Wednesday, April 27, 2011

දක්ෂිණ ලංකා අදිවේගී මාර්ගයේ තවත් අපචාරයක්





මගේ නම විතානගමගේ රන්ජන්. වයස අවුරුදු 40 යයි. කුලී වැඩ කරන්නේ. විවාහකයි. දරුවන් 06 ක් සිටිනවා. 04 ක් ඉස්කෝලේ යනවා. බිරිද රැකියාවක් කරන්නේ නැහැ. මම කුලී වැඩ තියෙන දවස් වල රුපියල් 600 ක් පමණ සොයනවා.

2000 අගෝස්තු මාසේ දිනක වේලපහින් ගෙදර අවා. මගේ බිරිද වයස අවුරුදු 12 ක් වූ මගේ පුතාව කඩේට ඇරියා පොල් ගෙඩියක් ගෙන්න. දරුවා සැහෙන වෙලාවකින් ගෙදර ආවේ නැති නිසා මම බලන්න යන්න හදන කොට මල්ලි කෙනෙක් මොටර්ස්යිකලයකින් ඇවිත් කිව්වා අයියේ පොඩි ප්‍රශ්නයක් වෙලා කලබල වෙන්න එපා කියලා. මම දිගින් දිගටම ඔහුගෙන් ඇහුව මොක්කක්ද වෙලා තියෙන්නේ කියන්න කියලා.

දක්ෂිණ ලංකා අදිවේගී මාර්ගයේ 21500 නිවසක් අසල දොරුව ලගට මගේ දරුවාව පුද්ගලයෙක් අරන් ගිහිල්ලා උඩට උස්සලා ඇදුන් අයින් කරලා හිරිහැර කරලා තියෙනවා. මේ සිද්දිය ඒ අසල නිවසක බෝඩ් වෙලා ඉන්න මල්ලි කෙනෙක් දැකලා එයා ලග තිබු ඉදලක් අරගෙන අපරාදකාරයට හොදටම ගහල තියෙනවා. මේක අහල මමත් දෙකේ දෙකේ පොල්ලක් අරන් ගිහිල්ලා පෝමන් කෙනෙකුට ගහන්න හැදුව. එවිට ඔහු කිවුව මම නෙමෙයි අපරාදය කලේ බැකෝ එකේ වැඩ කරන පෝමන් මහත්තය කියලා. ඔහුව මට හම්බ වුනේ නැහැ.

පස්සේ ගමේ අයත් එක්ක එකතු වෙලා ලමයව සෙවුවා. මට පුතා කැලෑවක හැංගිලා ඉදල හම්බ වුනා. ඊට පස්සේ පොද්දල පොලිසියට ගිහිල්ලා පැමිණිලි කලා. පොලිසිය කීවුවා අපරාදකරයින්ට එරෙහිව නීතිමය පියවර ගන්න බව. දින කිහිපයකට පස්සේ නැවත පොලිසියට ගියා වැඩක් වුනේ නැහැ. අද දක්වාත් පොලිසිය මේ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. දරුවාව රෝහලකට ගෙනිච්චේ නැහැ පොලිසිය එපයි කීවුව නිසා.

ළමයා සිද්දිය වෙලා දවස් දහයකට විතර පස්සේ පාසල් ගියා. නමුත් දැනුත් ළමයා කල්පනා කරමින් බලාගත්තු අතේ බලා ගෙන ඉන්නවා. ඉස්කොලේදීත් ඇතැම් ගුරුවරු සහ අනිත් ළමයි මගේ ලමයව කොන් කරනවා.

නොසැලිකිලිමත් යුක්තියේ දෙවගන





"ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණ සංකීර්ණයේ පිටුපස පිහිටි තාප්පය කඩා වැටී නඩු භාණ්ඩ රැසක් හෝටල් පාරට වැටී තිබිණි."

ඉහත පුවත පෙන්නුම් කරන්නේ මෙරට නීතියක් නොමැති බවයි. තවද යුක්තිය පසිදලීමේ යාන්ත්‍රනය තුල පවතින ඇදහිය නොහැකි නොසැලකිල්ල සහ වගකීම් විරහිත බවයි. මිට පෙරදී ද අදිකරණ වල ගිනිගැනීම් වැනි නොයෙකුත් විනාශකාරී දෙය සිදු විය. දැන් එහි උච්චතම අවස්ථාවට එලබ ඇත.

මෙවැනි යුක්තිය හා නිතිය හැල්ළුවන රටක පාලකයා සුබ අනාගතයක් නමැති සංකල්පය ඔස්සේ සාමාන්‍ය ජනයා මුලාවට පත් කරයි. ඇත්තටම මේ තත්වය අප පුදුමයට පත් නොකරන්නේ නිතිය උගන්වන තැන් වලත් සිදුවන දුෂණය සහ නිතිය ඉදිරියේ අසමානතාවය රජ වන නිසාය.

අපිට වුර්තිමය අදිකරණ ක්‍රමයක් ලැබුනේ 19 වන සියවසේ අගබාගයේදීය. එතෙක් අපේ රටේ ක්‍රියාත්මක වුයේ පුද්ගලයින් කිහිප දෙනෙකු මුලික කරගත් නීතියකි. එය අත්තොනෝමතික එකක් විය. එයින් පිඩාවට සහ විඩාවට පත් වුයේ සාමාන්‍ය මහජනතාවයි. නමුත් බ්‍රිතාන්‍යන් අපට වුර්තිමය පොල්සියක් නිතින්ඥ්යින් විනිසුරන් සහිත දියුණු ක්‍රමයක් හඳුන්වා දෙන ලදී.

අද වනවිට මෙම වුර්තිකයින් වැඩිදෙනෙක් ආණ්ඩුවේ අතකොලු බවටත් අල්ලසට සහ දුෂනයටත් පත් වී ඇත. ඒ තුල නැවත රටට සුබ අනාගතයක් කෙසේ වෙතත් එය අගාදයකට යන බව කිව යුතුය.

Monday, April 25, 2011

අද බොහෝ දෙනාට බැරල් අමතකය

චන්ද්‍රගුප්ත තේනුවර


චන්ද්‍රගුප්ත තේනුවර, 2007 ජූලි 26-27-28 දිනයන්හී - කොළඹ ලයනල් වෙන්ටඩ් කලාගාරයේ ඉදිරිපත් කල - නව්‍ය - බැරල්වාදය චිත්‍ර ප්‍රදර්ශණය පිළිබදව ලියන ලද හැදින්වීම, පොත් රාක්කය පිළියෙල කරන අතර - මා අතට පත්ව, යලිත් කියවන ලදි.


අද බොහෝ දෙනාට බැරල් අමතකය. චෙක් පොයින්ට් ඇතත් එතරම් ගානක් නැත.

"ප්‍රභාව "අමතක වන්නට ඉඩ දෙන්නේ නැත. ඔහු ජීවත් කරවීම අත්‍යවශ්‍ය නිසා.
"ප්‍රභූන් " එන්න එන්නම වැඩිවේ.

ප්‍රදර්ශණයෙන් චන්ද්‍රගුප්ත කියන දේ - අද වන විට ‍කෙතරම් භයානක ලෙස වර්ධනය වී ඇද්ද ? බැරල් ඉවත් කරන්නේ, නොපෙනෙන බැරල් ඉදිකරමින්ය. ඒවා ස්ථාවරය. කොපමණ කාලයක් පවතීද - මන්ද දිරන්නේ නැති නිසා.

නීතිය, ව්‍යවස්ථාව - අද බැරල් ලෙසට යොදා හමාරය. සියලුම අයිතීන් වගන්ති යොදා අහුරන්නේය. මෙය මග තොටේ යන අයට පෙනෙන්නේ නැත. දැනෙන විට බොහෝ ප්‍රමාද වෙලාය.මේ ගැන කථා කරන එක වලක්වාලන්න අද යොදාගන්නේ අවි බාරගත්තවුන් නොවේ. විද්වතුන්ය. ඇදුරන්ය. ... වේදීන්ය.

චන්ච්‍රගුප්ත - සිය හැදින්වීම අවසන් කරන්නේ,

"අප උපන්නේ කාගේවත් අණසකට බියපත්ව ජීවිතය පරදුවට තබා ජීවත්වීමට නොවේ.
අප ඉපිද හැදී වැඩී සමාජයට එකතු වන්නේ යහපත් මිනිසුන්ගෙන් යුත් සමාජයක් ගොඩ නගා ගෙන යහතින් සාමයෙන් සිංහිදියාවෙන් අනෙකා සමග ජීවත් වීමටය. "

නමුත් දැන් අප සිටින්නේ කොතැනද ?

යන ප්‍රශ්ණය නගමින්ය.

ඔව් - දැන් අප සිටින්නේ කොතැනද ?

කථා කරමු.
- දසරථ -

Friday, April 22, 2011

එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාවේ සම්පිණ්ඩනය (නිල නොවන)



ශ‍්‍රී ලංකාවට එරෙහි චෝදනා පිළිබඳ වගකීම ගැන එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑංකී මූන්ට බාරදෙන ලද විශේෂඥ උපදේශක කමිටු වාර්තාවේ විධායක සම්පිණ්ඩනය.

විධායක සම්පිණ්ඩනය - විශේෂඥ උපදේශක කමිටුව විසින් ශ‍්‍රී ලංකාව වගකිවයුතු චෝදනා පිළිබඳ විශ්වසනීය සොයා ගැනිම්වලට අදාළ කමිටු වාර්තාව.

යුද්ධයේ අවසන් අදියර ගැන ශ‍්‍රී ලංකා ආණ්ඩුව මේ දක්වා කියු දේවල් වලට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් කමිටුවේ නිර්ණයනය වී ඇත. ඒ කමිටුව විශ්වසනීයව සොයාගත් චෝදනා සම්බන්ධයෙනිගසිවිල් ජනතාවට හානි නොවීම පිළිබඳ ශූන්‍ය ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ මානුෂික ගලවා ගැනීමේ මෙහෙයුමක් තමන් කි‍්‍රයාත්මක කළ බව ආණ්ඩුව කියයි. නමුත් කමිටුව මීට මුළුමනින්ම වෙනස් විශ්වසනීය වු චෝදනා සොයා ගෙන ඇත. කමිටුව පෙන්වා දෙන ආකාරයට ශ‍්‍රී ලංකා ආණ්ඩුව සහ එල් ටී ටී ඊ ය ජාත්‍යන්තර මානව දයාවාදී නීතිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය බරපතල ලෙස උල්ලංඝණය කර ඇත. ඒවායින් සමහරක් යුධ අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ලෙස සැළකිය හැකිය. මෙය යුද්ධය සහ සාමය යන දෙකේදීම ආරක්ෂා කළයුතු පුද්ගලික ගරුත්වය සම්බන්ධයෙන් සකසන ලද ජාත්‍යන්තර නීතියට සම්පුර්ණයෙන්ම එල්ල වු ප‍්‍රහාරයක් බව යුද්ධය පවත්වා ගෙන ගිය ආකාරය මගින් පෙන්නුම් කරයි.

