Monday, May 5, 2014

මා. හි. කො. විමර්ශණ නිලධාරිනියගේ දුවට “එහෙම එකක් නැතිලූ”!



රත්නායක මහත්මිය, මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළේ තම බාලවයස්කාර දියණියව ලිංගික අපයෝජනයට ලක් කල සාම විනිසුරු පදවියකින් පිදුම් ලබා ඇති හා හදිසි මරණ පරික්ෂක තනතුර දරන පුෂ්පානන්ද තිලකරත්න නැමැති පුද්ගලයාව ආරක්ෂා කිරිම මගින් තම මුලික අයිති වාසිකම් උල්ලංඝණය කරන ලද  කටුපොත පොලීසියට විරුද්ධවය.
පැමිණිලි අංකය - HRC$4160$13 යටතේ එම පැමිණිල්ල විමර්ශණය කිරිම සඳහා රත්නායක මහත්මියව හා කටුපොත පොලීසියේ ස්ථානාධිපතිව මානිව හිමිකම් කොමිසමට කැඳවනු ලැබීය.
විමර්ශණය පැවැත්වුනේ, 2014.04.07 දින, ප:ව:1.30කොමිසමේ කාමර අංක 04 දීය.
විමර්ශණයට රත්නායක මහත්මිය, ඇගේ සැමියා හා ලිංගික අපයෝජණයට ලක් වූ  දියණියද සහභාගිවිය.
නමුත් වගඋත්තරකරුවු කටුපොත පොලීසියේ ස්ථානාධිපති කොමිසමේ කැඳවිම නොසලකා හැර තිබින.
විමර්ශණය පැවැත්වීමට පත්කර තිබුනේ නිලධාරිණියක්වය. ඇය සිය අනන්‍යතාවය හෙළිකර නොතිබින. මෙය මානව හමිකම් කොමිසම සැලසුම් සහගතව කරන්නකි. විමසා සිටියද නම අවශ්‍ය නැති බව ප‍්‍රකාශකරන්ට තරම් බහුතරයක් විමර්ශණ නිලධාරින් ගරුත්වයක් නැති, පහත්, අශිලාචාර අය බව නොබියව ප‍්‍රකාශ කිරිමට පු`ථවන.
වගඋත්තරකරු නැතිව විමර්ශණය ආරම්කල නමක් නැති විමර්ශණ නිලධාරිනියගේ ක‍්‍රියා කලාපය ගැන ඇය කොමිසමේ සභාති තනතුර හොබවන හිටපු විනිසුරුවරයෙකුවු ප‍්‍රියන්ත පෙරේරා මයාට ලියන ලද ලිපියේ මේසේ සඳහන්වේ.
 ….. එය විමර්ශණය කරන ලද්දේ විමර්ශන නිලධාරිනියක් විසිණි. ඇගේ අනන්‍යතාවය හෙළි කළේ නැත. නමුත්, දුටුවොත් අඳුනාගත හැකිය. ඇය කවුරුන්ද යන්න ඇය විසින් හඳුන්වා දිය යුතුව තිබුණ බව ප‍්‍රකාශ කරමි.
එකී විමර්ශණ නිලධාරිනිය විසින් - ලිංගික අපයෝජනයට ලක්ව පීඩාවට පත්ව සිටි මාගේ දියණියට, සිද්ධිය නිසා එයට නොදෙවෙනි ආකාරයට පිඩාවට පත්ව සිටින මා හා මාගේ ස්වාමි පුරුෂයා ඉදිරිපිට, මෙම විමර්ශණ නිලධාරිනිය ඉතා අමානුෂික ලෙසට, කෲර ලෙසට, නොහාබිනා ලෙසට නින්දා කරමින්, අනවශ්‍ය ප‍්‍රශණ හා අනවශ්‍ය ප‍්‍රකාශ කරමින් පැමිණිල්ලට අදාල කරුණු කිසිවක් විමසන්නේ නැතිව අප තිදෙනාව තව තවත් පීඩාවට පත් කළේය.
මෙම විමර්ශණයට ඔබ විසින් වගඋත්තර කරු ලෙසට නම් කොට කැඳවා තිබු, කටුපොත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මෙදින පැමිණ සිටියේ නැත. ඒ පිළිබඳව කිසිම අවධානයක් යොමු නොකළ මෙම විමර්ශණ නිලධාරිනිය, අප ඉදිරියේ හැසිරුනේ ඔහුව නියෝජනය කරමින් බව මනාව පෙන්නුම් කර සිටියේය.
එකී විමර්ශණ නිලධාරිනිය, විමර්ශණය ආරම්භ කළේ:-
1. මොකක්ද කාරණය කියා මාගෙන් ප‍්‍රශණ කරමින්ය. ඇය මාගේ පැමිණිල්ල කුමක්ද යන්නවත් දැන සිටියේ නැහැ.
