Monday, July 22, 2013

පියාඹන මාළුන් අරබයා ඇති වූ අධිරංගනය පිළිබඳ තොරතුර වොසින්ටන් පෝස්ට් නිව්යෝර්ක් ටයිම්ස් දක්වා පැතිරගොස් - අශෝක හඳගම

පියාඹන මාළු චිත්‍රපටය ශ්‍රී ලංකා - ප්‍රංශ තානාපති කාර්යාලය විසින් පවත්වන්නට යෙදුණු ප්‍රංශ වසන්ත සැණකෙළි චිතර් චපට උළෙලේදී තිරගත වීම අරබයා පැනනැගුණු ගැටලුවලට අදාළව මගෙන් වොයිස්කට් ඉල්ලූ පත්තර ඇතුළු සියලු මාධ්ය- මිතුරන්ගේ දැන ගැනීම පිණිස මෙම කෙටි සටහන ලියා තබන්නට සිතුණි. මේ පිළිබඳව මගේ අදහස් විමසන ඕනෑම කෙනෙකුට කියන්න ඇත්තේද මෙපමණක් බැවින් එය උපුටා දැක්වීමට අවසර ද ඇතුළු මෙය ප්රමසිද්ධ කරමි.

පියාඔන මාළුන් චිත්රරපටය මා රුචි කරන සිනමා කෘතියක් නොවෙයි. ඒ වු පමණින් අන් අයද එයට අකමැති විය යුතු යැයි කීමට මට සදාචාරත්මක අයිතියක් නැත. මගේ රුචි අරුචිකම් මට වටින්නේ යම් සේද ඒ අයට තම තම රුචිකම් වටනා බැවිනි.
බුදුන්ගේ බෝසත් චරිත කතාව පදනම් කර ගත්තේ වුවද ශ්රීා සිද්ධාර්ථ ගෞතම චිත්රේපටයටද මා කැමති නැත. එහෙත් මිලියන ගණනක් දෙනා එකි චිත්රතපටය නැරඹු බව අපි දනිමු. මගේ කැමැත්ත අකමැත්ත ඒ කිසිවෙකුට වැදගත් නොවුණි.
පියාඹන මාළුන් චිත්රනපටය සවිස්තරත්මක (explicit) ලිංගික සහ ප්රගචණ්ඩ (violence) දර්ශන සහිත චිතර්ත පටයකි. ඒවා නැරඹිම ළමයින්ට සහ දුර්වල මනස් ඇත්තෙකුට පිඩාකාරි විය හැක. එබැවින් ඒ අවවාදය සහිතව චිත්රvපටය නැරඹීම නිර්දේශ කිරීම වැඩිහිටි සමාජයකට නොසුදුසු නොවෙයි. එය එක්තරා විධියකට වැඩිහිටි විඥානයට ගරු කිරිමකි. වයස 18ට වැඩි අයට තමනට යුතු අයුතු දෑ තෝරා ගැනීමට තරම් පරිණත බවක් ඇතැයි අප සිතන හෙයිනි. ඔවුනට ඡන්ද බලය හිමිය.
මේ චිතරයිනපටය ලංකාවේ හැර ජාත්යින්තර චිතරයු පට උළෙල ගණනාවක මේ වනවිට ප්රඅදර්ශණය කර තිබෙයි. මා මේ චිත්රතපටය නැරඹුවේද එවැනි උළෙලක දීය. මා දන්නා තරමින් කිසිවෙකු චිත්රෙපටය නැරඹිමෙන් මනස අවුල් කරගත් බවක් අරංචි වී නැත.


පියාඹන මාළුන් බලා කිසිවෙකු පිස්සු හැදුණු හෝ කිසියම් මානසික ආබාධයකට ගොදුරු වුණු හෝ බවක් මෙතෙක් ආරංචි නොවුණා සේම බුද්ධාලම්බන ප්රී තියෙන් යුතුව චිතරාධයපට බලන නොබලන බොහෝ දෙනෙකු ශ්රීර සිද්ධාර්ථ ගෞතම නැරඹුවේ වුවද, ඒ අයගෙන් කිසිවෙකු හෝ සෝවාන් ආ


