Wednesday, July 17, 2013

පොසොන් අජීර්ණයක් වූ විදුහල්පති දානය ගෙනා සිසුවාගේ කණ පලයි.

පසුගිය 23 දා, පොසොන් පෝය ඉලක්ක කරගෙන, 21 සිකුරාදා හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ පවත්වන ලද සීල ව්‍යාපාරයට දානය ගෙන ගිය දරුවකුට එහි විදුහල්පති සේනාරත්න අතින් පයින් පහරදී තිබේ.
මෙම පහරදීම නිසා සිසුවාගේ කණ් බෙරයට හානි වි තිබේ. නමුත් මාසයකට අසාන්නව ඇතත් හොරණ පොලිසිය මේ අපරාධකරුවාට එරෙහිව නීතිමය පියවරක් ගෙන නොමැත.
බස්නාහිර පළෘත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවද කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැත.
ඔහුගේ මව ශ්‍යාමලී කුසුම් කාන්ති මහත්මිය, 2013.07.15 දාතමින් පොලිස්පති, මානව හිමිකම් කොමිෂම, ළමා අධිකාරිය, පොලිස් ළමා හා කාන්තා නිවාරණ අංශයට කරන ලද ලිඛිත පැමිණිල්ලෙන් සියලු කරුණු පැහැදිලි වනු ඇත.

කලූආරච්චිගේ ඔෂාන් ප‍්‍රබෝධ සම්පත් කලූආරච්චිඅවු: 15යිඋපන් දිනය : 1997.06.05 මාගේ දෙවෙනි දරුවා වේ. හොරණශ‍්‍රී මේධංකර මහා විදුහලේ 11 වසර එ් ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
2013.06.26 දිනමාගේ පුතා සුපුරුදු පරිදි - පාසලට ගියා. දහවල් 9.30පමණ වන විට ඔහු බඩ අල්ලාගෙන ගෙදර ආවා. මා ඔහුගෙන් පුතේ මොකද වුනේ කියා ප‍්‍රශ්ණ කලාමවිදුහල්පති මට හොඳටම ගැහුව්වා,ගහලා ගෙදර පලයන්ගිහින් අම්මා එක්කරගෙන වරෙන් කියා පැවසූ බව කිව්වා.

ඔහුගේ මුහුණ ඉදිමිලා තිබුනා. ඔලූව ගෙඩි ගැහිලා තිබුනා. කණෙන් ලේ බිංදුවක් වැක්කිරිලා තිබුනා.
මමත්සැමියාත් එක්ව වහාම පුතාව හොරණ මූලික රෝහලට ගෙන ගියා. පුතාවරෝහලේ OPD එකට අරන් ගිහිල්ලා පුතාටවිදුහල්පති පහර දුන්න බව ප‍්‍රකාශ කලා.

එම රෝහලේ සිටියදී, 2013.06.29 සෙසුරාදා පුතාව නාගොඩ රෝහලට ගෙන ගියා. එ් කණ පරීක්ෂා කිරීම සඳහා. නාගොඩ මහා රෝහලෙන් පුතාව ගෙන ආ පසුවටිකට් කැපුවා. එවිට වේලාව පස්වරු 2.00 පමණ වේ. පළමු දිනයේ එනම්, 2013.06.26 දින පුතා OPD එකේ කාමරයේ ඉන්න කොටරෝහල් පොලිසියෙන් ඇවිත් ප‍්‍රකාශයක් ගත්තා කියලා පුතා කිව්වා.
හොරණ මහා රෝහලේ රෝහල් පොලිසියෙන් අපිට කිව්වාහොරණ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න කියලා.
එ් අනවුහොරණ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මා. පැමිණිල්ල ලියාගත් බවට ලදුපතක් දුන්නා. එහි දිනය 2013.06.27 වන අතරඑහි අංකය 71/344 CIB 2 වේ.
කිසිම පියවරක් පොලිසියෙන් හෝ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් කිසිදු පියවරක් ගත්තේ නැත.
එයින් පසුව ප‍්‍රතිකාර ලබා දුන්නා. 2013 ජූලි 08 සඳුදා - පුතාව පාසලට යැව්වා. එදින පංති භර ගුරුවරයා වන සුජීවපුතාට කියා තිබුනා හෙට එන කොට අම්මවත් එක්කගෙන ඇවිත් ප‍්‍රින්සිපල් හමුවෙන්න කියලා. පුතා එයින් පසුවපාසල් යෑමට බැහැ කිව්වා. එම සතියේ පාසල් ගියේ නැහැ.
2013 ජූලි 15 අද දිනපාසල් යැව්වා. අද වාර විභාග පටන් ගන්න නිසා.

