Wednesday, May 7, 2014

පොලීසිය හා එක්ව වෑන් ඒකකින් පැමිණ පැහැර ගනී. වධ දෙයි. බොරු නඩු දමයි.



ආණ්ඩුව මිනිසුන්ව පැහැර ගැනීම තවමත් කරගෙන යන බවට නිදසුනකි, මිල්ලනිය පොලීසිය හා ව්‍යාපාරිකයෙකු වන නිශාන්ත බන්දුල යන අය එක්ව, ශිරෝන් ප්‍රසන්නව පැහැරගෙන යෑම.

පැහැර ගැනීමෙන් අනතුරුව, ඔහුට වධ දී මිල්ලනිය පොලීසියට ගෙනවිත් රවා තබාගෙන ව්‍යාජ චෝදනා නගා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

පරගස්තොට පදිංචිකරුවෙකු බව කියන නිශාන්ත බන්දුල හා මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපති කරුණාරත්න එක්ව මෙම අපරාධය සිදු කර තිබේ.

33 හැවිරිදි එක් දරු පියෙකු වන ශිරෝන් ප්‍රසන්න රියදුරෙකි. ඔහු සිද්ධිය පිළිබ ව පොලිස්පති හා මානව හිමිකම් කොමිෂම වෙත කර තිබෙන ලිඛිත පැමිණිල්ලෙන සියල්ල පැහැදිලි වනු ඇත.

සංවිධානාත්මකව, පොලිසියද එකක්රගෙන පැහැරගෙන ගොස්, වධ දී, බොරු නඩු දමා, රක්ෂිත බන්ධණාගාරගත කිරීම
මා, 2014 ජනවාරි මස, මිල්ලනිය පොලිස් වසමට අයත්, පරගස්තොට නිශාන්ත බිල්ඩින් කන්ස්ට‍්‍රක්ෂන් නැමැති ආයතනයේ වැඩ පරික්ෂකවරයෙකු වශයෙන් සේවයට බැදුනෙමි.
මම එහි මාස දෙකක් වැඩ කිරීමෙන් පසුව, එක් මාසයක වැටුප් ලබා දෙන ලදි.
ඒඅතර, මා සේවයට බැඳුණු රාජකාරි වලට අමතරව, වෙනත් කටයුතු වල නිරත වීමට - එහි අයිතිකරු බන්දුල නිශාන්ත බල කිරීමට පටන් ගන්නා ලදි.
එම නිසා, 2014 පෙබරවාරි 28 වන දින දැනුම් දී, එම වැඩ පොලෙන් ඉවත් වුනා. එයින් පසුව මා, කිහිප විටක්ම නිශාන්ත බන්දුල ට ඔහු ගේ අංක 0725640042 දුරකථනයට කතා කර, 2014 පෙබරවාරි සිට හිඟ වැටුප් ඉල්ලා සිටියා. නමුත් ඔහු එය ගෙවීම මග හැරියා.

2014 මාර්තු 02 දින, පර¥ව පදිංචි අශෝක නැමැති මා දන්නා හඳුනන තැනැත්තියක් මට දුරකථන ඇමතුමක් ලබාදී , අවුරුද්දට රෙදි දැමීම සඳහා බදුරලිය නගරයේ කඩ කාමරයක් සොයා දෙන ලෙසට ඉල්ලා සිටියා.

එදිනෙන් පසුව කිහිප විටක්ම ආපසු ඒ පිළිබඳව සිහිපත් කලා. මා එම ඉල්ලීම අනුව කඩ කාමරයක් පිලිබඳව තොරතුරු සොයා ඇයට දැන්වූවා.

2014.04.05 වන දින, ඇය මට දුරකථනයෙන් කිව්වා, රාත‍්‍රී 8.00 ට පමණ, බදුරලිය නගරයට පැමිණෙන ලෙසටත්, ඇය හා සොයුරියන් දෙන්නා කඩ කාමර බලන්න එන බවත්.

ඒ අනුව මා, 2014.04.05 දින, රාත‍්‍රී 8.00 බදුරලිය නගරයට ගියා. ඔවුන්ව මට බදුරලිය බස් හෝල්ට් එක ළඟදී හමු වුනා.

