Saturday, May 10, 2014

”තෝ බල්ලා, පකයා, මම බුලත් අතකුත් අරන් උඹව වඩම්මන් යන්න එනවා” ……….OIC .ප‍්‍රියන්ත


 .

, ”තෝ මොකෙක්දකියා පටන් අරන්, පකයා, තොට එන්න කිව්වාම එන්න බැරිදයයි මහා හඬින් කුණුහරප කියමින් මට බණින්න පටන් ගත්තා. ෂර්ට් කොළරයෙන් අල්ලා ගෙන, මිදුලට ඇදගෙන ගියා. ඔහු හිටියේ හොඳටම බීලා.

අමිල රොහාන් ජයසිංහ, අවු: 28යි, විවාහක, දරුවන් 01යි. ව්‍යාපාරිකෙයකි.  වාරියපොල ෙපාලිස් ස්ථානාධිපති ප්‍රියන්ත නැමැති නිලධාරියාෙග්  ෙගාදුරක් බවට පත්ව තිෙබ්.

තමාට කිසි දිනක ෙමවන් නීති වෙරා්ධි ක්‍රියාවකට මුහුණ ෙදන්නට සිදුෙව්යයි හීෙනන්වත් ෙනාසිතු අෙයකි. 

මානව හිමිකම් කොමිෂන් සභාව හා පොලිස්පති වරයා ෙවත කරන ලද ලිඛිත පැමිණිල්ෙලන් ශ්‍රි ලංකා ෙපාලීසිය පිළිබව වටහා ගන්නට හැකි වනු අැත.
    
2014 පෙබරවාරි මස දිනක, වාරියපොල පොලිසියේ බව සඳහන් කරමින් සිවිල් නිලධාරින් දෙදෙනෙකු පැමිණ, ගොවිපල වත්තම පරික්ෂා කර යන්න ගියා.

එ් අවස්ථාවේ එම දෙදෙනා, සතුන් සඳහා ජලය රැස්කර තබන ගැ`ඵම් 45 බැරලය කෙරෙහි විශේෂ අවධානය යොමු කොට, එය පරීක්ෂා කලා.

ඔහු එසේ පරීක්ෂා කරන අතර, නීති විරෝධීව මත්පැන් නිපදවන බවට පෙත්සමක් ලැබී තිබෙන බවද ප‍්‍රකාශ කලා.

එයින් පසුව, 2014 අප්‍රේල් මස පළමු සතියේ, පෙර සඳහන් ආකාරයටම වාරියපොල, පොලිසියේ යයි කියා ගන්නා සිවිල් පිට පැමිණි දෙදෙනෙක්  - වත්ත, පෙර සඳහන් කල බැරලය පරික්ෂා කර, මා පදිංචි නිවස පරීක්ෂ කලා. ඔවුන් දෙන්නා වහලයටද නැග පරීක්ෂා කලා. එම පරීක්ෂා කිරීමේදී රට උ`17 ක් කඩා දම්මා. නමුත් මා පැමිණිල්ලක් කළේ නැහැ.

එයින් පසුව 2014 අප්‍රේල් අවසාන සතියේද, පෙර පරිදි දෙදෙනෙක් පැමිණ, පෙර පරිදිම, ගොවිපල වත්ත, නිවස පරීක්ෂා කර යන්න ගියා.

2014 මැයි 05 වෙනිදා, ප:ව:3.3.0ට පමණ, මට දුරකථනයෙන් කෙනෙකු කතා කර කිව්වා, පොලිසියෙන් ඇවිල්ලා ඉන්නවා, ඉක්මනට ගෙදර එන්න කියා. කතා කල අය, පොලිසියෙන් බවද සඳහන් කලා. මා එවිට ගෙදර එමින් සිටියේ.

විනාඩි 10කින් පමණ මා, ගෙදරට ගියා. එ් යන විට යතුරු පැදි දෙකකින්, වාරියපොල පොලිසියේ කියා ගන්නා ලද සිවිල් ඇඳුමින් හතර දෙනෙකු පැමිණ සිටියා.

මා එනවිට, ඔවුන් හතර දෙනා වත්ත පරීක්ෂා කරමින්, කුකු`ඵ කොටුව අවට, තැනින් තැන උදැල්ලකින් පොලව හාරමින් හිටියා. එවිට ප:ව:3.30 පමණ ඇති.

මා ඇයි මෙහෙම කරන්නේකියා ඔවුන්ගෙන් විමසා සිටියා. එවිට ස්ථානාධිපති ප‍්‍රියන්ත ගේ  ඕඩරයක් බව කිව්වා.

එයින් පසුව, ඔවුන් හතර දෙනා මු`ඵ ගෙයම පරීක්ෂා කලා. වහලය උඩටද නැග පරික්ෂා කලා. ඔවුන් හතර දෙනා පෙර පැමිණි අය මෙන්ම විශේෂ අවධානයක් වතුර පුරවන බැරලයට යොමු කොට යන්න ගියා.