මෙම සිද්ධිය ඔෂාන් ප‍්‍රබෝධ සම්පත් කලූආරච්චි විස්තර කරන්නේ මෙසේය.


‘‘ කලූආරච්චිගේ ඔෂාන් ප‍්‍රබෝධ සම්පත්අවු: 15යි (1997.06.05), ශ‍්‍රී මේධංකර මහා විද්‍යාලයේ, 11 වසර ඒ හි ඉගෙනුම ලබමි. මෙම පාසලේ පළමු ශ්‍රේණියේ සිටම මම ඉගෙන ගන්නවා.

2013.06.21 සිකුරාද සීල ව්‍යාපාරය තිබුනා. මමත්මල්ලීත් දානයට ඉඳි ආප්ප 250ක්අල කිලෝ
1 1/2 තෙල්දාලා හා කොළ මිටි 05ක මැල්ලූමක් දෙන්න පොරොන්දු වී තිබුනා. එම දානය අරන් මමත්මගේ යාලූවෝ වන සමීරතාරක හා තිලාන් සමග දානය ගෙන ගියා. මට අම්මා කිව්වා වරද්දන්නේ නැතිව භාජන අරන් එන්න කියලා.

අපි හතර දෙනා දානය ගෙන ගියාමඉස්කෝලේ ගේට්ටුවේ ඉන්න මුරකරු පෙරේරා කිව්වා ඇතුලට යන් දෙන්න බෑපාට ඇඳුම් ඇඳලා තියෙන නිසා කියා. මුරකරු පෙරේරාකෑම භාජන අරගෙනවෙනත් ළමයින් අත ඉස්කෝලෙට යැව්වා.

මුරකරු පෙරේරාඋඹලා මෙතන ඉන්න එපාගෙවල්වලට පලයල්ලා කිව්වා. මම කිව්වා භාජන අරගෙන යන්න  ඕනාඑ් නිසා ඉන්නවා කියා. ඔහු නැවත උඹලාට පාසල් සීමාවෙ ඉන්න බෑපලයල්ලා කිව්වා. අපි එහාට වෙලා හිටියා. පැය දෙකකටත් වඩා එතන හිටියා. එ් අතරඔහු නිතර නිතර අපිට පලයල්ලා පලයල්ලා කියමින් තර්ජණය කලා. විදුහල්පතිට කියනවා පොලිසියට කියනවා කියලා තර්ජණය කලා. උඹලා ආයෙත් ඉස්කෝලේ වරෙල්ලා කියා බැන්නා. මේ අවස්ථාවේ පාසලේ රාත‍්‍රී මුරකරුද එහි සිටියා. දහවල් 1.15ට විතර භාජන ගෙනත් දුන්නා. එ්වා අරන් අපි ගෙදර ආවා.

මම සුපුරුදු පරිදි සඳුදා 24 දාඅගහරුවාදා 25, පාසලට ගියා. එදින (26) උදේ 7.30 ට පාසලට ගියා. පළමු බෙල් එක ගැහුව්වා. එ්ක ගහන්නේ උදේ 7.30 ට. මම පංති කමරයට ගියා. 11 වසර ඞී පංතියේ රසික් නැමැති ළමයා මට ඇවිත් කිව්වා ගෙදරට වාසනා කියන ඔෂාන් ප‍්‍රබෝධට ප‍්‍රිව්සිපල් එන්න කිව්වා කියා.
මම යනවිට ප‍්‍රින්සිපල් හිටියේ ගේට්ටුව ලඟ. මම එතැනට ගියා. එතන රාත‍්‍රී මුරකරු (චූටි මාමා) හිටියා. එතන තව ගුරුවරු ගුරුවරියන්ද හිටියා. මාව දැක්ක ගමන් ඇහුව්වා උඹද,ගෙදරට වාසනා කියන්නේ කියා. මම ඔව් කිව්වා.

