Monday, May 5, 2014

දේවාලය හොර එකක් වුනත් පොලිසියට ලොකු කපුවා


කපුවාගේ බිරිද සගයෙකු සමග යතුරු පැදියකින් පැමිණ, අසල්වැසි පවුලකට පහර දුන්නේ, නීති විරෝධීව පවත්වාගෙන යන දේවාලය පිළිබදව බලධාරීන්ට පැමිණිලි කල නිසාය.

නීති විරෝධීව දේවාලය පවත්වාගෙන යන්නේ කුඩු හා ගංජා ජාවාරම ආවරණය කර ගැනීමට බවද පැවසේ.

බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් මෙම දේවාලය නීති විරෝධී එකක් බව ප්‍රකාශ කර ඇතත්, බුද්ධ ශාසන ඇමතිට සම්බන්ධ ප්‍රබලයකු - මෙම ඊනියා දේවාලයට බලපත්‍ර ලබාදෙන්නට උත්සාහ දරන බවද ප්‍රකාශ වේ.

පානදුර දකුණ පොලිස් වසමේ, අඵබෝමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම නීති විරෝධී දේවාලයේ කපුවාගේ බිරි කමල් පීරිස් නැමැති අයෙකු සමග, නීති විරෝධී දේවාලය සෑදීම පිළිබදව බලධාරීන්ව දැනුවත් කල කීර්තිරත්න, රම්‍යා කුමුදුනී හා ඔවුන් දෙදෙනාගේ මවට පහරදී බැන තර්ජණය කර ඇත.

දේවාලය සෑදීමට විරුද්ධවීම නැවැත්තුවේ නැතිනම්, කුඩු දම්මලා රිමාන්ඩ් කරවන බවද, එය ඔවුන්ට සුඵ දෙයක් බවටද තර්ජණය කර ඇත.

මේ සියලු තත්වයන් තුල පානදුර දකුණ පොලිසිය, කීර්තිරත්නට හා ඔහුගේ සොයුරිය වන රම්‍යා කුමුදුනී ට එරෙහිව නඩු පවරා තිබේ.

එමෙන්ම ඔවුන්ට පානදුර දකුණ පොලිසිය නින්දා අපහාස කර ඇත.

මේ සම්බන්ධයෙන් රම්‍යා කුමුදුනී, පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණීල්ල පහත දක්වමු.

අපරාධකරුවන් බේරීම සඳහා ව්‍යාජ නඩු පැවරීම, නින්දා අපහාස කිරිම, රක්ෂිත බන්ධණාගාර ගත කරවීම.

කුරුප්පු ආරච්චිගේ රම්‍යා කුමුදුනී,අවු: 42යි, අවිවාහක. ලිපිනය : 256/6, බටෙදාඹතුඩුව, `ඵබෝමුල්ල, පානදුර. 0777623750. 2014.04.25 දිනදීය.

ඉහත ලිපිනයේ මාගේ මල්ලී වන - මෝටර් කාර්මික, කුරුප්පු ආරච්චිගේ කීර්ති රත්න, අවු: 41යි, ජා.හැ.අ.723170796, අවිවාහක, සහා මව වන උක්වත්තගේ ලීලාවතී (අවු: 67යි* පදිංචිව සිටී.

2014.04.12 වන දන, රාත‍්‍රී 8.30 ට පමණ මාත්, මාගේ මවත්, රූපවාහිනිය නරඹමින් සිටියදී, කෙනෙක් ඉදිරිපස ෙදාරට ගසමින් මහා හඬින් කුණූහරප කියනු ඇසුනා.

මව හා මා නැගිට, ඉදිරිපස ෙදාර විවෘත කලා. එවිට පානදුර අළුබෝමුල්ල, බටෙදාඹතුඩුව, අංක 255/4- 01 හි පදිංචි, කමල් පීරිස් නැමැත්තා, මට එකවරම ඔහු අත තිබූ හෙල්මට් එකෙන් පහර දුන්නා. එම පහරින් මා බිම වැටුනා.

ඒසමගම, ඉදිරියට පැමිණි අම්මාටත් ඔහු පහර දුන්නා. අම්මාව ද බිම වැටුනා.

