Monday, May 19, 2014

බලගැන්වීම යථාර්තයක් වූවා.


වධහිංසාවට පාත්‍ර වූවන්ට, ශාරීරික මෙන්ම, මානසික ගැටළු වලටත් මුහුණ දෙන්නට සිදු වෙනවා.
ශාරීරික ගැටළු බොහොමයක් බාහිර වශයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්.
නමුත් මානසික ගැටළු නිරීක්ෂණය කිරීම අසීරු කරුණක්.

වධහිංසාවට පාත්‍ර වූවන් ගේ කතාන්දරය, ඔවුන්ට ඒ වධ දෙන අවස්ථාවේ ශාරීරික වේදනා මෙන් ඇතිවූ මානසික වේදනා, සිතුණු දේ, මේ සියල්ල ඔහුගෙන් සාවධානව අසා, ලියා, ඔවුන් ගේ කතාව ඔවුන්ට කියවා එයින් අනතුරුව එම කතාව ඔවුන් ගේ ඥාතීන්, අසල්වැසියන් ඉදිරියේ කියවා, එම කතාව ඔහුට පිළිගැන්වීම උත්සවාකාරයෙන් සිදුකිරීම, මගින් ඔහුටත් ඔහුගේ ඥාතීන්ටත් අසල්වැසියන්ටත් ශක්තියක්, මානසික සහනයක් ඇති වෙනවා.
එතෙක් සමාජයෙන් කොන්ව, මුළු ගැන්වී සිටි ඔහු යළිත් සමාජයට පිවිසෙන්නේ, පෙරටත් වඩා ශක්තිමත් අයෙකු ලෙසටය.
ප්‍රකාශන තෙරපි වැඩසටහන ලෙසට මෙම වැඩසටහන හැඳින්වේ.
පසුගිය දින ගාල්ල දිස්ත්‍රික්කයේ දරුණු ලෙසට පොලිස් වධහිංසාව ට පාත්‍ර වී ජීවිතය බේරා ගත් තිදෙනෙකු මුල් කරගෙන, ඔවුන් ගේ නිවෙස් වල මෙම උත්සවය පැවැත්වූවා.

මෙම උත්සවය සංවිධානය කළේ ජනසංසදයේ නීතිඥ හර්ෂි සී පෙරේරා හා නිලූකා ප්‍රියදර්ශනීය.

No comments:

Post a Comment