Saturday, February 28, 2015

ජොන් අමරතුංගට එල්ලෙන්න වෙලාලු. එල්ලුම් ගහ ගේන්න රනිල් උත්සාහ කරනවාද ?


අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මල්වතු නාහිමි බැහැ දැක ඇවිත් ප්‍රකාශ කළේ අපරාධ මර්ධනයට එල්ලුම් ගහ ගේන්න ඕනෑ බවයි. පසුගියදා පොලිස් නව විමර්ශණ කොට්ඨාශය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ පොලිසිය බාර ඇමති ජෝන් අමරතුංග පොලිස්පතිගෙන්, අපරාධ රැල්ල හා එල්ලුම්ගහ ගේන එක ගැන - මතයක් විමසුවේය.‍ පොලිස්පති රවාගෙන සිටියා මිස උත්තර දුන්නේ නැත.

අපරාධ වලට වරදකරු වූවන්ව මරා දැමිය යුතු බවට වන මිලෙච්ජ ක්‍රියාව, ශිෂ්ඨ රටවල් නතර කර බො‍හෝ කල්ය. මරණ දඩුවම අහෝසි කල යුතු බව එක්සත් ජාතීන්ගේද නියමයයි. ශ්‍රී ලංකාව මරණ දඩුවම නීතියේ තබාගෙන ක්‍රියාත්මක නොකරන රටකි. ජනාධීපති ජේ.ආර්.ජයවර්ධන ප්‍රමුඛ හිටපු ජනාධීපතිවරු කිසිවකු මරණ දඩුවම ක්‍රියාත්මක කළේ නැත. මෛත්‍රීපාල සිරිසේන ජනාධීපතිවරයා ද එය ක්‍රියාත්මක කරන්නේ නැත. එය සහතිකය.

අධීකරණය තීන්දු ක‍ළත්, මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම, එනම් ලංකාවේ එල්ලා මරා දමන්නේ, ජනාධිපති නියම කලහොත් පමණි. විජය රාජපක්ෂ, ජෝන් අමරතුංග මරණ දඩුවම ගැන කතා කරන්නට පටන් අරන් තියෙන්නේ, රනිල්ගේ උපදෙස් අනුව විය හැකිය. සෑම අසාර්ථක පාලකයෙක්ම, අපරාධ කරුවන් රකිමින්, අපරාධකරුවන් එල්ලා මරා දැමිය යුතු බවට ප්‍රකාශ කළේය.

රාජපක්ෂ රෙජිමය, මහජන මුදල් කාබාසිනියා කළ, සොරකම් කළ දැයට කිරුල ප්‍රදර්ශණයේ, බන්ධණාගාර කුටියේ ප්‍රදර්ශණය කළේ බෝනික්කෙකු එල්ලා මරණ හැටිය. ඉන්පසු මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම ගැන මත විමසුවේය. සියයට අසූවකට වැඩි බෞද්ධයින් ප්‍රකාශ කළේ මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවයි.

නමුත් ජනමතය සෑම විටම නිවැරදි නැත. අපරාධ මර්ධනය - මිනී මැරීමෙන් නතර කල නොහැක. කඩිනම් අපරාධ විමර්ශණය, සාධාරණ නඩු විභාග ක්‍රමයන් තුල පමණි අපරාධ මර්ධනය කළ හැක්කේ.

යහපාලනය යටතේ අනිවාර්ය කළ යුතු දෙයකි,  මරණ දඩුවම නීති පොතෙන් කටුගා දැමීම. ඒ වෙනුවට අපරාධ අවම කිරිමට බලපාන දඩුවම් ක්‍රමයක් ඇති කල යුතුයි. දඩුවමකට බන්ධණාගාරයට යැව්වද, බන්ධනාගාරයේ රාජකාරිය පුනරුත්තාපනය බවද දන්නේ කීයෙන් කී දෙනාද ?

රාජපක්ෂ රෙජිමය කළේ එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන බවට, ජනතාව රැවටිමය. ඉන් නොනැවතී පකිස්ථානයන් ලණුවක්ද ගෙන්වා ගත්තේය. අලුගොසුවන් බවා ගතිතේය. දැන් ලණුව ඇත ගහ නැත. ඒ ලනුවේ තමන්ට එල්ලෙන්න සිදුව ඇති බව ජෝන් අමරතුංග බව මුලින් සදහන් කල රැස්වීමේදී ප්‍රකාශ කළේය. ජොන් මෙහෙම ගියොත් ජනතාව එල්ලන්න පෙර, එල්ලෙන්නට නම් සිදුවනු ඇත.



