Monday, July 8, 2013

විදුහල්පති මුසම්මිල් කුණුහරප කියමින් අතින් පයින් ගහයි! HQI සමන්ත වෙදගේ අත පය කඩන්න ලැස්තිවෙයි!!


සභාපති - මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති, නීතිපති, ළමා ආරක්ෂක අධිකාරිය, ළමා හා කාන්තා නිවාරණ කාර්යංශය සහ බ/ප පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ  වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ක`ඵතර දකුණකටුකුරුන්ද පදිංචි මොහොමඞ් ෂලීම් පාතීමා ෆරීනා මහත්මිය, `ඵතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේසිංහල මාධ්‍ය අංශයේ 10 බී පංතියේ ඉගෙනුම ලබනපහලෙස් හැවරිදි මොහොමඞ් ජබ්බාර් මොහොමඞ් රිපාස් වන තම පුතාට එම විදුහලේ විදුහල්පති එම්.බී.එම්.මුසම්මිල් අමානුෂික ලෙසට පහරදුන් බවත්, එම පහරදීම නිසා ඔහු දෙවරක් රොහල් ගත කිරිමට සිදුව ඇති අතර, සායන වලට යොමු කිරිමටද සිදුව තිබේන බව කියා සිටී.

එම පැමිණිල්ලෙන්, තමාගේ පුතාට වධහිංසාවටට, කෲකර අමානුෂික අවමන් සහගත හා දඬුවම් වලට භාජනය කල විදුහල්පතිට සහ සිද්ධිය හා අදාලව පැමිණිලි විභාගයට ක`ඵතර දකුණ පොලිසියට ගිය අවස්ථාවේ, අත පය කඩන බවට, පාසලට නොයන ලෙසට, නඩු නොදාන බවට කරන ලද තර්ජණයන් පිළිබඳව එහි HQI සමන්ත වෙදගේට විරුද්ධව, නීතිමය හා විනායුනකූල පියවර ගන්නා ලෙසටද ඇය ඉල්ලා සිටි.

මෙම පහර දීම සිදුවුනේ 2013.06. 24 දිනය. පාසැලේ හතරවන කාල පරිචේඡුයේය. සිසුවා තමාට පහර දීම විස්තර කරන්නේ මෙසේය.

‘‘මම 2013.06.24 පාසලට ගියා. හතරවන කාල පරිච්ජේදයේ තිබුනේ සෞඛ්‍යය විෂය. එදා විෂය බාර ගුරුතුමිය පංතියට ආවේ නැහැ. එ් වෙනුවට ප‍්‍රාථමික අංශයේ ගුරුතුමියක් පංතියට ආවා. මගේ පෑන බිම වැටුනා. මම එ්ක ගන්න මගේ ඩෙස්ක් එක උඩින් එහා පැත්තට පැන්නා. එසේ පනිනවා විදුහල්පති දැක්කා. ඔහු මට අතින් කතා කලා. මම පංතියෙන් එළියට ආවා. විදුහල්පති මගේ ලඟට දුවගෙන ඇවිත්, ෂර්ට් එකෙන් අල්ලා - අංශ භාර ගුරු කාර්යාලයේ පැත්තක බිත්තිය දෙසට මාව තල්ලූ කලා. එසේ තල්ලූ කොට මගේ මූණට, ඔලූවට, පිටට ගහගෙන ගහගෙන ගියා.

සපත්තු දාපු පයින් මගේ කකුල්වලට ගැහුව්වා. ඔහු මට ගහන ගමන් උඹ අවජාතකයෙක්  කියා බැන්නා. මම ගහනකොට ගහන්න එපා, සමාවෙන්න යයි කිව්වා. එ්ත් ඇහුව්වේ නැතිව මට බණින ගමන් පහර දුන්නා. මගේ කකුලෙන් ලේ ආවා. එසේ පහර දීමෙන් පසුව කමිසයෙන් ඇදගෙන ඇවිත් පංතිය තුලට තල්ලූ කරලා වාඩිවෙයන් කිව්වා. විදුහල්පති පංතිය ඇතුලට ඇවිත් මට ආයිත් බැන්නා. උඹට ගැහුව්වා මදි කිව්වා. ආයෙත් මාව නැගිට්ටෙව්වා. පංතිය ඉදිරියට එන්න කිව්වා. දවස් පහක් පංති තහනම් කරනවා කියා මාගේ කම්මුලට තුන් හතර පාරක් ගහලා යන්න ගියා. මට ගැහුව්වේ ගුරුවරියක හා ළමයි ඉදිරිපිට.