විශේෂයෙන්ම කමිටුව යුද්ධයේ අවසන් අදියර වලදිී සිදුවු විශ්වසනීිය චෝදනා රැසක් සොයා ගෙන ඇත. ශ‍්‍රී ලංකා හමුදාව 2008 සැප්තැම්බර් සිට 2009 මැයි දක්වා වු කාලසිමාවේදි වන්නි මෙහෙයුම මහා පරිමාණ සහ පුළුල් ෂෙල් ප‍්‍රහාර යොදා ගනිමින් ආරම්භ කළ අතර ඒ නිසා විශාල සංඛ්‍යාවක් සිවිල් ජනතාව ජිවිතක්ෂයට පත්විය. මෙම මෙහෙයුම වන්නි ජනතාව හිංසනයට පාත‍්‍ර කරන ලදි. සිවිල් වැසියන් 3,33,000ක් පමණ ඉතා කුඩා ප‍්‍රදේශයකට කොටු විය. ඔවුන් ෂෙල් වෙඩි නිසා පලා යන අය වුවත් සිදුවුයේ එල් ටී ටී ඊ යේ ප‍්‍රාණ ඇපකරුවන් බවට පත්වීමය. ආණ්ඩුව සුදු වෑන් රථ මගින් පැහැර ගෙනයාම් සහ පුද්ගලයින් අතුරුදහන් කිරීම මගින් බලාපොරොත්තු වුයේ මාධ්‍යය සහ යුද්ධය විවේචනය කරන අය බියවැද්දිම සහ නිහඩ කිරීමයි.

ආණ්ඩුව පිළිවෙලිින් යුධ මුක්ත කලාප තුනක විශාල ප‍්‍රදේශයකට ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල කරන ලදි. ඔවුන් විසින් සිවිල් ජනතාව ධෛර්යයමත් කරන ලද්දේ එක තැනක සිටින ලෙසයි. එසේ කළේ තමන් බර අවි භාවිතා නොකරන බව ඔවුන්ට ඒත්තු ගැන්වීමෙනි. ඔවුන් එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානයට, කෑම බෙදාහරින නිවාස වලට, වෙරළේ සිටින තුවාලකරුවන් සහ ඔවුන්ගේ ඥාතින් රැගෙන යාමට පැමිණෙන අන්තර් ජාතික රතු කුරුස කමිටුවට අයත් නැව්වලට ෂෙල් ප‍්‍රහාර එල්ල කළහ. යුද්ධයේ අවසන් අවස්ථාවේදී සිවිල් වැසියන් ගෙන් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබුවේ ආණ්ඩුවේ මෙම ෂෙල් ප‍්‍රහාර හේතුවෙනි.

ආණ්ඩුව ඉදිරිපසින් පිහිටි ආරෝග්‍ය ශාලා වලට ක‍්‍රමානුකූුලව ෂෙල් ප‍්‍රහාර එල්ල කරන ලදි. වන්නි ප‍්‍රදේශයේ සියලුම රෝහල් වලට මෝටාර් සහ කාලතුවක්කු ප‍්‍රහාර එල්ල විය. සමහර අවස්ථා වලදී මෙම ප‍්‍රහාර එකදිගටම සිදුවිය. ආණ්ඩුවට මේවා පිහිටි ස්ථාන ඉතා හොඳින් දැන සිටීම යන්න මෙම ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් වැදගත් වුයේ නැත. ආණ්ඩුව ක‍්‍රමානුකූුලව ගැටුම් පැවති කලාපය තුළ ජනයාට මානුෂිය ආධාර ලැබීම වැළැක් වුහ. මෙම මානුෂිය ආධාර වුයේ ආහාර සහ විශේෂයෙන්ම ඔවුන්ගේ වේදනාවල් සම්බන්ධයෙන් වු ශල්‍යය වෛද්‍ය පහසුකම් ඇතුලු සෙසු වෛද්‍ය පහසුකම්ය. මේ අවස්ථාව දක්වාම ආණ්ඩුව හිතාමතාම ගැටුම් සහිත කලාපයේ සිටින සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව අඩුවෙන් තක්සේරු කරන ලදි. 2009 ජනවාරි සිට මැයි දක්වා දස දහස් ගණනින් සිවිල් ජනයා මරුමුවට පත්විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අප‍්‍රසිද්ධියේ ජිවිතක්ෂයට පත්වුයේ අවසන් දින කිහිපය තුළ සිදුවු මනුෂ්‍යය සංහාරය හේතුවෙනි.

ගැටුම් සහිත කලාපයෙන් ඉවත්වීමෙන් අනතුරුවද ආණ්ඩුව ගැටුමේ වින්දිතයින්ව සහ නොනැසී ජිවිතය පවත්වා ගෙන යන්නවුන් තවදුරටත් දුෂ්කරතාවයට සහ වේදනාවට පත්කරන ලදී. එල් ටී ටී ඊ සැකකරුවන් අනාවරණය කර ගැනීම විනවිදබාවයකින් සහ බාහිර සියුම් පරික්ෂාවකින් තොරව සිදුවිය. ඔවුන්ගෙන් වෙන්කලා වු සමහර දෙනෙක් අධිකරණ කි‍්‍රයාදාමයෙන් බැහැරව මරා දමන ලදී. සමහරක් කාන්තාවන්ව දුෂණය කරන ලදී. සෙසු අයව, උගත් පාඩම් සහ සංහිදියා කොමිෂමේ ඇහුන්කන්දීිමේ වාර වලදිී ඔවුන්ගේ භාර්යාවන් සහ ඥාතීන්ට අනුව නැවත සිදුකළ ගණනය කිරීම් වලින් පෙනි ගියේ ඔවුන්ව අතුරුදහන් කර ඇති බවයි. සියලු සරණාගතයින්ව වැසුණු කඳවුරු වල රඳවා තබන ලදි. ඒවායේ අධික තදබදය බරපතල තත්වයක් ඇති කිරීිමට හේතු විය. රැඳවියන්ගේ මුලික සමාජ සහ ආර්ථික අයිතින් කප්පාදුවට ලක් කෙරිණි. ඉතා අනවශ්‍යය ආකාරයට බොහෝ ජිවිතහානි සිදුවිය. කඳවුරුවල සිටින අය ප‍්‍රශ්න කිරිම් වලට මෙන්ම වධහිංසාවටද ලක්විය. එල් ටී ටී ඊ භටයින්යැයි සැකකළ අය වෙනත් පහසුකම් වලට එනම් බාහිර ලෝකය සමග සබඳතා පැවැත්වීම වළක්වන සහ ඔවුන්ව තවදුරටත් අතවරයන්ට පහසුවෙන් ගොදුරු කරවියහැකි තත්වයන්ට ලක් කරන ලදී. ගැටුම් සහිත කලාපයේ පැවැති මාරාන්තික අනතුරට අමතරව එල් ටී ටී ඊ ය, සිවිල් වැසියන්ට ඉන් ඉවත්වීමට අවසර දුන්නේ නැත. ඔවුන් එම සිවිල් ජනයාව ප‍්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගන්නා ලදී. සමහර අවස්ථාවලදී එල්. ටී ටී ඊ ය ඔවුන්ව තමන් හා ඉදිරියට එන ශ‍්‍රී ලංකා හමුදාව අතර උපායමාර්ගිකව මිනිස් පළිහක් ලෙස යොදා ගත්හ. එල් ටී ටී ඊ ය යුද්ධයේ සෑම අවස්ථාවකදිීම බලහත්කාරයෙන් බඳවා ගැනීම් සිදු කරන ලදී. නමුත් යුද්ධයේ අවසන් අදියර වලදි මෙම බඳවා ගැනීම් වයස් භේදයකින් තොරව සීඝ‍්‍රයෙන් වැඩි විය. ප‍්‍රතිඵලය වුයේ යන්තම් වයස අවුරුදු 14ක් වු ළමුන් පවා සොල්දාදුවන් ලෙස බඳවා ගැනිමයි. එල් ටී ටී ඊ ය තමන්ගේ ආරක්ෂාව උදෙසා අගල් කැපිමට සිවිල් වැසියන්ට බල කළහ. එමගින් සටන්කාමීන් සහ සිවිල් වැසියන් අතර වෙනස නොපැහැදිළිවිම නිසා ප‍්‍රතිඵලය වුයේ අමතර අනතුරක් සිවිල් වැසියන් සම්බන්ධයෙන් උද්ගතවීමයි. මේ දේවල් සියල්ල සිදුකළේ දැනටමත් පරාජය වු යුද්ධයක් පසුපස ලුහුබැඳයාමට කළ ගවේෂණයක ප‍්‍රතිඵලයක් ලෙසයි. එල් ටී ටී ඊ යේ පුදසුන අරඹයාත් එහි ජේ්‍යෂ්ඨ නායකත්වය ආරක්ෂා කිරීමේත් ප‍්‍රතිඵලය වුයේ සිවිල් වැසියන් බහුතරයකගේ ජිවිත පුජාවයි.

2009 පෙබරවාරි මස සිට එල් ටී ටී ඊ ය ගැටුම් පැවති කලාපයෙන් පැනයාමට උත්සාහ කරන සිවිල් වැසියන්ට එකඑල්ලේ වෙඩි තැබීම ආරම්භ කළහ. එය යුද්ධයේ අවසන් අදියරේදි මරණ සංඛ්‍යාව ඉහළ යාමට බලපාන ලදීි. ඔවුන් අවතැන් වු ජනයා සමුහ වශයෙන් සිටින ස්ථාන ආසන්නයේ සිට කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කළහ. ඊට අමතරව අවතැන්වුවන් හෝ සිවිල් ජනයා ගැවසෙන රෝහල් ආසන්නයේ සිට වෙඩි තැබීම හෝ යුධමය උපකරණ තැන්පත් කිරීම සිදුකරන ලදීි. එල් ටී ටී ඊ ය යුද්ධයේ අවසන් අදියරයන් පුරාම ගැටුම් සහිත කලාපයෙන් බාහිරව මරා ගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළහ. කෙසේ නමුත් ගැටුමේ පෙර අදියර වලට වඩා ඔවුන්ගේ එම ප‍්‍රහාර දියත් කිරීම දුර්වල විය. ඔවුන් ගැටුම් සහිත කලාපයෙන් පරිබාහිරව සිවිල් වැසියන් එල්ල කොට ප‍්‍රහාර ගණනාවක් දියත් කළහ.

