Monday, September 28, 2020

බොරිස් ජොන්සන්ගේ කොරෝනා පාලන නීතිය වලින් මරණ වැඩි වේවි.

මේ වන විට covid - 19 වැළඳුණු ලෝකවාසීන්ගේ සංඛ්‍යාව මිලියන 33 කි. ප්‍රතිශතයක් වශයෙන් ගත් කල 0.04% සුව වු ප්‍රමාණය 60% (24,411,772) කිමියගොස් තිබෙන සංඛ්‍යාව 998,747 ඉක්මවා තිබේ. කොරෝනා ව්‍යාප්තිය මර්දනයට යුරෝපා රටවල් යළිත් නිරෝධායන නීති ගෙන ඒමට පියවර ගෙන ඇත.

 එංගලන්තයේ මේ වන විට රෝගීන්ගේ සංඛ්‍යාව 429.277 ඉක්මවා ඇත. ‍ප්‍රංශයේ එම සංඛ්‍යාව 527,446 කි. අසල්වැසි ඉන්දියාවේ රෝගීන්ගේ සංඛ්‍යාව 5,992,532කි.  අපේ රටේ සංඛ්‍යාව 3,349 කි. අපේ රටේ විශේෂත්වය වන්නේ සමාජය තුළින් රෝගීන් හමු නොවීම පමණකි. රෝගින්ගේ සංඛ්‍යව අනුව ගත් කළ රටවල් 215 අතරින් අප පසුවන්නේ 139 වන ස්ථානයේය. ලෝක සෞඛ්‍යය සංවිධානයට හා විශේෂඥයන්ට අනුව කෝවිඩ්-19  අවදානම කිසිසේත්ම අඩු වී නැත.

රුසියාව හා චීනය සොයාගෙන තිබෙන එන්නත එම රටවල භාවිතයට ගෙන තිබේ. නමුත් යුරෝපය රටවල බහුජාතික ඖෂධ සමාගම් වල බලපෑමට යටත්ව එම එන්නත පිළිබඳව සෘණාත්මක ප්‍රචාරයන් ප්‍රධාන ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබයි.

එංගලන්තය පුරා යළිත් වරක් හිස එසවීමට පටන්ගෙන තිබෙන කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එරට අගමැති බොරිස් ජොන්සන් හඳුන්වාදෙන ලද දැඩි නිරෝධායන නීති හා නියෝග මගින් එරට මරණ සංඛ්‍යාව වැඩි වී ඇති බවට විශේෂඥයින් ප්‍රකාශ කරයි. විශේෂයෙන් හෘදයාබාධ රෝගීන් මෙම තත්වය තුල 75,000 කට අධික සංඛ්‍යාවක් නිවෙස් තුළ දී මිය යනු ඇති බවට ගණන් බලා තිබේ. 


 

ඉස්ලාම් ත්‍රස්තවාදියෙකු මස් කපන පිහියකින් ප්‍රංශ ජාතිකයින්ට කොටයි..


  ඉස්ලාම් අන්තවාදී සංවිධානයට සම්බන්ධ 18 හැවිරිදි තරුණයකු මස් කපන පිහියක් පැරිසියේ සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී දිකයින්ට එල්ල කර ප්‍රහාරයෙන් දෙදෙනෙකු බරපතළ ලෙස තුවාල ලැබ තිබේ. මෙම තරුණයා පකිස්ථානු ජාතිකයෙකි. ප්‍රංශ රජය මොහු ඉස්ලාම් ත්‍රස්තවාදය ලෙසට හඳුන්වා
 දී තිබේ.

  2015-01-04 නැමැති චාලි හෙබාබ් සඟරා කාර්යාලයට කඩාවැදුණු ඉස්ලාම් ත්‍රස්තවාදීන් දෙදෙනකු ඒහි සිටි මාධ්‍යවේදීන් අටදෙනකු වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙම ප්‍රහාරයෙදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු එකොලොස් දෙනකු ඝාතනයට ලක් විය.

මේ වෙනවිට එම ඝාතන සැකකරුවන්ට එරෙහිව නඩු විභාගය ආරම්භ කර ඇත. ඉස්ලාම් ත්‍රස්තවාදී ක්‍රියාවන් ප්‍රංශය තුළ දැඩි ව පවතී.  සැප්තැම්බර් 23 මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රංශය ප්‍රකාශ කරන්නේ ඉස්ලාම් අන්තවාදීන් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා මැඩ පැවැත්වීම ක්‍රියාකරන බවයි.