එඅතර, පිටුපස සිටි අප නිවසට යාබද, අනවසර ලෙස පදිංචිව සිටින සංජය අබේරත්න නැමැති අයගේ බිරිඳ, ”කමල් අයියේ ගේ ඇතුලට යන්න එපාකියමින් කෑගසනු ඇසුනා.
 නෑමට ගොස් සිටි මාගේ මල්ලී වන - මෝටර් කාර්මික - කුරුප්පු ආරච්චිගේ කීර්ති රත්න එතැනට පැමිණීයා.

ඔහු - අපට පහර දීම වැලැක්වීමට උත්සාහ ගත්තා. එඅවස්තාවේ කමල් පීරිස්, මගේ මල්ලීට හෙල්මට් එකෙන් පහර දුන්නා.

එ් සමගම, මාගේ මල්ලීගේ බෙල්ලෙන් අල්ලා - උඹව තමයි කැ..යෝ අවශ්‍යකියමින්, ඔහුට පහර දුන්නා. අධික ලෙස බීමත්ව සිටි කමල් පීරිස්ව බිම වැටුනා. මාගේ මල්ලීගේ බෙල්ල අල්ලාගෙන සිටි ඔහුවද එ් අවස්ථාවේ බිම වැටුනා.

එ් අතර, මාගේ මල්ලී ඔහුගෙන්් මිදී, නැගිට ඉවත් වුනා. සංජය අබේරත්නගේ බිරිඳ, ”ගහන්න එපා ගහන්න එපාකියමින් කෑගැසුවා. කමල් පීරිස්, අසල තිබූ දර පොල්ලක් රැගෙන පාරට දිව්වා.

එ් සමග, කමල් පීරිස් ගේ බිරිඳ ද ඒ අසලට දිව ආවා.

ඔවුන් පාරේ සිට අපට නැවත කුණුහරප කියමින් බැණ වදින්නට පටන් ගත්තා.

එසේ බණින අතර, මාගේ මල්ලී 119 කතාකර දැනුම් දුන්නා. එසේ දැනුම් දෙන අතර, කමල් පීරිස් ගේ බිරිඳ, පානදුර කේතුමතී රෝහලේ සේවය කරන හෙදියක් වන ගර්ලි පැමිණ මම හිංදා ඉවසන්න නංගියේ, මල්ලියේකියමින් කමල් පීරිස්ව ඇදගෙන ගියා. ඇය ඔහුට පාරක් ද ගැහුව්වා.

පැය බාගයක් ගියද, 119 පැමිණියේ නැහැ. එ් නිසා ඔහු පානදුර දකුණ පොලිසියට කතා කලා.

රාත‍්‍රී 9.30 ට පමණ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පැමිණියා. ඔවුන් අවට පරීක්ෂා කලා. නමුත් සටහන් ලියා ගත්තේ නැහැ.

ඔවුන් දෙන්නා අපට උපදෙස් දුන්නා පානදුර දකුණ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න කියා.

එ් අනුව, මමත්, මාගේ මවත් රාත‍්‍රී 10.30 ට පමණ පානදුර දකුණ පොලිසියට ගියා.

එහිදී මගේ මවගෙන් ප‍්‍රකාශයක් ගත්තා. නමුත් - මව හා මා කියන දේ සම්පූර්ණයෙන් ලිව්වේ නැහැ.

පසු දින, එනම් 201404.13 දින මට තද බල ලෙස අසනීප වූ නිසා, එදින (13)හොරණ දිසා රෝහලට ප:ව:12.40ට පමණ ගියා. මාව පරීක්ෂාකර නේවාසිකව නවත්වා ගත්තා.

2014.04.15 දින ටිකට් කැපුවා. හොරණ රෝහල් පොලිසියෙන් ප‍්‍රකාශයක් ගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂා කලා.

2014.04.20 දින දක්වාම, පානදුර දකුණ පොලිසිය, අපගේ පැමිණිල්ල අදාලව ක‍්‍රියාමාර්ගයක් නොගැනීම නිසා එ් පිළිබඳව පානදුර සහකාර පොලිස් අධිකාරීවරයා දැනුවත් කලා. එ් අවස්ථාවේ ඔහු පැමිණිලි අංකය ඉල්ලා ගත්තා. පැමිණිලි අංකය 3 227/240 වේ.

පසු දිනද කිසිදු ප‍්‍රතිඵලයක් නොවූ බැවින්, 2014.04.22 දින දහවල් මම හා මව, පානදුර සා.පො.අධිකාරී කාර්යාලයට ගොස්, කාරණය කියා සිටියා.