කමිටුව විසින් අවසන් නිගමනයකට පැමිණි ශ‍්‍රී ලංකා ආණ්ඩව සිදුකළ බරපතල උල්ලංඝණයන් පිළිබඳ චෝදනා විශ්වසනීයව තහවුරු කිරිීමෙන් පසුව ඒවා ප‍්‍රධාන කොටස් පහකට වර්ගීකරණය කර දක්වන ලදීි.

1. පුළුල්ව එල්ල කරන ලද ෂෙල් ප‍්‍රහාර මගින් සිවිල් වැසියන් මරාදැමීම

2. රෝහල් වලට සහ මානුෂිය කටයුතු සිදුකෙරෙන ස්ථාන වලට ෂෙල් ප‍්‍රහාර එල්ල කිරීම

3.මානුෂීය සහන සැලසිම ප‍්‍රතික්ෂේප කිරීම.

4. අවතැන් වුවන් සහ එල් ටී ටී ඊ යැයි සැකකළ පුද්ගලයින් යන දෙපිරිසම ඇතුළුව ගැටුම හේතුවෙන් වින්දිතයින් සහ නොනැසී ජිවිතය පවත්වා ගෙන යන අය පිඩාවට පත් කරමින් සිදුකළ මානව හිමිකම් උල්ලංඝණය කිරීම්.

5. ගැටුම සහිත කලාපයෙන් පරිබාහිරව මාධ්‍ය සහ ආණ්ඩුව විවේචනය කරපු සෙසු අයද ඇතුළත්ව සිදු වු මානව හිමිකම් උල්ලංඝණය කිරීම්.

කමිටුව තිීරණය කර විශ්වසනිය ලෙස තෝරාගත් යුද්ධයේ අවසන් අදියරේදි එල් ටී ටී ඊ ය සම්බන්ධ වු බරපතල උල්ලංඝණයන් පිළිබඳ චෝදනා වලින් ප‍්‍රධාන කේන්ද්‍රීය කරුණු සයක් පහත පරිදිය.

1. සිවිල් වැසියන් මනුෂ්‍යය පළිහක් ලෙස යොදා ගැනිම.

2. එල් ටී ටී ඊ පාලනයෙන් මිදී පලායන සිවිල් වැසියන් මරා දැමීම.

3. සිවිල් වැසියන් ගැවසෙන ස්ථාන වලදී හමුදා උපකරණ භාවිතය.

4.බලහත්කාරයෙන් ළමුන් බඳවා ගැනීම.

5. බලහත්කාරයෙන් මිනිස් ශ‍්‍රමය ලබා ගැනීම.

6. මරාගෙන මැරෙන ප‍්‍රහාර මගින් සිවිල් වැසියන් ඝාතනය කිරීම.

වගකීම

ජාත්‍යන්තර මානව දයාවාදි හෝ මානව හිමිකම් නීතිය බරපතල ලෙස උල්ලංඝණය කිරිම පිළිබඳ වගකිම, කැමැත්ත හෝ ප‍්‍රතිපත්තිය පිළිබඳ කරුණක් වන්නේ නැත. එය දේශීය සහ ජාත්‍යන්තර නීතිය යටතේ යුතුකමකි. වගකීමකි. මෙම උල්ලංඝණයවීම් පිළිබඳ වු විශ්වසනීය චෝදනා දැඩි විමර්ශනයක් සහ වගකිවයුත්තන්ට නඩු පැවරීමක් ඉල්ලා බල කරයි. එය ඔප්පු වුවහොත් ශ‍්‍රී ලංකා හමුදාවේ අණ දෙන නිළධාරිීන්, ආණ්ඩුවේ ජේ්‍යෂ්ඨ නිළධාරින්, පමණක් නොව එල් ටී ටී ඊ යේ හමුදා සහ සිවිල් නායකයින් ඇතුලු සියල්ලන්ට ජාත්‍යන්තර අපරාධ සිදුකිරීම පිළිබඳ අපරාධ වගකීමක් දැරීමට සිදුවෙනු ඇත.
ඒ එක්කම බරපතල අපරාධයන් සිදුකිරීම පිළිබඳ වගකීිම විමර්ශනයෙන් සහ නඩු පැවරීමෙන් ඔබ්බට යයි. මෙය පුළුල් ක‍්‍රියාදාමයකි. අතිතයේ සිදුකළ මානව හිමිකම් සහ ගරුත්වයට අදාළ උල්ලංඝණය කිරිම් වලට වගකිවයුතු පුද්ගලයින් සහ ආයතන සම්බන්ධයෙන් දේශපාලනිකව, නෛතිකව සහ සදාචාරත්මකව කටයුතු කිරීිමක් වේ. ඉහතින් සඳහන් කළ ජාත්‍යන්තර ප‍්‍රමිතීින් සමඟ ගැළපිමට නම් වගකීම යනු සත්‍යය, යුක්තිය සහ වින්දිිතයින්ට වන්දි ලබාදිම ඉටුකිරිම වේ. වගකීමට තවත් අවශ්‍යය දෙයක් නම් තම පුරවැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝණයවීමක් සිදුවුයේ නම් ඒ පිළිබඳව රජය සිය භුමිකාව සහ වගකීම ගැන කරනු ලබන නිල පිළිගැනීමකි. එක්සත් ජාතීන්ගේ ප‍්‍රතිපත්තියට අනුව, කමිටුව සැමට සමාන වු සුත්තරයක් හෝ වගකිම පිළිබඳ විදේශ ආකෘතින් ආනයනය කිරීමක් සිදුනොකරයි. ඒ වෙනුවට වඩා පුළුල් පුරවැසි සහභාගීත්වයක් ඇති අවශ්‍යතා සහ අභිලාෂයන් ඇතුළත් වන ජාතික ඇගයිම මත පදනම් වු වගකීමේ ක‍්‍රියාදාමයක අවශ්‍යයතාවය එය පිළිගනී.

එසේවුවද කිසිදු ජාතික ක‍්‍රියාදාමයක් ජාත්‍යන්තර ප‍්‍රමිතිීන්ට ළඟා වී නැත. එම ප‍්‍රමිතීන්ට සහ තුලනාත්මක අත්දැකීම් වලට විරුද්ධව ශ‍්‍රී ලංකාව තම වගකිම තක්සේරු කිරිම සිදුකළහොත් එමගින් යුද්ධයේ අවසන් අදියරේදි තමන්ට සත්‍යය, යුක්තිය සහ වන්දි හිමිවීමට ඇති අයිතිය පිළිබඳව වින්දිතයින්ට වඩා හොඳිින් තේරුම් ගැනිමට හැකිවනු ඇත.

ආණ්ඩුව කියා සිටින්නේ තමන් තුලනාත්මක සංහිදියාවක් සහ වගකීමක් අපේක්ෂා කරන බවයි. එමගින් ශක්තිමත් යුක්තියක් ආණ්ඩුවේ අපේක්ෂාව වේ. ශක්තිජනක සහ විපාකදෙන යුක්තින් දෙක අතර අතරමැදි අවස්ථාවක් තෝරා ගැනිමට කරන මෙම ප‍්‍රකාශය මගින් පිළිඹිබු වන්නේ වැරදි දෙබෙදුමකි. මේ දෙකම අවශ්‍යයයි. තවදුරටත් කමිටුවේ මතය අනුව ආණ්ඩුවේ ශක්තිජනක යුක්තිය යන්න පිළිබඳ සංකල්පය දෝෂසහිතයි. මක්නිසාද එය අතීතයේ ආණ්ඩුවල දේශපාලන වගකිම පිළිබඳ ප‍්‍රතිපත්ති සහ පුරවැසියන්ව ත‍්‍රස්තවාදයෙන් ආරක්ෂා කළ නොහැක, සත්‍යය යුක්තිය සහ වන්දි ලබාදීම ඉලක්කය වු වින්දිතයා කේන්ද්‍ර කරගත් තත්වයක් ඇති කිරිමේ අසමත් තත්වයක් පිළිබඳ නොපැහැදිළි ආදේශ කිරීමක් එමගින් ලබා දෙන බැවිනි. තවද වැඩිදුරටත් අවධාරණය කරන දෙයක් නම් සමහරක් එල් ටී ටී ඊ භටයින්ට දඩුවම් ලබාදීම පිළිබඳ පැහැදිළි කිරිමයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සැලැස්ම වන්නේ නොනැසී ජිවිත පවත්වා ගත් එල් ටී ටී ඊ භටයින් බහුතරයක් පුනරුත්තාපනය කිරීම සහ ඔවුන් ගෙන් දැඩි මතදාරී සාමාජිකයින්ට ලිහිල් දඬුවම් නියම කිරීිමත් වෙි. කමිටුවට පැහැදිලි කළ ආකාරයට ආණ්ඩුවේ වගකීම පිළිබඳ ද්විත්ව සංකල්පයට ඉලක්ක වීි ඇත්තේ අතිීතයේ බලයේ සිටි ආණ්ඩු සහ එල් ටී ටී ඊ ය වේ. එහිදී ආණ්ඩුවේ තීරණ සහ යුද්ධයේ අවසන් අදියර වලදිී සහ යුද්ධයෙන් පසුව ආණ්ඩුවේ හැසිරීම නැතිනම් එහි ප‍්‍රතිඵලයක් ලෙස නීතිය උල්ලංඝණය වු ආකාරය පිළිබඳව ගැඔුරින් විභාග කිරිමක් ගැන ආණ්ඩුව සුදානම් බවක් පෙනෙන්නට නැත.

ආණ්ඩුවේ වගකීම පිළිබඳ සංකල්පය ජාත්‍යන්තර ප‍්‍රමිතින් සමඟ නොගැළපෙන බවට කමිටුව නිගමනය කර ඇත. ආණ්ඩුව අවංකව දෙපාර්ශවය විසින්ම සිදුකළ උල්ලංඝණයන් පිළිබඳ චෝදනා සළකා බැලිය යුතුයි. තවද වගකීම ගැන කටයුතු කිරීමේදී ගැටුමේ වින්දිතයින්ගේ ගරුත්වය ගැන සළකා කටයුතු කළ යුතුය. එසේ නැතිවුවහොත් ආණ්ඩුවේ මිනුම් දඬු ජාත්‍යන්තර අපේක්ෂාවන් හමුවේ ඉතා පහත් තත්වයකට ඇද වැටෙනු ඇත.