ඔවුන් ගිය පසු - මා, මාගේ ව්‍යාපාරික කටයුතු සඳහා නිවසින් පිටව ගියා.

මා එඹවලපිටිය ප‍්‍රදේශයේ පේමේ යන අයගෙන් පොල් මිළයට ගැනීම සඳහා කතාබහ කරමින් සිටින විට ප:ව:06.18 පමණ, මට යමෙක් කතාකොට, පොලිසියෙන් ඇවිල්ලා ඉන්නේ, වහාම එන්න කිව්වා.

මා එ් අනුව, විනාඩි 15කින් පමණ නිවසට ගියා. යන විට පෙර පැමිණි සිව් දෙනාගෙන් දෙදෙනෙක් ජීප් රථයකින් පැමිණ සිටියා.

මා කාරණය විමසුවාම, ස්ථානාධිපති ප‍්‍රියන්ත, මාව හා බැරලය රැුගෙන එන ලෙසට නියම කලා කියා කිව්වා.

මම ඔවුන්ට කිව්වා, ”මම එන්නම්, බැරලය අවශ්‍ය නැහැ, මම කිසිම නීති විරෝධී වැඩක් කරන්නේ නැහැකියා.

මා එසේ කිව්වාම, සිවිල් ඇඳුමින් සිටි එම නිලධාරීන් දෙන්නාගෙන් එක් අයෙක්, ඔහුගේ ජංගම දුරකථයෙන්, ස්ථානාධිපතිට කතා කලා.

ඊට පසුව, එම දුරකථනය මට දී කිව්වා, ” ඕ.අයි.සී ප‍්‍රියන්ත කතා කරන්නේ කියා.

එම දුරකථනය අතට ගෙන, මා හලෝකිව්වා. එවිට ඔහු උඹ මොකෙක්දකියා මගෙන් ඇහුව්වා.

මම ඔහුට කිව්වා මනුෂ්‍යයෙක්කියා.

ඔහු මට කිව්වා උඹ එනවාද පොලිසියට, බැරල් එකත් අරන්කියා.

මම ඔහුට කිව්වා මම එන්නම් බැරල් එක ගේන්නේ මොකටදකියා.

තෝ බල්ලා, පකයා, මම බුලත් අතකුත් අරන් උඹව වඩම්මන් යන්න එනවාකියා පවසා සිටියා.

ජීප් රථයේ පැමිණි සිවිල් ඇඳුමින් පැමිණි දෙන්නා හා  නිල ඇඳුමින් සිටි රියදුරු - නිවසට පැමිණ ආලින්දයේ අසුන් ගත්තා.

ඔවුන් ප‍්‍රකාශ කලා මේක අසාධාරණ වැඩක්, බොරුවක් තමයි කරන්න හදන්නේ , අපි මොකද කරන්නේඕ.අයි.සී.ගේ  ඕඩර් නේ කියා.

විනාඩි 45කින් පමණඕ.අයි.සී.පි‍්‍රයන්ත, ජීප් රථයකින් පැමිණියා.  ඕ.අයි.සී.ප‍්‍රියන්ත හිටියේ සිවිල් ඇඳුමින්. ඔහු සමග හය දෙනෙක් ආවා. රියදුරු ඇතුලූ සියලූ දෙනාම සිටියේ සිවිල් ඇඳුමින්.
ජීප් රථය ගේට්ටුව ළඟ නතර කරවාඕ.අයි.සී ප‍්‍රියන්ත එයින් බැස, ”කෝ ඔය බල්ලා, මොකාද  ඕකාකියාගෙන ආවා.

ඉස්තොප්පුවේ සිටි මා ඔහුගේ ඉදිරියට ගියා. ඔහු මාගේ ෂර්ට් කොළරයෙන් අල්ලා ගෙන, මිදුලට ඇදගෙන ගියා. ඔහු හිටියේ හොඳටම බීලා.

මේ වන විට  බිරිඳ, අවු: 3 1/2 පුතා හා අසල්වැසියන් එතැනට එක් වුනා.

 ඕ.අයි.සී.ප‍්‍රියන්ත, ”තෝ මොකෙක්දකියා පටන් අරන්, ”පකයා, තොට එන්න කිව්වාම එන්න බැරිදයයි මහා හඬින් කුණුහරප කියමින් මට බණින්න පටන් ගත්තා.

ඔහු මට කුණූහරප කියමින් බනිමින්, ”බැරලය පටවාපන්යයි මට කිව්වා.

මම ඔහුට පැහැදිිළි කරන්න උත්සාහ ගත්තා මා නීති විරෝධී වැඩ නොකරන බව.

නමුත් හොඳටම බීලා හිටිය ඔහු, කුණුහරප කියමින් මට ජීප් එකට නගින්න කිව්වා.

පොලිස් නිලධාරීන්ට කිව්වා බැරලය දාගන්න කියා. ඔවුන් කිව්වා මේකේ මුකුත් නැහැ කියා.

ඔහු එයට කන් දුන්නේ නැහැ. බැරලය පටවාපන් කියා ඔවුන්ට කිව්වා.