එ් අවස්ථාවේ, එම කාර්යාලයේ සිටි පොලිස් නිලධාරිනියක්, පානදුර දකුණ පොලිසියේ සු`ඵ පැමිණිලි අංශයේ උප පොලිස් පරික්ෂක මූණගම වෙත අපව ඉදිරිපත් කලා.

ඔහු ප‍්‍රමාදයට හේතු වශයෙන් අවුරුදු නිවාඩු බව පවසා, දේශපාලන බලපෑමක්ද තිබෙන බව ප‍්‍රකාශ කලා.

ඔහු කිව්වා නීතිය කරනවා  මොබයිල් එක එවනවා කිව්වා.

පසුදින 2014.04.22 වන දින, පානදුර දකුණ පොලිසියෙන් පැමිණියා. එසේ පැමිණි නිලධාරීන් දෙන්නා අපගෙන් විස්තර ඇසුවා. ඉන්පසු අපට 2014.04.23 දින උදේ 9.00 ට පොලිසියට පැමිණෙන ලෙසට දැනුම් දුන්නා. තුණ්ඩුවක්ද දුන්නා.

එයින් පසුව, අසල්වැසියාගේ නිවසට, එනම් සංජය අබේරත්නගේ දේවාලයට ගියා.

එයින් පසුව, සංජය අබේරත්න සමග කමල් පීරිස්ගේ නිවසට ද ගියා.

ඊට පසුව, එම නිලධාරීන් දෙගොල්ලන්ටම නඩු දානවා කියා පසුදින පොලිසියට පැමිණෙන ලෙසට දැනුම් දුන්නා.

එම දැනුම් දීමට අනුව - මමත්, මවත්, මාගේ සොහොයුරා වන කීර්තිරත්න ද, පානදුර දකුණ පොලිසියට ගියා.

එහිදී, මාවත්, මවවත්, සොයුරාවත්, අනෙක් පාර්ශවය වන කමල් පීරිස් හා සංජය අබේරත්නගේ බිරිඳව පාලන අංශයේ ස්ථානාධිපති වෙත ඉදිරිපත් කලා.

එම මහතා කරුණු විමසා දෙපාර්ශවයට නඩු දාන ලෙසට, සු`ඵ පැමිණිලි අංශයේ මූණගමට දැනුම් දුන්නා.

ඔහු - උ.පො.ප.මූණගම එම උපදෙස් පිලිගත්තේ නැහැ. නැවත පාලන අංශයේ ස්ථානාධිපති උපදෙස් දුන්නා දෙපාර්ශවයට නඩු දාන ලෙසට. එවර ඔහු මාගේ සොයුරාගේ ප‍්‍රකාශය ලියා ගත්තා. නමුත් මවගේ ප‍්‍රකාශ ලියා ගැනීම ප‍්‍රතික්ෂේප කලා. ඔහු ප‍්‍රකාශ ලියා ගත් අතර, අපව දැඩි පීඩාවට පත් කලා.

එයින් පසුව, මාගේ සොයුරාවන කීර්ති රත්නව හා කමල් පීරිස්ව කූඩුවට දැම්මා. මාව බංකුවක වාඩි කෙරෙව්වා.

එසේ සිටින විට, උ.පො.ප.මූණගම කූඩුව ළඟට ඇවිත් - මේක සමාදාන කරන්න  ඕන කියා, මගේ සොයුරාව හා කමල් පීරිස් ව එළියට අර ගත්තා. ඔවුන් දෙන්නාව, මාව හා සංජය අබේරත්නගේ බිරිඳව - මූලස්ථාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා ළඟට ගෙන ගියා.

මූ.පො.ප.මහේෂ් පෙරේරා, පළමුවෙන් සංජය අබේරත්නගේ බිරිඳට කතාකොට දේවාල හදන්න නම් බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් අවසර ගන්න යයි කිව්වා.

ඊට පසු මගේ සොහොයුරා දෙසට හැරී, තමුසේ පුස්පාට්දාන්න එපා, උස්සලා පොලවේ ගහනවා කියා තර්ජණය කලා.

අපව එළියට දැම්මා. එවිට මගේ සොයුරා-  උ.පො.ප.මූණගම මහතාගෙන් ඇහුව්වා, ”ඇයි ්‍යූෂ මහත්තයා මට බැන්නේකියා.

උ.පො.ප. මූණගම, එවිට කිව්වා මම කොහොමද දන්නේ ්‍යූෂ මහත්තයාගෙන් ගිහින් අහපන්කියා.