උගත් පාඩම් සහ සංහිදියා කොමිෂම

ආණ්ඩුව විසින් උගත් පාඩම් සංහිදියා කොමිෂම පිහිටුවන ලදී. එය, අතිතය එනම් 2002 දි ඇති කරගත් සටන් විිරාම ගිවිසුමේ සිට 2009 මැයි මාසයේ ගැටුම අවසානය දක්වා කාලයේ සිදුවීම් සළකා බලන ආණ්ඩු ප‍්‍රතිපත්තියේ මුල්ගල විය. ශ‍්‍රී ලංකාවේ ගැටුම පිළිබඳ ජාතික මට්ටමේ සංවාදයක් අරම්භ කිරීිමට මෙම උගත් පාඩම් සහ සංහිදියා කොමිෂම හොඳ අවස්ථාවකට අවශ්‍යය නියෝජනය ලබා දෙන ලදී. ජනතාව ගෙන් විශාල පිරිසක් විසින් එවැනි සංවාදයක අවශ්‍යයතාවය පැහැදිළි කරන ලදී. ඔවුන් ගෙන් වැඩිදෙනෙක් වින්දිතයින් විය. ඔවුන් සිය උවමනාවෙන්ම පැමිණ කොමිෂම හමුවේ කතා කළහ.

එසේවුවද මෙම කොමිෂම ප‍්‍රධාන ජාත්‍යන්තර ප‍්‍රමිතින් එනම් ස්වාධීනත්වය සහ අපක්ෂපාතීිත්වය තෘප්ත කිරීිමට සමත් වුයේ නැත. මක්නිසාදයත් එහි සංයුතිය සැදි තිබුණේ එකිනෙකා අමාරුවේ දමන්නාවුත් සමහර සාමාජිිකයින් අතර මුල්බැසගත් ආකල්ප අතර වු ඝට්ටනය හේතුවෙනි. කොමිෂම සතු වු වරම එමෙන්ම එහි වැඩකටයුතු සහ අද දක්වා වු ක‍්‍රමවේදය ජාත්‍යන්තර මානවදයාවාදිී සහ මානව හිමිකම් නීතිය උල්ලංඝණය කළ බරපතල අවස්ථා විමර්ශනයට ගැළපෙන ලෙස සකස් වුයේ නැත. එමෙන්ම දශක ගණනක වාර්ගික අර්බුදයට හේතුවු මුල් බැසගත් හේතු විිභාග කිරීමක්ද සිදුනොවිිණි. ඒ වෙනුවට එය දැඩිව අවධානය යොමු කළේ ඉහතින් සඳහන් කළ දේශපාලන වගකිම පිළිබඳ පුළුල් සංකල්පයටයි. එය ආණ්ඩුවේ වගකීම පිළිබඳව වු දෝෂ සහිත ඒකපාර්ශවික සංකල්පයක්ම විය. අද දක්වා මෙම කොමිෂම සිදුකරන ලද වැඩකොටස සන්නද්ධ ගැටුමේ අවසන් අදියර වලදි සත්‍යය ලෙස සිදුවුයේ කුමක්දැයි සෙවීමට සැබෑ උවමනාවක් පෙන්වා නැත. යුද්ධයට සම්බන්ධ වු පාර්ශව දෙක අතින්ම සිදුවු බරපතල උල්ලංඝණයන් පිළිබඳ චෝදනා ක‍්‍රමානුකූුලව සහ අපක්ෂපාතිව විමර්ශනයටද කොමිෂම අපේක්ෂා කළ බවක් නොපෙනේ. ඒවගේම විින්දිතයින්ගේ ගරුත්වයට සහ ඔවුන්ගේ වේදනාවල් වලට ගරු කරන්නා වු සැළකීමක්ද කර නැත. තවද පුද්ගලිකව තම ආරක්ෂාව අනතුරට පත්වු වාතාවරණය තුළත් සාක්ෂිකරුවන්ට අවශ්‍යය මුලික ආරක්ෂාව සපයා නැත.

සියල්ල එකතුව ගත්කළ මෙම උගත් පාඩම් සහ සංහිදියා කොමිෂම බරපතල දෝෂ සහිතයි. එයට ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට ගැළපෙන ඵලදායි ලෙස වගකිම පිළිබඳ වු යාන්ත‍්‍රනයක් නොමැත. මේ නිසා ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා සහ මහ ලේකම්වරයා එකට එකතුවී වගකීම පිළිබඳ යාන්ත‍්‍රනයට කළ කැපවීම එක්කෝ තෘප්ත වන්නේ නැත. නැතිනම් එවැන්නකට පුලුවන් කමක් නැත.

අනෙකුත් දේශීය යාන්ත‍්‍රනයන්

වගකීිම සෙවීිම පිළිබඳ කරුණේදි අධිකරණ ක‍්‍රියාදාමය ප‍්‍රමුඛ කාර්යබාරයක් සිදුකරයි. මෙය උගත් පාඩම් සහ සංහිදියා කොමිෂමේ ක‍්‍රියාකාරීිත්වය හෝ ප‍්‍රතිඵල නොසළකා හරිමින් සිදුවේ. කෙසේ නමුත් මෙම ක‍්‍රියාදාමයේ අතීිත වැඩකටයුතු සහ වර්තමාන ව්‍යුහය පිළිබඳව කමිටුවට ඇත්තේ අල්පමාත‍්‍ර විශ්වාසයකි. මක්නිසාද වර්තමාන දේශපාලන වාතාවරණය තුළ මෙම අධිකරණ කි‍්‍රයාදාමය කෙසේ යුක්තිය පසිඳලයිද යන්නයි. මෙසේ වන්නේ දේශපාලන නොහැකියාවකට වඩා පවතින්නා වු ලඝු දේශපාලන උවමනාව හේතුවෙනි. ඉතාම මෑත අතීතයේදි නීතිපතිවරයාගේ ස්වාධීනත්වය දුර්වල විය. ඔහුගේ බලය වඩාත් කේන්ද්‍රගත වුයේ ජනාධිපතිවරයා වෙතයි. හදිසි නීති රෙගුලාසි සමග වර්තමානයේ පවතිින තත්වයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව සංස්ථාපනය වෙයි. මෙවැනි තත්වයක් යටතේ මානව හිමිකම් සුරැුකෙන ආකාරයට නිල වශයෙන් සිදුවන වරදකාරිත්වය සම්බන්ධයෙන් අධිකරණ පද්ධතිය කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව වැදගත් ගැටලුවක් ඇති වේ. මේ හා සමානව කමිටුවට එය හඳුනාගත් විශ්වසනීිය චෝදනා සමිබන්ධයෙන් හෝ යුද්ධයේ අවසන් අදියර වලදී සිදුකළ අනෙකුත් අපරාධ සමිබන්ධයෙන් හමුදා අධිකරණ ඵලදායී ලෙස වගකීම පිළිබඳ යාන්ත‍්‍රනය ඉටුකරයිද යන්න පිළිබඳව සාක්ෂියක් නැත.

වගකීිම ළඟා කරදෙන සෙසු දේශීය ආයතනද බරපතල දුර්වලතාවයන් පෙන්නුම් කරයි. දශක තුනකට වැඩි කාලයක් තිස්සේ බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් විභාග කිරීමට පරික්ෂණ කොමිෂන් සභා පිහිටුවන ලදීි. ඉන් සමහරක් වඩා හොඳින් තොරතුරු සොයා ගැනීිමේ ඉලක්කයන් සමිපුර්ණ කරන ලදී. නමුත් මෙම කොමිෂන් සභා වැඩිහරියක් හඳුනාගත් උල්ලංඝණයන් සම්බන්ධයෙන් පුළුල්ව වගකීිම පිළිබඳ ප‍්‍රතිඵලය අත්කර ගැනීිමට අපොහොසත් විය. කොමිෂන් සභා බොහොමයක් ප‍්‍රසිද්ධ වාර්තාවක් ඉදිරිපත් කිරිමට සමත්වුයේ නැත. ඒවාගේම කොමිෂන් සභාවල නිර්දේශයන් ක‍්‍රියාත්මක වුයේ අල්පමාත‍්‍ර වශයෙනි. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂම සමහරක් අංශයන්ගෙන් මෙම වගකිම ඉහළ දැමීමට යම් දායකත්වයක් සපයන ලදී. නමුත් කමිටුවට මේ ගැන බරපතල කොන්දේසි ඇත. තවද කමිටුව විශ්වාස කරන ආකාරයට මානව හිමිකම් කොමිෂම අතුරුදහන් වු පුද්ගලයින් සමිබන්ධ සිද්ධි වලදි සහ රඳවාගෙන සිටින පුද්ගලයින්ගේ සුභසාධනය අධීක්ෂණය කිරීමේදි මීට වඩා දේශපාලනමය උවමනාවකින් සහ උපායකෞෂල්‍යයකින් කටයුතු කළ යුතුය.

වගකිමට ඇති සෙසු බාධක

කමිටුව සිය වැඩකටයුතු අතරතුර නීරික්ෂණය කළ ආකාරයට ශ‍්‍රී ලංකාවේ තවත් සැළකිල්ලට නොගත් සමකාලින කරුණු ගණනාවක් ඇත. සැබෑ වගකීමක් ඇති කිරීමට දරන වෑයමේදී ඒවා බාධාවන් වේ. ඒ වගේම එහි ප‍්‍රතිඵලය අනාගතයේ කල්පවතින සාමයක් ඇති කිරීම අධෛර්යයට පත් කිරිමයි. වැඩිවශයෙන් සළකා බැලු කරුණු පහත පරිදිය-

1. ආණ්ඩුව පැත්තෙන් ලැබු ජයග‍්‍රහනය ඔවුන් ප‍්‍රකාශ කළ ආකාරයට ත‍්‍රස්තවාදය පරාජය කිරීිමට අවශ්‍යය වත්කමි සහ අධිෂ්ඨානය වැඩි දියුණු කරගැනිම මෙන්ම දෙමළ ජනයාගේ දේශපාලන, ස්වයං පාලනය සහ පිළිගැනීම පිළිබඳව වු අභිලාෂයන් අවසන් කරදැමීම සහ සිය හමුදා සැලැස්මේදීි සිදුවු ජිවිත හානිය නොසළකා හැරීමයි.

2. තහනම් කළයුතු නමුත් දැනටත් කි‍්‍රයාත්මක ප‍්‍රතිපත්ති එනමි විශේෂයෙන් වාර්ගිකත්වය මත පදනම්ව තේරුම් ගිය ආකාරයට හෝ සත්‍යය ලෙස දේශපාලනිකව සාමාජියව සහ ආර්ථික වශයෙන් හානිදායක බැවින් බැහැර කළයුතු දේ වන අතර ඒ සියල්ල ගැටුමේ හදවතද විය.

