Thursday, May 1, 2014

පොලීසිය කියන විදියට නටපන් - නැත්තම් රිමාන්ඩ්


පොලිස් කාරයාට සුළු ගාණක් ගෙවනවා නම් සමථ වෙන්න කැමතියි යන පොලීසියේ යෝජනා පිළි නොගැනීම අපරාධයක් ද?
මේ බව අස්නනේ, 43 හැවිරිදි දෙදරු පියෙක් හා ව්‍යාපාරිකයෙක්. ඔහු මග්ගොන පදිංචි මංගල ප්‍රියන්තය.
අගවිනිසුරුවරයාට හා නීතිපතිවරයාට, ප්‍රියන්ත ලිඛිතව පහත කරුණු ඉදිරිපත් කර සිටින්නේ මේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ මොන අයුරින්ද යන්න පිළිබඳව උභතෝකෝටික ප්‍රශ්නය මතු කරමින්ය.
ඔහු සිය අභියාචනයෙන් දක්වා ඇති කරුණු මෙසේ ය.
2014 මාර්තු 14 උදේ, පයාගල පොලීසියේ ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ හා අපරාධ අංශයේ ප්‍රියංකර නැමති අය තම නිවසට පැමිණ සිය පියාගෙන් රු: 50,000/= ක අල්ලසක් ඉල්ලා සිටි බව.
එම ඉල්ලීම සිය පියා ඉටු නොකළ බව. එයින් පසු මෙම දෙදෙනා තර්ජනය කර ගිය බව.
එදින සවස 4.00 ට පමණ, 20 ක් පමණ, පොලිස් නිලධාරීන් සමග පැමිණි ඉහත නම් සහන් පොලිස් නිලධාරීන් දෙන්නා, තම නිවසේ දේපල හා තම පවුලේ සාමාජිකයින්ගේ මහ රා කර්මාන්තයට අයත් සියලු ආම්පන්න විනාශ කර දැමූ බව.
රාත්‍රියේ බලහත්කාරයෙන් ප්‍රකාශ වලට අත්සන් ගෙන, “මහේස්ත්‍රාත්වරයෙකු” බවට ප්‍රකාශ කරන තැනැත්තෙකුගේ කළුතර පිහිටි නිවසක් අසලට ගෙන ගිය බව.
එම නිවස ඉදිරිපිට දී, නිවසේ සිටි අත්කොට බැනියමක් හා කොට කලිසමක් ඇඳ සිටි පුද්ගලයකුට ලේඛන වගයක්, ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ දුන්න බව.
එම පුද්ගලයා එම ලේඛන නිවස තුළට ගෙන ගොස්, ටික වේලාවකින් නැවත ගෙනවිත් බාර දුන්න බව.
රක්ෂිත බන්ධනාගාර ගත කරවීමට නියෝග වලට අත්සන් කළේ කවුරුන්ද යන බව තමා නොදන්නා බව, නොදැකපු බව.
2014.03.24 දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විට, තම පියාට එක නඩුවකුත්, තමාට හා පියාට එක නඩුවකුත් වශයෙන් නඩු දෙකක් දමා තිබෙව බව  - දැනගත් බව.
එදින, තමා හා පියා ඉදිරිපත් කළ චෝදනාවලට නිවැරදිකරු බව ප්‍රකාශ කළ බව.
ඒ අවස්ථාවේ, තමා පොලිස්කාරයෙකුට තුවාල සිදු කර ඇති බවත්, එයට සාධාරණ
ගාණක් ගෙවනවා නම් චෝදනා ඉවත් කර සමාදාන වීමට කැමති බව පොලීසිය අධිකරණයට කියා සිටි බව.
මේ යෝජනාවට, නිර්දෝෂී තමා, එකඟ නොවූ බව.
එවිට කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය, පියාට ඇප ලබා දී තමාව යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කළ බව.
2014 මාර්තු 31 යලිත් අධිකරණයට ඉදිරිපත් කළ විට - රුපියල් ලක්ෂයක් ශරීර ඇප, රජයේ සේවකයෙකුගේ ඇප හා කළුතර පොලිස් අධිකාරී කාර්යාලයේ සෑම මසකම අවසාන ඉරිදා වකම අත්සන් කළයුතු යන කොන්දේසි මත මුදාහැරිය බව.
මේ සියලු  කරුණු වලින් පෙන්නුම් කරන්නේ එක් කරුණකි. එනම් නීතියකට අනුව ක්‍රියාත්මක නොවන, නිර්දෝෂී පුද්ගලයින් පොලීසියේ අතකොලු බවට පත් කොට, පොලිස්කාරයින්ට අපරාධකර, නිදැල්ලේ හැසිරීමට ඉඩ දෙන රටක් බවට, පත් කර ඇති  බවය.
ඉහළ අධිකරණයන් පෙන්වා දී ඇති පරිදි අද මහේස්ත්‍රාත්වරු කටයුතු කරන්නේ පොලීසියේ කාලකණ්නි මනදොල පිරවීමටද යන්න යළිත් මතු කළ යුතු පැනයකි.



No comments:

Post a Comment