Sunday, July 7, 2013

පොලිස් අපරාධ කරුවන් රකින්න - ASP- මතුගම, අරුණ නිලූපුල්ට පුප්පයි.


මතුගම අධිකරණයේ නීතිඥවරියක වන අනෝමා සිරිවීර හා ඇගේ සැමියාමතුගම පොලිසියේ අපරාධ අංශයේ රවීන්ද්‍ර පුෂ්ප කුමාර යන නිලධාරියා තවත් නිලධාරීන් දෙදෙනෙකුව එක්කරගෙන අරුණ නිලූපුල්ට දස වධ දුන්නේය. මේ සම්බන්ධයෙන් නිලූපුල් ලිඛිතව පැමිණිලි කළේය. සුපුරුදු පරිදි අපරාධය පිළිබඳව පරීක්ෂණ පවත්වනවා වෙනුවට, ්ීඡු කාර්යාලයට ගෙන්වා ප‍්‍රකාශ සටහන් කිරීමේ ක‍්‍රියාවලියට පොලිසිය පිවිිසියේය.
එ් අනුව මතුගම සහකාර පොලිස් අධිකාරී නිලූපුල්ට ලි.ප.තැපෑලෙන් කැඳවීමක් කළේය. 2013.07.01 දින මතුගම ASP ජී.එ්.එස්.ජයරත්න - අතින් ලියන ලද එම ලිපියේ මෙසේ විය. 2013.07.02 වන දින නිලූපුල් අතට පත් විය.
එය උතුර දකුණ මාරු ලිපියකි. එහි - ”2013.06.20 වන දින හා 2013.07.01 වන දින පැමිණෙන ලෙසට මා විසින් දුරකථන පණිවුඩ මගින් ඔබ දැනුවත් කලද මෙතෙක් මා වෙත පැමිණ නැත”. යනුවෙන් එහි සඳහන් වේ. තවද 2013.07.01 දින පෙ:ව:9.00ට එන ලෙසට දන්වා තිබිණ.
2013.07.02 දින තමා වෙත ලැබුන එම ලිපියේ ජායා පිටපතක්ද රැුගෙන 2013.07.03 දින ඔහු මතුගම ASP ජී.එ්.එස්.ජයරත්න හමුවීමට ගියේය.
අරුණ නිලූපුල්ව දුටු ASP ජී.එ්.එස්.ජයරත්නගොරවාගෙනල පුප්පාගෙන ඉදිරියට ආවේය. ඔහු ලිපිය ASP ජී.එ්.එස්.ජයරත්නට පෙන්වීය. ලියුම එවලා තියෙන්නේ 2013.07.01, ලියුම මට ලැබුනේ 2013.07.02, මම 2013.07.03 අද ආවා” යයි ඔහු කීය.
ඔහු එවන ලද ලිපියේ ජායා පිටපත අතට ගත් ASP ජී.එ්.එස්.ජයරත්නනිලධාරිණියකට කතා කොට - ඇයට ගොරවන්නට පටන් ගත්තේය. සිද්ධිය අදාලව2013.07.04 දාතමන් - ASP ජී.එ්.එස්.ජයරත්නටපොලිස්පතිට පිටපතක්ද සහතිව යවන ලිපිය පහත දක්වමු.
එම්. එම්.ඞී. අරුණ නිලූපුල් ඉන්දික
මහගෙදර
දේවාල පාර
වැලිපැන්න
2013.07.04

ජී.එ්.එස්. ජයරත්න මයා
සහකාර පොලිස් අධිකාරී
සහකාර පොලිස් අධිකාරී කාර්යාලය
මතුගම

ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා කරන ලද කැඳවීම

ඔබගේ අංක 5/110/13 හා 2013/07/01 දින දරන ලිපිය හා බැඳේ.

01. එම ලිපිය මා අතට පත් වූයේ, 2013/07/02 වන දිනය.

02. එම නිසා, 2013/07/01 දින පැමිණීමට නොහැකි වූ නිසා, 2013/07/03 වන දින ප:ව: 1.30 ට
    පමණ ඔබ හමුවීමට පැමිණියෙමි. මා සමග මාගේ බිරිඳ හා දරුවා පැමිණියා.

03. මාඔබ කාර්යාලයට පැමිණඑහි සිටි නිලධාරිණියකට. ඔබ හමු වීමට පැමිණි බව ප‍්‍රකාශ කර,
    මා වෙත එවන ලද ලිපියේ පිටපත ඇයට දුන්නා.

04. ඇය එම ලිපිය රැුගෙන කාර්යාලය තුලට යනවාත් සමගඔබ ඉදිරියට පැමිණ ” ආ තමුසෙට මම
    20 වෙනිදාත් එන්න කියලා පනිවුඩයක් එව්වාපලවෙනිදත් එන්න කියා පනිවුඩයක් එව්වා” යැයි
    මහ හඬින් කියමින් ඉදිරියට ආවා.

05. මා ඔබට ප‍්‍රකාශ කළාමට 20 වෙනිදා එන්න කියා පනිවුඩයක් නැති බව සහ පළවෙනිදා එන්න
    කියා ලියුම ලැබුනේ දෙවෙනිදා බව.

06. ඔබ මාඔබගේ කාර්යාල කාමරය තුලට එක්කරගෙන ගියා.

