Monday, May 12, 2014

මාගේ සැමියාව පොලීසියේ තියාගෙන වධ දෙනවා මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ද

සංජීව පෙරේරාව, පානදුර දකුණ පොලීසියේ අපරාධ අංශයේ රවාගෙන වධ දෙන බව ඔහුගේ බිරි ප්‍රකාශ කරයි.

මහින්දාගමනය චිත්‍රපටය හදන්න දායක වූ බව කියන හිරන්ත හා කාන්ති යන අයගේ නිවස බි භාණ්ඩ සොරකම් කළ බව කියන සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ලෙන සිටින, 30 හැවිරිදි දෙදරු පියෙකු වන, සංජීව පෙරේරාව, පානදුර දකුණ පොලීසියේ අපරාධ අංශයේ රවාගෙන වධ දෙන බව ඔහුගේ බිරි ප්‍රකාශ කරයි.

බිරි මධුවන්ති පවසන අන්දමට මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ 2014.05.11 දින ප.ව. 3.00 ට පමණය.

අද උදේ ඔහුට වධ දී ඇත.

කිසිදු පරීක්ෂණයක් නොකර, සැකපිට අත්අඩංගුවට ගෙන වධ දෙමින්, සොරකම පිළිගන්නා ලෙසට බල කරන බව ඇය කියා සිටී.

මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ බොරු නඩුවක් දමා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමය.


මෙයයි අද හුන්වාදෙන මහින්දාගමනය - දහම

No comments:

Post a Comment