Monday, July 22, 2013

පසු විපරම

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත අධිකරණය - නඩු අංකය 71236 හා මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණීලි අංක HRC/1349/06/L - 6
ර/ඇඹිලිපිටය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි මලිත් ශානකට ඒ විදුහලේ උප ගුරුවරයෙකු වන ආරච්චිගේ ලලිත් පුෂෟප කුමාර අතින් පයින් පහරදී තුවාල සිදු කරනු ලැබීය.
2005 සැප්තැම්බර් මස 05 වන දින, දහවල් 12.30ට විදුහලේ කාර්යාලය තුලදී මෙම පහරදීම සිදුකර තිබින. නිවසට පැමිණි මලිත් ශානකව, එදිනම ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුලත් කරනු ලැබීය. ඇඹිලිපිටිය මූලික රෝහලින්, රත්නපුර මහා රෝහලට මාරු කරනු ලැබීය.
සිද්ධිය අදාළව, ඇඹිලිපිටිය පොලිසිය 71236 යටතේ ඒ.ලලිත් පුෂ්ප කුමාර ගුරුවරයාට එරෙහිව නඩුවක් පවරන ලදි. ඒ 2005.12.19 දිනදීය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිලි අංක HRC/1349/06/L - 6 යටතේ විමර්ශණයක් ආරම්භ කළේය.
නඩු විභාගය ආරම්භ කර, පවත්වාගෙන යන අතර, 2007 පෙබරවාරි 27 වනදින, මානව හිමිකම් කොමිෂන් සභාව සිය නිර්දේශය ඉදිරිපත් කළේය.
එම නිර්දේශයේ මෙසේ සදහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙයාකාරයෙන් ක්‍රියාමාර්ගයට පිවිස තිබීමද අවධානයට ලක්කල යුතු වේ. අධිකරණ ක්‍රියාවලියේ අවධානය කෙසේ වෙතත්, සිසුවෙකුට නිසිආකාර පරීක්ෂණයක් නොපවත්වා පහර දීමක් සිදුවී ඇති බවට ගොනු වී ඇති ලේඛන අනුව පැමිණිලිකරුට මෙසේ රත්නපුර රෝහලේ වෛද්‍යවරයා ඇසට තුවාලයක් සිදුවී නොමැති බවට පවසා ඇති මුත්, පහරක් ඇසට වැදී ඇති බව සාක්ෂි අනුව පෙනේ. එමෙන්ම පහර දීමෙන් බිමට ඇද වැටීම, කමිස කොලරයෙන් අල්ලා පහරදීම වැනි අමානුෂික කෘෘර ක්‍රියාවන් ගුරුවරයෙකුගෙන් හෝ මව්පියන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි දඩුවම් ගණයට වැටේ. මෙම පහරදීම පැමිණලිකරුගේ මානව හිමිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නිසා වගඋත්තරකරු විසින් පැමිණිලිකරුට රු:25,000/= ක වන්දියක් ගෙවිය යුතු බව 1996 අංක 21 දරණ මානව හිමිකම් පනතේ 11(ඌ) වගන්තිය අනුව නියම කිරීම සාධාරණ බැව් කොමිෂම නිර්දේශ කරමි.
මෙම නිර්දේශයට අනුව, ෙකාමිසම රු: 3000/= ක වන්දියක් මලිත් ගානකට ගෙවන ලෙසට ඒ. ලලිත් පුෂ්ප කුමාර ගුරුවරයාට නියම කළේය.
නමුත් එම නිර්දේශය අනුව වන්දි මුදල ගෙවීමට ඒ ලලිත් කුමාර ගුරුවරයා පියවර ගත්තේ නැත.
මේ අතර, ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි සටහන් කිරීම ආරම්භ කර තිබින. එසේ නඩු විභාගය පැවැත්වෙන අතර, 2009.09.15 දාතමින් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙත ලිපියක් එවන - නීතිපති වෙනුවට, අතිරේක සොලිසිටර් ජනරාල් පාලිත ප්‍රනාන්දු , ආරච්චිගේ ලලිත් පුෂ්ප කුමාර රූපසිංහ - චූදිතට විරුද්ධව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බව හා ඔහුව නිදහස් කළ හැකි බව, මහේස්ත්‍රාත්වරයාට දැන්වීමට පියවර ගන්නා ලෙසටද, මහේස්ත්‍රාත්වරයාට දැන්වීමෙන් අනතුරුව, මහේස්‍ත්‍රාත්වරයා ගන්නා ක්‍රියාමාර්ගය  අමුණා ඇති ආකෘතිය මගින්, ලිපිය ලැබී දින 14ක් ඇතුලතදී, ඔහු වෙත (පාලිත ප්‍රනාන්දු අතිරේක සොලිසිටර් ජනරාල්) වාර්තා කළ යුතු බව කියා සිටියේය.
එකී ලිපිය, මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව, 2008.03.10 වන දින නඩු වාර්යේදී, අගතියට පත්වූ පාර්ශවය වෙනුවෙන් (මලිත් ශානක වෙනුවෙන්) ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, අධිකරණය මගින් නීතිපති උපදෙස් සදහා ගොනුව ඉදිරිපත් කර නොමැති බව නිරීක්ෂණය කර, චූදිත ඒ. ලලිත් පුෂ්ප කුමාර රණසිංහ නිදහස් කිරීම අදාල ලිපිය යළි සලකා බලන ලෙසට නීතිපති ගෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම 2010.06.07 දිනට පිළිතුරක් නොමැති බැවින් යළි සිහි කැදවීමක් කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.
2010.08.16 දින නඩුවාරයටත් නීතිපති පිළිතුරක් එවා තිබුනේ නැත.
මහේස්ත්‍රාත්වරයා, චූදිත ඒ.ලලිත් පුෂ්ප කුමාර රණසිංහව නිදහස් කළේය‍.
සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කිසිදු විනය ක්‍රියාමාර්ගයක්, ඒ.ලලිත් පුෂ්ප කුමාර රණසිංහ ගුරුවරයාට එරෙහිව ගනු නොලැබීය.
නීතිමය පාලනයක් රටක් තුල පවතිනවානම් මෙවන් දේ සිදුවීමට නොහැක. මෙය අපරාධ චෝදනාවකට ලක්වූවෙක් - නීතිපති විසින් නිදහස් කිරීමක් ලෙසට - සුලු කොට සැලකීමකට නීති ලුමනාරිස්වරුන්ට, බුද්ධිමතුන්ව, ඊනියා මානව හිමිකම් ආරක්ෂකයින්ට හැකිය.
මෙය බාල පරපුරට දෙනු ලැබූ ආදර්ශයකි. ඔවදනකි. ඒ අපරාධ කරන්න භිය වෙන්න එපා කියාය. ශ්‍රී ලංකාවේ නීතිය පොතට පමණි. දන්න හදුනන එවුන් ඉන්නවානම් ඕනෑම අපරාධයක් කර නිවි සැනසිල්ලේ ඉන්න පුලුවන්ය.
සටහන :

එදා මෙම නියෝගය දුන් අතිරේක සොලිසිටර් ජනරාල් පාලිත ප්‍රනාන්දු අද නීතිපතිය.

No comments:

Post a Comment