2. මා මාගේ 2013.11.04 දාතමින් යුත් පැමිණිල්ලට අදාළ - මුල සිට මේ දක්වා වූ කරුණු ඇයට පැහැදිළි කර සිටියා.
3. නමුත් එ අවස්ථාවේ එ පිළිබඳව අවධානය යොමු කිරීමක් නොකට, මාගේ දියණිය පත් වූ තත්වය පිලිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා, මාගේ දියණියගෙන් පැමිණිල්ලට අදාල නැති, ප‍්‍රශ්ණ අසමින් මාගේ දියණියට දොස්  පවරන්නට වුනා.
4. ඇය මාගේ දියණියට - අපෙත් ළමයි ඉන්නවා, මගේ දුවත් උසස් පෙළ කරනවා, නමුත් එයාට එහෙම දෙයක් නැහැ”, යයි කිව්වේ අවම වශයෙන් මාගේ දියණිය වයස අවුරුදු 16 බව හා ඇය අ.පො.ස (ස.පෙළ) විභාගයට පෙනී සිටන බව නොදැනය.
5. මා ඇයට ප‍්‍රශ්ණය අදාල නීතිමය තත්වය පැහැදිළි කරමින්, නඩු වාර්තා ද ඉදරිපත් කලා. නමුත් එ කිසිවක් ඇය සැලකිල්ලට නොගෙන මාගේ දියණිය වරදක් කර ඇති බව හුවා දක්වමින්ම දිගින් දිගටම අපහස කරන්නට හා පීඩාවට පත් කරන්නට වුනා.
6. එසේ විනාඩි 10ක පමණ කාලයක් ඇය අපව පීඩාවට පත් කල අතර, පසුව අප එතැනින් පිටව යන්නට වුනා.
7. එසේ අප පිටව එමේදී, එකී විමර්ශණය නිලධාරිණිය මාහට පමණක් නැවත කතාකොට,
සිදුවීමෙන් පස්සේ ඔයා ළමයාට ගැහුව්වාද, බැන්නාදකියා අසා, එහෙම කළොත් ඔයාට නඩු දානවා, ළමයාව ඉස්කෝලේ යවලා, ඔයා දැඩි ආරක්ෂාව දෙන්නකියා තර්ජනාත්මකව ඇය ප‍්‍රකාශ කර සිටියා.
මහත්මයාණෙනි,
මා ඔබ කොමිෂමට පැමිණිලි කළේ - කටුපොත පොලිසියේ නීති විරෝධී ක‍්‍රියාවක් මගින් මාගේ මූලික අයිතීන් උල්ලංඝණය කිරීම පිළිබඳව - විමර්ශණයක් කරවා, යම් සහනයක් ලබා ගැනීමටය.
එසේ නැතිව, ඔබගේ විමර්ශණ නිලධාරියන්ගෙන් (නම හෙළි නොකල) අපහාස විඳින්නට නොවේ.
අ.පො.ස.උසස් පෙළ කරන ඇගේ දියණියට එහෙම එකක්නැති වෙන්නට පු`ඵවන.
මට ඇගේ දියණියට එහෙම එකක්තියෙනවාද නැද්ද දැනගන්නට අවශ්‍ය නැත.
මා කොමිෂමට පැමිණියේ  -ඇගේ තර්ජණයන්ට මුහුණ දෙන්නට ද නොවේ.
මට පැහැදිළි වූ කරුණකි. මේ ගැහැණිය - කටුපොත පොලිස් ස්ථානාධිපති හා සම්බන්ධයක් ඇති බව.
මන්ද  - කොමිෂමේ නියමයට යම් රජයේ නිලධාරියෙක් / නිලධාරිණියක් පැමිණියේ නැතිනම්  - එ පිළිබඳව විමසීම පළමු පියවරයි.
දෙවනුව - එක් පාර්ශවයක් පමණක් සිටියදී - විමර්ශණය නොකර, කරුණු අසන්නේ නැතිව අපව පීඩාවට පත් කිරීමයි.
එදින අප කොමිෂමෙන් පිටව ආවේ හඬමින් බව ප‍්‍රකාශ කරමි. විශශ්ෂයෙන් මාගේ දියණිය -හඬමින් පවසා සිටියේ - මින් මතුවට ඔබ කොමෂමට අඩිය නොතබන බව ය.
මා ඉල්ලා සිටින්නේ,
1. මෙම ඊනියා විමර්ශණ නිලධාරිනියගේ නම මාහට දන්වන ලෙසට,

2. මැයට විරුද්ධව විනය පියවර ගන්නා ලෙසට,
3. ඉදිරියේදී ඔබ කොමිෂමට සහන අපේක්ෂාවෙන් පැමිණෙන පුද්ගලයින්ව පීඩාවට පත් නොකරන ලෙසට ය.
අ.ක/ රත්නායක මිය

මෙම ලිපියේ පිටපත් ඇය සියලූම කොමසාරිස්වරුන්ට හා මාධ්‍යයටද යවා තිබේ.

No comments:

Post a Comment