ඇත්තද උඹ සිකුයුරිට බැනලා තියෙන්නේ කියා ඇසුවා. මම නෑ කිව්වා. නෑ උඹ බැනලා තියෙනවා කියලා මගේ බඩට දණහිසෙන් ඇන්නා. ඊලඟට කණට වැරෙන් පාරක් ගැහැව්වා. දණහිසෙන් තව පාරවල් ගැහැව්වා. මම පස්සට උනා. මට කිව්වා ඔෆීස් එකට පලයන් කියා. මම බොට හොඳ වැඩක් දෙන්නම් කිව්වා.

මම විදුහල්පති ඔෆීස් එක ලඟට ගිහිල්ලා එහි පඩිවෙළ ළඟට වෙලා හිටියා. ඉස්කෝලේ ගාථා කියලා ඉවර වෙලාපැයක් පමණ ගියාට පස්සේ විදුහල්පති ඔෆීස් එකට ආවා. ඔහු ඔෆීස් එකට ඇතුල් වෙන ගමන්උප විදුහල්පතිගේ කාමරයේ ඉන්න වජිරා නැමැති ‘‘මිස්” ට කිව්වා ‘‘මූට හාෆ්ෂීට් එකකුයිපෑනකුයි දෙන්න” කියා.

‘‘වජිරා මිස්” මට අඬගහලා හාෆ්ෂීට් එකකුයිපෑනකුයි දුන්නා. විදුහල්පති කිව්වා සිද්ධිය  ඕකේ ලියපන් කියා.
මම වෙච්ච සිද්ධිය ලියා විදුහල්පතිට දුන්නා. ඔහු හිටියේ විදුහල්පති පුටුවේ වාඩි වෙලා. එය ඔහු කියෙව්වා. එදා මෙහෙම නෙවෙයි වෙලා තියෙන්නේ කියාමේසේ උඩ තිබුන ඩයරියක් වගේ පොතකින් මට ගහන්න හැදුවා. ඊට පස්සේ විදුහල්පති එ් කොලේ පැත්තකට වීසි කලා. ඔහු එතන හිටිය මංගලිකා කියන කෙනාට කිව්වා මූට හාෆ්ෂීට් එකක් දෙන්න කියා. එයා හාෆ්ෂීට් එකක් දුන්නා.  ඕකේ සිද්ධිය ලියපන් කිව්වා. මම නැවත සිද්ධිය ලිව්වා. එය ලියලා දුන්නාම නැවත කියවාඋඹ හරියන්නේ නෑ කියලාමට ගහන්න පටන් ගත්තා.

මුලින්ම ඔහු කණ් දෙකට ගැහුව්වා. ඊට පස්සේ මම කියූ දේ කියලා මෙන්න මෙහෙම ලියපන් කිව්වා. ඔහු කියන විදිහට මම ලිව්වා. මට අත්සන් කරන්න කිව්වා. මම ලියන ගමන්ම මගේ කණටමුහුණටඔලූවට ගැහුව්වා. ගහන ගමන්ම මෙතනින් පලයන්තොපි කාලකන්නිතොපි අපිව කන්න එනවා කියමින් බැන්නා. ඊලඟට කිව්වා ගෙදර පලයන් ගිහිල්ලා අම්මවයි තාත්තාවයි එක්ක වරෙන් අස්කරලා දාන්නකිව්වා. පසුව මම යාලූවෙකුට කියලා පංතියෙන් බෑග් එක ගෙන්නගෙන ගෙදර එන්න ආවා..........
මම ගෙදර ඇවිත් අම්මාට කිව්වා විදුහල්පති ගැහුව්වා කියා. අම්මා මාව බලනකොට මගේ බඩ ඉදිමිලා තිබුනා. කණෙන් ලේ ඇවිල්ලා තිබුනා. මාව අම්මයි තාත්තයිසමීරයි එකතු වෙලා හොරණ රෝහලට ගෙන ගියා.