පහේ ශිෂ්‍යත්ව ලාභීන්ගෙන් රුපියල් හාර ලක්ෂ අසූ පන්දහසක් අරන්


මොරටුව වේල්ස් කුමර විදුහල, මෙවර පහේ ශිෂ්‍යත්වයෙන් සමත් ළමයකු පාසලට ඇතුලත් කර ගැනීම සදහා, එක් අයෙකුගෙන් රු: 5160.00 අරගෙන තිබේ. මේ ආකාරයට ළමුන් 94 කු ගෙන් ලබාගෙන තිබෙන මුදල රු: 4,85,040.00 කි.

අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛය කුණු කූඩයට දමමින් මේ ආකාරයට මුදල් අයනරගෙන ඇත්තේ, 2014 පහේ ශිෂ්‍යත්වයෙන් සමත්වූ සිසුන් ඇතුලත් කිරීම සදහා දෙමාපියන්ට, භාරකරුවන්ට, විදුහල්පති ජේ.ඩබ්.එස්.සිරිවර්ධන විසින් නිකුත් කර ඇති 2015.02.13 දරන ලිපියෙනි.
ශීර්ෂ 09ක් යටතේ විවිධ ප්‍රමාණයන්ගෙන් අයකරන ගාස්තු එහි සටහන් කර තිබේ. ඒ අතුරින් පහසුකම් හා සේවා ගාස්තු රු:60.00 හැරුණු විට, අනෙකුත් ගාස්‍තු ප්‍රමාණයන් මතභේදයට තුඩු දිය හැකි එවාය. අධ්‍යාපන චක්‍රෙලඛයට පටහැනි වුවත් මෙම අය කිරිම් වලට දෙමාපියන් භාරකරුවන් විරද්ධ නොවන්නේ, තම දරුවාට කෙනෙහිලිකම් වලට භාජණය වෙතැයි යන දැඩි භිය නිසාය.

ආණ්ඩුවේ නියමයන් ගණන් නොගෙන, දෙමාපියන් පීඩාවට පත් කිරීමට ඉඩ හැරීම ගැන දැඩි කල කිරීමෙන් පසුවන මෙම දෙමාපිය පිරිස, රජයෙන් ඉල්ලා සිටින්නේ, නොපමාව මැදිහත්ව, අයකරගත් මුදල් සෑම දෙමාපියෙකුටම, ප්‍රශ්ණ කිරීමකින් තොරව ආපසු ගෙවීමට නියෝ කරන ලෙසටයි.



මිනීමරුවා බේරන්න බෝම්බ සැපයුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය. මිනීමරුවා ව බේරන්න, ආදේශකයෙකුව රවාඳගෙන සිටින්න නියෝග කළේ - මහින්ද රාජපක්ෂ - හිටපු ජනාධිපති.