 

Wednesday, September 23, 2020

බාබඩෝස් රාජ්‍යය රැජිනව පන්නා දමයි.


තා කුඩා කැරේබියන් රාජ්‍යයක් වන, බාබඩෝස් 1966 දී, බි‍්‍රතාන්‍යය පාලනයෙන් නිදහස් වුවද, පොදු රාජ්‍යය මාණ්ඩලීය රටක් වශයෙන් හා රාජ්‍යය නායිකාව වශයෙන් රැජිනව තබා ගන්නා ලදි.

2021, 55 වන නිදහස් සැමරුමේදී, බි‍්‍රතාන්‍යය යටත් විජිතයෙන්, පූර්ණව ඉවත් වීමට බාබඩෝස් රාජ්‍යය තීරණය කර ඇත. 15 වන සියවසයේ සිට, ස්පාඤ්ඤයේ, පෘතුගාලයේ හා බි‍්‍රතාන්‍යයේ යටත් විජිත වශයෙන් පැවැති මෙම රාජ්‍යයේ මේ වන විට, ජනගහනය 290,000 ක් පමණ වන අතර, මුඵ ප‍්‍රමාණය වර්ග කි.මී. 499 කි.

මුල් යුගයේ, වහල් වෙළඳාම සඳහා භාවිතා කළ මෙම කුඩා රාජ්‍යය, වර්තමානයේ, ජනතාව ඔවුන්ගෙන් පැවැත එන්නන්ගෙන් සමන්විත වේ. ඇෆ්‍රෝ බාබඩියන්ස් ලෙසට හැඳින්වෙන අතර, භාෂාව බජාන් වේ. එහෙත් රාජ්‍යය භාෂිව ඉංග‍්‍රීසිය.


ස්වාධීනත්වය නැති වීම ගැන දුකට පත්ව, අඬන ජාත්‍යන්තරය ගැන



පොලීසිය, අධිකරණයට බොරු වාර්තා ඉදරිපත් කර, පුද්ගලයින් ගේ නිදහස අහිමි කිරීම, එමගින් වධ හිංසාවට පාත‍්‍ර කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි.නමුත්, මේ පිළිබඳව ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව අනුගමනය කරන්නේ කුමන පිළිවෙතක්ද?

මේ වන විටත් පවතින්නේ, ස්වාධීන මානව හිමිකම් කොමිෂන් සභාවක් හැටියටය.මොවුන්ගේ ස්වාධීනත්වය කා සඳහාද?

52 හැවිරිදි, ආරියරත්නව, අත්අඩංගුවට ගන්නා කොස්ගම පොලීසිය, ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන්නේ, ගංජා ප‍්‍රවාහනය කිරීමේ චෝදනාවටය.

ඔහුට, ඇප ලබාගැනීමට පොලීසිය විරුද්ධ වන්නේ, අධිකරණයට, මුළුමණින්ම ගොතන ලද ව්‍යාජ චෝදනා, ව්‍යාජ කරුණු ඉදරිපත් කරමින්ය.

එම පසුබිම යටතේ, ඔහුට ඇප ලබාගැනීමට මහාධිකරණයේ පිහිට පතන්නට සිදුවිය. ඇප ලබාගැනීම සඳහා ඔහු දින 730 ක් ගතවිය.

අධිකරණයට, බොරු වාර්තා ඉදිරිපත් කර, නිදහස අහිමි කිරීම ගැන, ආරියරත්න, මානව හිමිකම කොමිෂමට, ගයේ එමගින් තමාගේ මූලික අයිතීන් උල්ලංඝණය වි ඇති බවට. ප‍්‍රකාශයක් ලබා ගැනීමටය.

ඔහුගේ පැමිණිල්ල HRC/1230/18 යටතේ ලියාපදිංචි කරන ලද බවට දැනුම් දීමක් ඔහුට ලැබින.එපමණයි. දැනට වසර 02 ක් ගතව තිබේ. සිහි කැඳවීම් 02 ක් සිදුකර ඇත.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ ස්වාධීනත්වය ගැන කිඹුල් කඳුලූ සලන ජාත්‍යන්තරයට මේවා පේන්නේ නැත. ඇහෙන්නේ නැත. ඒ ආරියරත්න, ඌවේ හේන් ගොවිතැන් කරන්නෙක් නිසා. කථා කරන්නේ සිංහල පමණක් නිසාය.