මා ඔවුන් හමුවී, අශෝකා නැමැත්තිය සමග කතාකරන විටම, හත් අට දෙනෙක් පැමිණ මා වටකර ගත්තා.

එක් අයෙක් නිශාන්ත බන්දුල. අනෙක් අය අදුනන්නේ නෑ. එම පිරිස, මා අල්ලා අත් පිටුපසට කොට මාංචු දැම්මා.

ඒ් අවස්ථාවේදීම මාගේ ජංගම දුරකථනය, රු: 18,000/=ක මුදල, රු: 20,000/=ක ලාබ ගත් ලේඛනය, උගස් භාණ්ඩ ලදුපත් සියල්ලම ඒ පිරිස මගෙන් උදුරා ගත්තා.

ඊට පසුව, මාව සුදු පාටට හුරු ඩොල්පින් වෑන් රථයකට දාගනු ලැබුවා. මාගේ යතුරු පැදිය නිශාන්ත බන්දුල රැගෙන ගියා.

මා වෑන් රථයට දමාගත් පසුව මට එ තුල සිටි පිරිස පහර දුන්නා. වෑන් රථයේ ඉදිරිපස අසුනේ මිල්ලනිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක වරයෙක් සිටියා. ඔහුව දුටුවොත් අඳුරන්න පු`ඵවන්.

වෑන් රථය තුල අශෝක නැමැත්තිය සිටි අතර, නිශාන්ත බිල්ඩින් කන්ස්ට‍්‍රක්ෂන් හි සේවය කරන ක‍්‍රිෂාන්ත (හෙවත් ටිකිරි) යන අය හිටියා.

තවත් හය දෙනෙකු පමණ හිටියා. එ අතර මිල්ලනිය පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් සිටියා. අනෙක් අය පිට අය.

මේ සියලූ දෙනාවම මට දුටුවොත් අදුරන්න පුලූවන්.

ඉන් පසුව, එම වෑන් රථය, අගලවත්ත දෙසට ගමන් කොට, යටියන ග‍්‍රීන්පාක් නැමැති රෙස්ට්ටුරන්ට් එකට ගියා. එවිට වේලාව රාත‍්‍රී 8.30 පමණ වේ.

එහිදී - මාව, වෑන් රථයේ රියදුරා, අශෝකා නැමැති ගැහැණිය හා පොලිස් නිලධාරියෙකු මා සමග නවත්වා, සෙසු පොලිස් නිලධාරීන් දෙන්නා හා අනෙක් පිරිස - එම රෙස්ටටුරන්ට් එකේ උඩ තට්ටුවට ගොස් මත් පැන් පානය කලා. මාගේ යතුරු පැදියෙන් නිශාන්ත බන්දුල ද එතැනට පැමිණ, ඒ පිරිස හා එක්වුනා.

පැය 1 1/2 ක් පමණ ඔවුන් මත්පැන් පානය කලා. එයින් පසුව, මිල්ලනිය පොලිසියට පැමිණියා. එවිට වේලාව රාත‍්‍රී 11.30 පමණ වේ.

වෑන් එක පොලිසියට ආවයින් පසුව, පොලිස් නිලධාරීන් තුන්දෙනා, මාව රැගෙන පොලිසිය තුලට ගියා. 

නිශාන්ත බන්දුල, මගේ යතුරු පැදියෙන් පොලිසියට පැමිණ, යතුරු පැදිය පොලිසිය ඉදිරිපිට නවත්වා, ඔහු අනෙක් අය සමග වෑන් රථයේ නැග පිටව ගියා.

මාව කූඩුවට දැම්මා. ටික වේලාවකින් කූඩුව ළඟට පැමිණි, මාව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා, මට කියා සිටියා නිශාන්ත බන්දුල ට අයත්, රුපියල් ලක්ෂ 35ක් වටිනා එක්ස්කැවේටරයක් අරන් තියෙනවා, ගත් බවට පිළිගනින් කියා.