 
සැකරුවන් අධිකරණයට ගෙන එව විට. පහළ පියා බර්නාඩ් හා පුතා සුරංග
බියගම විලේජ් හොටේල් අයිතිකරු - මන්නා පිහියකින් කපා මරා දැමීම සිදුකල පුද්ගලයාව බේරාගැනීම සදහා, ඒ වෙනුවට අසරණයෙකුව ආදේශ කිරිමට, බෝම්බ සැපයූ, එවකට විශේෂ කාර්ය බලකායේ සේවය කළ, යාපනය ‍කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.පි.විමලසේන හා කොස්ගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂක මහේෂ් ආනන්ද අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2012 පෙබ 20 දින, කෝටිපති ව්‍යාපාරිකයෙකුව ද බියගම විලේජ් හොටේල් අයිතිකරු බර්නාඩ් ජයරත්නව, තමාට අයත් වත්තක සිටියදී මන්නා පිහියකින් කපා මරා දමනු ලැබීය. සියලු මාධ්‍යවල මුල් තැන ගත් එම පුවත - සුපුරුදු පරිදි ජන මතකයෙන් ඈත් වූයේ කාලයත් සමගය. මේ සිද්ධිය අදාල, පොලිසිය ද එකතු කරගෙන, පිටු පුරා කථාන්දර ලියා තිබුණි. ඇසි දුටු ලෙසට, පාඨකයා නොමග යවන ලද මේ වාර්තා කාරයෝ කළේ - අපරාධකාරයා බේරීමත්, ඒ වෙනුවට අසරණයෙකු අපරාධ කාරයා බවට ජනතාව හුවා දක්වා, පාඨකයාව ගොනාට ඇන්දවීමය.
කපා මරා දමා තිබු හැටි
නමුත් මෙම මිනී මැරුමට ආදේශ කල තරුණයා වු- සුසන්ත ව, දින 2012 දෙසැ 26 සුදු වෑන් එකකින් පැමිණි කොළඹ අපරාධ කොට්ඨාශය මගින් පැහැර ගෙන යන ලදි. ඉන් පසුව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ, මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතු රැදවුම් නියෝගය මත කොළඹ අපරාධ කොට්ඨාශයේ රදවාගෙන සිටි අතර, එහිදී ඔහුට වධ දෙන ලදි.  ඔහුව මරණ බවට තර්ජණය කළේය. තමා නොකල වරදක් පිළිබදව වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් - හෙට ඉර දකින්නට ලැබේදැයි යන්න සිතමිව් ඔහු කූඩුවල දිවි ගෙවන අතර, පවුලේ උදවිය තම සේසතම පරදුවට තබමින් යුක්තිය ඉටු කරගන්න ලේ දහඩිය‍ හෙලුවේය.
විපත, තම සැපයට හරවා ගන්න රටේ සිටින නීතිඥයින් ඔවුන්ට බැට දෙන විට, එම ගමනේදී ගත යුතු නිවැරදි මග වටහා ගැනීමෙන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු හෙළි කිරීමට පියවර ගත්තේය.
කොළඹ අපාරාධ කොට්ඨාශයෙන් පරික්ෂණ ඉවත්කර, අපරාධ පරික්ෂණ දොපර්තමේන්තුවට පරීක්ෂණ පැවරින. ඉතාමත් දුර්ලබ අවස්ථාවක් දකින්නට හැකි විය. 2013 නොවැ 01දින, සුසන්තව පුගොඩ මහේස්ත්‍රාත්වරයා මුදාහැරියේය. මෙය දුර්ලභ අවස්ථාවක් ලෙසට හදුන්වන්නේ පොලිස් පරීක්ෂණ, අධිකරණය හමුවේ එළී දරව් කරවීමට පියවර ගැනීමය.
සුසන්ත නිදහස් විය. නමුත් ඔහුට - යුක්තිය ඉටු නොවීය. නිර්දෝෂී පුද්ගලයෙකු අත්අඩංගුවේ තබා ගැනීම අපරාධයකි. මේ සදහා ඔහුට පියවර ගන්නට නීතිමය ඉඩක් නොමැති විය. මන්ද, ඔහුව රදවා තබා ගැනීමේ නියෝගය කර තිබුනේ ජනාධිපති හැටියට මහින්ද රාජපක්ෂය. පවතින විධායක ක්‍රමය තුල, ජනාධිපතිට කළ නොහැකි දෙයක් නැත. තවද, ත්‍රස්තවාදිය වැළැක්වීමේ පනත උපයෝගී කරගත්තේ, මිනීමරුවන් බේරීමට මිස, අල්ලා ගැනීමට නොවන බවද - පැහැදිලි විය.්
සුසන්තව, ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගන්නට යෙදුවේ, ඔහු ලග LTTE ආයුධ තිබූ බවට වන චෝදනාවක් ගොතාය. එය රාජපක්ෂ ගේ මයිලනුවන්ගේ අවශ්‍යතාවය බවට කට කථා පැතිරන.
සුසන්ත ව කොළඹ අපාරාධ කොට්ඨාශයේ  රඳවාගෙන සිටි කාලය තුල,  ඝතණය සිදුවු වත්තේ මුර කරුවු සුසන්ත ට LTTE බෝම්බ ලැබුනේ කොහෙන්ද යන්න හෙව්වේ නැත. ඇසු‍වේද නැත.
මෙම ඝාතණයෙ ප්‍රධාන සැකකරු දැනට අත්අඩංගුවේ සිටින බර්නාඩ් ජයවර්ධන ගේ පුතා බව හා    ඔහුට LTTE බෝම්බ ලබා දුන්නේ කව්ද යන්න අපරාධ පරීක්ෂකයින් සොයගෙන බොහො කල්ය.
එහෙත් නීතිය ක්‍රියාත්මක වූයේ නැත. රාජපක්ෂ ගේ පරාජය සමග, LTTE බෝම්බ සැපයුම් කරුවන් කවුරුන්ද යන්න හෙළි දරව් කරන්නට වර්ථමානයේ පොලීසියට හැකි විය.
මිනිමරුවා බේරන්න කෙළම CCID එක ආදේශ කළ සුසන්ත. ආණ්ඩුව මොහුට වන්දි ගෙවිය යුතුයි. 