3. ඉහත සඳහන් කළ පරිදි හදිසි නීති රෙගුලාසි සහ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතද ඇතුළුව යුද්ධ කාලයකදිී අනුගමනය කරන මිනුම් දඬු අඛණ්ඩව භාවිතා කිරීම. ඒ වගේම කලින් ගැටුම් පැවති කලාපයේ මිිලිටරිකරණය කිරීම සහ පැරාමිලිටරි හමුදාවන් බලපත‍්‍ර මත යොදා ගැනීම. මේ සියල්ල බියවැද්දිම සහ ප‍්‍රචණ්ඩත්වය සහිත වටාපිටාවක් වඩා චිරස්ථායි ලෙස ඇති කරයි.

4. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයකට විරුද්ධ ආකාරයට මාධ්‍යයට සීිමා පැමිණවීම සහ පුරවැසියන්ගේ මුලික අයිතීන් සිමා කිරීම.

5. දශක ගණනාවක සිට එල් ටී ටී ඊ යට අධ්‍යාත්මිිකව සහ දාව්‍යමය වශයෙන් ඉතා වැදගත් සහයක් ලබා දුන් ද්‍රවිිඩ ඩයස්පොරාවේ භූමිකාව සහ වන්නියේ සිදුවු මානුෂිය විනාශය පිළිගැනීමට ප‍්‍රතික්ෂේප කරන අය නිසා තවදුරටත් වගකීමට සහ තිරසාර සාමයකට බාධාවන තත්වයක් නිර්මාණය කෙරිණි.

වගකීිමට සහය වන පරිසරයක් එනම් වාර්ගික ජාතික අර්බුදයේ මුල් බැසගත් හේතුන්ද ඇතුළුව අතිතයේ පුළුල් හැඩතල අවංකව තක්සේරු කිරිමට සහය වන තත්වයක් වර්තමානයේ නැත. මානව හිමිකම් වලට ගරු කරන විවෘත සමාජයක් ගොඩනැගිමට ස්ථිර පියවරයන් ගැනීම අවශ්‍යය වේ. ඒ හා සමානව ප‍්‍රීති ප‍්‍රකාශ කිරිීමෙන්ද ඉවත්විිය යුතුය. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ වාර්ගික විවිධත්වය පිළිගනු ලබන සැබෑ දේශපාලන විිසඳුුමකට අවශ්‍යය කරන කැපකරීමෙන් ඉවත්වීමද සිදුනොකළ යුතුයි. දෙමළ ජනයා රටේ අනාගතයේ පදනම ලෙස සළකා ශ‍්‍රී ලංකාවේ සියලුම ජනතාවට පුර්ණ පුරවැසිබාවය ලබාදිමට කටයුතු කළ යුතුය.

සිවිිල් වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර භූමිකාව

යුද්ධයේ අවසන් අදියර අතරතුර කාලයේදී එක්සත් ජාතීන්ගේ දේශපාලන අංශ සහ ආයතන සිවිල් ජනයා ආරක්ෂා කිරීමට ගතයුතු පියවර ගැනීිමට අපොහොසත් විය. වැඩිවශයෙන් ජාත්‍යන්තර මට්ටමේ ජේ්‍යෂ්ඨ නිළධාරීින් ප‍්‍රසිද්ධියේ සහ පෞද්ගලිකව ආණ්ඩුවට උපදෙස් දෙන ලදීි. ඔවුන් සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙසත් රෝහල් වලට සහ එක්සත් ජාතීන් හෝ ජාත්‍යන්තර රතු කුරුස සංවිිධානයේ ගොඩනැගිලි පිහිටි ස්ථාන වලට ෂෙල් ප‍්‍රහාර එල්ල කිරිමෙන් වළකින ලෙසත් පැවසුහ. කමිටුව දරණ මතය වන්නේ තුවාලකරුවන්ගේ සංඛ්‍යා ප‍්‍රසිද්ධවීිම නිසා සිවිල් ජනයා ආරක්ෂා කරන ලෙස කළ ඉල්ලීමි දැඩි වු බවත් ඒ අතරවාරයේ වන්නියේ ඇති වු එවැනි සිද්ධීන් හෙලිදරව් වු බවත්ය. ඊට අමතරව යුද්ධය අවසන්වීමත් සමග මානව හිමිිකම් කවුන්සිලය 2009 මැයි මාසයේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වු සිය යෝජනාව සම්මත කරන ලදිී. එය අසම්පුර්ණ තොරතුරු මත පදනම්ව සිදුකරන ලද්දකි.

නිර්දේශ

මෙවැනි සන්දර්භයක් තුළ කමිටුව පහත මිනුම් දඬු ඉදිරිපත් කරයි. එය සමිපුර්ණයෙන්ම බලාපොරොත්තු වෙන්නේ එක්සත් ජාතීන්ගේ මහ ලේකමි සහ ආණ්ඩුව අතර වගකීම සම්බන්ධයෙන් වැඩ සැලැස්මක් සහ වැඩදායි සමිබන්ධයක් ඇතිවේ යන්නය. ඔවුන් කමිටුව අවශ්‍යයයි සළකන විවිධ මාන තුළින් වගකීම පිළිබඳව සළකා බලමින් සිටී. එයට ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙි, එක්සත් ජාතිිීන්ගේ සහ විවිධ පාර්ශවයන්ගේ ප‍්‍රශංසාත්මක ක‍්‍රියාවන් අවශ්‍යය වේ.

නිර්දේශ 01 විිමර්ශන

අ. ශ‍්‍රී ලංකා ආණ්ඩුව ප‍්‍රමාදයකින් තොරව තම ජාත්‍යන්තර වගකීම් වලට අනුකූලව ඵලදායි වගකීම පිළිබඳ කි‍්‍රයාදාමයක් පිළිබඳ අදහසින් යුතුව කමිටුව විශ්වසනීය ලෙස සොයාගත් චෝදනා පිළිබඳව සහ යුද්ධයට සම්බන්ධ වු දෙපාර්ශවයම ජාත්‍යන්තර මානව දයාවාදි සහ මානව හිමිකම් නීතිය උල්ලංඝණය කිරිම පිළිබඳ චෝදනා පිළිබඳව සැබෑ ලෙස දේශීයව විමර්ශන කිරීම වහා ආරමිභ කළ යුතුය.

ආ. මහ ලේකම්වරයා වහාම ස්වාධීන ජාත්‍යන්තර යාන්ත‍්‍රනයක් පිහිටුවිය යුතුය. ඔවුන්ට පහත සමකාලීන ක‍්‍රියාවන් සිදුකිරිමෙහිලා වරමක් හිමිවිය යුතුය.

1. ශ‍්‍රී ලංකා ආණ්ඩුව දේශීයව එලදායි වගකීම පිළිබඳ ක‍්‍රියාදාමයක් ගෙනයන බවටත් උල්ලංඝණය කිරිීම් පිළිබඳ චෝදනා සත්‍යය ලෙස විමර්ශනය කරන බව සහ එහි සොයාගැනීිම් පිළිබඳව කලින් කල මහ ලේකමිවරයාට උපදෙස් දෙන බවත් එයට ඇතුළත් විිය යුතුය.

2. සැබෑ සහ ඵලදායීි දේශිිීය විිමර්ශන වලට අනුකූුලව උල්ලංඝණයන් පිළිබඳ චෝදනා ස්වාධීනව විිමර්ශනය කළ යුතුය.

3. වගකීිමට අදාළ යුද්ධයේ අවසන් අදියරේදි සිදුවු දේ පිළිබඳ තොරතුරුද කමිටුව සහ එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාදාමයට අදාළ සෙසු ආයතන සොයා ගත් තොරතුරුද ඇතුළුව සියල්ල අනාගතයේ සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගැනීම සඳහා එකතුකර ආරක්ෂා කරගත යුතුය.

නිර්දේශ 02 - වගකිම වැඩි කිරීම සඳහා ගතයුතු සෙසු මිනුම් දඬු .

තම අයිතින් උල්ලංඝණය වු සහ අඛණ්ඩව උල්ලංඝණය වන අයගේ ඛේදවාචකය සළකා බලන ගමන් වගකිම පිළිබඳ ආණ්ඩුවේ කැපවීම ප‍්‍රදර්ශනය කිරීම සඳහා පහත මිනුම් දඬු කඩිනමින් භාවිතයට ගත යුතුය.

අ. වන්නියේ සියලු වින්දිතයින්ගේ සහ නොනැසී ජිවිතය පවත්වාගෙන යන අයගේ අයිතිවාසිකම් සහ ගරුත්වය පිළිගත්තා වු සහ එයට අවධානය යොමුකළ කෙටි කාලීන මිනුම් දඬු ශ‍්‍රී ලංකා ආණ්ඩුව කි‍්‍රයාත්මක කළ යුතුය.

1. රජය විසින් සිදුකරන සියලු උල්ලංඝණය කිරීම් අවසන් කළ යුතුය. මෙයට් රජය ඉවසා දරා සිටි රජය නියෝජනය කළාවු සියලු ආයතන, පැරා මිලිටරි කණ්ඩායම් සහ සෙසු කණ්ඩායම් සිදුකරන උල්ලංඝණය කිරීමි ඇතළත් වේ.

2. මෘතශරීර සොයා ඒවා පවුල්වල උදවියට බාරදිීමට කටයුතු කළයුතු අතර මියගිය අයවෙනුවෙන් සංස්කෘතික වතාවත් කිරීමට අවශ්‍යය පහසුකම් සලසාදීමට සහය වියයුතුය.

3. පවුල්වල සාමාජිකයින් ඉල්ලා සිටිවිට මියගිය අය සහ අතුරුදහන් වු අය සමිබන්ධයෙන් ඉතා ඉක්මනින් ගෞරවයෙන් සහ අය කිරීමකින් තොරව මරණ සහතික ලබාදියයුතු අතර එහිදි ඉදිරි විමර්ශන සහ සිවිල් හිමිකම් පෑම් පිළිබඳ ඔවුන්ගේ අයිතින් සාමයෙන් බේරා ගතයුතුයි බලපෑම් නොකළ යුතුය.

4. ජිවිතය නොනැසී පවත්වාගෙන යන සියලු දෙනාට සිය සංස්කෘතික වටිනාකම් සහ සම්ප‍්‍රදායන් වලට අනුකූුලව මනෝ සමාජියව අවශ්‍යය සහයෝගය ලබාදීමට සහය විය යුතුය.

5. සියලු අවතැන් වු පුද්ගලයින්ව නිදහස් කළ යුතුය. ඔවුන්ගේ කැමැත්තට අනුව නැවත ඔවුන්ගේ නිවෙස් කරා යාමටත් නැවත පදිංචියටත් අවශ්‍යය පහසුකම් සලසාදීමට සහය විය යුතුය.

