Friday, May 2, 2014

”දෙවියන් වහන්සේ ලබාදුන් දෙයක් ආපසු ලබාගන්නේ නැත” - මෙන්න යථාර්තය.


සුනාමියෙන් අවතැන්වුවන්ට ලබා දුන්න නිවාස පැහර ගැනීමේ ලංකා මේතොදිස්ත සභාවේ උත්සායට එරෙහිව නැගීසිටින කොළ කැඳ විකූණන්නියගේ කථාව.
සුනාමියෙන් දිවි ගලවාගෙන ලූනාව තානායම් කඳවුරේ සිටින විට පැමිණි දේව දුතියක් රැගෙන ආ සුභ ආරංචියට රැවටි, රජයෙන් දුන් නිවස අතහැර  ලංකා මේතොදිස්ත සභාව ලබා දුන් නිවස තොරා ගත්තේ පල්ලියේ පැවැත්වු පංති වලදි ඉගැන්වු දෙවියන් වහන්සේ ලබාදුන් දෙයක් ආපසු ලබාගන්නේ නැත” - යන්න කෙරෙහි තැබු අන්ධ විශ්වාසයෙනි.
එහෙත් එ සියල්ල මිත්‍යාවක් බව ඇයට වැටහුණේ තමන්ට ලබාදුන් නිවසින් පලවා හැරිමට ලංකා මෙතොදිස්ත සභාව ඇයට එරෙහිව කලුතර දිසා අධ්කරණයේ පවරන ලද නඩුවේ සිතාසි ලැබුන විටය.
එම්.ෆාතිමා අසිසා මහත්මිය තමන්ට නඩු පවරා ඇති ලංකා මෙතෝදිස්ත සභවේ, පාලකයින් වන සභාපති පිල්ලෙයි ජේකබ් කදිරේස පිල්ලෙයි, අමරසිරි අභයවර්ධන සහ ශ‍්‍රීනාත් පෙරේරා යන පියතුමන්ලා හට, 2014.04.30 දාතමින් යවන ලද ලිපියේ සහන් කරුණු (පහත දැක්වෙන) වලින්, රටේ සිදුවන්නේ කුමක්ද යන්න පළිබඳව යථාර්තය තේරුම් ගැනීමට හැකිවනු ඇතැයි සිතමු.
ඇය, කොළඹ 03, කොල්ලූපිටියේ, සභාපති පිල්ලෙයි ජේකබ් කදිරේස පිල්ලෙයි, අමරසිරි අභයවර්ධන සහ ශ‍්‍රීනාත් පෙරේරා යන සියලු පියතුමන්ලා අමතා තිබේ. ඉහත පියතුමන්ලා පැමිණිලිකරු වශයෙන් අසිසාව විත්තිකාරිය කර පවරා ඇති මෙම නඩවේ අරමුණ දැනට වසර පහකට වැඩි කාලයක් තිස්සේ කිසිදු බාධාවකින් තොරව පදිංචිව සිටින,.... නිවසින් ඇයව හා ඇගේ පවුල නෙරපා හැරීමට සහ මසකට රු: 5000/=ක් බැගින් වසර පහකට අලාභයක් ලබා ගැනීමටය.
ඇගේ ලිපියෙන්  මෙම නඩු පැවරීම ද්වේෂ සහගතව දුප්පත්කමින් මිරිකී සිටින අපව තවදුරටත් තලා පෙලා දැමීමට සිදුකරන ලද්දක් බවට ප‍්‍රකාශ කර තිබේ. ඇය මෙසේද කියා සිටි.
මොරටුව, ලූනාව, චාල්ස් පෙදෙසේ (වැල්ලබඩ)  මා හා මාගේ පවුලේ සියලූ දෙනා පදිංචිව සිටි නිවස, 2004 දෙසැම්බර් 26 දින සුනාමියට හසුවී විනාශ වන ලදි. ජීවිත ගලවා ගත්තේ ඉතා අසීරුවෙනි.
 එ අවස්ථාවේ, අප - මොරටුව, ලූනාව තානායම් කඳවුරේ නවාතැන් ගන්නා ලදි.
 මාගේ පියා වන - මොහොමඞ් අබ්දුල් අසීස් විසින්, මට වයස මාස පහේදී (05), පානදුර සරික්කමුල්ලේ සපයා පාරේ පදිංචි බාප්පා වන - මොහොමඞ් සල්මන් බාරිස් ගේ නිවසට ගෙන ගොස්, ඉස්ලාමීය ආගමික චාරිත‍්‍රයක් වන සුන්නත් කරවා, මොහොමඞ් පාතිමා අසීසා යන නම තබා තිබේ.
  මාගේ මව වන , සිංහල, බෞද්ධ - දයානි සමග හැදුනු වැඩුනු මා - අධ්‍යාපනය ලැබූවේ මො/ලූනාව, උයන කනිෂ්ඨ විද්‍යාලයෙන්ය.