Friday, February 27, 2015

මුස්ලිම් අන්තවාදීන් බ්ලෝගකරුවෙකුව කපා කොටා මරා දමයි.


බංගලදේශයේ ප‍්‍රකට බ්ලෝගකරුවෙකු  වු අවිජිට් රොයි ව මරා දමා ඇත්තේ නොහඳුනන පිරිසක් විසින් බව එරට පොලීසිය පවසා තිබේ. නිදහස් මත ධාරියෙකුවු රෝයි මුස්ලිම් අන්තවාදය විවෙචනය කළ අයෙකි. බංගලදේශයේ අගනුවර ඩැකා සරසවියේ ගොත් ප‍්‍රදර්ශණයක් කරඹා සිය බිරිඳ සමග එන අතර පහරදීම සිදුකර තිබේ. මෙම පහර දීම පොලීසීය ඇතුලූ බොහෝ පිරිසක් ඉදිරියේ සිදු කර තිබේ. මුස්ලිම් අන්තවාදීන්  විසින් මෙම ඝතණය සිදුකර තිබුනත් කිසිවකු අත් අඩංගුවට ගන්නට පොලීසයට බැරිව තිබේ. 2013දි අහමඞ් රජිබ් හේඩර් නම්වු, මුස්ලිම අන්තවාදය හෙළාදුටු බ්ලෝගකරුව මරා දමන ලද්දේ ද එරට මුස්ලිම් අන්තවාදීන්  විසිනි.

Tuesday, February 24, 2015

මෛත්‍රීපාලව හා රනිල්ව අපි මායිම් කරන්නේ නෑ.මානව හිමිකම් කොමිෂමේ සභාපති ප්‍රියන්ත පෙරේරා ක්‍රියාවෙන් ඔප්පු කරයි.



රාජපක්ෂ රෙජිමය යටතේ නීතිවිරෝධීව හා සදාචාර විරෝධීව පත්වීම් ලබාගෙන ඉවත්වන්නේ නැති බවට, පුරසාරම් කියමින් සිටින, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ප්‍රියන්ත පෙරේරා හා ඉතිරි කොමසාරිස්වරු ඉඩම් ප්‍රතිසංසකරණ කොමිෂමේ සභාපති ධුරයෙන් ඉවතා වීසිවූ නි. නිමල් පුංචිහේවා ගේ  කොමිෂමේ අතිරේක ලේකම් ධුර කාලය දීර්ඝ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබිණ.


එම කාලය දීර්ඝ නොකිරීම තුළ, අභියෝග කරමින් සභාපතිවරයා සිය බලය යොදවා කෙටි සටහනකින්. නීතිඥ නිමල් පුංචිහේවා නව නීති උපදේශක ලෙස පත්කරගෙන තිබේ.ඔහු මෙසේ මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ පාලනයට අභියෝග කරමින් ජනතාවට මානව හිමිකම් කොහිමසන් සභාව එපා කරවීමට ක්‍රියා කරමින් සිටි.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන ප්‍රියන්ත පෙරේරා කණිෂ්ඨ නීතිඥයකු වන නිමල් පුංචිහේවා නීති උපදේශක වහයෙන් පත්කරගෙන ඇත්තේ දූෂණ අක්‍රමිකතාවයන් සිදු කිරීමට ඔහු ලබා තිබෙන  විශේෂඥභාවය නිසාය.


අසීමිත දූෂණයන් හා අක්‍රමිකතා වලින් පිරි මානව හිමිකම් කොමිෂන් සභාව විනාශයට පත් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. 

Monday, February 23, 2015

දුෂණ හෙළිකිරීම අයිතියකි. එය මානව හිමිකමකි. වගකීමකි.



ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දුෂණ හෙළිදරව් කරන්න. ඒම ඉල්ලීම ප්‍රසිද්ධ දැන්වීමක් මගින් ජනසංසදය කර අැත. ඒම දැන්වීම.

