Wednesday, May 21, 2014

අම්මාවයි දුවවයි රැයක් තිස්සේ වතුරවත් නොදී - අත්අඩංගුවේ තබාගෙන


ඉගිරිය පොලිසියේ ස්ථානාධිපති හා අපරාධ අංශයේ ප්‍රධානියා හදපාන්ගොඩ 47 හැවිරිදි අයිරාංගනීව හා ඇගේ තරුණ දියණියව, පොලිසියට ගෙන ගොස්, මුඵ රැය පුරාම කන්න බොන්න නොදී පුටු දෙකක වාඩි කරවා තබා වධ දී ඇත.

මැයි 08 වන දින, මේ දෙදෙනාට වධ දෙමින්, කෘෘර අවමන් සහගත ලෙස සැලකිලි දක්වා ඇත්තේ, එම ප්‍රදේශයේ පොලිසිය සමග සම්බන්ධ පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය මතය.

අයිරාංගනී මහත්මිය පවසන අන්දමට, අප්‍රේල් මස 26, තම පුතා කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය තරුණිය සමග පලාගොස් ඇත.

තරුණිය බාලවයස්කාරියක් බවත්, තම පුතා කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවක් බවත් ඇය පවසයි.

බාලවයස්කාර තරුණියගේ පියා , ඉංගිරිය පොලිසියට මේ පිලිබදව පැමිණිලි කර තිබේ. නමුත් පොලිසිය ඔවුන් ඉන්න තැනක් සොයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිව, තමාව හා තම තරුණ දියණියව නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, නීති විරෝධීව රදවා තබාගෙන, වධදීම හෙළා දකින අතර, ඉංගිරිය පොලිසියට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටද ඉල්ලා සිටී.

පැමිණිලි පාර්ශවය හා පොලිසිය අතර පවතින සම්බන්ධයක් මත, බාලවයස්කාරියක් සමග පැනගොස් සිටින තරුණයාගේ මවට, නැගණියට වධ දීමෙන්, අසීමිත තෘප්තියක් පොලිසිය ලබාගන්නේ එමගින් දිනපතාම, පැමිණිලි පාර්ශවයෙන් ලබා ගන්නා අල්ලස් නිසාය.

සැකකරුව අල්ලා අධිකරණයට ඉදිරිපත් කළහොත්, එම සැලකිලි පොලිසියට හිමිවන්නේ නැත. මෙය, පොලිසිය බාර ඇමති මහින්ද රාජපක්ෂගේ චින්තනය අනුව ක්‍රියාත්මක වන බව තේරුම් ගන්නට බැරි පිරිසක් තවමත් අප අතර සිටීම ගැන කණගාටුවට කරුණකි.



No comments:

Post a Comment