Wednesday, May 28, 2014

පළිගන්න බොරු නඩු දමනවා


නිවසට පැමිණ, ජීප් එකට දමාගෙන ගොස්, රැයක් කූඩුවේ තබාගෙන සිට පසුදින අධිකරණයට ඉදිරිපත් කළේ - රා වික්කා යන චෝදනාව යටතේය.

රටේ නීතිය අමු අමුවේ කඩා දමමින්, තමාව වධහිංසාවට කෘෘර අවමන් සහගත සැලකිලිවලට පාත්‍ර කළේ, මොරොන්තුඩුව පොලිසියේ ස්ථානාධිපති බව පවසන ජයසේකර නැමැති නිලධාරියා ය.

මේ බව ප්‍රකාශ කරන්නේ මහ රා කර්මාන්තය අදාළ ව්‍යාපාර කිහිපයක නිරතව සිටින, 57 හැවිරිදි චන්ද්‍රසිරි පෙරේරාය.

දින කිහිපයකට පෙර,  පොලිසියෙන් යයි කියා ගෙන පැමිණි දෙන්නෙක් නිවසට රිංගීමට උත්සාහ දරා ඇත.

මෙම උත්සාහය ව්‍යාර්ථ කල චන්ද්‍රසිරි පෙරේරා හා නිවැසියන් ඒ පිලීබදව පොලිස් මූලස්ථානයේ හා 119 වෙත දැනුම් දුන්නේය.

ඒ අතර, සැකකරුවන් පලා ගිය අතර, මොරොන්තුඩුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පැමිණ, හැර දමා ගිය යතුරු පැදිය රැගෙන ගියේය.

නමුත් නීතිමය පියවරක් ගත්තේ නැත.

මේ පොලිසියේ නිලධාරීන් මේ ආකාරයට නිවෙස්වලට රිංගන්නේ මංකොල්ල කන්න හෝ කප්පම් ගැනීමටය.

එය අසාර්ථකවීම නිසා, කුපිතව සිටින මෙම පොලිස් නිලධාරීන් දැන් තමන්ට එරෙහිව බොරු නඩු දමා හිංසා කරන්නට සූදානමක් ඇති බව ඔහු තවදුරටත් කියා සිටී.




No comments:

Post a Comment