Wednesday, May 28, 2014

පැමිණි යතුරු පැදිය දමා පැන ගිහිල්ලා තියෙන්නේ පොලිස් කාරයෝ


පොලිසියෙන් බව කියමින්, නිවසට ඇතුලුවීමට තැත්කල පුද්ගලයින් දෙදෙනෙකු ගැන - එම නිවැසියන් පොලිසියට පැමිණිලි කළේය.

ඒ අතර, මෙම සැකකටයුතු පුද්ගලයින් යතුරු පැදියේ යතුරුද ඔවුන් ලබා ගත්තේය. අසල්වැසියන් එම නිවසට ලගාවත්ම, පොලිසියෙන් යයි කියා ගත් පුද්ගලයින් දෙන්නා පලා ගියේය.

මේ නිසා ඔවුන්ගේ සැකය තවත් වැඩිවිය. ඔවුන් වහාම පොලිස් මූලස්ථානයට හා 119 හදිසි ඇමතුම් අංකයට සිද්ධිය දැනුම් දුන්නේය.

ටික වේලාවකින් එතැනට පැමිණි, මොරොන්තුඩුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා, යතුරු පැදිය තමන්ට අයත් එකක් බව පවසා, එය රැගෙන ගියේය. පැමිණි දෙන්නා පොලිස්කාරයින් බව ඔහු පිළිගත්තේය.

පොලිසියෙන් නම්, හැදුනුම්පත් දෙන ලෙසට නිවැසියන් ඉල්ලූ විට, මොකටද යකෝ පොලිස් කාරයින්ට අයිඩෙන්ටි කියා අසා, පලා ගියේ කුමක් නිසාද යයි, නිවැසියන් ප්‍රශ්ණ කළේය.

සියලු විස්තර කිව්වද, ඒ පිළිබද පැමිණිලි ලියා ගැනීමට පියවර නොගත්තේය.

මේ වන විට, සංවිධානාත්මක අපරාධ වලට පොලිසිය සම්බන්ධ බව නොදන්නා කෙනෙක් නැත.

නිවැසියන් සිද්ධිය අමතක කර දමන්නට උත්සාහ ගත්තද, එය නොහැකිවූයේ  මොරොන්තුඩුව පොලිසියේ ස්ථානාධිපතිවරයා, එම නිවැසියන්ගෙන් පලිගන්නා බවට ප්‍රසිද්ධියේ කරන ප්‍රකාශ නිසාය.

මේ සිද්ධියට ඉදිරිපත්ව, පැමිණිලි කිරීම් කල, සරත් කුමාරව, බෝම්බයක් දමා, රක්ෂිත බන්ධනාගාර ගත කරවන බවට කරන තර්ජණ පිළිබදව ඔහු පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කර ඇත.


No comments:

Post a Comment