පසුගිය කාල වකවානුව තුළ හා අදටත් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දුෂණ අක‍්‍රමිකතා පිළිබඳව කරන හෙළිදරව් කිරීම්, පැමිණිලි යටපත් කරමින්, නීති විරෝධීව හා සදාචාර විරෝධීව නිලතල දරන සභාපති, කොමසාරිස්වරු හා සමහර නිලතල හොබවන්නන්්, තවදුරටත් එකී නිලතල වල එල්ලී  සිටින බව සැම දෙනාම දන්නා කරුණකි.
මෙම පසුබිම තුළ, දැනටමත් අප විසින් ප‍්‍රසිද්ධියට පත් කරන ලද දුෂණ හා අක‍්‍රමිකතාවන් ද, එසේ හෙළිදරව් නොකරන ලද සියල්ල ද, අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවා ඇති විශේෂ දුෂණ විමර්ශන කමිටුවට, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට, ශ‍්‍රී ලංකා පොලිසීයේ දුෂණ පිළිබඳ විශේෂ විමර්ශන එ්කකයට ද ඉදිරිපත් කිරීමට සහ ප‍්‍රසිද්ධියට පත්කිරීමට පියවර ගන්නා බව මෙයින් දන්වා සිටිමු.
අප ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ කොමිෂන් සභාවේ, දුෂණ අක‍්‍රමිකතාවන් වාර්තා කරන ලෙසයි.
දුෂණ හෙළිකිරීම අයිතියකි. එය මානව හිමිකමකි. වගකීමකි.
දුෂණ හෙළිකරන්නන් ආරක්ෂා කිරීම ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රජාවගේ වගකීමකි.
අපට හෙළිකරන තොරතුරුවල මූලයන් මොනම තත්ත්වයක් තුළ හෝ හෙළිදරව් නොකරන බවට සහතික වෙමු. එයට ජනසංසදයේ ඉතිහාසය සාක්ෂි දරණු ඇත.
ජනසංසදය, 81/2, ආතර් වී දියෙස් මාවත, පානදුර. දුරකතන/ෆැක්ස්: 038 2231419
                  


Saturday, February 21, 2015

මැතිවරණ සමයේ වෙඩි තැබිමේ සිද්ධියේ සැකකරුට පහර දිලා.

පොදු අපේක්ෂකට සහය දුන් අයෙකුට වෙඩි තැබිමේ සිද්ධියේ එක් සැක කරුවෙකු වු පුබුත් නැමති අයට කලුතර බන්ධනාගාරයේ නියාමකරයකු පහර දි ඇති බවට බිරිඳ චොදනා කරයි.
මැතිවරණ සමයේ සිදුවු මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ජනවාරි 16 දිනය. මෙම සිද්ධියට හිටපු ඇමතිවරයෙකුවු රෝහිත අබේගුණවර්ධන ගේ බැනැ කෙනෙකු සම්බන්ධ නිසා අත්අඩංගුවට ගැනීම පොදු අපේක්ෂක ගේ ජය ගන්නාතෙක් ප‍්‍රමාද විය.

පසුගිය 19දා මෙම පහරදීම සිදුකර ඇත්තේ විතානගේ නැමැති බන්ධනාගාර නියාමක බවත්එයට මුලිකව ඇත්තේ සැකකරුවන්ගෙන් වැබ ගැනීමට විරුද්ධ වීම නිසා බව පවසන පුබුත් ගේ බිරිඳ, නොපමාව පහර දුන් නියාමකට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ඉලලා සිටි.

Friday, February 20, 2015

වාද්දුව පොලිසිය අපරාධකරුව රකිනවා, පරීක්ෂණ කරන්නේ නෑ.


මෙයට මාස දෙකහමාරකට පෙර තම නිවසට පැන පහරදී තුවාල සිදු කරන ලද, ප්‍රදේශයේ නම ගිය අපරාධකරුවනු වන සුනිල් සිල්වා නැමැත්තාට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති බව, සන්දනම් මේරි නැමැති 65 හැවිරිදි සිව්දරු මව කියා සිටී.
අැයව පානදුර මූලික රෝහලේ ශෛල්‍ය කර්මයකට භාජණය කිරීමෙන් අනතුරුව, කොළඹ ජාතික රෝහලට මාරු කර, ප්‍රතිකාර ලබා දී තිබේ.
එම තත්වය තුල, අපරාධ සැකකරු සුනිල් සිල්වා ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය ක්‍රියා නොකරන්නේ, මෙම අපරාධකරු හා පොලිසිය අතර පවතින අනියම් සම්බන්ධය නිසාද ? බලපෑම් නිසාද?


Thursday, February 19, 2015

මනාලිය අමුත්තාව විවාහ කරගනී. ඉතින් අපි මෙනෙවා කරන්නද පොලීසියි මනාලයා ගෙන් අසයි.