රෝහලේදී මම කිව්වා විදුහල්පති ගහපු බව. ෙදාස්තර මාව බැලූවා. පළමුවෙන් බැලූවේ ඉස්සරහා නෝනා කෙනෙක්. ඇය බඩ අල්ලා පයින් ගැහුව්වානම් පහර තියෙන්න  ඕනා,බොරු කියන්න එපා කිව්වා.
අම්මා කිව්වාසපත්තු පාර තියෙන්න විදිහක් නැහැගැහුව්වේ දණහිසින් කියා. අම්මාගේ කට වැඩියි කියාඑ් දෝස්තරවරිය යන්න ගියා. ඊට පස්සේ ආපු ෙදාස්රත මාව බැලූවා. මාව නවත්වා ගත්තා. ඉස්පිරිතාලෙට පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා අහලා ලියා ගත්තා. ඔහු ලියූ දේවල් මට ඇහෙන්න කියෙව්වෙ නැහැ. මට අත්සන් කරන්න කිව්වා. මම අත්සන් කලා. මම දවස් තුනක් රෝහලේ හිටියා. 
සෙනසුරාදා උදේ මාව ගිලන් රථයෙන් නාගොඩ මහා රෝහලට ගෙන ගියා. මගේ කණ පරීක්ෂා කලා. කණේ පොඩි ඩැමේජ් එකක් තියෙනවා කිව්වා.

මා රෝහලේ සිටින විටහමුදාවේ අයෙක් මා ළඟට ඇවිත්මල්ලි ඔයාද අර ඉස්කෝලේ කේස් එක දාගත්තු කෙනා කියා අසාඔන්න  ඕක අතඇරපන් මල්ලීප‍්‍රින්සිපල්ලා ගහනවා තමයිතවත්  ඕක දුරදිග අරගෙන යන්න එපා කිව්වා.

තවදවෙනත් පොලිස් නිලධාරියෙක් ඇවිත් මාගෙන් විස්තර අසා ලියා ගත්තා.
චාන්දනී නැමැති ගුරුවරිය ඇගේ දුවත් සමග මාව බලන්න ආවා. වීවා ග‍්‍රෑම් 400 පැකට් එකක් අරන් ආවා. දැන් හොඳයිද කියා අසා ගියා.

දැනටත් මගේ කණ තුලින් හෝ හෝ ශබ්දයක් ඇසෙනවා. මගේ යටි බඩද වේදනා දෙනවා

හොරණ ශ්‍රී මේධංකර මහා විදුහලේ කුප්‍රකට විදුහල්පති සේනාරත්නගේ අපරාධවලට හොරණ පොලිසිය හා අධ්‍යාපන ලොක්කන්ද ඔහු වටා රොක්ව සිටින දූෂිත ගුරු දෙගුරුන්ගේද සහාය නොඅඩුව ලැබේ.
මේ වන විට සියලුම පාසල්වල ආගමේ නාමයෙන් කරන ප්‍රෝඩාව, වංචාව, දූෂණ හා අපරාධ නිසා අද දරුවන්ට ආගම අජීර්ණයක්ව පවතී.

එහෙත් වැඩිහිටියෝ, තමාගේ දරුවාගේ කණ පලන තෙක් උඩ බලාගෙන සිටී. ඒ තම අසල්වැසියාගේ දරුවාට බුදු සරණ නොලැබුනාට තමාගේ දරුවාට බුදුසරණ ලැබෙනු ඇතැයි යන අන්ධ හා මෝඩ විශ්වාසයෙනි.

විදුහල්පති සේනාරත්න කර තිබෙන අපරාධය ගැන නීතිය ක්‍රියාත්මක කිරීමට රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමති වරුන් පසුපස වන්දනාවේ ගියේ - තවමත් සුදු ඇගෙන සුදු මල්වට්ටි රැගෙන බුදුන් වඳින මේ පිරිසගෙන් යුක්තිය ඉටු වෙතැයි යන අන්ධ විශ්වාසයෙනි.
ඔෂාන් ප්‍රබෝධ දරුවාගේ මව හා පියාද සති තුනක් යනතුරු ඒ විශ්වාසයෙන් සිටියේය.

No comments:

Post a Comment