මේ එක් අයෙක්. මේ, කොමිෂමට ගිය, දස දහස් ගණනකට සිදුවූයේ මෙ දේ බව පවසයි. එ් බලාගෙන සිටීමට.
හැමදාමත් තැලෙන, පොඩිවෙන, හිමිකම් අහිමි වෙන, මිනිසුන්ට ”ස්වාධීනත්වයෙන්” ඇති වැඩය කුමක්ද?


 

Wednesday, September 16, 2020

පුරන්වූ කුඹුරු අක්කර 100 ක්, කසිප්පු පෙරීමට යොදාගෙන




පානදුර, නාරම්පිටිය ප‍්‍රදේශයේ අක්කර 100ක් පමණ වන පුරන් කුඹුරු කසිප්පු පෙරීමට පාවිච්චි කරනවා.

වසර 50 ක පමණ කාලයක සිට, පුරන්ව ඇති මෙම කුඹුරු, වෙල් ආතා වලින් පිරි කැලෑවක් බවට පත්ව තිබේ. අයිතිකරුවන් ඇති නැති ගානය. සරුවට කරගෙන යන කසිප්පු පෙරීම නැවැත්වීමට පසුගියදා, එම ප‍්‍රදේශයට ගිය, වාද්දුව පොලීසියේ කණ්ඩායමට බැරල් 8 ක් හමුව ඇත.

ඒ අසල, ¥ව, පවත්වාගෙන යන රුවන්ට පොලීසිය එන්න කියා, එම බැරල් බාරගන්න ලෙස ඉල්ලා ඇත. ඔහු ප‍්‍රතික්ෂේප කළ විට, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ, ගෝඩා ඩ‍්‍රෑම් ලක්ෂයක්  තිබූ බවට චෝදනා කරමින්ය.

අනුන්ගේ බඩු බාර ගැනීම ප‍්‍රතික්ෂේප කළ රුවන්, චෝදනාවලට නිවැරදිකරු බව කීම නිසා ඇප මත මුදා හැරීමට අධිකරණය පියවර ගෙන ඇත. 

රුවන් පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.


නීති විරෝධී මත්පැන් ජාවාරම වැළැක්වීමේ මුවාවෙන් - බොරු නඩු දැමීම.

2020.09.14 දිනදීය.

2020.09.03 වන දින, සවස 4.00 ට පමණ, මට දුරකථනයෙන්, මිරිහාන පොලිසියෙන් කියා ඇමතුමක් ලැබුනා. ඒ අවස්ථාවේ මා සිටියේ මොරටුවේ හයර් එකක. මට කිව්වා යතුරු පැදියක් පිළිබ`දව තොරතුරු අවශ්‍යව තියෙනවා, නිවසට එන ලෙසට කියා සිටියා. ඒ අනුව මා පැය බාගයකින් පමණ නිවසට ගියා. කිසිවෙක් සිිටියේ නැහැ. නිවැසියන් කිව්වා පස්සේ එන්නම් කියා ගිය බව. ටික වේලාවකින් නැවත දුරකථනයෙන් කතා කර මට වත්තට එන්න කිව්වා. 

නිවසේ සිට කි.මී.1 දුරින්, මට අයත් අක්කර 8 විශාල වෙලක් තියෙනවා. මා එහි ගියා. යනවිට වාද්දුව පොලිසියේ පස් දෙනෙක් හිටියා. ඔවුන්, බැරල් 4ක් වත්තට දාලා තිබුනා. එහි නිලධාරියෙක්, උඹගේ නේද මේවා කියමින්, මට අපහාසාත්මකව හා තර්ජණාත්මකව නොකල වරදක් මා පිට පටවන්න උත්සාහ කලා. මා ඔවුන්ගේ චෝදනා ප‍්‍රතික්ෂේප කලා. ඔවුන් මාව අත්අඩංගුවට ගත්තා. මටම කියා ලොරියක් ගෙන්වා ගත්තා. එයට බැරල් පැටෙව්වා. 

මාව ඔවුන් පැමිණි යතුරු පැදියක් තියාගෙන ආවා. මාව කූඩුවට දැම්මා. 

පසුදින 2020.09.04 දින දහවල් 12 ට පමණ, මාව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ආවා. වාද්දුව පොලිසිය ගරු අධිකරණයට කියා සිටියා, බැරල් 06 ක් සමග ගෝඩා ග‍්‍රෑම්ස් දශලක්ෂ ගණනක් සමග මාව අත්අඩංගුවට ගත්තා කියා. 

ගරු අධිකරණය මගෙන් වැරැුද්ද පිළිගන්නවාද කියා ඇසුවා. මා වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥ විජේපාල මහතා, චෝදනා ප‍්‍රතික්ෂේප කලා. රු: 10,000/=ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් මත මුදාහැරියා. නඩු අංකය 77795 වන අතර, මීළ`ග නඩු දිනය 2021 ජනවාරි 10 බව ප‍්‍රකාශ කලා.