6. සියලූ නොනැසි ජිවිතය පවත්වා ගෙන යන අය සාමාන්‍යය ජන ජිවිතයට හැඩගැසෙන තෙක් ඔවුන්ට අවශ්‍යය පහසුකම් අඛන්ඩව ලබාදීමට කටයුතු කළ යුතුය.

ආ. ශ‍්‍රී ලංකා ආණ්ඩුව බලය යොදා අතුරුදහන් කළ පුද්ගලයින්ගේ ඉරණම සහ ස්ථාන පිළිබඳව විමර්ශනය කළ යුතුය. අනාවරණය කළ යුතුය.

ඇ. මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුව බලය යොදා සහ අකමැත්තෙන් අතුරුදහන් කිරිම් ගැන කටයුතු කරන ක‍්‍රියාකාරී කණ්ඩායමට ලංකාවට පැමිණීමට ආරාධනා කළ යුතුය.

රටේ දේශපාලන වාතාවරණය තුළ ශ‍්‍රී ලංකා ආණ්ඩුව හදිසි නීති රෙගුලාසි අවලංගු කිරිීමටත් ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තරය සම්බන්ධයෙන් වු වගකිමි වලට නොගැළපෙන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සියලු ප‍්‍රතිපාදන වෙනස් කළ යුතුය. මෙ පනත යටතේ හෝ වෙනත් ප‍්‍රතිපාදන යටතේ රඳවා තබාගෙන සිටිින සැක කටයුතු එල් ටී ටී ඊ සාමාජිකයින් සහ සෙසු අය සම්බන්ධයෙන් පහත මිනුම් දඬු අනුගමනය කළ යුතුය.

1. දැනට රඳවා තබා ගෙන සිටින සියලුම දෙනාගේ නම් සහ රැඳවුම් ස්ථාන ප‍්‍රසිද්ධියට පත් කළ යුතුය. ඔවුන්ව රඳවා තබා සිටීමේ නෛතික පදනම ඔවුන්ට පැහැදිළි කර දිය යුතුය.

2. සියලුම රැඳවියන්ට සිය ඥාතීන් හමුවීමට සහ නිති උපදෙස් ගැනීමට අවශ්‍යය ප‍්‍රවේශය සලසාදිය යුතුය.

3. සියලුම රැඳවියන්ට අධිකරණ වලදි ස්වාධීනව තමන් රඳවා තබා ගැනීමේ යුක්ති සහගත බව පිළිබඳව කේවෙල් කිරිමට ඉඩ පහසුකම් ලබාදිය යුතුය.

4. බරපතල අපරාධ පිළිබඳව සාක්ෂි ඇති අයට චෝදනා ගොනු කර සෙසු සියලු දෙනා නිදහස් කළයුතු අතර ඔවුන්ට බාධාවකින් තොරව නැවත සමාජානුගතවීමට අවශ්‍යය පහසුකම් ලබාදිය යුතුය.

ඈ. ශ‍්‍රී ලංකා ආණ්ඩුව රාජ්‍යය ප‍්‍රචණ්ඩත්වයට තිත තැබිය යුතුයි. අනෙකුත් භාවිතයන් එනම් නිදහසේ ගමනාගමනය රැස්වීම සහ භාෂණය පිළිබඳ සීිමා පැමිණවීිම හෝ බිය ගෙන දෙන වාතාවරණයක් ඇති කිරීිම යන සියල්ල නතර කළ යුතුයි.

නිර්දේශ 03 දිගුකාලීන වගකීම පිළිබඳ මිනුම් දඬු.

දැන් පවතින්නා වු ජයග‍්‍රාහීි සහ නොසළකා හැරිීම පිළිබඳ වාතාවරණය අතිතය අවංකව විභාග කිරිමට උපකාරි වන්නේ නැත. මේවා දිගුකාලිනව දේශපාලන පරතරයන් ඇති කිරිීමෙහිලාද හේතු වේ. යුද්ධයේදි සිදුවු සියලු කි‍‍රයාවන් පිළිබඳ සම්පුර්ණ වගකීම සඳහා පහත මිිනුම් දඬු අනුගමනය කළ යුතුය.

අ. ශ‍්‍රී ලංකාව උගත් පාඩම් සහ සංහිදියා කොමිෂමේ වැඩ කටයුතු වලින් එහා ගිය ක‍්‍රියාදාමයක් අනුගමනය කළයුතු බව සියල්ල සළකා බැලීමේදී පෙනී යයි. එහිදී ශක්තිමත් සිවිල් සමාජයක සහභාගීත්වය අවශ්‍යය වේ. ගැටුමට හේතුවු මුල් බැසගත් කරුණු දෙපාර්ශවයෙන්ම පිළිඹිබු වන වාර්ගික ජාතිවාදී අන්තවාදිීත්වයද ඇතුලුව යුද්ධය සිදු වු ආකාරය සහ ප‍්‍රචණ්ඩත්වයේ ස්වරූපයන් හුරුවී ඇති ආයතනික වගකිීම් ඉතා දැඩි ස්වරූපයකින් විභාග කළ යුතුව ඇත.

ආ. ශ‍්‍රී ලංකා ආණ්ඩුව යුද්ධයේ අවසන් අදියරවල් වලදි සිවිල් වැසියන්ට හානිවීම පිළිබඳ සිය වගකීම ගැන පොදු එමෙන්ම නිල දැන්වීමක් නිකුත් කළ යුතුය.

ඇ. වන්දි පිරිනැමීිමේ වැඩපිළිවෙලක්ද ශ‍්‍රී ලංකා ආණ්ඩුව විිසින් සකස් කළ යුතුව ඇත. එය ජාත්‍යන්තර ප‍්‍රමිතිීන්ට අනුකූුල විිය යුතුය. එමගින් විශේෂයෙන් කාන්තාවන් ළමයින් සහ පහසුවෙන් පිඩාවට පත්විය හැකි කණ්ඩායම් වලට අවධානය යොමු කරමින් යුද්ධයේ අවසන් අදියර වලදී බරපතල උල්ලංඝණයන් වලට ලක් වු සියලුම වින්දිතයින්ට සහන වන්දි ලබාදිිය යුතුව ඇත.

නිර්දේශය 04 - එක්සත් ජාතින්

ශ‍්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියර වලදි සහ ඉන්පසුව වන්නියේ සිවිිල් වැසියන්ගේ ඛේදජනක තත්වය ගැන එක්සත් ජාතීන්ගේ ප‍්‍රතිචාරය සලකා බලමින්,

අ. මෙම වාර්තාව නිකුත් වු ගමන්ම මානව හිමිිකම් කවුන්සිලයට ඔවුන්ගේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වු 2009 මැයි මස විශේෂ සැසිවාර යෝජනාව (A/HRC/S-11/l.1/Rev.2)  නැවත සළකා බලන ලෙස ආරාධනා කරමු.

ආ. ශ‍්‍රී ලංකාවේ යුද්ධය පැවති කාලයේදී සහ ඉන්පසුව එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාදාමය මානුෂික සහ ආරක්ෂාව පිළිබඳ තම වරණය ක‍්‍රියාත්මක කළ ආකාරය ගැන මහ ලේකමිවරයා පුළුල් සමාලෝචනයක් කළ යුතුව ඇත.


එක්සත් ජාතින්ගේ කමිටු වාර්තාවෙි නිලනොවන ප‍්‍රකාශයේ පරිවර්තනය - හර්ෂි සි. පෙරේරා

මාර වෙස් ගත් සිවිල් ආරක්ෂකයා.

මාර වෙස් ගත් සිවිල් ආරක්ෂකයා. සරණිගේ අත කඩලා


Dear All- Visit related videos Links :  

Thursday, April 21, 2011

අපි තවමත් වහල්ලුද ?


 මේ ප්‍රවේශය තුවක්කුවකින් තවෙකෙක් ගේ පපුවට එල්ලවන උන්ඩයකට එරෙහිවය. 
තවෙකෙක් විසින් තව කෙනෙකුගේ දෙපා බිලි ගැනීමට එලන ජොනී බට්ටෙකුට එරෙහිවය. 
තවත් ප්‍රජාවක නායකත්වයට පත්වන්නට ආධිපත්‍යය පතුරවමින් සාහසික නායකයන් විසින්
තවත් ප්‍රජාවක් බිලි ගැනීමට එරෙහිවය.කොටින්ම කියතොත් තමන්ගේ ජීවිතය බිලි දෙමින්
දහස් ගණනකගේ ජීවිත බිලිගන්නා යක්ෂා රෝපණයට එරෙහිවය. සමස්ත ලෝකයටම 
සාන්තුවරයන් සේ පෙනී සිට මාරයාගේ කාර්යය පවරාගත් තිරස්චීන ආවේශයට එරෙහිවය.
පෙඩ්‍රික් ඩග්ලස්ගේ වහල් භාවය නම් කෘතිය කියවන විට මට හැගුනේ අප සියලු දෙනාම 
වහලුන් වන බවයි.

වහලුන්ට සුදුසු තැන සුදුසු ආකාරයෙන් ලබාදෙමින් ඔහු ලෝක පූජිතයින් අතරට එක්වූ තවත් 
එක් අපූර්වතම මිනිසෙකි.

උපතින්ම වහල්බාවය තුරුලු  කරගත් ඔහු වහල් බාවය කුමක්ද යන්න සිය ජීවිතයේ අත්දැකීම්
සමගින් එකතු කර ගත්තෙකි. ඉගෙනීමට නොදත් ඔහු ඉගෙනීමට තිබූ පළමු පියවරින් සිය මුලු 
මහත් ජාතියටම නිදහස උරුම කර දීමට සමත් විය.

වහලාට අකුරු ඉගැන්වීම, ඉගෙන ගැනීමට මුලුමනින්ම තහනම් විය. මෙකී ජීවිතය 
වහල් හිමියන් දැඩිව ක්‍රියාත්මක කළහ.

නුඹ වහලෙකුට අගලක් දුන්නොත් ඔහු අගල් 45ක් ගන්නවා. කල්ලන්ට උගන්නන්න ඕනෙ 
ස්වාමියාට කීකරු වෙන්න....
                       (22 පිටුව)

වහලාගේ ශ්‍රමය සදහා ගෙවීමක් නැත. ආහාරයට යන වියදම හැර වෙනත් වියදමක් දැරීමට
වහල් හිමියාට අවශ්‍ය නැත. ඒ හේතුවෙන් වහලාගේ ධනය වහල් හිමියාගේ ධනය බවට 
පරිවර්තනය වන්නේ නිරායාසයෙනි.

