Thursday, May 1, 2014

ලිංගභේදය දෙක තුන වෙයි.


මෙතෙක් පිළිගත් පුමිතිරි (Gender) යන්නට අයත් වූයේ පාර්ශවයන් දෙකකි. එනම් ස්ත්‍රී (ගැහැණු) හා පුරුෂ (පිරිමි) පාර්ශවයන් දෙකයි.
නමුත් ලොව පුරා, අනාදිමත් කාලයක සිට - මෙම දෙපාර්ශවයට අයත් නොවන පිරිසක් විය. විවිධ අපහාසාත්මක වදන් වලින් හැඳින් වූ මෙම පිරිස, සමාජයෙන් කොන්කරනු ලැබීය. පීඩාවන්ට පත් කරනු ලැබීය.
අප සංස්කෘතියට උරුම කියන ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත - මෙම කොට්ඨාශය, හිජ්රා නමින් හැඳින් වූ, තම අයිතිය උදෙසා කරනු ලැබූ අරගලය බහුතරයේ මතයට යටපත් කළ නොහැකි විය.
තමන් ස්ත්‍රීන් ගේ පුරුෂයින්ගේ නොවන බව ප්‍රකාශ කළ ඔවුන්, තෙවන ලිංගික ගණයකට අයත් බව ප්‍රකාශ කළ අතර එය පිළිගන්නා ලෙසට බල කර සිටියේය.
මැතිවරණ වලට ඉදිරිපත් වෙමින් අධිකරණය හමුවේ නඩු කියමින් තම අනන්‍යතාවය ට නීත්‍යානුකූල භාවයක් ගලා ගැනීමට ශතවර්ෂ ගණනාවක් පුරා - නොසැලුණු අරගලයක නිරත විය.

පසු ගියදා ඉන්දීය ශේෂ්ඨාධිකරණය සම්මත ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයට අයත් නොවන තෙවන ගණයට අයත් පිරිසක් සිටින බව පිළිගත්තේය. මෙම තත්වය බොහෝ යුරෝපීය රටවල පිළිගෙන තිබේ. මේ අනුව බස හා ව්‍යාකරණද වෙනස වනු ඇත. ලිංග භේදය දෙක තුන වෙයි.

No comments:

Post a Comment