Monday, July 22, 2013

වැරදි නොකර, වැරදිකරුවන් වූ පුද්ගලයින්ව විශෝධනය කරන්නට පුලුවන්ද?

මෙම ප්‍රශ්ණය මතුවූයේ, ව්‍යවස්ථාපිත වැරදි, දඩුවම් සහ ප්‍රජා විශෝධනය තේමාව යටතේ පවත්වන ලද වැඩ මුලුවකදීය.
ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවේ, ප්‍රජා විශෝධන නිලධාරීන් හා එකව, 2013.07.19 වන දින මෙම වැඩ මුලුව ජනසංසදෙය්දි පවත්වන ලදි.
දඩ ගෙවීමට නොහැකි කම මත, ප්‍රජා විශෝධනය තෝරාගැනීම සිදුකරනු ලබන බව හා ව්‍යවස්ථාපිත වැරදි මූලික කරගෙන පොලිසිය පවරනු ලබන බොරු නඩුවලට මුහුණ දීමට, ආර්ථික හැකියාවක් නොමැතිකම නිසා වරද පිළිගෙන දඩ මුදල ගෙවීම වෙනුවට ප්‍රජා විශෝෂධනය තෝරාගනු ලබන බවද මෙම වැඩ මුලුවේදී හෙළිදරව් වින.
ප්‍රජා විශෝධනය තෝරා ගන්නා අයවලුන් අතර බහුතරය අන්තරාදායික ඖෂධ පනත යටතේ සහා සුරා බදු ආඥාපනත යටතේ වැරදිකරුවන් වූ අයයි. එය අමතරව සූදු පොලවලදී අසුවූ සහ ඩෙංගු මදුරු පනත යටතේ වරදකරුවන් බවට පිළිගත් අයද සිටිති.
ප්‍රජා විශෝධනයට ඉදිරිපත් වන වරදකරුවන් බවට පිළිගත් අයගෙන් බහුතරයක් කියා සිටින්නේ තමන් එම වරද නොකල බවත්, පොලිසිය බොරු නඩුවක් පැවරූ බවත්ය.
නිවැරදිකරු බව ප්‍රකාශ කල විට, අත් විදින්නට වන විපාක වලට මුහුණ දීමට වඩා - වරද පිළිගෙන ප්‍රජා සේවය තෝරාගත් බව ප්‍රකාශ කරන පුද්ගලයින් විශෝධනය කරන්නේ කෙසේද ? යන ප්‍රශ්ණය පවතින බව ප්‍රකාශ විය.
සාම්ප්‍රදායික විශෝධන ක්‍රම වන බණ කීම, සීල ව්‍යාපාර වලට යොමු කිරීම මගින් විශෝධනය කල හැකිද? යන ප්‍රශ්ණයද ෙමහිදි මතු කරනු ලැබීය.


No comments:

Post a Comment