මාගේ අක්කර 8ක් විශාල ඉඩමේ මැද කොටසේ ¥වක් තියෙනවා. වටේ වෙළ. එයට පිටින් එන්න විදිහක් නැහැ. එහි කිසිවකු නීති විරෝධී මත්පැන් පෙරීම සිදු කරන්නේ නැහැ. නමුත් එයින් පිට, වසර 50 සිට, පුරන් වීමට අතහැර ඇති ,වෙල් අත වැවුණු, අක්කර 100 පමණ කැලයේ නීති විරෝධී මත් පැන් පෙරීම සිදු කරනවා. එය කරන්නේ කවුද කියා දන්නේ නැහැ. 

මාගේ ඉඩමට (¥වට* පොලිිසිය බැරල් ගෙන ආවා. මට වගකීම බාරගන්න යයි කරන ලද ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීම හා ඔවුන් හා මා තර්ක කල නිසා, මෙම බොරු නඩුව දැමූ බව ප‍්‍රකාශ කරමි.

නීති විරෝධී මත් ද්‍රව්‍ය මැඩ පැවැත්වීමට ගන්නා පියවර උපයෝගී කරගෙන, බොරු නඩු දැමීම මගින් - නීත්‍යානුකූල ජීවිතයක් ගත කරන මා පීඩාවට පත් කිරීම මගින් සිදු කරන්නේ, ඇත්ත වශයෙන් මෙම නීති විරෝධී ක‍්‍රියාවන් සම්බන්ධ පුද්ගලයින්ට නිදහස ලබා දීමය. 

මෙම බොරු නඩුව පැවරීම ගැන විධිමත්ව පරීක්ෂණයක් කර, මාගේ නිර්දෝෂී බාවය තහවුරු කරන ලෙස ඉල්ලමි. 


මෙයට,

 රුවන් 


Monday, September 14, 2020

කුඩු ජාවාරම කරන්නේ ගම් බට්ටගේ මස්සිනා, බොන්න පුරුදු වූ අයට හයිකෝට් දානවා.






 ඔහු පුහුණු කම්කරුවෙක්, කරන්නේ සුවිශේෂ දක්ෂතා තිබිය යුතු අසීරු භයානක රැුකියාවක්. 

මොහු මීට වසර 4 කට පමණ පෙර සිට, මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහිව තිබේ. එක් දරු පියෙක් වන මොහු, පවුලේ අට දෙනෙකු නඩත්තු කරන්නෙක්.

බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 26 හැවරිදි මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බව හා සිල්ලරට විකුණූ බව පොලීසියට රහසක් නොවීය.

වරක් අත්අඩංගුවට ගෙන, ”කුඩු” ආදේශ කර පවරන ලද නඩුවට වරදකරු බව පිළිගෙන රු: 10,000/- දඩයක් ගෙවා තිබේ.

වත්මන, මත්ද්‍රව්‍යය මර්දන වැඩ පිළිවෙල යටතේ, ප‍්‍රදේශයේ ප‍්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවෙකු වූ, කාවින්ද නැමැත්තා අත්අඩංගුවට ගන්නේ විශේෂ කාර්ය බලකාය විසින්ය.

මේ අතර, මතට ඇබ්බැහි වූවන්, මොහුට නිරන්තරයෙන් බලකර සිටින්නේ පොලීසියට බය නොවී, ‘‘කුඩු’’ ගෙනත් දෙන ලෙසටය. ඔහුගෙන් කුඩු ඉල්ලන්නන් පිළිබඳව, බණ්ඩාරගම පොලීසියේ, ඔහුව ඇසුරු කරන නිලධාරියාට, දැනුම් දුන් විට, ඔහු පවසන්නේ, දැඟලූවොත් හයිකෝට් එකක් දානවා යැයි කියාය.

මොහු මේ වන විට, කුඩු වෙනුවට ඖෂධ ලබාගෙන භාවිතා කරයි. එ් ”සික්” එක මර්දනය කර ගන්නටය. එ් සඳහා සතියකට රුපියල් දස දහසක් පමණ වැය කරන්නට සිදුවෙනවාලූ.

තවමත් කුඩු ජාවාරම පවතින බව පවසන, මොහු දැනට බණ්ඩාරගම ප‍්‍රධාන අලෙවිකරු බවට පත්ව සිටින්නේ සනත් නැමති බණ්ඩාරගම පොලීසියට අනුයුක්ත ගම්බට්ටෙකුගේ මස්සිනා කෙනෙක් බව කියා සිටී.

