Sunday, May 18, 2014

ජාත්‍යන්තර අපරාධ අධිකරණය - බ්‍රිතාන්‍යයට විරුද්ධව යුධ අපරාධ චෝදනා නගයි.


2003 හා 2008 වසර කාලය තුල ඇමරිකානු භටයින් සමග එක්ව, ඉරාක සදාම් හුසේන් පාලනයට එරෙහිව ගෙන ගිය යුද්ධයේදී, අත්අඩංගුවට පත්වූ ඉරාකයින්ව වධහිංසාවට පත්කල, බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය පරික්ෂණ ආරම්භ කිරීමට සුදානම් වේ.
එදත් අදත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කල, බ්‍රිතාන්‍ය රජය චෝදනා ඇත්නම්,  ඒවා තමන් විසින් පරීක්ෂා කරන බවද කියා සිටියේය.
මේ අතර, මෙම චෝදනා පිළිබද තොරතුරු අනාවරණය කර ගැනීමේ නියැලුනු, ජාත්‍යන්තර අපරාධ අධිකරණය, 400කට ආසන්න ඉරාක ජාතිකයින්ගෙන්, වාර්තා ලබා ගැනීමට සමත්වී ඇත.
එකී වාර්තාවලට අනුව, බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ක්‍රමාණුකූලව සංවිධානාත්මක ලෙස, ඉරාකයින්ව වධහිංසාවට පාත්‍ර කර තිබේ.
බ්‍රිතාන්‍ය සොල්දාදුවන් , අත්අඩංගුවට පත්වූ ඉරාක ජාතිකයින්ව දූෂණය කිරීම, මරා දමන බවට තර්ජණය කිරීම, විවිධාකාරයෙන් පහරදීම හා බලහත්කාරයෙන් අසභ්‍ය චිත්‍රපට බැලීමට සැලැස්වීම සිදු කර තිබේන බව හෙළි දරව්වි ඇත.
මෙම සියලු වධ හිංසාවන්, යුද්ධ අපරාධ ගණයේ සැලකෙන ඒවා බව - ජාත්‍යන්තර අපරාධ අධිකරණය කියා සිටී.
බ්‍රිතාන්‍යයේ නීතිපති වරයා මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. එහෙත්  බ්‍රිතාන්‍යයේ ශුද්ධවන්ත භාවය ඔප්පු කිරීම සදහා, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පරීක්ෂණ වලට සහය දක්වන බව කියා සිටී.



No comments:

Post a Comment