Wednesday, May 21, 2014

පැනලා ගිය ජෝඩුව හොයලා දෙන්නලු



ඉංගිරිය පොලිසියට අල්ලා ගන්න බැරි පැනලා ගිය ජෝඩුව, හොයලා දෙන්න කියමින්, තරුණයාගේ ඥාතීන්ට බලපෑම් කරන්නට පටන්ගෙන තිබේ.

හදපාන්ගොඩ ප්‍රදේශයේ ලහිරු ප්‍රභාත්, අප්‍රෙල් 26 දින, කාලයක සිටි තමා ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ තරුණිය සමග, විවාහ දිවි ගෙවන්නට ගොස් තිබේ.

තරුණිය බාලවයස්කාරියකි. එබැවින් මෙම ලහිරු ප්‍රභාත් කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවකි.

සිද්ධිය පිළිබදව, තරුණියගේ පියා ඉංගිරිය පොලිසියට පැමිණිලි කර තිබේ. නමුත් ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති හා අපරාධ අංශයේ ස්ථානාධිපති සිදු කරන්නේ, ප්‍රදේශයෙන් පැනගොස් සිටින ලහිරු ප්‍රභාත්ව හා ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවවට ගැනීමට පියවර නොගෙන, තරුණියගේ පියාගෙන් කකා බිබී, තරුණයාගේ ඥාතීන්ට හිරිහැර කිරීමය.

ලහිරු ප්‍රභාත්ට ඥාති සම්බන්ධයක් ඇති, කුඵදුල් දරුවා ලැබෙන්නට සිටින 21 හැවිරිදි දිනූෂා මධූෂානි, පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කරමින් කියා සිටින්නේ - තම නිවසට පැමිණෙන ඉංගිරිය පොලිසිය, බැණ තර්ජණය කරමින් යන බවයි.

තවද, ඔවුන් විටින් විට ඔවුන්ව පොලිසියට කැදවා, හිරිහැර කිරීමට සූදානම් වන බවයි.

මේ නිසා ඔවුන්ට රැකියාව පවා කරගන්නට නොහැකිව ඇති බව ප්‍රකාශ ක සිටී.

No comments:

Post a Comment