මොහු මෑතකදී සියලූ තොරතුරු ආරක්ෂක ලේකම්ට දැනුම් දී ඇත. තම ”රහස්‍යය භාවය” හා තම ආරක්ෂා කරන ලෙසට ද ඔහු අරක්ෂක ලේකම්ගෙන් ඉල්ලා තිබේ. 



රු 8000ක් ගේවා නිදහස් උනේ,උසාවියට බොරු කියලා

Saturday, September 12, 2020

ප‍්‍රථම කැනඩා අගමැතිගේ බෙල්ල කඩා දමයි.

 




වත්මන් ඉතිහාසය ආපස්සට හරවමින්, ක‍්‍රියාත්මක වන ඇමෙරිකාවේ ‘‘බ්ලැක් ලයිෆ්  මැටර්’’  (BLM) ව්‍යාපාරය එරට, සුදු නායකයින් ගේ පිළිරූ පෙරළා දැමීම මේ වන විට, කැනඩාවටද, පැතිර ගොස් තිබේ.

කැනඩාවේ ආදිවාසීන් හා ක`ඵ ජාතිකයින් එක්ව, ආරම්භ කර ඇති, විරෝධතාකරුවන් විසින්, කැනඩාවේ ප‍්‍රථම අගමැතිවරයා වූ, ශ‍්‍රීමත් ජෝන් මැක්ඩොනල්ඞ් ගේ (1967 - 1973) පිළිරුව, බෙල්ල ළඟින් ලනු දමා, ඇද පෙරලා දමා තිබේ.

මෙම සිද්ධිය පොලීසිය බලා සිටියදී, සිදුකර තිබේ. 



පොල් කඩන්නෙක් අල්ලාගෙන, පොල් කඩා, කසිප්පු බාගයක් දීලා ගෙදර යවයි. ගල්කිස්ස පොලීසියේ කුඩු මර්දනයේ රඟ.




සල්ගාදු, අවු: 53 යි, විවාහක, දරුවන් තුන්දෙනායි. ඔවුන් සියලූ දෙනා විවාහ වෙලා. 
මොරටුව,****, ප‍්‍රදේශයේ පර්චස් 4 ක ඉඩමක ගෙවල් හදාගෙන පදිංචි වෙලා ඉන්නේ.

බිරිඳ වසර 20 කට පෙර රට ගියා. ආයෙත් ලංකාවට ආවේ එතෙරදී හමු වූ තරුණයෙක් එක්ක. දැන් ඇය ඔහු සමග දීග කනවා. දරුවෙක් ද ඉන්නවා.

සල්ගාදු දරුවන් තුන්දෙනාට, උගන්නලා උස් මහත් කළා. ඔවුන් දැන් විවාහ වෙලා. දරුවෝ ඉන්නවා. 

සල්ගාදු අවුරුද 20 ක ඉදන් කරන්නේ, පොල් කඩන එක. ඔහු තම බයිසිකලයෙන් පොල් කඩන්න යනවා.

2020.08.30 ඉරිදා ඔහු සුපුරුදු පරිදි පොල් කඩන්න, රත්මලානට ගියා. රත්මලානේ, ක්‍ඨඍ එකේ පාලූ පාර නමින් හ`දුන්වන ප‍්‍රදේශයෙන් යනකොට, දෙන්නෙක් පිටිප්සසෙන් පන්නමින්, පොලීසිය ඔහු පසුකරගෙන ගියා. පොලීසියට එ් දෙන්නාව අල්ලා ගන්න බැරි වුනා. 

එ් පාර සල්ගාදුව, අල්ලාගෙන, ඉංග‍්‍රීසියෙන් කථා කරමින්, මාංචු දමා, පොල්ලකින්, අතින් පයින්, ගැහැව්වා. බිම වැටුනු ඔහුව ඇදගෙන ගියේ, බලා සිටිය අයගේ කෑ ගැසීම මැද්දේ. එ් පැත්තේ අය, සල්ගාදුව දන්නවා. මේ මිනිහා අහිංසකයෙක්, රැුස්වූ ගැහැණු කෑගසා කිව්වා.

පොලිස්කාරයෝ දෙන්නා ජීප් එක ගෙන්වාගෙන, සල්ගාදුව, ගල්කිස්ස පොලීසියට ගෙන ගියා. කූඩුවට දැම්මා.