ජීවිතයට සම්බන්ධ කතා පුවත් රැගෙන එන්නේ වුවද චිත්රඑපටය යනු ජීවිතය නොවෙයි.
ස්පීල්බර්ග් වරක් පැවසුවාක් මෙන් චිත්ර පටයක් හරහා අප පිවිසෙන්නේ සිහින ලොවකටය. චිත්රටපට දර්ශනය ඇරඹීමට ප්ර්ථම ශාලාව අඳුරු කරනු ලැබෙයි. ශාලාව තුළ සමුහයක් ලෙස අපි සිහිනයකට අතුළු වෙමු. ඉන් පසු අප දෙනෙත් ඇරගෙන නරඹන්නේ සිහිනයකි. ඒ සිහිනයට අප කැමති මෙන්ම අකමැතිද විය හැක. ඒ සිහිනයේ හොඳ මිනිසුන් මෙන්ම නරක මිනිසුන්ද සිටිය හැක.
ඇත්ත ජීවිතයේ මිනිස් ඝාතනය සපරාධී ක්රියයාවක් වවුද චිත්ර පටයේ (සිහිනයේ) චරිත මිනී මරනවා විය හැක. ඇත්ත ජීවිතයේ අනියම් සම්බන්ධ සදාචාර විරෝධී වුවද චිතරුද පටය තුළ එය ප්රේසමනීය සම්බන්ධයක් විය හැක. දිනපතා පුවත්පත් සහ තොරතුරු මාධ්යදවල වාර්ථා වන භික්ෂු්ව මස්කඩවලට පැන ගිනිතියයි. මුස්ලිම් කඩවලට පහරදෙයි. කුඩුපට්ටම් කරයි. පල්ලිවලට ගල්ගසයි. ඉඩකඩම් බලහත්කාරයෙන් අත්පත් කරගනියි. බීමතින් රිය පදවා අසුවෙයි. කාන්තාවන් අපහරණය කරයි. රළු පරුෂ වදනින් දොඩයි. එහෙත් චිතර්ප පටයක හමුවන භික්ෂු්ව අතිශය ශාන්ත, දුටුවන් සිත් ශ්ර ද්ධාවෙන් වඩවන කෙනෙකු විය හැක.
චිත්ර පට නම් එසේය.


ඒවා පළමුව අධ්යටක්ෂවරයාගේ ඔලුවේ මැවෙයි. පසුව සිනමාවට නැගෙයි. සිනමා ශාලාවක තිරය මත හෝ (දැන් නම් වීඩියෝ තිරය හෝ ජංගම දුරකතනයක හෝ තිරය මත) ප්රටක්ෂේපණය වූ පසු තව බොහෝ දෙනෙක් ඒ (සිහින) අත්දැකීම බෙදාගනිති. බොහෝ අවස්ථාවල ප්රේ්ක්ෂකයා දකින්නේ අධ්ය්ක්ෂවරයා දුටු සිහිනයම නොවිය හැකිය. ඒ වෙනුවට තිරයේ දිස් වෙන රූප රාමුවලට අනුව තමන් ගොඩනගා ගන්නා තමන්ගේම සිහිනයක්ද විය හැක. බොහෝ දෙනෙකු කලබල හෝ ත්ර ස්ත වන්නේ මේ තමන් ගොඩනගා ගන්නා සිහිනයටයි. ඒ අනුන්ගේ සිහිනයකට තමන්ට බියවන්නට හේතුවක් නැති බැවිනි.
චිත්රයපට තහනම යෝජනා වන්නේ තමන්ගේම සිහිනයට ත්රටස්තවු අයගෙනි. තමන් මෙන්ම අනුන්ද මේ සිහිනයෙන් ත්රපස්ත වනු ඇතැයි ඒ අය විශ්වාස කරති. එබැවින් සිහිනය උපදවන චිත්රනපටය තහනම් කරන්නට යෝජනා වෙයි.