මංගල උත්සවයේදි, චරිත‍්‍රානුකූලව මල්මාලය පැළඳ වීමට මනාලිය ඉදිරිපිටට ගිය මනාලයා වේවුලා බිම ඇද වැටුනේය. ඔහුව ඥතීන් රෝහලට ගෙන ගිය අතර, තමන් ව විවාහ කර ගන්න කැමති කෙනෙක් ඇති ද යයි, මංගල උත්සවයට පැමිණි සිටි අමුත්තන් ගෙන් අැය විමසා සිටයේය. එ්යට එකඟවු තරුණයෙකු හා ඇය එ් අවස්ථවේදිම විවාහ විය.
මනලයා මිමැස්මොර රෝගයකින් පෙළෙන්නකු බව හෙලිවිය. මනාලිය හා ඇගේ පාර්ශවය කෝපවුයේ එ් බව තමන් ගෙන් වසන් කිරිම නිසාය. සුව පත්වීමෙන් පසුව පැමිණි මනාලයා ගිවිසි ගත් පරිදි තමන් හා විවාහ වන ලෙසට ඔහු මනාලියගෙන් ඉල්ලා සිටියේය.
එයට ඇය හා පවුල එකඟ නොවීම නිසා මනාල පාර්ශවය පොලීසි ගියේය. ඔවුන්ට පොලීසිය කියා සිටියේ ඇය වෙනත් කෙනෙකු සමග විවාහ වී ඉවරයි අපි මොනවා කරන්නද කියාය. 
ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශයේ රාමුපුර් නගරයේ සිදුවීමකි. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුගේ පහර කෑමට ලක්වූ සිවිල් ආරක්ෂකයාට යුක්තිය ඉටු ‍වෙයි ද?

පසුගිය 13 වන දින උදේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ ගේ පහර කෑමට ලක්වූ සිවිල් ආරක්ෂක එච්.එල්.ඩී. ලක්මාල් ට යුක්තිය ඉටුවන පාටක් නැත.
වාර්තා‍වෙන අන්දමට, ‍මෙම සිවිල් ආරක්ෂකයාට සමථ වීමක් සහා ‍පොලීසිය ලවා බලපෑම් කරන බව ද වාර්තා ‍වේ.
යහපාලනය, නීති‍යේ ආධිපත්‍ය, සදාචාරය ගැන කතා කරන මුද්‍රිත ‍හෝ විද්යුත් මාධ්‍ය සිද්ධිය වාර්තා කළත් පහර දුන් බවට චෝදනා එල්ල වී තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වූ සරත් ආබෲ ‍ගේ නම සහන් ‍නොකර සිටීමට වග බලා ගත්‍තේය.
මේ මගින්, අ‍නෙක් විනිසුරුවන්ට සිදුකර ඇත්‍තේ අසාධාරණයකි. මාධ්‍ය සදාචාරය, ආචාර ධර්ම, ර‍ටේ ඉහළයින්ට පමණක් ද?  මාධ්‍යකරුවන්‍ගෙන් අසා සිටිමු.
ඒ අතර, ‍මොහු‍ගේ ගල්කිස්ස නිවසට සපයා තිබූ ‍පොලිස් ආරක්ෂාව ඉවත් කර ති‍බේ. ඒ ‍කෙතරම් කාලයකට ද කියා දන්නේ නැත.
අග විනිසුරු ශ්‍රී පවන් මහතා වැඩ බාර ගැනීමේදි කළ ප්‍රකාශය ඔහුට අමතක වී ‍නොමැති නම් ‍මේ සිද්ධි‍යේදී තම සගයා ද නීතියට යටත් බව ප්‍රායෝගිකව ‍පෙන්වා දීමට ඉදිරිපත් විය යුතුයි.
තව ටික දිනකින්, රාජපක්ෂ කළා මෙන්ම ‍මේ ගුටි කෑ සිවිල් ආරක්ෂකයා තමාට කව්රුත් ගැහැව්වේ නෑ , තමාම ‍පොල්ලකින් ගහ ගත්තා යැයි මාධ්‍යයට ප්‍රකාශ දෙන්නට ඉදිරිපත් වුව‍හොත් අප නම් පුදුම නොවමු.
පසුගිය කාලයේ නීතියේ ආධිපත්‍ය ගැන කතා කළ නීතිඥ සංගමය, මෙම පහර දීම ගැන කියන්‍නේ කුමක්ද? තවමත් නිහඬ ඇයි.
මොහාන් පීරිස් ව අගවිනිසුරු පදවි‍යේ තබා ගැනීමට ‍පෙරමුණ ගත්තේ, එජාපයේ ප්‍රබලයින් වන ඉහළ ‍පෙළේ නීතිඥයින් පිරිසකි. ඔවුන් ‍මොහාන් පීරිස් ඉවත් කිරීම නීති වි‍රෝධී බව ද කියා සිටි‍‍යේය.
මෙම විනිසුරුවරයා ට ‍මෙවන් ‍චෝදනා පමණක් ‍නොව ලිංගික අප‍යෝජන චෝදනාවන් ද එල්ල වූ අ‍යෙකි. ඒ සෑම ‍චෝදනාවක් තිබියදීම ඔහුට උසස්වීම් ‍දෙන ලදි. රාජපක්ෂ රෙජිමය ඔහුව  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවර‍යෙක් ක‍ළේය.