මෙම අපරාධය පිළිබඳ ඔවුන් පොලීසියට ගියා. එහි දි තමන්ට විඳින්ට සිදුවු අත් දැකිම් සිසුවා විස්තර කරන්නේ මෙසේය.

‘‘2013.06.30 දින`ඵතර දකුණ පොලිසියට විභාගයට එන්න කියා තුන්ඩුවක් ගෙනත් දුන්නා.

එ් අනුව 2013.07.01 උදේ 10.00ට ගියා. මාත් සමග මගේ අම්මා හා තාත්තා පොලිසියට ගියා. විදුහල්පති මුසම්මිල්ද ඇවිත් හිටියා. එහිදී අපරාධ අංශයේ පුෂ්ප කුමාර නැමැති නිලධාරියා විස්තර ඇහුව්වා. එසේ අසා ඉවරවෙලා මට මේක කරන්න බෑHQI. මහත්තයාට දාන්න  ඕනාසවස 3.00ට එන්න කිව්වා. එ් අනුව, සවස 3.00ට පොලිසියට ගියා. HQI මහත්තයා විස්තර අහලා, අපිට බනින්න පටන් ගත්තා.

ඔහු කිව්වා මෙහෙම ගහලා මදි අත පය කඩන්න  ඕනි කියලා. එතන විදුහල්පති මුසම්මිල්ද හිටියා. HQI කිව්වා නඩු දානවා නම් ඉස්කෝලේ යන්න බෑ කියා. විදුහල්පති මුසම්මිලූත් කිව්වා නඩු දැම්මොත් ඉස්කෝලේ එන්න දෙන්නේ නෑ කියලා.HQI අපෙන් ඇහුව්වා නඩු දාන්නද  ඕනි ඉස්කෝලේ යන්නද  ඕනි කියලා. අපි නඩු දාන්න කියලා ඉල්ලා හිටියා. එකපාරට උසාවි දාන්න බෑ, සමථ මණ්ඩලයට දාන්න  ඕනි, ඉස්කෝලේ යන්න එපා කියා - HQI ප‍්‍රකාශ කලා.

පොලිසියෙන් කියපු නිසා 2013.07.02 පාසලට ගියේ නෑ. 2013.07.03 වන දින පොලිස් අධිකාරී කාර්යාලයට මමත් අම්මාත් ගියා. එහිදී නිලධාරී මහතකු හමුවී විස්තර කිව්වා. ඔහු කලූතර දකුණ පොලිසියට දුරකථනයෙන් කතාකරවිස්තර විමසුවා. අපිට උපදෙස් දුන්නා පාසල් යන්න කියා.

මෙය හුදකලා සිදුවිමක් නොව බව පවසන රිපාස් ගේ දෙමාපියන් මෙම විදුහල්පති කුලවාදියෙක් බවත්, සිංහල විරෝධියකු බවත් කියා සිටි. එ් සම්බන්ධයෙන් රිපාස් ගේ මව සිය පැමිණිල්ලේ මෙසේ සඳහන් කරයි.

‘‘මෙම විදුහල්පතිවරයා -මුසම්මිල්සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්නා සිසුන්ට වෛර කරනවා.

මේ පිළිබඳව විදුහල්පති සිංහල මාධ්‍ය අංශයේ ගුරුමහත්ම මහත්මීන් 33කුගේ අත්සනින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල හොඳම සාක්ෂිය වේ. තවද ඔහු - මුස්ලිම්, ‘‘තව්, කණ්ඩායමට අයත් නිසා, මුස්ලිම් ‘‘සාවුදා කණ්ඩායමට අයත් අපට වෛර කිරීම- මෙයට හේතු බවද කියා සිටිමි.

විදුහල්පති මුසම්මිල් ‘‘නොම්බි අල්ලන්න ගමේ ගියා. රිපාස් ‘‘රෝහල් ගානේ යයි. එකම දෙවියන්ට ඉල්ලීම් දෙන්නාම ඉල්ලති. එකෙක් බේරලා දෙන්න. අනෙකා යුක්තිය.

No comments:

Post a Comment