ඉතා කුඩා කාලයේදීම වහල් ක්‍රමය පිළිබදව පරිපූර්ණ දැනුමක් පෙඩ්‍රික් ඩග්ලස් සතු විය. 
වහලා පාලනයට තිරිසනෙකුට නොදෙන දඩුවම් විශාල ප්‍රමාණයක් වහල් අධ්‍යාපනයට
එකතු විය. වහල්භාවය අවබෝධ කරගත් මොහුට ඊට එරෙහිව ක්‍රමයෙන් සටන් කිරීමට 
අවශ්‍ය මානසිකත්වයක් ඇති විය. එහෙත් ඔහුගේ පළමු උත්සහාය අසාර්ථක විය.

අවසානයක් නොමැති වහල්බාවය නැමැති අපායේ මම තවදුරටත් තනි විය. දෙවියනි මා 
ආරක්ෂා කරන්න. දෙවියනි මා කොහේට හරි යවන්න... පැනගොස් අහුවේවිද? බේරෙයිද?
මෙවැන බාධක රාශියක් පැමිණීයත් උත්සාහය අත් නොහැරී ඔහු ක්‍රමයෙන් සිය අරමුණ කරා 
ලංවෙයි. වහල් හිමියන්ගෙන් පැන නිදහස සොයා ගමන් ආරම්භ කළේය. 
වහල් හිමියන්ට අසුවුවහොත් අනිවාර්යයෙන්ම ඔහුගේ මරණය කිසිවෙකුටත් වැළැක්විය 
නොහැකිය.

එහෙත් සියලු බාධක  මධ්‍යෙය්  ඔහු වහල්බාවය නීතියෙන් නොපිළිගන්නා ප්‍රදේශයක් කරා යයි.
මා මගෙන් නිරතුරුව ඇසූ දෙයක් විය. එනම් නිදහස් නිවහල් දේශයකදී මට දැනෙන්නේ 
මොනවාද? හැගෙන්නේ මොනවාද? යන්නයි

දැන් එළඹ ඇත්තේ ජනතාව අවධියෙන් බැලිය යුතු කරුණ දෙසයි. එවිට සාමය මගින් 
ජනතාවට ස්වකීය හෘදස්පන්දනය දැනෙන්නට ගනියි. එනම් එවිට නොපෙනන පැත්ත හා 
පෙනෙන සත්‍ය අවබෝධ වන්නට ගනීවි.

අලුත් දේශයේදී වහල් බාවයට එරෙහි සටනේදී සුදු මිනිසුන් ක්‍රියාත්මක කරන කණ්ඩායමට 
එකතු වීමට ඔහුට පුලුවන් විය. ඒ හරහා මොහු මුලු ලොවටම හඩගා කතා කළේය. 
ඒ හරහා ඉතා ඉක්මනින් වහලුන්ගේ නැගී සිටීමක් ආරම්භ විය. කලු ජාතිකයින්ගේ 
අවශ්‍යතාවය වටහාගත් එකල ජනාධිපතිව සිටි ඒබ්‍රහම් ලින්කන් වහල්බාවය අහෝසි කිරීමේ 
ප්‍රකාශය නිකුත් කළේය.

සබද දැන් එළඹ ඇත්තේ අවසාන නිමේශයයි. ඒ හරහා ජාත්‍යන්තර මානව හිමිකම් ව්‍යාපාරයන්හී 
බිහිවීම සනි‍ටුහන් කළේය. වහල්බාවයටන්ට එරෙහිව සටන් කරමින් සාමානාත්මතාවයේ පදනම 
ඇත කරමින් වර්තමානය වන විට ඔවුන් සිය අරමුණ සාර්ථක කරගෙන තිබේ.

සටහන:
 - නිදහස් මධ්‍යවේදිනී දනේශා ආසිරි කිතුල්ගොඩ -

Wednesday, April 20, 2011

Attorney General wrong to withdraw charges - CJ

It is wrong for the Attorney General (AG) to withdraw criminal charges filed against a suspect, Sri Lanka's Chief Justice (CJ) said.


The Chief Justice was referring to the recent withdrawal of charges against government politicians by the Attorney General.



CJ Asoka de Silva
CJ says it is for the AG to explain why he withdrew criminal charges



"The AG does not have powers to withdraw charges if there is evidence," CJ Asoka de Silva told BBC Sinhala service, Sandeshaya.

AG Mohan de Silva withdrew murder charges against former MP Chandana Katriarachchi while the trial on other charges was underway.

He also withdrew rape charges against Colombo district ruling party MP Duminda Silva, who is also the monitoring MP for the defence ministry.

'AG to explain'

"I can only say it is wrong for the AG to withdraw the charges," CJ Asoka de Silva said.

"But I don't know why it happened; it is for the AG to explain why he withdrew the charges," he said.


 I can only say it is wrong for the AG to withdraw the charges
 
CJ Asoka de Silva








Former CJ Sarath N de Silva
'If there was no evidence why did the 
AG file the charges'
Sri Lanka's former Chief Justice Sarath Nanda Silva earlier questioned the legality of AG's action to withdraw the charges.

Sarath Nanda Silva, who held the position of CJ for over a decade said that the withdrawal of the charges "undermines judiciary and judicial independence."

“If there was no evidence why did the AG file the charges?,” the former CJ questioned in an interview with BBC Sandeshaya.

The AG's decision to withdraw charges while a case is proceeding is a violation of the accepted norms, according to the former CJ


Outgoing Chief Justice added that the AG is the sole authority to file criminal charges against the suspects.




Asoka de Silva, who succeeded Sarath Silva in 2009, retires next month after holding the office for two years.


He will return to the UN tribunal -ICCPR -, he said, but has no plans to hold any other office despite requests from abroad and President Mahinda Rajapaksa.

BBC Sandeshaya will broadcast a series of interviews with the outgoing CJ during the next few days

http://www.bbc.co.uk/sinhala/news/story/2011/04/110417_asoka_duminda.shtml

මානව හිමිකම් කොමිෂමේ 11 කාමරයේ නමක් නැති පොලිස් ගැත්තෙක්


ලූකස් මහතා මානව හිමිකම් කොමිෂමට ගියේ බණ අහන්න හෝ නීතිය ඉගෙන ගන්නට නොවේ.


ඔහු නීතිය නොදන්නා අයෙකු බව සිතා, තම අනන්‍යතාවය පවා හෙළිකරන්නට ආත්ම ශක්තියක් නොමැති 11 කාමරයේ නිලධාරියා ගැන - එහි සභාපතිට කළ පැමිණිල්ල


.......................................................................................................................

                                                                                         කේ.කේ.ඩී.එස්.ලුකස්
                                                                                         පිට්ටනිය අසල,
                                                                                         කලමුල්ල,
                                                                                         කළුතර.
                                                                                         2011.04.19

සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
108, බාන්ස් පෙදෙස,
කොළඹ 07.


පැමිණිලි අංක HRC/3771/10/I (iii)

මා විසින් ඔබ වෙත කරන ලද පැමිණිලිවලට අනුව උක්ත අංකය යටතේ 2011.04.19 දින,පෙ:ව:10.00 ට මා ඔබ කාමිෂම වෙත කැඳවන ලදි.

එ අනුව අද දින (19 දින) මා ඔබ කොමිෂමට පැමිණි අතර, මාව අංක 11 දරණ කාමරයට යොමු කරනු ලැබුවා. එහි සිටි නිළධාරීවරයාගේ නම කවුදැයි මා දන්නේ නැත.

එම නිළධාරියා මාගෙන් සිද්ධීය පිළිබඳව විමසූ අතර, මා සම්පූර්ණ සිද්ධිය ඔහුට ප්‍රකාශ කර සිටියා. එවිට ඔහු ප්‍රකාශ කර සිටියා ගේ චෙක් කරන්න පොලිසියට අයිතියක් තියෙනවා, ඇයි ඔයා ඉඩ දුන්නේ නැත්තේ, ඔයා රාජකාරියට බාධා කලැයි කියා නඩු පවරන්න පොලිසියට පුලූවන් කියා. මා ඔහුගේ ප්‍රකාශයට විරෝධය පා,  අනවශ්‍ය ආකාරයට නිවසට බලහත්කාරයෙන් ඇතුල් වී මට හා නිවැසියන්ට හිරිහැර වන සේ කටයුතු කිරිමට ඉඩ නොදී සිටීමට මට අයිතියක් ඇති බවත්, යම් විදිහකින් පොලිස් නිළධාරීන් එසේ මාගේ නිවසට අයුතු ලෙස ඇතුල්වී, මාගේ නිවස තුල බෝම්බයක් තබා මා අත්අඩංගුවට ගෙන, රිමාන්ඩ් කලා නම් මට වෙන්නේ මොකක්ද යයි මා ඔහුගෙන් විමසා සිටියා. එවිට ඔහු පවසා සිටියේ එහෙම වුනොත් කරන්න දෙයක් නැහැ යනුවෙනි. ඔහු දිගින් දිගටම පවසා සිටියේ මා පොලිසියට අවශ්‍ය ආකාරයට කටයුතු කල යුතු බවයි. තවද ඔහු පවසා සිටියා ඕගොල්ලො ඔහොම කලාම, පොලිසිය තරහා වෙනවානේ කියා. අවසාන වශයෙන් මා ඔහුට පවසා සිටියා මා මෙහාට ආවේ සාධාරණයක් බලාපොරොත්තුවෙන්, නමුත් මෙතනිනුත් වන සාධාරණයක් නැති බව. මා ඔහුට තරයේම මාගේ විරෝධතාවය පළ කලා.

මා ප්‍රකාශ කර සිටින්නේ, ඔබ කොමිෂමද නීති විරෝධී ලෙස කටයුතු කරන පොලිසිය ආරක්ෂා කිරිමට කටයුතු කරනා ආයතනයක් බවයි. 

එමෙන්ම, විමර්ශණයක් සඳහා යයි මා ගෙන්වා, 11 වන කාමරයේ සිටි විමර්ශණ නිලධාරියා දිගින් දිගටම පොලිසියට පක්ෂව කටයුතු කරමින්, අගතියට පත් මා අධෛර්මත් කිරීමට කටයුතු කල බවයි.

පොලිසියෙන් අසාධාරණයට ලක්වූවන්, මානිව හිමිකම් කොමිෂමට පැමිණිලි කරන්නේ සාධාරණයක් බලාපොරොත්තුවෙනි. නමුත් මානව හිමිකම් කොමිෂම ද නීති විරෝධී ලෙස කටයුතු කරනු ලබන පොලිස් නිලධාරීන් බේරීමට කටයුතු කරනවා මිස අගතියට පත්වූවන්ට ලබාදෙන සහනයක් නැත. ඔබ කොමිෂමද පොලිසියට දෙවෙනි නැත. මානව හිමිකම් කොමිෂම අගතියට පත්වූවන්ට සාධාරණය ඉටු කර දෙන තැනක් නොවන බව අද දින ඉතා පැහිදිළි විය.

