Tuesday, July 30, 2013

සරෝජනී නිර්මලී කොතලාවලව අයිලප්පෙරුම ලගට ගනී.

2013'06.26 දින ඉෂාර ජයලත් සිසුවාව ව වධහිංසාවට හා කෲර අමානුෂික අවමන් සහගත සැළකිලි වලට සහ දඬුවම් වලට භාජනය කළ දොඩන්ගොඩ මහා විදුහලේ වදුහල්පතිනි සරෝජනී නිර්මලී කොතලාවල ව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ගෙන්වාගෙන තිබෙ.
සිද්ධිය අදාලව ෙදාඩන්ගොට පොලීසිය සරෝජනී නිර්මලී කොතලාවලට හා එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පති එස්.එ්.එල් මුතුකුමාරණට එරෙහිව මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙන අතර ඔවුන්ව රු:- ලක්ෂ පහ බැගින්වු ශරිරි ඇප මත මුදා හැර තිබේ.
මේ අතර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන්.අයිලප්පෙරුම ගේ කැඳවීම මත2013.07.17වන දින බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තුමේතුවට ගිය ඉෂාර ජයලත් සිසුවාට සහ ඔහු ගේ මව සහ පියාට මුහණ දීමට සිදුවුයේ අපාරධකාරියක්ව බේරා ගැනීමට වෙර දරන පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ජී.එන්.අයිලප්පෙරුමට මුහුණ දෙන්නටය.
එදින සාකාච්ඡුාව පිළිබඳව ඉෂාර ජයලත් සිසුවාගේ පියා වන අනුර ජයලත් මහතා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අයිලප්පෙරුම වෙත එදින සිදුවීම් මුලික කරගෙන ලියන ලද ලිපයේ මෙසේ සඳහන් වේ. 
'' 2013.06.26 දින අපගේ පුතා වන තොටවත්ත බන්ඩාරගේ ඉෂාර ජයලත්ව වධහිංසාවට හා කෲර අමානුෂික, අවමන් සහගත සැළකිලි වලට සහ දඬුවම් වලට භාජනය කිරීම සම්බන්ධනේ අපගේ පැමිණිල්ලට අදාලව ඔබ කැඳවීම අනුව 2013.07.17 වන දින පැවැත්වූ සාකච්ඡුාව හා බැඳ්.
01. මෙදින මා මාගේ බිරඳ හා සිද්ධියට මුහුණ දුන් මාගේ පුතාද සාකච්ඡුාවට එක්් විය.
02. එහිදී ඔබ පුන පුනා අවධාණය කිමට උත්සාහ ගත්තේ අප ප‍්‍රකාශ කරන්නේ බොරු බවත් හිටපු විදුහල්පතිනී නිර්මලී සරෝජනී කොතලාවල කියන්නෙ සත්‍ය බවත්ය.
03. මෙහිදී ඔබ උත්සාහ කළේ මගේ පුතාට කෲර අමානුෂික අවමන් සහගත සැළකිලි වලට සහ දඬුවම් වලට භාජනය කිරීම ගැන නොව සිද්ධියට පසුබිම වූ කරුණු විකෘති කර පෙන්වීමටය.
04. තවද ඔබගේ උත්සාහය වූයේ නිර්මලී සරෝජනී කොතලාවල ගේ නීති විරොධී හා විනය විරෝධි ක‍්‍රියාවන් යටපත් කිරීමටය.
05. තවද ඇය විසින් එනම් හිටපු විදදුහල්පතිනී නිර්මලී සරෝජනී කොතලාවල 2013.06.26 වන දින මෙම අපරාධය සිදු කළ දින ඇය නිවාඩු පිට සිටියදී බව අප පෙන්වා දුන්නෙමි.
06. එදින ඇය පාසැල් පැමිණි බවට අත්සන් ලේඛනය පසුදිනක වෙනස් කොට එම නාම ලේඛනය විකෘති කර විෂමාචාර ක‍්‍රියාවක්ද සිදු කර ඇත.
07. මෙම කරුණු අප ඔබට ප‍්‍රකාශ කළ විට ''එ්වා ඔයගොල්ලන්ට වැඩක් නැහැ අපි බලාගන්නම්" යනුවෙන් කරන ලද ප‍්‍රකාශය නීති විරෝධි හා විනය විරෝධි බව ප‍්‍රකශ කර සිටිමි.
08. රාජ්‍ය සේවකයින්ගේ ¥ෂණ අක‍්‍රමිකතා පිලිබඳ පැමිණිල් කිරීමට රටවැසියන්ට තිබෙන අයිතියද ඔබ විසින් එ් අවස්තාවේ බරපතල අන්දම්ට නොසලකා හැරිය බව ප‍්‍රකශ කරමි.
09. ළමුන්ව කෲරත්වයට පත් කිරීම දණ්ඩ නීති සංග‍්‍රහය යටතේද අධ්‍යාපන චක‍්‍රලේඛ යටතේද බරපතල දඬුවම් ලැබිය යුතු වැරදි බව ඔබ නොදන්නවා විය නොහැකි බව අප විශ්වාස කරමි.
අවශ්‍ය වන්නේ අනාගත පරපුරට ආදර්ශයක් වන ආකාරයට නීතිය හා විනය ක‍්‍රියාත්මක කිරීම බවද පෙන්වා දෙමි."

No comments:

Post a Comment