  මා එම පාසලේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරූ අතර, අ.පො.ස.(සා පෙළ) විභාගයට ආගම විෂය වශයෙන් මා තෝරාගෙන තිබුනේ බුද්ධාගමය.
  2004 දෙසැම්බර් 26 සුනාමියට මුහුණ දෙනවිට මාගේ වයස අවු: 18ක් ඉක්මවා තිබූ අතර, විවාහ වී, එක් දරු මවකි. සුනාමි කඳවුරේදී, 2008 වසරේදී මට දෙවැනි දරුවා ලැබුනා.
  සුනාමියෙන් පසුව, ඉහත සඳහන් කල පරිදි - මොරටුව, ලූනාව, තානායම් කඳවුරේ ජීවත් වන විට –- මාගේ ඥතිවරියක් වන තෙල්ගේ ජූලියට් පීරිස් නැමැති අය, අප හමුවට පැමිණ, ”ඔයගොල්ලන්ට හොඳ ගෙයක් ලබාදෙන්න පුලූවන්, අපේ ආගමට බැඳුනොත්කියා කිව්වා. එ වාගේම ඇය අපේ ආගමටබැඳුනොත් ලාභ ප‍්‍රයෝජන රැසක් ලැබෙන බවද කියා සිටියා.
  ඇය, තෙල්ගේ ජූලියට් පීරිස් කියා සිටියා, තමා පැමිණියේ දෙවියන් වහන්සේගේ සුභාරංචිය අරගෙන බව.
   අප ඇයව විශ්වාස කලා. ඇය මාව, මාගේ සැමියාව හා දරුවන් දෙන්නා සමග, රාවතාවත්ත මෙතෝදිස්ත දේවස්ථානයට රැගෙන ගියා.
   එම දේවස්ථානයේ පූජක තැනවූ නොයෙල් ප‍්‍රනාන්දු පියතුමාව අපට ඇය මුණගැස්සුවා. පියතුමා අපගේ විස්තර විමසා, මෙතෝදිස්ත සභාව විසින් - වාද්දුවේ ...... නිවෙස් ඉදිකරනවා, එයින් නිවසක් ලබාදෙන්න පුලූවන් කියා පවසා සිටියා.
   නොයෙල් ප‍්‍රනාන්දු පියතුමා ප‍්‍රකාශ කලා, එම නිවස ලබාදීමට නම්, ක‍්‍රිස්තියානි ආගම වැළඳ ගත යුතු බව.
   නිවසක් ලබාදීම හා තවත් වරප‍්‍රසාද ලැබෙන බව ප‍්‍රකාශ කිරීම නිසා, මා හා මගේ සැමියා, ක‍්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමට එකඟ වුනා.
   එම එකඟතාවය පළ කිරීමෙන් පසුව - නොයෙල් පීරිස් පියතුමා අපට, කිතු දහම ඉගෙනීම සඳහා පංතිවලට සහභාගී වන ලෙස නියම කලා.
  එයින් පසුව, මාස හතරක් පමණ සෑම බදාදාවකම, රාවතාවත්ත මොතෝදිස්ත දේවස්ථානයට ගොස් පංතිවලට සහභාගී වුනා.
   එම පංතිවලට දහදෙනෙකු පමණ සහභාගී වුනා. පංති පැවැත්වූයේ නොයෙල් ප‍්‍රනාන්දු පියතුමා. එම පංතිවලදී බයිබලය හඳුන්වා දුන්නා. දෙවියන් වහන්සේගේ බලය ගැන කියා දුන්නා.
   එම පංති අවසානයේදී, නොයෙල් ප‍්‍රනාන්දු පියතුමා යෝජනා කලා බව්තීස්ම වීමට සූදානම් වන්න කියා.
   ඒ අනුව, 2009 මාර්තු මස 17 දින හෝ ආසන්න ඉරිදා දවසක - බව්තීස්ම කිරීමේ උත්සවය පැවැත්වුනා.
   මෙදින සාමාන්‍ය දේවමෙහෙය නොයෙල් ප‍්‍රනාන්දු පියතුමා විසින් පවත්වා, බව්තීස්ම දේවමෙහෙය පවත්වනු ලැබීය. එදින මාව, මාගේ සැමියාට හා දරුවන් දෙන්නාව බව්තීස්ම කරනු ලැබීය.
   එදිනම, තම කැමැත්තෙන් බව්තීස්ම වන බවට වන ප‍්‍රකාශනයකට මාගේ හා සැමියාගේ අත්සන් ද ලබා ගත්තා.
   එතැන් පටන් අප ක‍්‍රිස්තියානි ආගමිකයින් වශයෙන්ද, මොතොදිස්ත සභාවේ සාමාජිකයින් බවටද නිල වශයෙන් පත් වුනා.