එපමණක් නොව 2013 අප්‍රේල් 13-24 දක්වා බැංගලෝරයේ පැවති ජත්‍යන්තර සමුලුවකට එක්වු මොහු එහි ගුවන් තොටුපොලේදි තවත් විනුසුරුවකුට පහර දීම පිළිබව සිද්ධිය පිළිබව පළවු වාර්ථාවක් පහත දක්වමු. යහපාලනය සහා මොහාන් පිරිස්ව පමණක් ඉවත් කර සියල්ල හරි යයි නිහඬව ඉන්නට පුලුවන්ද?

Appeal Court Judge Abrew Verbally Abused And Attacked Fellow Judges
May 6, 2013 | Filed under: Colombo Telegraph,Most Popular,News,STORIES | Posted by: COLOMBO_TELEGRAPH


Appeal Court Judge Sarath de Abrew caused havoc in Bangalore airport when he verbally abused his colleagues and even attacked one with a bottle of water, while returning home after a judges’ conference.
Sri Lankan newspaper Dailly Mirror reported the story without naming the judge as follows;
A Sri Lankan Appeal Court Judge allegedly caused havoc in an Indian airport when he verbally abused his colleagues and even attacked one with a bottle of water, while returning home after a judges’ conference. The incident was reported to the President, the Daily Mirror learns.
Creating a huge scene at the Business Lounge of the Bangalore and shocking many foreign onlookers the senior judge, had allegedly berated several judges in language that shocked the foreign passengers who heard his profanity. The individual who went on scolding his colleagues both in Sinhala and English for more than 10 minutes had later hit one of them with a water bottle.
The Daily Mirror reliably learns that the affected judge had made a complaint to the President Mahinda Rajapaksa, the appointing authority of judges through the Chief Justice and also to Chief Justice Mohan Pieris, Head of the Judiciary, and the other Supreme Court judges. The newspaper also came to know that the complaint had already reached the President.
The embarrassing incident had taken place when a ten-judge squad comprising Appeal Court Judges from Sri Lanka had participated at a conference held from April 17 to 24. On April 23 night, seven judges including the judge involved in the incident had been dropped of by the organisers at the Bangalore Airport while three others had taken different routes.
As soon as the bus reached the airport, the suspected judge had outrun the others to pick up a trolley but mistakenly left one of his bags behind. Being aware of the nature and temperament of the judge, the others had not touched or taken out the bag. Later, on realizing this he had gone off in verbally abusive parlance at the other judges which ended up in the bottle-attack.
However, it is learnt that none of the judges – including the victim of the bottle-attack – had retaliated in any manner. Yet, considering the massive damage caused to the reputation of the Sri Lankan judges and judiciary at an international public location, he had brought the incident to the President’s notice – By Susitha R. Fernando


Wednesday, February 18, 2015

පොලීසිය ඉඩම හා ‍ගොඩනැගිල්ල මං‍කොල්ලා කයි. නීතියේ ආධිපත්‍ය හා යහපාලනය බල්ලාට


අවුරැදු 12 ක් පුරා, ‍පොලීසිය අසරණ මිනි‍සෙකු‍ගේ ඉඩම හා ‍ගොඩනැගිල්ල බලහත්කාරයෙන් අල්ලා‍ගෙන එය, ‍‍බොන්න, කන්න, නාන්න හා ඉහළ නිලධාරීන්ට ‍‍දොළ පි‍දේනි දෙන තැනක් බවට පත්කර‍ගෙන සිටී.

පසුගිය අවුරුදු 12 පුරාම තමාට හා තම ‍සො‍හොයුරාට හිමි ඉඩම හා ගොඩනැගිල්ල ලබාදෙන ලෙසට ‍පොලිස් ‍ලොක්කන්ගෙන් ආණ්ඩුවේ ලොක්කන්‍ගෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ‍ගෙන් හා ගෝඨාභය‍ගෙන් ඉල්ලා සිටිය ද පලක් වී නැත.