එමෙන්ම ඔබගෙන් කලයුතු තවත් ඉල්ලීමක් ඇත. එනම්, ඔබ විමර්ශණ නිළධාරීන්ගේ නම් මොනවාදැයි අදාල ස්ථානයේ ප්‍රදර්ශනය කරන ලෙසටයි. විමර්ශණ නිලධාරීන් ලෙසට පෙනී සිටින එකී පුද්ගලයින් කවුදැයි දැනගැනීමට අපට අයිතියක් ඇත. ඔවුන්ගේ නීති විරෝධී කටයුතු පැමි‚ලි කිරීම සඳහා අප ඔවුන් කවුදැයි දැන සිටිය යුතුය.

මා තව දුරටත් ඉල්ලා සිටින්නේ,

පොලිසිය ආරක්ෂා කර, අගතියට පත් තැනැත්තන් තව තවත් අගතියට පත්කරන ඔබ කොමිෂමේ විමර්ශණ නිලධාරින් සම්බන්ධයෙන් සොයා බලා, ඔවුන්ට එරෙහිව පියවර ගෙන, එවන් වංචාකාරයින් මානව හිමිකම් කොමිෂමේ කටයුතු වලින් ඉවත් කර, අගතියටපත් තැනැත්තන්ට සාධාරණය ඉටු කිරීමට කටයුතු කරනා ලෙසටයි.

ඉහත කරුණු සත්‍ය බව ප්‍රකාශ කරමි.


කේ.කේ.ඩී.එස්.ලුකස්

මානව හිමිකම් කොමිෂම විසින් ලූකස් මහතාට එවූ ලියමන
විශාල කර බලන්නට එය මත click  කරන්න


Saturday, April 16, 2011

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ක්‍රිකට්


ඉන්දියාව සහ පකිස්ථානය අතර ක්‍රිකට් නිසා සබදතා වර්දනය වන ලකුණු පෙනෙන්නට තිබේ. මෙය 2008 වසරේ මුම්බායි ප්‍රහාරයෙන් පසු දෙරට අතර ඇතිවූ විරසකය පහව යාමකි. ලෝක කුසලාන අවසන් පුර්ව වටයේ තරග එනම් ඉන්දියාව සහ පකිස්ථානය අතර නරබිමැට් දෙරටේ අගමැතිවරු එක්වුහ. මෙය සාක් කලාපිය රටවලට සතුටු විය හැකි කාරණාවකි. මේ රටවල් දෙක අතර 1947 න් පසු යුද්ද තුනක් ඇතිවූ බවද අප විසින් අමතක නොකළ යුතුය.

නමුත් මේ දිනවල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබදතා වල යම් යම් අඩුපාඩු අසන්නට ලැබේ. ඉන්දීය දීවර්යින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම දෙරටේ විදේශ සබදතා සම්බන්දයෙන් හොද කරුණක් වුයේ නැත. අලුත්ම තත්වය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්දවයි. ක්‍රීඩා ඇමතිවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ දෙරට අතර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී තමන්ට ඉන්දීය ක්‍රිකට් බලදරින්ගෙන් ලැබුණු සැලකිලි මදියි චෝදනා කළේය.

දැන් ශ්‍රී ලංකාවේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඉන්දියාවේ අයි. පි. එල් තරගාවලියට සහබාගි වෙති. ක්‍රීඩා ඇමති ඔවුන් මැයි 05 වැනිදාට පෙර ලංකාවට නොපැමිණියහොත් තමන් එළබෙන එංගලන්ත තරගාවලිය සදහා වූ කණ්ඩායමට වෙනත් ක්‍රීඩකයින් තෝරා ගන්නා බවට අනතුරු අගවා ඇත. ක්‍රිකට් ක්‍රීඩකයින් අයි. පි. එල් තරගාවලිය අවසන් වීමට පෙර සිය රටට පැමිණීම ඉන්දියාවට පාඩු ගෙනදෙන්නකි.

ක්‍රීඩා ඇමතිවරයා කෝපයට පත්වී කරන හදිසි ප්‍රකාශ ඉන්දීය සබදතා කෙරෙහි නරක අතට බලපා හැකිය. නියෂ්ටික බලවතුන් වූ ඉන්දියාව සහ පකිස්ථානය අතර ක්‍රීඩාව නිසා සබදතා යහපත් ආකාරයට වර්දනය වන ආකාරය අපේ රට විශේෂයෙන්ම ක්‍රීඩා ඇමතිවරයා පමාවී හෝ ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන පාඩමක් කර ගත යුතුය. එසේ නොවුනහොත් මෙම තත්වය දෙරට අතර රාජ්ජය තාන්ත්‍රික සබදතා වලට අහිතකර ලෙස බලපානු ඇත.


හර්ෂි සි. පෙරේරා

Wednesday, April 13, 2011

බුදු සරණයි - පොළීසියට අරහං


මේ ත්‍රී රෝද රතයේ ඉදිරිපස වීදුරුවේ අලවා තිබෙන "බුදු සරණයි" ස්ටිකරය වහාම ගලවා අයින් කරන ලෙසටත්, හෙට වෙනකොට එසේ නොකලහොත් උසාවි දමන බවටත්, අමු තිත්ත කුණ හරපයෙන් බැන තර්ජනය කර ඇත්තේ උදේ හවස බුදුන් සරණ යන සම්බුද්ධ ජයන්තියට පෙළ ගැසෙන පානදුර බෞද්ධ පුරවරයට අයත් ශ්‍රි ලංකා පොලිසියේ පානදුර උතුර පොලිසියේ උපාසක මහත්වරුය..... සවිස්තර වාර්තාව ලඟදීම



Monday, April 11, 2011

Protect my family and me from Police Criminals,

Begs Ranjith Sumangala & appeals to all concerned.

Ranjith Sumangala

Ranjith Sumangala, aged 36, a torture survivor, request and appeal to all authorities concerned to protect him and his family, wife and two children, from Police Criminals who illegally arrested, detained and tortured at the Torture Chamber maintained by Mirihana Police and then took to his house, beat and ill-treated like an animal in front of his family and linked in fabricated false charges.

Complains logged by Ranjith against Mirihana Police, went in vain. Hence, on March 28, 2011, he filed a fundamental rights petition against torture and ill-treatment deployed on him by the officers attached to Mirihana Police. Even before this case is taken for hearing by the court, the police criminals have begun pressurize him to withdraw the petition.

The first respondent, Bandara, an officer attached to Mirihana Police had visited his house and ordered his wife to compel Ranjith to withdraw the case.

Up to date, Ranjith is receiving treatment for the injuries caused by the police criminals, and he has also to appear before Horana Magistrate Court to face the fabricated cases.

The wife and children who have not recovered yet from the shock already received by the first incident, are now again in panic by the unauthorized visit made by the Policemen

Ranjith Sumangala appeals to all concern to stop police criminals visiting and further harassing him and his family.


Pls read the following, our earlier caption on this case:-

Torture Chamber at Mirihana Police

A man was abducted by Mirihana Police, subjected to torture and produced before court on false allegations.
According to the torture survival, he was abducted by some policemen attached to Mirihana Police when he was going for work.
Among the abducts was a retired Army Officer who acts as a guide.
 After abduction he was taken to cemetery where he was blind folded and assaulted severely in a manner to kill him. Then he was taken to Mirihana Police in a van. In the van he was again assaulted and was pushed in between the seats on the floor of the van.
At Mirihana Police Station he was tortured for 4 days without giving water or food. On the fifth day he was taken to a room named by them as ‘Torture Chamber’. At the torture chamber he was hanged and assaulted.
When he was there, he was not permitted to go for his nature calls, but was severely assaulted and due to that urine and bowls were passed out beyond his control.
On the last day he was taken out of the chamber, bathed and was forced to wear wet cloths.
In the afternoon he was taken to court and an order was obtained to detain him for 48 hour. At the end of 48 hours Mirihana Police did not obliged to court order, but detained him further and forced to white wash the police building.
 Afterwards he was released on bail and when he went to Government Hospital and received treatment, there it was found that he was suffering from Post Traumatic Disorders. 



පොලිස් වධකයෝ පැමිණීල්ල ඉල්ලා අස්කරවන්නට වලිකයි.

රංජිත් සුමංගල


මිරිහාන පොලිසියේ නිලධාරියෙකු වන බංඩාර නැමැත්තා - තවත් නිලධාරීන් හා එක්ව, රංජිත් සුමංගලට දැඩි වධ දුන්නේ - මිරිහාන පොලිස් වධකාගාරය තුලය.

දිනක් ඔහුව නිවසට ගෙනගොස් බිරිද හා දරුවන් ඉදිරියේ දොර පොල්ල කැඩෙනකන් පහර දුන්නේය.

තිරිසනුන් ලෙස මේ පොලිස් කාරයින් හැසිරුනේ හිටපු හමුදා නිලධාරියෙකුගේ අවශ්‍යතාවයටය.

වධ දීමෙන් අනතුරුව - ඔහුට විරුද්ධව බොරු නඩු දැමීමටද මෙම පොලිස්කාරයෝ අමතක නොකලහ.

රංජිත් සුමංගල - පොලිස්පති ඇතුලු සියලු වගකිවයුත්තන්ට පැමිණිලි කලා. එහෙත් 

අපරාධකාරයින්ට එරෙහිව රටේ නීතිය නම් ක්‍රියාත්මක වූයේ නැත.

රංජිත් - ශ්‍රේෂ්ඨාධීකරණයට ගියේ යුක්තිය ලබා ගැනීමටය.

මිරිහාන පොලිසියේ බංඩාර ඇතුලු පිරිස අද රංජිත් සුමංගලටත්, ඔහුගේ පවුලටත් බලපෑම් කරන්නට පටන්ගෙන ඇත.

තම භාරයට පත්වන මිනිසුන්ට තිරිසෙනකුටවත් නොසලකන ආකාරයට වධදෙන මේ පොලිස් කාරයෝ - නඩු වැටුනු පසු නිවටයින් ලෙසට හැසිරෙන්නේ තමන්ගේ අඹු දරුවන්ද පාවා දෙමින්ය.

ආචාර්ය මහින්ද බාලසූරිය, ඔබ යටතේ සේවය කරන මේ වධකයින් ගැන කියන්නේ මොකක්ද?
නීතියක් රටේ තිබේද ?