Wednesday, July 10, 2013

ඔබාමාගේ වධකාගාරය ගැන රාජපක්ෂ ආණ්ඩුව ගොලුවත රකී.



කුප්‍රකට ගුවන්තමානෝ සිර කඳුරේ , දින නියමයක් නැතිව, චෝදනා රහිතව රඳවාගෙන වධයට භාජනය කරන අල්කයිඩා සැකකකරුවන් විසින් ආරම්භ කර තිබෙන ආහාර වර්ජනයට දින 150 කි.

මේ වන විට, බන්ධනාගාර වෛද්‍යවරුන් ලවා, මෙම උපවාසකරුවන්ට බලයෙන් ආහාර ලබා දීමට ඔබාමා පාලනය පියවර ගෙන තිබේ.
අත පය බැඳ සිහි නැති කිරීමකින් තොරව සිදු කරන මෙම ක්‍රියාව ඉතා වේදනා කාරීවූවකි. කෘෘර වධහිංසාවකි.
ලොවේම මානව හිමිකම් "පොලිස් කාරයා" ලෙසට පෙනී සිටින ඇමරිකාවේ මෙම ක්‍රියාව බොහෝ රටවල, එරට මෙන්ම අන් රටවල් බොහෝමයක මානව හිමිකම් සංවිධානවල දැඩි විරෝධයට පතව තිබේ.
අධිරාජ්‍ය විරෝධය ගැන කතා කරන ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආණ්ඩුව - සිංහල, දෙමළ, මුස්ලිම් ආණ්ඩුවේ පාර්ශවකරුවන් මේ පිළිබඳව මුනිවත රකිති.
එයට එකම හේතුව මොවුන්ද මෙයට නොදෙවෙනි ආකාරයට නඩු පවරන්නේ නැතිව, රැඳවුම් බාරයේ සිටින සැකකරුවන්ට වධ දෙන නිසාය.
ආර්.ටී.නිවුස් - ප්‍රකාශයට සවන් දෙන්න.

No comments:

Post a Comment