Saturday, May 24, 2014

“තෙවන ලිංගිකත්වය” ඉස්ලාම් දහමට විරුද්ධලු.


මනුෂ්‍යයින් අතර ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අයත් නැති කොටසක් වේ. උපතේදී, පිරිමි ලක්ෂණ තිබුණද පසුව වෙනස් වීම් නිසා, ගැහැණු බවට පත්ව සිටින අය මෙන්ම උපතින් ගැහැණු ලක්ෂණ තිබුණද පසුව පිරිමි බවට පත්ව සිටින පිරිසක් සිටිති.
මේ පිරිස එදත් අදත් සමාජයෙන් කොන්කරනු ලැබ තිබෙන අතර පීඩාවන්ට ද පත් කරනු ලැබීය.
දියුණුව සමග සම තත්ත්වයෙන් පිළිගත් ස්ත්‍රී හා පුරුෂ ලිංග භේදයට අමතරව තෙවන ලිංගිකත්වයක්ද තිබෙන බව පිළිගත්තේය.
දියුණු හා ශිෂ්ඨ සම්පන්න රටවල්, එය නීති ගත කළේය. තමන්ට තම ලිංගිකත්වය තෝරා ගැනීමට අයිතිය ඇති බව පිළිගැනින.
පිරිමි ලක්ෂණ සහිතව ඉපදුන ද, පසුව ගැහැණු ලක්ෂණ පහළ වූ පිරිස් පිරිමි ඇඳුම් වෙනුවට ගැහැණු  ඇඳුම් ඇඳීමට ද, ගැහැණුන් මෙන් හැසිරීමට ද පුරුදු වූහ.
වෛද්‍ය විද්‍යාවේ දියුණනුව සමග, එම ලක්ෂණ වර්ධනය කර ගැනීමට ශෛල්‍යකර්ම කිරිම හා ඔෟෂධ භාවිතය ද පුරුදු විය. මේ ආකාරයට ගැහැණු ලක්ෂණ ඇතිව ඉපදී පිරිමි ලක්ෂණ පහල වූ අය, පිරිමින් අනුව හැසිරීමට හුරු පුරුදු විය.
මෙය නොඉවසන පිරිසක් ද වෙති. මේ ප්‍රතිගාමීන් අතර, පෙරට විත් සිටින්නේ, හරි හෝ වැරදි හෝ සත්‍ය හෝ අසත්ය, යථාර්තය හෝ මිත්‍යාව හෝ ෙනාව ආගමේ සඳහන් ආකාරයට ම පිළිගත යුතුය බව පවසන පිරිසයි. ෙමාවුන් අතර, ප්‍රචණ්ඩකාරී ලෙස පෙරට විත් සිටින්නේ ඉස්ලාමීය අන්තවාදීන්ය.
මැලේසියාවේ ඉස්ලාමීය නීති සම්පාදකයින්, ස්ත්‍රී ඇඳුම් පැලඳුම් භාවිතා කරන උපතින් “පිරිමි” ලෙසට වර්ග කරනු ලැබූවන්ට දඬුවම් පැමිණවීම ආරම්භ කර තිබේ.
එරට මෙම අන්තවාදී ඉස්ලාමීය නීතියට අනුව, උපතින් පිරිමින් ගැහැණුන් ලෙසට පෙනී සිටීම අපරාධයකි.
එරට අගනුවර වන ක්වොලොම්පූරි නගරයේ දස දහසකට අධික බව කියන මෙම “තෙවන ලිංගිකත්වයට” හිමිකම් කියන පිරිස, තම අයිතිය තහවුරු කරන ගන්නට එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. ඔවුන් සාධාරණ තීන්දුවක් අපේක්ෂාවෙන් බලා සිටී.



No comments:

Post a Comment