Monday, May 12, 2014

පොත් හා තොරතුරු ප්‍රදර්ශණයට ජනසංසදය ද එක්විය.





ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ 24 වන සංවත්සරය වෙනුවෙන්, දින 05ක් පුරා පවත්වන ලද පොත් හා තොරතුරු ප්‍රදර්ශණයට ජනසංසදය ද එක්විය.

කොළඹ 07, නිදහස් මාවතේ, සිය මූලස්ථානයේ පවත්වන ලද ප්‍රදර්ශණයට පාසල් සිසුන්, ගුරුවරුන්  විවිධ දෙපාර්තුමේනිතුවල කාර්ය මණ්ඩල සාමිජිකයින් ඇතුලු සැලකිය යුතු පිරිසක් එක් විය.

ජනසංසදය ඉදිරිපත් කර තිබූ මානව හිමිකම් හා නීතිය අදාල ප්‍රකාශන වලට බහුතරයේ අවධානය යොමු වීම සහ මානව හිමිකම් පිළිබදව උනන්දුවක් දක්වන නව පිරිසක් හදුනා ගැනීමට හැකිවීම ද විශේෂයකි.

ප්‍රසිද්ධ ප්‍රකාශකයින් හා රාජ්‍ය දෙපාර්තමේන්තු රැසක් මෙම ප්‍රදර්ශණයට එක්ව තිබීම විශේෂයකි. ඒ සියලු ආයතනවලට ජනසංසදය පිළිබද තොරතුරු ලබාදීමටද හැකි විය.















No comments:

Post a Comment