Tuesday, July 2, 2013

නීතිඥ බිරිඳ උසාවියට බොරු කියා සූපවේදියාට දඩ ගස්වයි. නඩුව යලිත් අසන්න ඔහු ඉල්ලයි.

මහ පාරට කසල ජලය බැහැර කිරීමේ චෝදනාවට, බම්බලපිටිය HOTSPOTහෝටලයේ අයිතිකරු චතුරංග කාරියවසම් වෙනුවට එම හෝටලයේ සූපවේදියාවූ පත්මසිරි ප්‍රනාන්දු  ආදේශ කළේය.

බම්බලපිටිය පොලිසිය සිදු කළ මේ නීති විරෝධී ක්‍රියාවට එරෙහිව අදාල බලධාරීන්ට පැමිණිළි කළ පත්මසිරි තමාට දැමූ බොරු නඩුව ඉවත් කරවන ලෙසට ඉල්ලා සිටියේය.

එය සිදු නොවුනි. 2013/07/01 දින ඔහුට විරුද්ධ බොරු නඩුව, කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී අඩ ගසනු ලැබීය.

පත්මසිරි මහතාගේ වාරය පැමිණි විට, ඔහු විත්ති කූඩුවට නැග්ගේ තමාගේ නිර්දෝෂ භාවය කියන්නටය. එයට අවස්ථාව අහිමි කළ  HOTSPOT අයිතිකරුගේ බිරි, ඔහු වෙනුවෙන් පෙනී සිටින බව මහේස්ත්‍රාත්වරයාට කියා, පත්මසිරි වරද පිළිගන්නා බව ප්‍රකාශ කළේය. අධිකරණයේ ඇය මහේස්ත්‍රාත්වරයාට කිව්වේ මොනවාද කියාවත් පත්මසිරි මහතාට ඇසුනේ නැත.

මේ ආකාරයට අධිකරණය රවටා, පත්මසිරිව සමාජ විරෝධියෙකු කළේය.

ඔහු මේ සම්බන්ධයෙන්, අගවිනිසුරු නීතිපති හා කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයට රේජිස්ත්‍රාත්වරයා මගින් කරුණු දක්වමින් නඩුව යලි ආරම්භ කරන ලෙසට ඉල්ලා සිටී.

No comments:

Post a Comment