Friday, May 16, 2014

මගේ දුවව සුන්නත් කළේ මාස 3 දී




කාන්තා විමුක්ති සංවිධානවල කතුන්ට කියන පණිවුඩය,   ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු, තම පුතුන්ව කුඩා කාලයේ සුන්නත් කරනවා මෙන්ම දියණීයන්වද සුන්නත් කරන බව - අති බහුතරයකට රහසකි.

ලුනාවේ උපත ලැබූ සිංහල බෞද්ධ කතකි. ඇය විවාහ වූයේ ඉස්ලාම් ආගමික යූසුප් සමගය.

බහුතරයක් සිංහල ස්ත්‍රීන් මෙන් ඇය ආගම අතහලේ නැත. සිංහල කමද අතහලේ නැත. දියණිය උපත ලැබීමෙන් තෙමසකට පසුව යූසුප් බිරිදව හා දියණියව, පානදුරයේ ඔහුගේ මල්ලිගේ ගෙදරට රැගෙන ආවේය.

එහිදී දියණියව ලබාගත්, සැමියාගේ ඥාති ස්ත්‍රීන්, මවගෙන් වෙන්කර රැගෙන ගොස් සුන්නත් කෙළේය. හිස සම්පූර්ණයෙන් බූ ගාන ලදි. මර ලතෝනි දෙමින් සිටින ඇයට දියණියව බාර දුන්නේය. තම දියණිය ලිංග ප්‍රෙදේශයේ ලේ තැවරී තිබිණ. අසීසා යන නම එදින තම දියණියට ලබාදී තිබිණ.මවට දරුවා සමග මේ අවස්ථාවේ ඉන්න ඉඩ නොදුන්නේ ඇය බෞද්ධ නිසාය.

........මවගේ හා පියාගේ බසින් කතාව.....

මේ සම්බන්ධයෙන් 2014 ඉන්ටර් ප්‍රෙස් ඒජන්සිය පළකර තිබූ වාර්තාවක් පහත දක්වමු.

දැරියන් සුන්නත් කිරීම තහනම් කල යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටී.

මේ වන විට, අප්‍රිකානු රාජ්‍යයන් තුල දැරියන් සුන්නත් කිරීම හෙවත් ස්ත්‍රී ලිංගික විච්ජේදනය (FGM) ට එරෙහිව ව්‍යාපාර දියත් කර තිබේ. මේවායේ නායකත්වය ගෙන ඇත්තේද මුස්ලිම් කතුන්ය.

පකිස්තානයේ තලෙයිබාන්වරුන්ගේ වෙඩි පහරට ලක්වූ මලාලා ද මෙම ව්‍යාපාරයට දායක වී තිබේ.

බ්‍රිතාන්‍යයේ හිස ඔසවන ඉස්ලාමීය අන්තවාදීන් එරට මුස්ලිම් දෙමාපියන්ට උපදින දැරියන්ව සුන්නත් කරවීම සදහා විදේශ ගත කරවන බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාව පවතින්නේ බොරුව මතය. මෙවන් දේ සිදු නොවන බවට ලොවට කියා පායි.

වහාම මේ පිළිබදව කතා කල  යුතුයි.

ආරාධනය - කාන්තා විමුක්ති සංවිධාන වලට.

No comments:

Post a Comment