Monday, May 19, 2014

හදුන් මාලිංග මැරූ පොලිස් කාරයින්ව හදුනා ගනී.


පොලිස් පහරදීමෙන් මිය ගිය හදුන් මාලිංග ගේ මරණයට වගකිවයුතු පොලිස් කාරයින් හදුනා ගැනීම සදහා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති පෙරට්ටුවේදී - පහරදුන් පොලිස් කාරයින් හත් දෙනාව සාක්ෂිකරුවන් විසින් හදුනා ගනු ලැබීය.

හදුන් මාලිංග සමග අත්අඩංගුවට පත් ඔහුගේ සොහොයුරා ඇතුලු ඥාතීන් සිව් දෙනාට මෙම මස 21 දින ඇප ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව - හදුන් මාලිංගගේ පියා පැවසීය.

මොවුන්ට විරුද්ධව නගා ඇති නිදන් හෑරීම් චෝදනාව පිළිබදව, බදුල්ල පොලිසිය ස්ථානගත පරීක්ෂණයක් පවත්වා තිබේ.

මේ පිළිබදව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවද ස්ථානගත පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

Early post link:-  http://peoplesforumsl.blogspot.com/2014/05/blog-post_15.html



No comments:

Post a Comment