මා එම චෝදනාව ප‍්‍රතික්ෙෂ්ප කලා. ඊට පසු ඔහු කූඩුව ඇර, එළියට අරන් මට පහර දුන්නා. නැවත කූඩුවට දැම්මා. එ අතර, මගේ අම්මා වන බී.ඩබ්.මැටිල්ඩා කූඩුව ළඟට ආවා. එවිට මට පහර දුන් උ.පො.පරීක්ෂක වරයා මහා හඬින් මගේ අම්මාට පලයල්ලා පලයල්ලා එළියට කියමින් තර්ජණය කර එළවා ගත්තා. මා සමග කතා කිරිමට ඇයට ඉඩ දුන්නේ නැහැ.

පසුදින (2014.04.06) උදේ 6.30 ට පමණ මාව කූඩුවෙන් එළියට අරන්, ස්ථානාධිපති කරුණාරත්න ළඟට ගෙන ගියා.

ඔහු ද මට චෝදනා කලා. මා රුපියල් ලක්ෂ 35ක් වටිනා එක්ස්කැවේටරයක් සොරකම් කල බවට.

මා චෝදනා ප‍්‍රතික්ෂේප කලා. මට ඔහු තර්ජණය කලා. ඔහු චෝදනාව බාරගන්නා ලෙසට බලකලා. මට ප‍්‍රකාශයක් දෙන්න කිව්වා, පොලිසිය කිසිදු නීති විරෝධී වැඩක් නොකල බවට. එසේ නොකලොත් ආයුධයක් දාලා ඇතුලට යවනවා කිව්වා.

ඉන් පසුව, මාව සැරයන්වරයෙකු ළඟට දැම්මා. ඔහු මගෙන් ප‍්‍රකාශයක් ලියා ගනිමින් සිටින විට, නිශාන්ත බන්දුල හා තවත් අයෙක් එතැනට පැමිණියා. නිශාන්ත බන්දුල ඔහුට මාව පෙන්වා, මූව හොඳට බලාගන්න යයි කිව්වා.

සැරයන්වරයා - මාගේ නම, ගම, ආදී විස්තර අසා, මොනවදෝ ලියා මගෙන් අත්සන් ගත්තා. නැවත කූඩුවට දැම්මා.

සවස 3.00 ට පමණ මාව, හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත‍්‍රාත් තුමියක් ළඟට ගෙන ගියා. මහේස්ත‍්‍රාත්තුමිය මගෙන් ගැහුව්වාද කියා ඇසුවා. එ අවස්තාවේ, ප‍්‍රකාශය ලියා ගත් සැරයන්වරයා මා ළඟ සිටි නිසා නැහැ කියා මා කිව්වා.

මාව පසුදින තෙක් රක්ෂිත බන්ධණාගාරගත කලා.

පසු දින 2014.04.07 දින මාව - හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලා. මාව අධිකරණයට ගෙන ආවේ ආවරණය කරගෙන.

අධිකරණයේදී, පොලිසිය කියා සිටියා පෙරට්ටුවක් තියන්න  ඕනා බව. එ නිසා මාව 2014.04.21 දක්වා රක්ෂිත බන්ධණාගාරගත කලා.

2014.04.21 දින මාව, හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ආවා. එහිදී නිශාන්ත බන්දුල විසින්, 2014.04.06 දින පොලිසියට ගෙනවිත් මාව පෙන්වපු පුද්ගලයා ඉදිරිපත් වුනා.

ඔහු වෙනත් අයකුව පෙන්වූවා.

එදින, අධිකරණයේදී මා වෙනුවෙන් නීතිඥ නුවන් මිරිහාන මයා ඉදිරිපත් වී, කරුණු කියා සිටියා. මාව නඩුවෙන් නිදහස් කලා.

මට පැවරූ ව්‍යාජ නඩුවේ අංකය 94998 වේ.

මා ප‍්‍රකාශ කරන්නේ,

මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති කරුණාරත්න සමග අයථා සම්බන්ධකම් පවත්වාගෙන යන, කූඨ ව්‍යාපාරිකයකු වන නිශාන්ත බන්දුල නැමැත්තා ගේ අවශ්‍යතාවයට, ඔහු හා එක්වී කුමන්ත‍්‍රණය කර,-

1. 2014.04.05 වන දින, සුදු පාට ඩොල්පින් වර්ගයේ වෑන් රථයක් යොදවා, පොලිස් නිලධාරින් තිදෙනෙකු ද හවුල් කරගෙන මාව පැහැරගෙන යෑම.