කිසියම් චිතර වෙපටයක හමුවන චරිතයක් ගුරුවයකු, ගුරුවරියක, ග්රා ම නිලධාරීකෙනකු, දොස්තරකෙනකු, නීතිවේදියකු, ක්රීරඩයකු, මුදලාලිකෙනෙකු, සොල්දාදුවෙකු, පොලිස් නිලධාරියකු, බැංකුකරුවකු, චිතරයක පට අධ්යවක්ෂවරයකු, ඉංජිනේරුවකු, කම්කරුවකු, දේශපාලකයෙකු, නඩුකාරයකු, පූජකයකු ආදී වශයෙන් වූ කුමන හෝ වෘත්තිකයෙකු විය හැක. ඒ ජීවත්වීම සඳහා මොනයම්ම හෝ රැකියාවක් කරන බැවිනි. රැකියා විරහිත අයෙකුද විය හැක. මේ සියලු දෙනා මිනිසුන්ය. මිනිස්සු හොඳ මෙන්ම නරක වටිනාකම් වලින්ද යුතු වෙති. එබැවින් චිත්රකපටය තුළ මේ චරිතවල හැසිරීම් විවිධාකාර විය හැක.
උදාහරණයක් ලෙස චිත්රහපටයක එන ජවනිකාවක එක් දේශපාලකයෙකු ගුරුවරියක දණගස්වනවා විය හැක. නොඑසේනම් රජයේ සේවකයකු ගස් බඳිනවා විය හැක. එය නරක වැඩකි. එසේ වූ පමණින් සියලු දේශපාලකයන් එවැනි නරක වැඩ කරනවායැයි සිතිය යුතු නැත. තවත් චිතර ක පටයක විදුල්පතිවරියක වෙසක් කූඩු තරඟයක් ජයග්ර හණය කරමින් තම පාසලට කීර්තියක් අත් කරදුන් සිසුවෙකු හා කිපී ඔහුට පහර දී ඔහු දණගස්වා දඬුවම් කරනවා විය හැක. චිතරතම පටයක චරිතයක් එසේ කළ පමණින් සමස්ත ගුරු පරපුරම එවැනියැයි නිගමනය කළ යුතු නැත. තවත් චිත්රතපටයක ඉහළ පොලිස් නිලධාරී කෙනෙකු කුලියට මිනිසුන් මරනවා විය හැක. චිත්රතපටයක චරිතයක් එසේ කළ පමණින් ඇත්ත පොලිස් නිලධාරීන් එසේ කරනවායැයි නිගමනය කිරීම සාධාරණ නොවේ. චිතරේ කපටයකදී අධ්යාක්ෂක වරයෙකු තම චිත්රරපටයේ චරිතයක් ලබා දෙන පොරොන්දුවට රූමත් තරුණියක සමග යහන්ගත වෙනවා විය හැක. එසේ වූ පමණින් ඇත්ත චිතරෂක පට අධ්යරක්ෂකලා එසේ කරනවා යැයි සිතීම යුක්ති සහගත නොවිය හැක.


චිත්රසපටයක එන ජවනිකාව පිරිමියෙකු තමාගේ නීත්යාමනුකූල බිරිඳ නොවන අන් අයෙකුගේ බිරිඳක සමග ලිංගිකව හැසිරෙනවා විය හැක. නොඑසේ නම් ගැහැනියක තම ස්වාමියා නොවන වෙනත් කෙනෙකු සමග රහසේ ලිංගිකව හැසිරෙනවා විය හැක. එසේ වූ පමණින් තම බිරින්දෑ වරුන් හෝ ස්වාමීපුරුෂයන්ද එසේ වෙතැයි සැක පහල කරගත යුතු නැත. තමන් දකින්නේ චිත්රසපටයක ජවනිකාවක් බැවිනි. සිහිනයක් බැවිනි.
චිත්රිපට නම් මෙසේය. ඇත්තම නොවේ.


මේ නිසා බොහෝ දියුණු රටවල් චිත්රරපට කිරීම මෙන්ම නැරඹීමද තම තම රිසි පරිදි කරගැනීම සඳහා නිදහස දී තිබෙයි. එසේ නිදහස් රටවල සිනමාව කර්මාන්තයක් මෙන්ම කලාවක් ලෙසද දියුණුවී තිබෙයි. ආණ්ඩු චිත්රතපට දැක කලබල වන්නේ නැත.
ඒ රටවල සියලු අකටයුතු කම් සිදුවන්නේ චිත්රාපට තුළය. ඇත්ත ජීවිතය කිසියම් පිළිගත් සාමූහික විනයකට අනුව චලනය වෙයි. පාරේ කෙල්ලකට කොට ගවුමක් ඇඳගෙන තනිවම ඇවිද යාමට බියක් නැත. ඇය පෙරලාගෙන දුෂනයකරන්නට මානසික ලෙඩෙකු නොවන කිසිවෙකු කුලප්පු වන්නේ නැත. කිසියම් පිරිමියෙකු එසේ කිරීමට පෙලඹුනහොත් එංගලන්තයේ නම් මහ රැජිනගේ මුනුපුරු විලියම් කුමරුවුවද ඔහුට නිසි දඬුවම් ලැබෙනු ඇත. එහෙත් චිත්ර පටයක නම් ඊට වඩා දෙයක්ද සිදුවිය හැක. එය රඟපෑ අය හෝ අධ්යනක්ෂක හෝ චිත්රුපට කිරීම වෙනුවෙන් දංගෙඩියට යවන්නේ නැත.


පියාඹන මාළුන් අරබයා ඇති වූ අධිරංගනය පිළිබඳ තොරතුර වොසින්ටන් පෝස්ට් නිව්යෝර්ක් ටයිම්ස් දක්වා පැතිරගොස් තිබෙයි. එතෙක් කිසිවෙකු මේ චිතරවො පටය ගැන අසා තිබුනේවත් නැත. ලොවපුරා සිටින චිත්රතපට බලන නොබලන එහෙත් පත්තර හා තොරතුරු අසන බොහෝ දෙනෙක් දැන් ලංකාවේ චිත්රටපට ගැන දැන් කතා කරති.

අශෝක හඳගම

No comments:

Post a Comment