Friday, July 5, 2013

බාල වයස්කාරයින් තිදෙනෙකුට විරුද්ධව දමන ලද බොරු නඩුව නීතිපති ඉවත් කරයි. බොරු නඩු දැමූ පොලිස් වධකයින් තවමත් නිදැල්ලේ

ඔහු බදුරලිය පොලීසියට අනුයුක්ත මාකිරිඇල්ල පොලිස් මුර පොලේ පො.සැ. 26166 ලියනගේ සහ පො.කො. මහින්ද. අසල්වැසි නිවසකින් රන් මාලයක් සොරකම් කළා යැයි කියමින් පිළිවෙලින් අවු. 13, අවු. 11 හා අවු 10 වයස් වල දරුවන් තිදෙනෙකුට අමානුෂික කෘෘර  වධහිංසාවන්ට පාත්‍ර කළා.
ඊට පස්සෙ සුපුරුදු පරිදි බොරු නඩුවක් පැවරුවා. ඒ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ. අංකය 75005/11. මහේස්ත්‍රාත්වරයා දරුවන්ට පහර දීලා තිබෙන බව, ඒ පිළිබව පියවර ගන්නා ලෙසට කලුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියෝග කළා. පොලිස් පරීක්ෂණ වලින් පසුව, එම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගත් බව -  දරුවන්ගේ පියාට හා මහේස්ත්‍රාත් අධිකරණයට ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා වාර්තා කළා.
එසේ තිබියදී, පාලින්ද නුවර ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සිටින, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීයා  වන නිශාන්ත සිල්වා මේ දරුවන් හා පියා කැවා ඔවුන්ව අවමානයට, මානසික පීඩාවට පත් කළා.  ඒ පිළිබව -  පාලින්ද නුවර ප්‍රාෙද්ශීය ලේකම් වරයාට හා කොළඹ පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්ථමේන්තුවේ කොමසාරිස්ට, 2011.10.08 දාතමින් පැමිණිලි කළා. අඩුම වශයෙන් පිළිතුරක් එවන්නටවත් මේ නිලධාරීන් සදාචාරාත්මක වුනේ නෑ.
මේ හා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ල - එච්.ආර්.සී. /2026/11/1- 26, සම්බන්ධයෙන් නිර්දේශයක් නිකුත් කිරීමට පියවර ගෙන නැත.
දරුවන් තිදෙනාට දමන ලද බොරු නඩුව නීතිපති නියෝගයෙන් ඉවත් කරනු ලැබුවා. නමුත් මෙම පොලිස් කාරයින්ට එරෙහිව මේ දක්වාම නීතිමය පියවර ගෙන නැහැ. පියා, ටිකිරි බංඩා මහතා තම දරුවන්ව කෘෘර අමානුෂික වධහිංසාවට පත්කළ පොලිස් කාරයින්ට එරෙහිව නඩු පවරන ලෙසට පොලිස්පති ගෙන් ඉල්ලා සිටී.
සිද්ධිය අදාල වීඩියෝව නරඹන්න.

No comments:

Post a Comment