Saturday, May 3, 2014

හොරාව අල්ලලා දීපන් කියා - ගහලා කූඩුවේ දාගෙන හිටියා.


බලන්න ආපු ගෑණිටත් ගහලා - බඩගින්නේ දවසක් පොලිසියේ තියාගත්තේ 11 හැවිරිදි දැරිය සමග.
බද්දේගම ප්‍රෙදේශයේ නැතිවූ බව කියන මව්න්ටන් වර්ගයේ බයිසිකලයක් පිලීබදව ලැබූ පැමිණීල්ලකට අනුව - අසල්වැසියකු අල්ලාගෙන ගොස් පහරදී දිණ ගණනාවක් කූඩුවේ තබාගෙන සිටි පුද්ගලයකු පිලිබද කතාව.
කාරියවසම් පතිරගේ සෝමදාස දෙදරු පියෙක්. 53 හැවිරිදි කුලී වැඩ කර ජීවත්වන මොහුට - නිරවුල්ව කථා කීරිමට, තේරුම් ගැනීමට බැරි අයෙකු බව, බිරිද බණ්ඩාරිගොඩ කුසුම් කියා සිටී.
දහතුන් හැවිරිදි පුතා හා එකොලොස් හැවිරිදි පුතා ද ඉගෙනීමට දක්ෂ  නැත. එයට හේතුව තමාගේ අර්ධ අන්ධභාවය නිසා බව ඇය කියා සිටී.
2014මාර්තු මාසයේ දිනක්, බද්දේගම පොලිසියෙන් කියා දෙදෙනෙක් පැමිණ තම සැමියාව අරගෙන ගොස් දවසම රදවා තබාගෙන මුදාහැර ඇත.
ඔහුට පහරදී, අසා ඇත්තේ පොලිසියේ හිතවතකු වන නන්දසිරි නැමැති අයගේ, මව්ටන් බයිසිකලයක් නැතිවීම සම්බන්ධයෙනි.
වසර දෙකකට පෙර තම පුතාට අරන් දී තිබුනු බයිසිකලයේ කුවිතාන්සිය රැගෙන එන ලෙසට නියම කර, මුදාහැර තිබින.
තමා සැමියාද සමග කුවිතාන්සියද රැගෙන තෙවරක්ම පොලිසියට ගියද, ස්ථානාධිපති හමුවීමට බැරිවිය.
දින කිහිපයකින් නැවත පැමිණි පොලිසිය සැමියාට පහරදී අත්අඩංගුවට ගත්තා පමණක් නොව, ඉදිරිපත් කල කුවිතාන්සියද ස්ථානාධීපති වරයා ඉරා දමා තිබින.
තම සැමියාව අත්අඩංගුවට ගැනීම ගැන විමසීමට ගිය අවස්ථාවේ තමාටද පහර දුන් බව පවසන ඇය, දවස පුරාම තම 11 හැවිරිදි දියණිය සමග පොලිසියේ රදවා තබාගෙන සිටියේ - වතුරවත් නොදී බවද කියා සිටී.
දින දෙකකට පසුව තම සැමියාව මුදාහරිනු ලැබූ බවත්, තම සැමියා මේ පිළිබදව බද්දේගම පොලිසියේ පැමිණිල්ලක් කලද එය විභාග නොකල බවත් ඇය කියා සිටී.
මේ අකටයුත්ත සම්බන්ධයෙන් පලාත් සභා මංත්‍රී බද්දේගම සමිත හිමි ට පැවසූ බවත්, එවිට ඔහු හා කාර්යමණ්ඩලය විසින් ජනසංසදයට යොමු කල බවත් ඇය වැඩි දුරටත් කියා සිටී.



No comments:

Post a Comment