රාත‍්‍රී 7.00 ට විතර, එළියට අරගෙන, උඹ කුඩු ගහනවාද, කියා ඇහැව්වා. සල්ගාදු ඇත්ත කිව්වා. මම බොන්නේ කසිප්පු විතරයි. 

පොලිස්කාරයෝ, සල්ගාදුව, පොලීසිය පිටිපස්සේ, ටැප් එක ළඟට අරගෙන ගිහිල්ලා, ඇඟ සෝදාගන්න යයි කිව්වා. සල්ගාදු ඇඟ සෝදා ගත්තා.

එ් පොලිස්කාරයෝ, තවත් අයෙකුට කථා කර, මූව, ගිහින් දාන්න යයි කිව්වා. යතුරුපැදියේ නංවා ගෙන යන්න හදන කොට, එ් පොලිස් කාරයා, සල්ගාදුට, කසිප්පු භාගයක් දීලා මේක ගෙනිහින් බීපන් කිව්වා.

සල්ගාදුව, අත්අඩංගුවට ගත්තු ”පාලූ පාරට” ගෙනත් දැම්මා. අසල ගෙයක, ඔහුගේ යතුරුපැදිය අරන් තියලා තිබුනා.

දැන් සල්ගාදුට ගස් නගින්න බෑ. ගහපු පාරවල් වලට ඉල ඇට කැඩිලද දන්නේ නෑ. 

මත්ද්‍රව්‍යය මර්දනයට, ජනතාවගේ ප‍්‍රසාදය, පොලිස්කාරයින්ගේ මේ පාදඩ ක‍්‍රියාවන් නිසා වැනසෙනවා. 

පොලීසියේ  දූෂණ හා බැඳුනු උසාවියේ ක‍්‍රමය වෙනස් කරන්න පියවර ගත යුතුයි.




 

Friday, September 11, 2020

”තැඹිලි” සමග කුඩු ජාවාරම් කරන්නෙකු පොලීසිය පාවිච්චි කරයි. දැන් පුතා හා ලේලි, රිමාන්ඞ් එකේ

 



ම පුතාව හා ලේලිය, පළමුවෙනිදා පාන්දර අත්අඩංගුවට ගන්න පොලීසිය මෙහෙයවා ඇත්තේ, ප‍්‍රදේශයේ ප‍්‍රකට ”කුඩු” වෙළෙන්දෙකු වන රමේෂ් නැමැත්තා බව ප‍්‍රකාශ කරන, 56 හැවිරිදි සිව් දරු මවක්, තමන් කුඩු මර්දනයට කැමති නමුත්, පොලිස් අපරාධ වලට ඉඩ නොදිය යුතු බව ප‍්‍රකාශ කරයි.

ඇගේ පුතා, අවු: 31 වයස, ප‍්‍රකට සමාගමක රැුකියව කරන බවත්, ලේලිය අවු: 24 යි, නිවස ඉදරිපිට, කඩයක් පවත්වාගෙන යන බවත්, පවසන ඇය, පළමුවෙනිදා අලූයම එකට පමණ, පානදර පොලිස් අධිකාරී කාර්යාලයට සම්බන්ධ, නිලධාරීන් පිරිසක්, රමේෂ් නැමති, කුඩු වෙළෙන්දා සමග පැමිණ, තම පුතාව හා ලේලියව අත්අඩංගුවට ගෙන, කුඩු ආදේශ කරනු ලැබූ බව අවධාරණය කරයි.

ඇය මෙම පොලිස් අපරාධය පිළිබඳව, ආරක්ෂක ලේකම් වරයාට, සියලූ කරුණු ඇතුළත් කර, පැමිණිල්ලක් යවා තිබේ.

පොලිස්පති                  
පොලිස් මූලස්ථානය         
කොළඹ 01

මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවෙකුගේ මෙහෙයවීම යටතේ 
පුතාව හා ලේලියව අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම.

**** පුෂ්පාවතී, අවු: 56 යි, ජා.හැ.අ. ******460V විවාහක, දරුවන් 04 යි, 62/1, තිස්ස මාවත, පමුණුගම, *****.  දු.අ. 071 ****87

2020.09.03 වන දින දීය.

1. කුරුප්පු ආරච්චිගේ සංජය ප‍්‍රියංකර, අවු: 31 යි, ජා.හැ.අ. 881114127  විවාහක, දරුවන් 02 යි, රැුකියාව: සිංගර් ශ‍්‍රී ලංකා ආයතනය. (පිළියන්දල කර්මාන්ත ශාලාවේ*  

2. ඩබ්.එ්. ****** ප‍්‍රනාන්දු, අවු: 24 යි, (ස්වයං රැුකියාවක නිරත වේ) ලේලිය වේ.

