Saturday, May 24, 2014

රියදුරෙක් බණ්ඩාරගම පොලිසිය නටවයි.


සිසිර නැමැති රියදුරා රඳවාගෙන තිබෙන තමාගේ යතුරු පැදිය මුදවාගැනීම සඳහා - නීතිමය පියවර ගැනීමට, බණ්ඩාරගම පොලිසිය ක‍්‍රියා නොකරන බව ප්‍රකාශ කරන පෙදරේරුවකු වන සරත් චන්ද්‍ර (අවු: 48යි) ඒයට හේතුව සිසිර නැමැති අය හා බණ්ඩාරගම පොලිසිය අතර අයුතු සම්බන්ධය බව කියා සිටි.

තවද, සිසිර නැමැති අය, ආරක්ෂක අමාත්‍යංශයේ රියදුරෙක් වශයෙන් සේවය කරන නිසා, ඔහුට විරුද්ධව බණ්ඩාරගම පොලිසිය ක‍්‍රියාත්මක වන්නේ නැති බව ද ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටි.

සම්පුර්ණ සිද්ධිය අදාලව  පැමිණිල්ලක් පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ඔහු නීති විරෝධී ලෙසට, මාස 5කට වැඩි කාලයක් රඳවා තබාගෙන සිටින - තමාට හිමි, යතුරු පැදිය ලබා දීමට නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටී.



No comments:

Post a Comment