ඔවුන් බැරලය ජීප් එකට දාගත්තා.

වාරියපොල පොලිසියට මාව ගෙනයන විට, රාත‍්‍රී 7.30 ට පමණ ඇති.

පොලිසියේ තියාගෙන සිට, කටඋත්තරයක් ගන්න කියා ඇතුලට ගෙන ගියා.

එහි හේමන්ත කියා නිලධාරී මහතෙක් සිටියා. ඔහු කිව්වා වැඩක් නැති වැඩක්, මොකද කරන්නේ  ඕ.අයි.සී.කියනවානේ කියා.

වෙනත් අයෙකුට ප‍්‍රකාශයක් ගන්න කිව්වා. මා ප‍්‍රකාශයක් දුන්නා. එ්අතර, එක් නිලධාරියෙක් මේකට සීල් තියන්න කියා  ඕ.අයි.සී. කිව්වා, මේකේ ගෝඩා තියෙන්නේ කිව්වා.

මා ඇගිලි සලකුණු තැබීම ප‍්‍රතික්ෂේප කලා.

එවිට  ඕ.අයි.සී.ප‍්‍රියන්ත නැවත කුණූහරප කියමින් පැමිණ මූව ඇතුලට දාපන්, කාටවත් බලන්න දෙන්න එපා, ඇප දෙන්න එපාකියා යන්න ගියා.

ඉන් පසු කූඩුවට දැම්මා. මා බලන්න මාගේ ඥතීන් පැමිණියා. ඔවුන්ට, රිසව් එකේ හිටිය නිලධාරියා බැනලා එලෙව්වා.

නැවත රාත‍්‍රී 9.00 පමණ මාගේ ඥතීන් නැවත පැමිණ මාව බැලීමට උත්සාහ ගත්තා. නමුත් බලන්න දුන්නේ නැහැ. ආයෙත් ආවොත් එ් අයත් කූඩුවට දාන බවට - රිසව් එකේ නිලධාරියා තර්ජණය කලා.

මා සමග තව දහදෙනෙක් විතර කූඩුවේ හිටියා. එ් අයව බලන්න ඉඩ දුන්නා. මම ඇහුව්වා රිසව් එකේ හිටිය නිලධාරියාගෙන් නීති දෙක්කද? ” කියා. ඔහු කිව්වා මට කරන්න දෙයක් නැහැඕ.අයි.සී.ගේ  ඕඩරයක් කියා.

මගේ ඥතීන්ඕ.අයි.සී ප‍්‍රියන්තව හමුවන්න උත්සාහගෙන තිබුනා. එ් අවස්ථාවේ ඔහු නිල කාමරයේ ඉඳගෙන තවත් දෙන්නෙක් සමග මත් පැන් බොමින් සිටි නිසා, වෙනත් නිලධාරියෙක් ඔවුන්ට කියා තිබුනා, ”දැන් බොනවනේ එ් නිසා යන්න එපාකියා.

එ් දෙන්නා පැමිණ සිටියේ සුදු පාට පැජරෝ රථයකින්.

පසුදා, උදේ 9.00 ට පමණ මාව බැඳුම්කරයක් මත මුදාහැරියා.  2014.05.08 දින වාරියපොල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන ලෙසට නියම කලා.

මට රාත‍්‍රී 8.00 පමණ සිට පසු දින උදේ 9.00 දක්වා - වතුරවත් බොන්න දුන්නේ නැහැ.

ඔහු,  අමිල රොහාන් ජයසිංහ මානව හිමිකම් කොමිෂන් සභාව හා පොලිස්පති වරයා ෙගන් ඉල්ලා සිටින්නේ,

1. නීති විරෝධි ලෙසට, ගේ ෙදාර පරීක්ෂා කර, නින්දා අපහාස කර, මා හා මාගේ බිරිඳ,අවු: 3 1/2
වියැති දරුවා භිය වද්දා, හේතු නොදක්වා අත්අඩංගුවට ගැනීම,

2. මා නිවසේ තිබූ, බැරලයක් රැුගෙන යෑම,

3. පොලිස් ස්ථානයේදී, පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රියන්ත ගේ නියෝගයක් කියමින්, ගෝඩා බෝතලයකට මාගේ ඇගිලි සලකුණු ගැනීමට උත්සාහ දැරීම,

4. ඉන් පසුව, නීති විරෝධීව මාව සිමැදිරියේ දමා, මගේ ඥතීන්ට බැලීමට ඉඩ නොදීම,

5. එදින රාත‍්‍රිය මු`ඵල්ලේ මාහට වතුරවත් නොදී, නිරාහාරව සිටින්නට සැලැස්වීම,

මගින්, වධහිංසාවට කෲර අමානුෂික අවමන් සහගත සැලකිලි වලට පාත‍්‍ර කිරීම හා නීති විරෝධීව අත්අඩංගුවට ගෙන බොරු නඩු පැවරීමට එරෙහිව - නීත්‍යානුකූල හා විනයානූල පියවර ගන්නා ලෙසට ය.




No comments:

Post a Comment