පුතා *** සමාගමේ වැඩ කරන අතර, දැනට ඔවුන්, ****, හොරණ පාරේ, පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානයේම, පදිංචිව සිටී. ඔවුන්ගේ කඩයේ ප්ලාස්ටික් බඩු, ත‍්‍රී රෝද වලට අවශ්‍ය උපාංග, ඇති අතර, තැඹිලි කපා, විකිණීම ද කරයි. කඩයේ වැඩ බලාගන්නේ ලේලියයි.

2020.09.01 අලූයම 1.00 ට පමණ, ඔවුන් සමග තැඹිලි අදාලව ගණුදෙනු කරන දන්නා හඳුනන රමේෂ් නැමති පුද්ගලයා පැමිණ, කථා කර ඇත.

එවිට ලේලිය, දොර ඇර තිබේ. එසේ ෙදාර අරිනවාත් සමග, රමේෂ් නැමති පුද්ගලයා පිටුපසින්, පොලීසියේ කට්ටියක් ගෙට ඇතු`ඵව තිබේ.

ඔවුන්ට ෙදාර ඇරීමට කථා කළ පුද්ගලයා, එ සමගම පිටව ගොස් තිබේ.

එම පොලිස් නිලධාරීන්, යට ඇඳුම පිටින් සිටි පුතාව, එළියට ඇදගෙන ඇවිත් තිබේ. ඔවුන් පුතාව, ජීප් එකට නංවා ගන්නට හදව විට, ලේලිය, ඇයි ගෙනියන්නේ අසමින්, පුතාව බදාගෙන ඇත.

එවිට, එහි සිටි එක් නිලධාරියෙක්, ලේලියට පහරක් ගසා, ඇය ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් ඇද ඇත. එවිට ටී ෂර්ට් එක ඉරී ගොස් තිබේ.

එ් අවස්ථාවේ, පුතා එයට විරුද්ධ වී තිබේ. එවිට පුතාට මාංචු දමා, එම නිලධාරීන් පුතාට පහර දී ඇත. ඉන්පසු පුතාව උස්සා ජීප් එකට දමා ඇත. ඉන්පසු ලේලියගේ කොන්ඩෙන් අල්ලා ඇදගෙන ඇවිත්, උස්සා ජීප් එකට දමා තිබේ.

ඔවුන් දෙදෙනාව, පොලිස් අධිකාරී කාර්යාලයේ පවත්වාගෙන යන, යුනිට් එකට ගෙනවිත්, එහිදී, කොච්චි, මිරිස් කුඩු කලවම් කර, ඇස්වලට, ඇඟ පුරාම ගල්වා පහර දී ඇත.

එදින දහවල් 11.00 ට පමණ, ඔවුන් දෙදෙනාව, රැුගෙන විත්, පානදුර දකුණ පොලීසියට බාර දී තිබේ.

පානදුර දකුණ පොලීසිය විසින් දහවල් 2.00 ට පමණ, මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදි.

එ් අවස්ථාවේ පුතා හා ලේලිය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ **** මහත්මිය, පුතාට හා ලේලියට පහර දී ඇති බව, ගරු අධිකරණයට ප‍්‍රකාශ කර සිටින ලදි.

පානදුර දකුණ පොලීසියේ ඉල්ලීම මත, පුතාව, දින 07 ක් ර`දවා ගැනීමට නියෝග කළා. ඔවුන් දෙදෙනා වෛද්‍යවරයා හමුවට ඉදරිපත් කිරීමට නියෝග කරනු ලැබීය.

එ් අනුව, ඔවුන්ව පානදුර මූලික රෝහලට ඉදිරිපත් කර, වෛද්‍ය වාර්තා ලබාගෙන ඇත.