2. එසේ පැහැරගෙන යන අතරතුර මට වධහිංසා පැමිණවීම

3. පැහැරගෙන යන අතරමගදී, නිශාන්ත බන්දුල නැමැත්තා විසින්, යටියන ග‍්‍රීන්පාක් රෙස්ට්ටුරන්ට් එකේ (ජගත් විතානට අයත්) පොලිස් නිලධාරීන් හා පැහැරගෙන යාමට හවුල් වූ පිරිස එක්ව මත්පැන් පානය කරමින් - කා බී සතුටු වීම, එපමණක් නොව, තවත් මත්පැන් බෝතල් 02ක්, රැගෙන විත්, පොලිස් ස්ථානාධිපතිට ලබා දීම,

4. පොලිස් ස්ථානාධිපති විසින් මට පහර දීම, මාගේ මවට, බිරිඳට මාව බැලීමට ඉඩ නොදී පලවා හැරීම,

5. 2014.04.06 වන දින උදේ, ප‍්‍රකාශය ගන්නා අවස්ථාවේදී, නිශාන්ත බන්දුල නැමැත්තා විසින් රැගෙන ආ පුද්ගලයකුට මාව පෙන්වීමට පොලිසිය සහාය දීම,

6. අධිකරණයට බොරු චෝදනා ඉදිරිපත් කර, මට ඇප ලබා ගැනීම වැලැක්වීම සඳහා පෙරට්ටුවක් තිබිය යුතු බවට - අධිකරණයට ව්‍යාජ කරුණු දක්වාමාව රක්ෂිත බන්දනාගාරගත කරවීම,

7. මාව, දින 14ක් බන්ධනාගාරගත කරවා, වධහිංසාවට, අවමන් සහගත සැලකිලිවලට පාත‍්‍ර කරවීම,

8. 2014.04.05 සිට, 2014.04.21 දින දක්වා, දින 16ක් පුරා මාගේ නිදහස අහිමි කිරීම, සිංහල අලූත් අවුරුද්දට මා, මාගේ දරුවාගෙන්, බිරිඳගෙන්, මාපියන්ගෙන්, සොහොයුරන්ගෙන් වෙන් කර මටත්, ඔවුන් සියලූ දෙනාටත් දැඩි වේදනාවන් ලබාදීම,

9. මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති කරුණාරත්න ප‍්‍රමුඛ මෙම නීති විරෝධී, පහත් ක‍්‍රියාවට සම්බන්ධ සියලූම පොලිස් නිලධාරින්ගේ මෘග ක‍්‍රියාව නිසා, මාගේ මව්පියන්ට, පවුලට මුදලින් වූ පාඩුව රු: 90,000/=කට වැඩිවීම,

මේ සියලූම කරුණූ නිවැරදිය. සත්‍ය ය.

එම නිසා, මේ පිළිබඳව, විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා සිටිමි.

මෙම පොලිස් ස්ථානාධිපතිවරයා සමග එක්ව, මෙම අපරාධය සිදුකල පරතස්ෙතාට පදිංචි, නිශාන්ත බන්දුල නැමැත්තා, ප‍්‍රදේශයේ අනෙකුත් ඉහළ නිලධාරීන්ට බලපෑම් කලහැකි අයෙකු බව - නොදන්නා කෙනෙකු නැති බව ද ප‍්‍රකාශ කරමි.

මෙම නීති විරෝධී ක‍්‍රියාව පිළිබඳව - නිශාන්ත බන්දුල, මිල්ලනිය පොලිසියෙ ස්ථානාධිපති කරුණාරත්න, පැහැරගෙන යාමට හවුල් වූ පොලිස් නිලධාරින්, ප‍්‍රකාශ ලියා ගත් පොලිස් සැරයන් ඇතුලූ සියලූම දෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලමි.

මෙය මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය කිරීමක් බව ප‍්‍රකාශ කර සිටිමි.

අ.ක/ පී.කේ. ශිරෝන් ප‍්‍රසන්නෙ 


No comments:

Post a Comment