මාගේ සොයුරා - එවිට ්‍යූෂ මහේෂ් පෙරේරා මහත්තා ළඟට ගියා.

පසුව මල්ලී මට ප‍්‍රකාශ කලා - ඇයි සර් මට බැන්නේකියා ඇසූ බවත්, එවිට ්‍යූෂ මහේෂ් පෙරේරා, තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී එලවා ගත්තා යයි කියා.

සවස 5.30 ට පමණ මාගේ ඥතීන් වන දුමින්ද, පද්මිණී යන අය පොලිසියට පැමිණ, මූලස්ථාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා හමුවී - ඇප ලබා දෙන ලෙසට ඉල්ලීමක් කලා.

එවිට ඔහු, මූලස්ථාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා - මට හා මගේ සොහොයුරාට නින්දා අපහාස කොට, ඇප දෙන්නේ නැති බව ප‍්‍රකාශ කර තිබුනා.

පසු දින, 2014.4.24 දින සවස 1.00ට පමණ පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. අපව ගෙනගියේ පයින්. උසාවියේදී අප වෙනුවෙන් නීතිඥ මහතකු ඉදිරිපත්ව ඇප ඉල්ලා සිටියා.

මාව හා සොයුරාව ශරීර ඇප මත මුදාහැරියා.

මීළඟ නඩු දිනය 2014.06.07 වේ.

සටහන,
මෙම සිද්ධියට පසුබිම වන්නේ, අප පදිංචි ස්ථානයට යාබද ඉඩමේ, සංජය අබේරත්න යන අය අනවසරයෙන් දේවාලයක් ඉදි කිරිමටත් හා එ් සඳහා විදුලිය ලබා ගැනීමටත් දරන උත්සාහයට විරුද්ධ වීමය.

තවද මෙම පුද්ගලයින්, දේවාලයට මුවාවී මත්ද්‍රව්‍ය ජාවාරම් වලද නිරත වේ. නමුත් ඔවුන්ට -අගමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්ගේ පූර්ණ සහායද ලැබෙන බවද ප‍්‍රකාශ වේ.

මෙම සිද්ධියට ප‍්‍රථම, 2014.04.11 දින, ප:ව:4.00 ට පමණ, නම නොදන්නා, එහෙත් දන්නා හඳුණන ගමේ අයෙකු, දැඩි ලෙසට බීමත්ව - යතුරු පැදියකින් පැමිණියා.

ඔහු ඇයි දේවාලය හදනවාට විරුද්ධ කියා ඇසුවා. එවිට මගේ සොයුරා හා මාගේ මව, කරුණු පැහැදිලි කලා. එවිට ඔහුට දේවාලය අරින්න, හදන්න, ලයිට් ගන්න පු`ඵවන් කිව්වා. ඔහු කිව්වා එම කාර්යය ඔහුගේ වැඩක් බව. දැනටමත් මෙම දේවාලය නීති විරෝධී බව රජය පිළිගෙන තිබෙන බවද අප ප‍්‍රකාශ කලා.

එවිට ඔහු, අප විරුද්ධවීම නැවැත්වූයේ නැතිනම්, ”කුඩුදාලාඅල්ලා දෙනවා, එ්ක ඔහුට ඉතා සු`ඵ දෙයක් බවද කියා සිටියා.

මා ඉල්ලා සිටින්නේ,

පානදුර දකුණ පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා, සු`ඵ පැමිණිලි අංශයේ උ.පො.ප.මූණගම යන නිලධාරීන් ද, සු`ඵ පැමිණිලි අංශයේ රත්නායක නැමැති නිලධාරියා විසින්, මට, මගේ මවට හා සොයුරාට නින්දා අපහාස කර, තර්ජණය කර, නීති විරෝධීව ක‍්‍රියා කර, ව්‍යාජ චෝදනා මත නඩු පැවරීම පිිළිබඳව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටය.

එමෙන්ම, අපට විරුද්ධව මත්ද්‍රව්‍ය චෝදනා නැගීමට හැකි බවට කර තිබෙන ප‍්‍රකාශය පිලිබඳවද අවධානය යොමු කර, ආරක්ෂාව සලසා දෙන ලෙසටද ඉල්ලා සිටිමි. අ.ක/ කේ.එ්. රම්‍යා කුමුදුනී




1 comment: