Tuesday, July 17, 2018

එල්ලූම් ගහ වෙනුවට කුරුසියේ තියලා ඇන ගහමු !


කාලයෙන් කාලයට, අපේ රටේ දේශපාලකයෝ එල්ලූම් ගහේ එල්ලෙති.

එ් ගොල්ලොත් එක්ක, ආගමික නායකයෝ ද එල්ලෙති. මාධ්‍යය කාරයෝ ද එල්ලූම් ගහේ එල්ලෙති.

අලූගෝසුවන් පත් කරති. ලණු ගෙන්වති. එල්ලූම් ගහේ මකුලූ දැල් කඩති.

ජනාධිපති සිරිසේන ද, මල් වට්ටි උස්සාගෙන පන්සල් යන අතර, තමන්ගේ එවුන්ට කුඩු ජාවාරමේ, ගංජා ජාවාරමේ යෙදෙන්නට ඉඩ දෙමින්, මත් ද්‍රව්‍යය විරෝධී වැඩසටහන්වලට පාසල් දු දරුවන් හවුල් කරගෙන ‘‘මත්ද්‍රව්‍යවලට’’ ප‍්‍රචාරය ලබාදෙති.

මේ සෙල්ලම නතර කරන්නට නොකියා, මත් ද්‍රව්‍යය ජාවාරමට උඩ ගෙඩි දෙමින් සමහර මහා නායකවරු හා අගරදගුරු මැල්කම් රංජිත් ද, එක්ව සිටී.

එල්ලූම් ගහ ගෙනාවේ සුද්දෝය. එය දැනට ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් එකේය. 
එල්ලූම් ගහ මේ වනවිට යල්පැනලා ය. මරන්න  ඕන කුරුසියේ තියලා ඇණ ගහලාය.  එ්ක වඩාත් ඵලදායී වනු ඇත. මැරෙන්නේ ටික ටිකය. මැරෙන හැටි අපට ද බලාගෙන ඉන්නට පු`ථවන.

අප මිනිසුන් මරණවාට විරුද්ධය. මරණ දඬුවම ‘‘දඬුවමක’්’’ නොවේන බව අවධාරනය කරමු.

මේ හා සම්බන්ධව මානව හිමිකම් කොමිෂන් සභාවේ ප‍්‍රකාශය අගය කරමු.

එය පහතින් දක්වමු.



Saturday, July 14, 2018

SSP. කාර්යාලයේ වධකාගාරය නිරුවත්කර, ඇස්වලට, පුරුෂ ලිංගයට කොච්චි දාලා වධ දුන්නා.



මේ වන විට යහපාලනය යටතේ, වධ දීම් අඩුවෙලා තිබෙන බවට සමහර සිවිල් සමාජ බැලයින් ප‍්‍රචාරය කරගෙන යනවා. 

එය සාර්ථක කර ගන්නට පොලිස් කාරයින්, පූජකයින්, සංඝයා, පූසාරිලා එක්ක මානව හිමකම් ගැන කතා කරමින්, වධදීම් වසන් කිරීමට නින්දිත උත්සාහයක යෙදී සිටිනවා.

21 හැවිරිදි කාර්මිකයකු වූ උදේශව, එසේ වධ හිංසාවට පත් කරන ලද්දේ, ක`ඵතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී යේ, ”යුනිට්” එක නමින් හඳුන්වන විශේෂ අපරාධ අංශයේ නිලධාරීන් ය. 

ඉන්පසුව, එම නිලධාරීන් වෙසෙන බැරැුක්කයට ගෙන ගොස්, නිරුවත් කර කොච්චි ඉස්ම, ඇස්වලට, පුරුෂ ලිංගයට දමා වධ දෙයි.

මේ හා අදාල උදේශ විසින් මානිව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණිල්ලේ මෙසේ ස`දහන් වේ.

‘‘ 2018 ජූලි 09 දින, රාත‍්‍රී 7.00 ට පමණ,............සිවිල් පිට දෙන්නෙක් යතුරු පැදියකින් පැමිණියා. එක් අයෙකු මාගේ බෙල්ලෙන් අල්ලා ගත්තා. ඔවුන් පොලිසියෙන් බව කිව්වා.

එතැනින් ගමන් ගත් වාහනයක් නවත්වා, මාව කලූතර පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ එ්කකයට ගෙන ගියා. එතැනදී, මාව වෙන කාමරයකට දැම්මා. එහි ඇඳක් හා මේසයක් තිබුනා. එහි තවත් කෙනෙක් සිටියා. 

පැයක් පමණ සිටින විට, මාව එහි ඉස්සරහා කාමරයට ගෙන එම කාමරයේ සිටි හත් අට දෙනෙක් ව, මා සිටි කාමරයට දැම්මා.කාමරයේදී මාගේ අත් දෙකට මාංචු දැම්මා. එහි සිටි එක් නිලධාරියෙක් මාව ළඟට ඇද මාගේ අත් දෙක අස්සෙන් කකුල් දෙක දමා, කොණ්ඩෙන් ඇද මූණට ගහගෙන ගියා. පැය භාගයක් පමණ ගැහැව්වා.

ඊට පස්සෙ මාව, බිම දමා අත්දෙකට මාංචු දමා, එම මාංචු බිම සවිකර තිබූ කොකුවලට සවිකර පහර දුන්නා. ඇස්වලට කොච්චි දමා මා ඇඳ සිටි කොට කලිසම ගලවා දමා නිරුවත් කර, පුරුෂ ලිංගයට කොච්චි දැම්මා.

ඔලූව පොළොවේ ගැහුවා. ඉන්පසු නිරුවත් මාව රැුගෙන ගොස් නෑව්වා. නැවත ගෙනවිත් කලිසම ඇඳගන්න දුන්නා. මට වධ දෙන ගමන් ඉල්ලූවේ ගංජා. ගංජා දුන්නේ නැති නම් බෝම්බ දානවා කියා බෝම්බ පෙන්නුවා. ටික වේලාවකින්, නැවත කොච්චි කොටන්න පටන් ගත්තා. 

......................... එහි සිටි සියලූ දෙනා සිටියේ හොඳටම බීලා. මා එතැනින් පිටවෙන කොට අ`ඵයම 2.00 ට පමණ ඇති.

දවල් මගේ අයියා කෙනෙකුට විශේෂ එ්කකයේ නිලධාරියෙක් දැණුම් දීලා තිබුණා ගංජා ග‍්‍රෑම් 100 ක් එක්ක බාර වෙන්න කියා.  

මා අත්අඩංගුවට ගැනීම සටහන් කළේ නෑ.

දැන් පොලිස් නිලධාරීන් පණිවුඩ එවනවා, මාගේ යතුරුපැදියේ බෝම්බ  හෝ කුඩු තිබූ බවට බොරු ගොතා උසාව් දාන බවට.’’ 

මේ අපේ පොලිසියේ සංස්කෘති යයි. එස් එස් පි කාර්යාලවල බැරැුක්ක වල පවත්වාගෙන යන නිත්‍යය වධාකාගාර පරික්ෂා කරන්න මානව හිමිකම් කොමිසමට අයිතික් නැ. මෙම නීති විරෝධි රැුඳවුම් මධ්‍යස්ථාන ගැන නිහඬව ඉන්නතාක් හා එම ස්ථාන පරික්ෂාවට අයිතිය ලබා ගන්නා තුරු සංවිධානාත්මක වධදිම නවත්වන්න බෑ. 

Friday, July 13, 2018

අැයව, නිහඬ කළ නොහැකිය.



සත්‍යය හා යුක්තිය සොයා යන මිනිසාගේ ගමන් මග අති දුෂ්කර වූවකි. අදට ද එහි වෙනසක් නැත. මර්දනය හමුවේ බහුතරය නිහඬ වේ. තවත් පිරිසක් මර්දනය තම අරමුණුවලට ළඟා කරගන්නට උපයෝගී කර ගනිති.

ඉතිරි අතලොස්ස ජීවිතය පරදුවට තබයි. වෙනස ඇති කරන්නේ එ් අයයි.

අමිතාගේ කථාවට අවුරුදු 18 කි. එය විනාඩි කිහිපයකට ලඝු කිරීම සාධාරණ නොවේ. එහෙත් ජූලි 06 සිදුවීම, 18 වසරක් ආ ගමන වළක්වන්නට හැකි යැයි යමෙක් සිත්නනේ නම් එය මිත්‍යාවකි.

ඇයගේ අතේ පිරිත් නූලක් නැත. යන්ත‍්‍රයක්, කොන්තයක් හෝ ත‍්‍රිශූලයක් නැත. 

පවතින නීතිය හා කි‍්‍රයා පටිපාටිය රාමුවෙන් පිටතට විත් අභියෝග කිරීම මෙතෙක් ආ ගමනේ සාර්ථකත්වයයි. දහ අට වසරක සිට ඇය අභියෝග කරන්නේ රටේ යුක්තිය ඉටු කරන්න තියෙන අධිකරණ ක‍්‍රියා පටිපාටියටයි.

රාජ්‍යය නිලධාරීන් අතලොස්සක්, නීතිඥයන් කිහිප දෙනෙක්, ඇඟිලි ගණනට අඩු සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්, පූජකයන් දෙතුන් දෙනෙක් හැරෙන්නට අන් සියලූ දෙනා සෘජුව හා නිහඬව අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටියා පමණක් නොව, මර්දනයට හවුල් විය.

අමිතා ප‍්‍රියන්ති තම සොහොයුරා වෙනුවෙන් ඉදිරිපත්ව, ඉන් නොනැවතී රාජ්‍ය යාන්ත‍්‍රයෙන් පීඩාවට පත්වූවන් සඳහා ඉදිරිපත් වූයේ පෙර සඳහන් රාජ්‍ය යාන්ත‍්‍රනයේ නිලධාරීන්, සිවිල් සමාජය හා පූජක පරපුර අභියෝගයට ලක්කරමින්ය.

ජූලි 06 ඇය ප‍්‍රහාරයකට ලක් කළේ සැළසුම් සහගතවය. ඇය පානදුරේ ජනසංසද කාර්යාලයෙන් පිටවන තෙක් කුප‍්‍රකට, සංවිධානාත්මක, පුහුණුව ලැබූ යතුරුපැදි කරුවන් දෙදෙනෙක් බලා සිටියේය.  එතැන් පටන් අලූත්ගම, මොරගල්ල දක්වා ඇය පසුපස හඹා ගියේය. ගාලූ පාරේ සිට ඇයගේ නිවසට පිවිසෙන පටු මාර්ගයේ දී, ඇයට පහරදී, ඇගේ ගමන් මල්ල උදුරාගෙන පලා ගියේය.

සිද්ධිය වී සු`ඵ කාලයක් තුළ එ් පිළිබඳ පැමිණිල්ල අලූත්ගම පොලීසියට කළේය. ජනසංසදය ඇතුලූ සංවිධාන, නීතිඥවරුන් සිද්ධිය ගැන බලධාරීන් දැණුවත් කළේය. එහෙත් මේ ලියන මොහොත දක්වා පොලීසිය කළයුතු පරීක්ෂණ නොකරමින් කල් මරති. එ් ඔවුන් ප‍්‍රහාරකයන් දන්නා නිසාය.

අමිතා ප‍්‍රියන්තිගේ සොහොයුරා වන 2000 දී අත්අඩංගුවට ගන්නා පයාගල පොලීසිය දින 05 ක් රඳවාගෙන වධ දෙයි. ඉන්පසු ඉන්පසු අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට ඉදිරිපත් කර ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් සමග, ක`ඵතර වැඩ බලන මහේස්ත‍්‍රාත් පට්ටම ඇති නීතිඥයෙකු වෙත ගෙන ගොස් රිමාන්ඞ් කරවයි. වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේදී ඔහු මිය යන්නේ ප‍්‍රතිකාරයක් නොලබාය.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිණියක් පශ්චාත් මරණ පරීක්ෂණය කරයි. භාහිර හා අභ්‍යන්තර තුවාල විස්සකට වැඩි ප‍්‍රමාණයක් හඳුනා ගනී.

අමිතා ප‍්‍රියන්ති යුක්තිය ඉටුකර ගැනීමට පිවිසෙයි. ඇය විවිධ පැතිකඩ හරහා තම සොහොයුරා මරා දැමූ පයාගල පොලීසියේ නිලධාරීන්ට එරෙහිව බොරු වෛද්‍ය වාර්තා දුන් අධිකරණ වෛද්‍යවරයාට එරෙහිව, ප‍්‍රතිකාර ලබා නොදුන් බන්ධනාගාරය එ් අතර මූලික විය.

පයාගල පොලීසියේ් ස්ථානාධිපති ඉද්දමල්ගොඩ, අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රසන්න වික‍්‍රමරත්න ප‍්‍රමුඛ නිලධාරීන් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව, මූලික අයිතිවාසිකම් නඩු ඉතිහාසයේ වාර්තාගත වූවකි. 

”ශ‍්‍රියාණි එරෙහි ඉද්දමල්ගොඩ නමින් එය ප‍්‍රකටය” එතැනින් නොනැවතුන ඇය බොරු වෛද්‍ය සහතික දුන් අධිකරණ වෛද්‍ය නිලධාරී පියසෝමට එරෙහිව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ පැවරූ නඩුවෙන් ඔහු වැරදිකරු වී වසර තුනක තහනමකට ලක්විය.

එයින් ද අරගලය නිම නොවීය. නීතිපති විසින් අපරාධ අංශයේ ස්ථානාධිපතිට එරෙහිව මිනීමැරම් චෝදනා යටතේ නඩු පැවරීය. එහෙත් එක් දිනක්වත් රිමාන්ඞ් භාරයට පත් නොවී, දින පහක් තුළ රු: 5000/- ශරීර ඇප දෙකක් මත නිදහස් වුයේ වාර්තාවක් තබමින්ය.  එතැන් පටන් පොලීසියේ සහයෙන් අධිකරණය මග හරින ‘‘අතුරුදහන් වූවකු’’ ලෙසට පෙනී සිටි. එම නඩුව මේ වන විට ක`ඵතර මහාධිකරණයේ චූදිතයා නැතිව විභාගයට ගෙන ඇත. ඇපකරුවන් වූ ප‍්‍රසන්න වික‍්‍රමරත්නගේ බිරිඳ හා පොලිස් නිලධාරියෙකු අධිකරණයට කැඳවා තිබේ.

මෙයට සමගාමීව, බන්ධනාගාරයට හා වෛද්‍ය පියසෝමට එරෙහිව වන්දි නඩු ද කලූතර දිසා අධිකරණයේ පවතී. 

මේ ආකාරයට අපරාධ අවම කරන්නට නොහැකි මන්ද යන්න පිළිබඳව කැටපතක් බවට පත්වූ අමිතාගේ සොහොයුරාගේ ඝාතනය සහා ඇය සෙසු පීඩාවට පත්වූවන් ට යුක්තිය ඉටු කිරීමට පෙරමුණ ගැනීම, විශේෂයෙන් බලපා ඇත්තේ පොලීසියට ය. 

එය වර්තමානයේ ඇතිවූ ව්‍යවස්ථා වෙනස්කම්, ස්වාධීන කොමිෂම නිසා ප‍්‍රබලව ඔවුන්ට දැනෙන්නට වී තිබේ. මේ සියල්ල හමුවේ අතීතයේ මෙන් නොව, යුක්තිය උදෙසා බිම් මට්ටමින්, හුදෙකලාව, අනාරක්ෂිතව අරගල කරන්නා වූ ක‍්‍රියාකාරින් හා සංවිධාන නිහඬ කිරීමට ගත් අසාර්ථක සහ බෙලහීන උත්සාහයකි, ජූලි 06 නිරායුධ ගැහැණියකට කළ ප‍්‍රහාරය.




  

  

Thursday, July 5, 2018

පොලිස් වධකයින්ව! දුෂිත ඇමතියන්ව !! රකිමින්, ආවඩමින්, පුදමින්!!! වධහිංසාවට තිත තියමු නේද ?


මනෝජ් තෑලිස් ව්‍යාපාරිකයෙකි. ඔහුව ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති හිරියාදෙනිය මූලිකව, අමානුෂික ලෙස වධහිංසාවට පත් කරන්නේ, ප‍්‍රදේශයේ සිදුවූ මිනිමැරමකට ආදේශ කිරීමටය. 

තෑලිස් වධහිංසාවට පත්වන අන් බොහෝ දෙනා මෙන්, නිහඬව නොසිට, නීතිය හමුවට ගියේය.

ඔහු පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවට අනුව, වධහිංසා පමුණුවා මූලික අයිතිවාසිකම් කඩ කල වරදට, එවක ස්ථානාධිපති හිරියාදෙණිය වරදකරු කර වන්දි ගෙවීමට නියම කරයි. 

එ් අතර, විශේෂ පොලිස් විමර්ශණ එ්කකය මූලිකව, 1997 අංක 94 වධහිංසා පනත යටතේ, පවරන ලද නඩුවෙන් හිරියාදෙනිය වරදකරු වෙයි.

එහෙත් පොලිස් වධකයින්ට දෙනු ලබන්නේ පනතේ නියමයන්ට අනුකුල නොවන, ඉතා ලිහිල්, නාමික දඬුවමකි. 

ඉන් අනතුරුව, පොලිසිය විනය පරීක්ෂණයක් පවත්වා - හිරියාදෙණිය ගේ එක් වැටුප් වර්ධකයක් විලම්භනය කර රු:30,000 ක දඩයකට යටත් කර ඇති බව පවසන ජාතික පොලිස් කොමිෂම, පොලිස්පති දී ඇත මේ දඬුවම් ප‍්‍රමාණවත් නැති බවද එ් පිළිබඳව පොලිස්පතිට කියා තිබෙන බව කියාය.

මානව හිමිකම් කොමිසම පොලිස් කොමිසමට යවා ඇති ලිපිය.

පොලිස් කොමිසම තැලිස් මහතාට එවා ඇති ලිපිය.


පොලිස් වධකයින්, වධදීමකට වරදකරු වන්නේ ඉතා කලාතුරකින්ය. එසේ වරදකරු කරනු ලැබූවත් නියම කරන්නේ ලිහිල් දඬුවම්ය. විනය ක‍්‍රියාමාර්ග ගන්නේද වින්දිතයාව තව තවත් මානසික වධහිංසාවට පත්කරමින්ය. 

දුෂිත පොලිස් වධකයින් රකින්නේ මැති ඇමතියන්, සියුලුම වර්ණ වලට අයත් පුජකයින්, දුෂිත ව්‍යාපාරකයින් හා දුෂිත සිවිල් සමාජයයි. 

මෙම පිරිස වධහිංසාව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා නිර්මාණය කර තිබෙන ඉතා යහපත් පරිසරය ගැන නිහඬව, වධකයින් හා වධකයින් රකින්නන් හා එකට හිඳ වධහිංසාවට තිත තියන්න යයි හඬනගා කියමු.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව:-
අදට ඇති සෙස්ස පස්සට!!!

තෑලිස්ට වධ දුන් හැටි - තෑලිස් විස්තර කරන්නේ මෙහෙමයි.

                           වීඩියෝව 


Wednesday, July 4, 2018

එදා මහින්ද ගේ පුත්තලම් හුරතලාෟ අද මෛත‍්‍රි නළවනවා !!!



මේ වෙන අයෙකු නොව වර්ථමාන ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් සංවිධායක මෙන්ම පුත්තලම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂ පදවියෙන් පිදුම් ලබා තිබෙන බියන්විලගේ ඇන්ටන් වික්ටර් පෙරේරාය.

මහින්ද රාජපක්ෂ රෙජිමයේ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය ඇමතිවරයාා ලෙසට පිදුම් ලබා සිටියදි විදේශ රැුකියා සපයන බවට පුද්ගලයින් රවටා ලක්ෂ ගණන් මුදල් වංචා කළාය. එම මුදල් වංචා ගැන පොලිසිවල පැමිණිලි කළ ද අඩුම වශයෙන් මොහුගෙන් ප‍්‍රකාශයක් වත් ලබා ගැනිමට රාජපක්ෂ ඉඩ තැබුවේ නැත. 

වික්ටර් පෙරේරාගේ වංචාවන්ට ගොදුරුව වින්දිතයින් වු බහුතරය රාපක්ෂ ගැත්තන් ගේ භිෂණය හමුවේ නිහඬ විය. එහෙත් වික්ටර් පෙරේරාගේ මුදල් වංචාවන්ට ගොදුරුව වින්දිතයෙකුවු වීරරත්න මහතා, වික්ටර් පෙරේරා ව හා පොලීසිය අභියෝග ලක් කිරිම නතර කළෙ නැත. 

එම තත්වය තුල වික්ටර් පෙරේරාව අධිකරණය ඉදිරියට ගෙන එ්මට පොලිසියට සිදුවිය. 

ඇප මත මුදාහැර තිබෙන මොහු තවමත් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් සංවිධායක මෙන්ම පුත්තලම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂ වරයාය. 

දුෂණයට එරෙහිව කථා කරන ජනපති සිරිසේන හමුවට විරරත්න යන්නේ වික්ටර් පෙරේරා ගැන කියන්නටය. එහිදි ඔහුව යොමු කරන්නේ ජනපති මහජන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ   ජේ්‍යෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ මහත්මිය ලඟටය. 

ඇය විරරත්න ට සියල්ල ලියා දෙන ලෙසට කියයි. එ් අනුව වීරරත්න මහතා ජනපති අමතන ලද ලිපිය පහත දක්වමු. 
  
‘ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක හා දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ නිලතල උපයෝගී කරගෙන මුදල් වංචාකරුවෙකු නීතියෙන් මිදීමට ගන්නා උත්සාහය.

දැනට හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින අංක 97965 දරන නඩුවේ චූදිත වන්නේ, හලාවත ජයබිම, පුත්තලම් පාර, අංක 152 හි පදිංචි බියන්විලගේ ඇන්ටන් වික්ටර් පෙරේරාය.

02. මොහු මාගේ රුපියල් ලක්ෂ 03 ක් 2014 ජනවාරි 30 ලබාගන්නා ලදි. එ් මා හට විදේශ රැුකියාවක් ලබාදෙන පොරොන්දු මතය.

03. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය ඇමතිවරයාය.

04. මොහු සිදු කළ මෙම වංචා ගැන 2015 නොවැම්බර් මස පැමිණිලි කරන ලදි.

05. එහෙත් මොහුගේ දේශපාලන බලය උපයෝගී කරගෙන අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීම වළක්වාලන ලදි.

06. මා දිගින් දිගටම කරන ලද කරුණු දැක්වීම්වල ප‍්‍රතිඵලය වශයෙන් මොහුට විරුද්ධව 2017.09.18 වන දින, නාමිකව අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඇප මත මුදාහරිණ ලදි.

07. 2017.12.12 වන දින ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහයේ 409 හා 3 වන වගන්තිය යටතේ චෝදනා නගනු ලැබීය.

08. ඔහු චෝදනාවලට නිවරුදිකරු බව ප‍්‍රකාශ කරන ලදි.

09. මෙම පසුබිම යටතේ මෙම මුදල් වංචාකරුව, ඔබතුමා විසින් පුත්තලම් දිස්ත‍්‍රික්කයේ පුත්තලම ආසන සංවිධායක ලෙසත්, පුත්තලම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂ තනතුරට පත්කර තිබේ.

10. මෙම අධ්‍යක්ෂ තනතුරු මත ඔහුට රජයේ දීමනාවක් හා නිල රථයක් ලබා දී ඇත.

11. මේ ආකාරයට මොහු දරන දේශපාලන තනතුරු නිසා මොහු පොලීසියට බලපෑම් කිරීම දිගටම සිදුකරණු ලබයි.

12. එමගින් යුක්තිය ඉටුකර ගැනීම සිහිනයක් වන බව ඔබතුමාට අමුතුවෙන් කිවයුතු නැත.

13. මෙම කාරණය අදාලව, 2018 ජුනි මස 15 වන දින හෝ ඊට ආසන්න දිනයක ඔබ මහජන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයට ගොස් ජේ්‍යෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ මහත්මිය මුණ ගැසුනා.

14. එ් අවස්ථාවේ ඇය මාගෙන් කරන ලද ඉල්ලීම මත මෙම ලිපිය ඉදිරිපත් කරමි.

මා ඉල්ලා සිටින්නේ, 

ඔහු දරන දේශපාලන පත්වීම් අයුතු ලෙස උපයෝගී කර ගනිමින් මාගේ වංචා කරන ලද රුපියල් ලක්ෂ තුන හා වසර 4 1/2 ක් පුරා, සාවද්‍ය ලෙස පරිහරණය කිරීම මගින් මට සිදුකළ පාඩුව වෙනුවෙන් එයට එකතු කළ පොලිය සමග ලබාදීමට මැදිහත්වන ලෙසටය.’’

අන් බොහෝ දෙනා මෙන් වීරරත්න මහතා විදේශගතවන්නට උත්සහා ගන්තේ වැඩිපුර යමක් හම්බකරගෙන දරුවන්ට දැනට වඩා හොඳ තත්වයක් උදාකර දෙන්නටය. එ්් සඳහා ණය වි සොයා දුන් මුදල හොරකම් කරපු වික්ටර් පෙරේරා ට තනතුරු සම්මාන ලබාදි නීතියට උඩින් ඔසවා තබා ඇත. 

මේ රටේ ආගම සොරකමයි!. සදාාචාරය සොරකමයි!!. සංස්කෘතිය සොරකමයි!!!. පවසන වීරරත්න මේ රට හදන්න බෑ යන තීරණයට එලඹ සිටි. 
  
බලා සිටිමු දින 14ක්. පිළිතුර ජනපතිගේ කුමක්ද කියා.  


Monday, July 2, 2018

පාතාලය, පොලීසිය, දේශපාලූවෝ !!! හා නෑදෑයෝ !!!



පාතාලයට නෑකම්, මිත‍්‍රකම් නොකියන්නේ කව්ද? පැනය මතුවන්නේ මාස 08 ක් පුරා ඇප ගන්න බැරිව සිටින අයියා ගැන නංගී නීතිපතිට ලියන ලද ලිපියෙහි අන්තර්ගතයෙනි.

අයියා හමුදාවේ රැකියාවක් කරන්නෙකි. කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපති සිරිමාන්න ඔහුට එන්න කියන්නේ දුරකතනයෙනි. එ් නීතිඥයන් සමග හෝ දේශපාලූවන් සමග නොපැමිණිය යුතු බවට වන කොන්දේසි දමාය.

එහෙත් අයියා කොස්ගොඩ පොලීසියට යන බව තමා රැකියාව කරන හමුදා කාණ්ඩයට දැණුම් දෙයි. එතැනින් නොනැවතී ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අශෝක ධනවංශ වෙත ඔහුගේ දුරකතන අංක 077 3030570 ට හා බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිත පවරසිරි ද සොයිසාට ඔහුගේ දුරකතන අංක  076 6267072 ට දැණුම් දී තිබුණා.

එසේ දැණුම් දී පොලීසියට ගිය විට ඔහුගේ ජංගම දුරකතනය සිය බාරයට ගන්නා  ඕ.අයි.සී. සිරිමාන්න,  අයියාව කූඩුවට දමයි.

එ් අවස්ථාවේ සිට, අයියාව බලන්න ඥතීන් පොලිසියට යයි. කෑම බීම ද ගෙන ගොස් දෙයි. 

එයට අමතරව බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු එ.ජ.ප. නියෝජිත උෂාන්ත මෙන්ඩිස් හා නීතිඥ කමල් ද පොලීසියේ රඳවාගෙන සිටි අයියාව බලන්න ගොස් තිබින.

නංගී, අයියාව අත්අඩංගුවේ තබාගෙන සිටින බවට, නිල වශයෙන් 18 කුට දැණුම් දෙයි. දැණුම් දුන් අය අතර,  
1) දකුණු පලාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් සිල්වා, 2) අම්බලන්ගොඩ නගර සභාවේ නගරාධිපති නීතිඥ අරුණ ප‍්‍රදීප් සිල්වා, 3) බලපිටිය 16 D නානතොට ග‍්‍රාම නිලධාරී ජනක මෙන්ඩිස් ජයසිංහ, 4) බෙන්තර, ගෝනගල ග‍්‍රාම නිලධාරි නන්දන විජේවර්ධන 5) අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ පුද්ගලික ලේකම් පුෂ්ප කුමාර ද සොයිසා, 6) ජේ්‍යෂ්ඨ නීතිඥ ශ‍්‍රීනාත් පෙරේරා 7) නීතිඥ මංජුල පතිරාජ, 8) ටෙලිකොම් ඉංජිනේරු හරිෂ් දීප් වල්පොල 
9) නීතිඥ සසංක ජයසේකර 10) නීතිඥ පුබුදු ලියනගේ 11) නීතිඥ ලාල් ශාන්ත 12) නීතිඥ මේජර් අජිත් ප‍්‍රසන්න 13) බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු එ.ජ.ප. නියෝජිත උෂාන්ත මෙන්ඩිස් මයාගේ, 14) ශ‍්‍රී ලංකා ගුරු සංගමයේ සභාපති මයුර සේනානායක, 15) කොස්ගොඩ, නාපේ, සිරිපවර බෝධිරාරාමයේ විහාරාධිකාරී කිරිම දේවින්ද හිමි, 16) ලංකාදීප වාර්තාකරු හේමන්ත සිල්වා, 17) ගුවන්විදුලි සංස්ථාවේ නිවේදක බලපිටිය ප‍්‍රාදේශීය සභා නියෝජිත සංජය මධුසංඛ 18) දිවයින වාර්තාකරු සේනක ප‍්‍රියදර්ශන යන අය විය.

අයියාව, ප‍්‍රශ්න කර නිදහස් කර එවාවි යැයි ඇය තුළ තිබුණේ දැඩි විශ්වාසයකි. නීතියට හා  දෙයියන් ටත් වඩා මේ අය මත තැබූ විශ්වාසය නිසාමය. 

එහෙත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ධනවංශ, මස්සිනාගේ ජවය ශක්තිය බලය තියෙන ස්ථානාධිපති සිරිමාන්න කරන්නේ දින 08 කට පසුව ”ඊයේ” අත්අඩංගුවට ගත් බවට වන අමූලික බොරු වාර්තාව සමග උසාවියට ඉදිරිපත් කර රිමාන්ඞ් කරවීමය.

දමා තිබෙන චෝදනා වන්නේ අපරාධකරුවන්ට රැකවරණය දීම, පලා යෑමට ඉඩ දීම, මිනී මැරීමට අනුබල දීමය.

මේ චෝදනාවට මහේස්ත‍්‍රාත් උසාවිය ඇප දෙන්නේ නැත. එ් නිසා මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට බිරිඳ උත්සාහ ගනී. මිනී මැරීමේ චෝදනාවට මාස තුනක් පමණ කොටි කාලයකදී ඇප ලබා ගැනීමට හැකි වුවත් තම අයියාට ඇප නොදී රඳවාගෙන සිටින බව නැගණිය ප‍්‍රකාශ කරයි.

තම අයියා රිමාන්ඞ් එකේ තබාගෙන සිටීම, බලපිටිය කොස්ගොඩ ප‍්‍රදේශයේ පසුගිය කාලයේ පැතිර ගිය, තවමත් අවසන්ව නැති ඝාතන රැල්ලට අදාලව සිදුකරන්නක් බව නැගණිය වැඩිදුරටත් කියා සිටී.

ඇය නීතිපති ගේ අවධානයට කැඳවන්නේ පොලීසිය උසාවියට බොරු කීම පිළිබඳවය. 

එ් අනුව අවම වශයෙන් අයියාට ඇප ලබාදීමට මැදිහත්වන ලෙසටය.

කොස්ගොඩ පොලිස් ස්ථානයේ වත්මන් ස්ථානාධිපති මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව වැරදි කරු වූ තැනැත්තෙකි.

තවද ඔහු, මෙම අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම ගැන මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවති විමර්ශනය අවසානයේ දී විමර්ශන නිලධාරී අභියස දී, ස්ථානාධිපති සිරිමාන ඇයට බැන තර්ජනය කර ඇත.

එමෙන්ම අයියාගේ බිරිඳ ඉතා දුර්ලභ රෝගයකින් පෙළෙන බැවින්, කොස්ගොඩ ෙපාලීසියේ ස්ථානාධිපතිගේ නීති විරෝධී ක‍්‍රියා හා පාතාල සම්බන්ධයන් ගැන කතා කිරීම හේතුවෙන් නංගිට  තර්ජනය කිරීමට පෙළඹී සිටී. 

එම තත්ත්වය තුළ ඇයගේ ආරක්ෂාව සලසන ලෙසට මානව හිමිකම් කොමිෂමෙන් ද ඉල්ලා තිබේ. 

මෑතකදී කොස්ගොඩ දී අත්අඩංගුවට ගත් තාරකගේ මව පසුගිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන ලද ස්ත‍්‍රී අපේක්ෂිකාවකි. 

එමෙන්ම ප‍්‍රකට ඇමතිවරයෙකුගේ සහයෙන් විදේශගතව සිටින සුජීව නැමති අයගේ සොහොයුරි ද එම ප‍්‍රාදේශීය සභාවටම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන ලද ස්ත‍්‍රී අපේක්ෂිකාවකි.

මේ දෙදෙනාම කොස්ගොඩ පොලීසියේ අනුග‍්‍රහයෙන් පවත්වන ලද ‘‘නිදහස් හා සාධාරණ මැතිවරණ’’ රැස්වීම් වලට සහභාගී වූයේ පොලීසියේ ගසා තිබෙන තාරකගේ හා සුජීවගේ පිංතූර දෙක දිහා බලාගෙනය.

අති විශේෂත්වය නම් කොස්ගොඩ  ඕ.අයි.සී. සිරිමාන්න හා බලපිටිය එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අශෝක ධනවංශ දෙමස්සිනෝ විමය. 

ෙම් සියල්ල අැය නීතිපතිට පවසා තිෙබ්. සි. අයි. ඩි. ඒක දන්නා බවද කියයි.