   එයින් අනතුරුව, ...... නිවසක් ලබාදෙන බවත්, එම නිවසට අවශ්‍ය විදුලි බලය ලබාගත යුතු බවත්, ඒ සඳහා අයදුම් කරනා ලෙසත් උපදෙස් දෙන ලදි.
   ඒ අනුව, සභාව විසින්, මාගේ නමට විදුලිය ලබා දීමට පියවර ගන්නා ලදි.
   එයින් අනතුරුව, 2011 දී මා විසින්, ජල සම්පාදන හා ජල ප‍්‍රවාහන මණ්ඩලයෙන්, ජලය ද ලබා ගන්නා ලදි.
  මෙහිදී මෙතෝදිස්ත සභාව විසින් ජලය ලබා ගැනීම සඳහා රු: 17,000/=ක ණය මුදලක් ලබාදෙන ලදි. එය ණය මුදල වවසර 1 1/2 තුල ගෙවා නිම කරනු ලැබීය.
   එසේ තිබියදී, 2013.05.03 දාතමින් යුතුව, 2013.06.05 දින මා වෙත ප‍්‍රියන්ත පීරිස් නීතිඥ හා ප‍්‍රසිද්ධ නොතාරිස් වරයා අගති රහිතවයියන හිසින් යුතු ලිපියෙන් - මා විනය නීති උල්ලංගණය කර ඇති බවට, අභූත චෝදනා කරමින්, සති තුනකින් නිවස සේවා දායකයාට බාර දෙන ලෙසට දන්වා තිබේ.
   එහි පිටපතක්, රාවතාවත්ත මොතෝදිස්ත සභාව, අධ්‍යක්ෂ දේවගැති නොයෙල් ප‍්‍රනාන්දු පියතුමාට යවා ඇත.
  ලිපිය ලැබුන විගස මා, නොයෙල් ප‍්‍රනාන්දු පියතුමා හමුවී - ප‍්‍රියන්ත පීරිස් - නීතිඥ සහ ප‍්‍රසිද්ධ නොතාරිස් ගේ ලිපියේ අදහස් පවසා සිටියා.
  එවිට, නොයෙල් ප‍්‍රනාන්දු පියතුමා කියා සිටියේ, ”එය ගන්න එපා කියා. ඔයාට කරදරයක් වෙන්නේ නෑකියා.
   ඒ අනුව, මා නිහඬව සිටියා. එසේ සිටින විට, ඔබ තිදෙනා විසින්, එනම් සභාපති පිල්ලෙයි ජේකබ් කදිරේසපිල්ලෙයි පියතුමා, අමරසිරි අභයවර්ධන පියතුමා, ශ‍්‍රීනාත් පෙරේරා පියතුමන්ලා විසින්, මා විත්තිකරු කර එවන ලද - සිතාසිය ලැබුන බව ප‍්‍රකාශ කර සිටිමි.
   මෙම පදනම් රහිත නඩු දැමීම තුලින්, සුනාමියට උන්හිටිතැන් නැතිව සිටින විට, රජයෙන් කොන්දේසි විරහිතව ලැබීමට තිබුන නිවසද අහිමි කර ගනිමින්, මාගේ හා මාගේ සැමියා, දරුවන්ගේ ආගම පවා වෙනස් කරවා - සුනාමියෙන් විපතට පත්වූවන් සඳහා බවට ප‍්‍රසිද්ධියට පත්කොට, අපට ලබා දුන් නිවස හා ඉඩම ආපසු කූඨ ලෙසට ලබා ගැනීමට දරන උත්සාහය පිළිබඳව යලිත් සිතා බලන ලෙසද ඉල්ලා සිටිමි.
   මා ඇතු`ඵ මාගේ පවුලේ අයව, මොතෝදිස්ත සභාවේ සාමාජිකයින් කරවා, මෙතෝදිස්ත ක‍්‍රිස්තියානි ආගමට හරවනු ලැබූ අවස්ථාවේ කියා සිටි දෙය, එනම්,-
දෙවියන් වහන්සේ ලබාදුන් දෙයක් ආපසු ලබාගන්නේ නැත” - යන්න සිහිපත් කරමි.
  අවසාන වශයෙන්, සුනාමියෙන් අවතැන්වූ මා හා මාගේ පවුලට, ඔබ සභාවට ලැබූ සුනාමි ආධාර යටතේ ලැබුන, මට හිමි කර දුන් නිවස ලබා ගැනීමට දරන උත්සාහය - නීති විරෝධී බවද පෙන්වා දීමට කැමැත්තෙමි.

යනුවෙන් සඳහන් කරන  දේවගැති, කොළ කැඳ විකුණා ජීවත් වන, එම්.ෆාතිමා අසීසා මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසටද පිය තුමන්ලා තුන් කට්ටුවෙන් ඉල්ලා සිටි.

No comments:

Post a Comment