට ගෙන ගොස් දූෂණය කර තිබේ. මේ පිළිබදව අලුත්ගම පෙලිසියට පැමිණීලි කිරීමෙන් අනතුරුව, අධිකාරීගොඩ ඉන්ද්‍රාන්නද හිමි අත්අඩංගුවට ගෙන කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අලුත්ගම පොලිසිය, මෙම දුරිය දූෂණය කල චීවරධාරියාට පවරා ඇත්තේ, ස්ත්‍රී දූෂණයක් කිරීමේ චෝදනාව නොවේ. පන්සලේ ආවාස කාමරයක චීවරය බිම දමා දැරියක් දූෂණය කිරීමෙන් - කන්දේ විහාරය නින්දාවට පත්කර ඇති බවට වන ‘‘ බාල චොදනාවයි.

මෙහිදී - කන්දේ විහාරයට නින්දා කිරීම අපරාධයක් බවට සලකන, රජජපක්ෂ පාලනයේ පවතින පොලිසිය, චීවර දරාගෙන දැරියක් දූෂණය කිරීම අපරාධයක් හැටියට නොසලකයි.
මුන් සියල්ලටම විශ්ණූ දෙවියන්ගේම පිහිට ලැබෙනවා ඇත.
මෙම අපරාධය, මේ ආකාරයට ලඝු කොට දැක්වීම මගින්, දෙවන වරටත් ඇයව දූෂණය කරන්නේ අලුත්ගම පොලිසියයි.

සම්පුර්ණ කථාව-- http://peoplesforumsl.blogspot.com/2013/06/blog-post_14.html

No comments:

Post a Comment