Thursday, May 29, 2014

වන්දිය එක්ලක්ෂ හැත්තෑපන්දහයි. බොරු නඩුව ඉල්ලා අස්කර ගනී.


 ජා ඇල පොලිසියේ හිටපු ස්ථානාධීපති ඇතුලු පොලිස් කාරයින් පස් දෙනෙකුට එරෙහිව පවරා තිබූ මූලික අයිතිවාසිකම් නඩුවක් සමථ කර ගැනීම සදහා, පෙත්සම්කරු දුමින්ද සිල්වාට රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක් ලබාදී, ඔහුට එරෙහිව පැවරූ බොරු නඩුව ඉල්ලා අස්කර ගැනීමට - වගඋත්තරකරුවන් වූ ජා ඇල පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති අජිත් වලල්ලාවිට, උප පොලිස් පරීක්ෂක අබේසේකර, පොලිස් කොස්තාපල් බංඩාර, පොලිස් කොස්තාපල් අමිත් හා ග්‍රාමආරක්ෂක රනිල් - ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකග විය.

ඒ අනුව, පසුගිය 8 වන දින, එකී මුදල ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය තුලදී, දෙපාර්ශවයේ නීතිඥවරු ඉදිරිපිටදී, බාරදෙන ලදි. බොරු නඩුව ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට උපදෙස් ලබා දෙන ලදි.

2008 ජූලි 24 වන දින, එවකට ත්‍රී රෝද රථ රියදුරෙකුවූ දුමින්ද සිල්වාට මෘග ලෙස පහර දුන්, ඉහත නම් සදහන් පොලිස් කාරයින්, සුපුරුදු පරිදි ඔහුට විරුද්ධව බොරු නඩුවක්ද පැවරුවේය.

වසර හයක් නොසැලී, යුක්තිය උදෙසා දුමින්ද සිල්වාට සටන් කරන්නට වූයේ, ඔහුට වධ දුන්න පොලිස් කාරයින් සමග පමණක් නොවේ. විශේෂයෙන් මෙම නඩුව වංචනික ලෙසට විනාශ කිරීමට කටයුතු කල නීතිඥ සංගමයට එරෙහිව ප්‍රබල සටනක් කරන්නට ඔහුට සිදු විය.

එමෙන්ම, පොලිස් කාරයින් වෙනුවෙන් පෙනී සිටි විවිධ තරාතිරම්වල දේශපාලකයින්ටද ඔහුට මුහුණ දෙන්නට සිදු විය.

සිද්ධිය පිළිබදව වීඩියෝව නරඹන්න.




No comments:

Post a Comment