දැනට පුතා, පානදුර දකුණ පොලිස් ස්ථානයේ සිටී. ලේලියව, රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.
අද දින උදේ (2020.08.03* පොලිස් අධිකාරී කාර්යාලයේ, අත්අඩංගුවට ගත් ප‍්‍රධානියා වන නිශාන්ත කුමාර නැමති නිලධාරියා, පුතා ළඟට ඇවිත්, උඹ ඉන්නේ මගේ බාරයේ, මට  ඕනෑ දෙයක් කරන්න පු`ඵවන් කියා, තර්ජනය කර, ගොස් තිබේ. 
මෙම නිශාන්ත කුමාර කියන නිලධාරියා, පුතාට, හෙරොයින් මි.ග‍්‍රෑම් 7400 ක් ද, ලේලියට, මි.ග‍්‍රෑම් 1300 ක් දමා ඇත.
පසුබිම
මෙම ප‍්‍රදේශයේ, තැඹිලි ව්‍යාපාරයේ යෙදෙන, කෝට්ටෙගොඩ, (බණ්ඩාරගම* රමේෂ් නැමැත්තාගේ ප‍්‍රධාන ව්‍යාපාරය හෙරොයින් අලෙවි කිරීමය.
ඔහුගේ හෙරොයින් මිලයට ගන්නේ, සුනන්ද නැමැත්තෙකි.
තැඹිලි බාන සම්පත් යන අය, හෙරොයින් ගන්නේ, රමේෂ් ගෙන්ය.
රමේෂ් හා සුනන්ද, පොලීසිය හොඳින් හඳුනන අයය.
2020.08.31 වන දින, පුතා, රමේෂ් හමුවට ගොස්, රු: 74,500/- ක් වන හිඟ මුදල ඉල්ලා ඇත.
මෙම සිද්ධිය මුල් කරගෙන, රමේෂ් හා සුනන්ද එකතු වී, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ, යුනිට් එකේ, නිශාන්ත කුමාර සමග එක්ව, මාගේ පුතා හා ලේලිය අත්අඩංගුවට ගෙන ”කුඩු” ආදේශ කර, රැුඳවුම් නියෝග ගෙන, නීතිය උපයෝගී කරගෙන පළි ගනී.

අපි කුඩු මර්දනයට කැමතිය. නමුත් මෙම ක‍්‍රියාවන්ට ඉඩ දෙන්න එපා. 

මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන මෙන් හා පුතාව හා ලේලියව, මුදාහැරීමට කටයුතු කරන මෙන් ඉල්ලමි.

මෙයට,

***** පුෂ්පාවතී

පොලීසිය, කුඩු ජාවාරමට සම්බන්ධ තරම ගැන අටුවා ටීකා අවශ්‍ය නැත. පොලීසිය තම කුණු වහ ගන්නටත් එක්ක, බොරු නඩු දමමින්, අසරණයින්ව, රිමාන්ඞ් කරවමින් කරන්නේ, ආණ්ඩුව කෙරෙහි ජනතාව කලකිරවීමය.

කුඩු තුරන් කළ යුතු බව පවසන මව්වරු, බිරින්ඳෑවරු, සහෝදර සහෝදරයින් හා දුදරුවන් පොලීසිය කරන අපරාධ වැළැක්වීමට පියවර නොගැනීම තුළ ඇති කරන්නේ දැඩි කළකිරිමකි.


Saturday, September 5, 2020

තංගල්ල පැරණි බන්ධනාගාරය රැඳවුම් මධ්‍යස්ථානයක් බවට හරවයි.

 





ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් රඳවා තැබීමේ ස්ථානයක් ලෙසට තංගල්ල පැරණි බන්ධනාගාරය නම් කර තිබේ.

2020.09.04 වන දින, ගැසට් නිවේදනය මගින් මෙය සිදුකර තිබේ.

අඟුණකොලපැලැස්ස නව බන්ධනාගාරය ඉදි කිරීමෙන් පසු තංගල්ල බන්ධනාගාරය, නාවික හමුදාව බාරයට පත් කරන ලද්දේ 2019 ඔක්තෝබර් 19 වන දිනය.


Friday, September 4, 2020

අධිකරණයට අපහාස කළ නීතිඥයාට දඩය : රු:2.55 යි.




 ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හා විනිසුරුවරුන්, විවේචනය කළ ප‍්‍රමුඛ පෙළේ නීතිඥයෙකු වන ප‍්‍රශාන්ට් බූෂාන් (අවු: 65) සාපරාධී අපහාස කිරීමට වරදකරු කරන ලද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ඉන්දීය රුපියලක දඩයක් නියම කළේය. එම මුදල නොගෙවන්නේ නම් හය මසක සිර දඬුවමක් විඳීමට සිදුවනු ඇත.

තමා තීන්දව අනුව කි‍්‍රයාකරන බව ප‍්‍රකාශ කර ඇති ප‍්‍රශන්ට් බුෂාන්ත් විවේචනය කිරීම නොනවත්වන බව කියා ඇත.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, එරට දැඩි විවේචනයට ලක්ව තිබේ. අධිකරනය විවේචනය කිරීම, නිදහස් ප‍්‍රකාශනයට අයත් වූවක් බවද ඔහු වැඩිදුරටත් කියා ඇත.