Thursday, May 22, 2014

මේවා තිරිසන් වැඩ - ආණ්ඩුව හා පොලීසිය එක්ව කරන


සෑම පොලීසියක්ම, සැරයන්ගේ සිට ස්ථානාධිපතිවරයා දක්වා, මසකට නඩු පහක් දිය යුතු බව කියැවේ.

මේ පොලීසිය බාර ඇමතිවරයාගේ චින්තනය අනුව, ඊනියා නීතිය හා සාමය බාර අමාත්‍යාංශය විසින් පොලිස්පති හරහා ක්‍රියාත්මක කරනු ලබන එකක් විය යුතුයි.

අපරාධ ගණයට අයත් නොවන මෙම නඩු වලදී, චූදිතයින් වරදකරු වන බවට පිළිගන්නවා දඩ ගස්වනු ලැබේ.

ගසන ලද දඩ වලින් බාගයක් රාජපක්ෂ ආණ්ඩුවට යන අතර, ඉතිරි බාගය පොලිස්කාරයින් අතට පත් වේ.

අවුරුදු 18 ක් වූ රුවන්ත අතුකෝරලව සිය මිතුරෙකු සමග කතා බහ කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ප්‍රසිද්ධ ස්ථානයක බියර් බීම යන අභූත චෝදනාව යටතේ නඩු පැවරීය.

රුවන්ත අතුකෝරල අන් අය මෙන් වරද පිළිගත්තේ නැත. ඔහු නිවැරදිකරු බව කියා සිටියා.

ඉන්පසු සියළු කරුණු ලිඛිතව පොලිස්පති, නීතිපති, මානව හිමිකම් කොමිෂමට පැමිණලි කළා.

2014.05.22 පැවති නඩු වාරයේදී නීතිපතිවරයා උපදෙස් මත මුදාහරින ලෙසට, අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් වරයා ක්‍රියා කළා.


බොරු නඩු  දැමීමට එරෙහිව, ජනතාව කතා කරන්නේ නැත. ඒ තමන්ට ප්‍රශ්නයක් වී නැති නිසාය. බොරු නඩු දැමීම මේ රටේ ආණ්ඩුව පොලීසිය ලවා ක්‍රියාත්මක කරවන අපරාධයක්.

No comments:

Post a Comment