Friday, May 16, 2014

කණ වෙන් වෙන්න කපලා, පැමිණිල්ල ලියා ගන්න පැනක් ගේන්නත් වෙලා.



කප්පන් හා කුඩු කල්ලියක් විසින් මාලු කපන මන්නයකින් වම් කණ වෙන්ව යන්න කපා, ඇගිලි වෙන්වෙන තරමට කපා, පලා යාමක් පිලිබදව පැමිණිල්ල දැමීමට පානදුර දකුණ පොලිසියට ගිය විට, පැමිණිල්ල ලියා ගන්න කෙනෙකු නැති බව පවසමින් පැය 2  1/2ක් රස්තියාදු කරවා, ඉන්පසු පැමිණිල්ල ලියා ගන්න පෑනක් නැති බව කියා, පෑනක් ගෙන්වා ගෙන තිබේ.

මෙය අහඹු සිද්ධියක් නොවන බව පළමුවෙන්ම ප්‍රකාශ කල යුතුයි.


25 හැවිරිදි ඉන්ද්‍රසිරි, පානදුරේ තරුණ ව්‍යාපාරිකයෙකි. 2014.04.24 දින - අලුයම 4.30 ට පමණ, සිය ව්‍යාපාරික ස්ථානයට පැමිණි - පානදුර සාගර මාවතේ කල්ලියක්, ඉන්ද්‍රජිත්ගෙන් කප්පම් ඉල්ලා තිබේ.

එය ප්‍රතික්ෂේප කිරීම නිසා, මාලු කපන මන්නයකින් ඉන්ද්‍රජිත්ට පහරදී තිබේ. එම පහරදීමෙන් ඔහුගේ වම් කණ සම්පූර්ණයනේ වෙන් විය. අතට බරපතල තුවාල සිදුවිය.

වහාම ඉන්ද්‍රජිත්ව පානදුර මූලික රෝහලට ඇතුලත් කර, සෙසු අය පැමිණිලි කිරීමට පානදුර දකුණ පොලිසියට ගිය විට, එම පැමිණීලි බාර ගැනීමට කිසිවකු ඉදිරිපත් වී නැත.

පැය 2 1/2 පසුව පැමිණි නිලධාරියෙක් පැමිණිල්ල ලියා ගැනීමට පෑනක් නැති බැවින්, පෑනක් ගෙනත් දෙන ලෙස ඉල්ලා ඇත.
 
ඒ අනුව පෑනක් ගෙනත් දීමෙන් පසුව පැමිණිල්ල ලියා ගෙන තිබේ.

අසාධ්‍ය තත්වයෙන් සිටි ඉන්ද්‍රජිත්ව, පානදුර මූලික රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.

මෙම කප්පම් හා කුඩු කල්ලිය, නිදැල්ල් හැසිරෙන බවත්, ඔවුන්ට පානදුර දකුණ පොලිසියේ හා රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රාදේශීය ප්‍රබලයින්ගේ රැකවරණය තිබෙන බව - කවුරුත් දන්නා කාරණයක් බවත් කියා සිටී.

පානදුර දකුණ පොලිසිය පමණක් නොව, සෑම පොලිසියක්ම පෑන්, පැන්සල්, ලියන කොළ, ඇතුලු විවිධ දේ පැමිණිලිකරුන්වන් හා විත්ති පාර්ශවයන්ගෙන් කප්පන් හැටියට ලබාගන්නා බව - නොදන්නේ මේ රටේ, පොළවේ පයගහලා ඉන්නේ නැති, ඊණියා බුද්ධිමතුන් පමණි.

අනෙකුත් බොහෝ දෙනා මේ දූෂිත භාවයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනී.





No comments:

Post a Comment