07. මාගේ බිරිඳ හා දරුවාට කිව්වා එලියෙන් වාඩි වී ඉන්න කියා.

08. එයින් පසුවඔබ නිලධාරණියකුට කතා කළා. මා ලිපය පෙන්වා ප‍්‍රකාශ කළා -  2013/07/01
    දාතමින් යුතු ලිපියමා අතට පත්වුනේ 2013/07/02 බව. එ් නිසා මම 2013407/01 එන්නේ
    කොහොමද කියා. නිලධාරිණිය කිව්වා -  වැරදීමක් වුනා කියා. නමුත් එයට අත්සන් කර තිබුනේ
    ඔබ.

09. මා නැවත පෙන්වා දුන්නා මට 20 වෙනිදා එන්න කියා පනිවුඩයක් නොලැබුන බව. එවිට එම
    නිලධාරිණිය ලිපි ගොනුව පරීක්කෂා කර පැවසුවා මෙසේජ්” එක යවා තිබෙනවා -  නමුත්
    පනිවුඩය දීපු බවට මෙසේජ්” එකක් නෑ කියා.

10. ඊට පස්සේ ඔබ මට මෙසේ ප‍්‍රකාශ කළා. මල්ලි” මේ ගමේ පොලීසියඇයි මහත්තුරු තරහා කර
   ගන්නේඇයි දිගින් දිගට අරගෙන යන්නේකතා කරලා ගොඩින් බේර ගන්න යැයි කිව්වා.

11. මම ඔබට පිළිතුරු වශයෙන් කිව්වා පැය 05 ක් පුරා මට මිරිස් දාලා ගැහැව්වා. කරදර කළා
    කියලා.  මට සාධාරණයක් වෙන්න  ඕනිමේ සිද්ධියෙන් පස්සෙ මගේ ජීවිතේම කඩා වැටුනා
    කියලා. මාගේ ශාරීරික අපහසුතාවයන් ඔබට විස්තර කළා.

12. ඉන්පසුමට ඔබ කිව්වා ඔබට අවශ්‍ය විදියට කටඋත්තරයක් දෙන්න කියා. ඔබ නිලධාරිණියක්
    කැඳවා ප‍්‍රකාශය ලියා ගන්නා ලෙසට උපදෙස් දුන්නා.

13. ඉන්පසු එම නිලධාරිණිය ඇගේ මේසය ළඟට ගොස් පැය 1/2 පමණමාව තියා ගෙන සිටමගේ
    ප‍්‍රකාශය ටයිප් කරනු ලැබුවා. ප‍්‍රකාශය කරන අතර මට බාධා ඇතිවුනා. ප‍්‍රකාශය මමකියෙව්වා.
    සටහන්ව තිබූ අනුපිළිවෙලේ වෙනස්කම් තිබුනා. මා ප‍්‍රකාශයට අත්සන් කළා.

14. මෙහිදී මා අවධාරණය කරන්නේ ඔබ එවන ලද ලිපියේ සඳහන් කරුණු අනුව - මා මානසික
    අපහසුතාවයකට පත් කරමට යුක්තිය ඉටුවීම වලකාලීමට ගත් පියවරක් වශයෙන්.

15. එමෙන්මමා නීතිවිරෝධීව අත්අඩංගුවට ගෙනවධහිංසා පැමිණ වූ මතුගම පොලිස්ථානයේ
    රවීන්ද්‍ර පුෂ්ප කුමාර හා අනෙක් නිලධාරීන් දෙන්නාට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසටයි.

16. තවදමේ දක්වාම මට වධ දුන්න එම නිලධාරීන් හඳුනා ගැනීම සදහා කිසිදු පියවරක් ගෙන
    නොමැති බව ප‍්‍රකාශ කරමි.

17. මට යුක්තිය ඉටු වීමට නම් පොලිස් නිලධාරී රවීන්ද්‍ර පුෂ්ප කුමාර සමග මට වධ දුන්නඅනෙක්
    නිලධාරීන් දෙන්නාව හඳුනා ගැනමට පියවර ගතයුතු අතරඑය ඔබ වගකීම බවද පෙන්වා දෙමි.

18. නොපමාවමට වධ දීමට රවීන්ද්‍ර පුෂ්ප කුමාර නිලධාරියා සමග එක්වූ අය -  කව්ද කියා
    හෙලිදරව් කිරීම රවීන්ද්‍ර පුෂ්පකුමාරගේ වගකීම බවදපෙන්වා දෙමි.

19. එදින එම නිලධාරීන් දෙන්නා සිටියේ සිවිල් ඇඳුමින් බවද වැඩි දුරටත් සඳහන් කරමි.

මතුගම පොලීසියේ රවීන්ද්‍ර පුෂ්පකුමාර හා අනෙක් නිලධාරීන් දෙදෙනාට එරෙහිව නඩු පැවරීමට ක‍්‍රියා කරන ලෙසට ඉල්ලා සිටිමි. 

අ.ක/ එම්. එම්.ඞී. අරුණ නිලූපුල් ඉන්දික

පිටපත :-  පොලිස්පතිපොලිස් මූලස්ථානයකොළඹ.
Inline image 1

http://peoplesforumsl.blogspot.hk/2013/06/blog-post_6.html

No comments:

Post a Comment