එක පැත්තකින් ත්‍රිවිඩ හමුදාව ලවා ඉඩම් මං‍කොල්ල‍යේ ‍යෙදුන රාජපක්ෂ ‍රෙජිමය, ‍මේ ‍පොලීසිය මගින් කරන ලද ‍කොල්ලයකි.

මේ කාරණය සම්බන්ධ‍යෙන් ඉඩ‍මේ අයිතිකරැවන් දෙදෙනා විසින් පොලිස්පති එන්.‍කේ. ඉලංග‍කෝන්, ‍ලේකම්, නීතිය හා සාමය පිළිබ අමාත්‍යාංශය, ‍වෙත යවන ලද ලිපි‍යෙන් කරුණු පැහැදිළි කරයි.

- මේ කාරණය පිළිබ ‍මොවුන් මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කර ති‍බේ.

පොලීසිය ‍කොල්ලකා ඇති ‍ගොඩනැගිල්ල 2002 වසර, කුකු‍ලේ ග ජල විදුලි බලාගාරය ඉදිරි‍යේ ව්‍යාපෘතිය බාරව ක්‍රියාකළ ස්වීඩන‍යේ ස්කන්සා සමාගම, කේ. ගුණපාල හා ‍කේ. ගුණරත්න යන අය‍ගේ ඉඩ‍මෙන් ‍කොටසක් ගිවිසුමක් මගින් ව්‍යාපෘතිය අවසාන වන ‍තෙක් බාර ගත්තේය. එහි ඉදිරිපත් කරන ලද ‍ගොඩනැගිල්ල ව්‍යාපෘතිය අවසාන‍යේ බාර දීමට ද ගිවිසු‍මෙන් එක විය. ඒ ඉඩම සහා වන කුලියට හිලව්වටය.

සමාගම ඉදි කරන ලද අඩි 25× 100 ක් පමණ ‍ගොඩනැගිල්ල, ‍‍යොදා ගත්‍‍තේ ඉදිකිරීම් කටයුතු සඳහා ගෙන එන ලද ඩයිනමයිට් ආරක්ෂාවට, ‍යොදවන ලද ‍පොලිස් කොස්තාපල්වරුන්ට, නවාතැන් ගැනීමටය. ‍ගොඩනැගිල්ලට විදුලිය හා ජලය සපයන ලද්‍දේද, මුරට සිටිය ‍පොලිස් නිලධාරීන්ට කෑම බීම දුන්‍නේද සමාගමය.

විදුලි බලාගාරයේ කටයුතු ඉවර කර, ඉඩම හා ‍ගොඩනැගිල්ල ‍සො‍හොයුරන් දෙන්නාට බාර දී, ‍පොලීසියට ඉවත්වන ‍ලෙසට කියන ලද නමුත්, පොලීසිය එදා සිට ‍මෙම ඉඩම හා ගොඩනැගිල්ල නිඩාඩු නිකේතනයක් බවට පත් කර‍ගෙන බලහත්කාර‍යෛන් රැඳී සිටී.

 පොලීසිය ‍මේ ආකාරයට අපරාධ කරන විට, රටක යහපාලනයක් ඇති කරන්‍නේ කෙ‍දේ ද?
මේ පාහර  කුපාඩි වැඩ වලට ඉහළ පොලිස් නිලධාරීන් ද සහය ‍දෙන්‍නේ, ඔවුන් පිනවීමට මේ තැන භාවිතා කරන නිසාය.



Monday, February 16, 2015

ග්‍රාමාරක්ෂකට පහර දුන් ශ්‍රේෂ්ඨ විනිසුරු නීතියට ඉහළින් ද? කව්ද! හෙළි කරනු!!


ශ්‍රේෂ්ඨාධිකරණයක විනිසුරුවකු, යමෙකුට පහර දීමක් කළහොත්, එම පහර දීම බලපෑම් කර, යටපත් කිරීම යනු නීතියේ ආධිපත්‍යයට පයින් ගැසීමකි.

පසුගිය කාලයේ මෙන් නොව, මේ වන විට රටේ බහුතරය අපේක්ෂා කරන්නේ නීතියේ ආධිපත්‍යය සුරැකීමයි.

පසුගිය දා වැඩ බාර ගත් නව අගවිනිසුරුවරයා ද තම පිළිගැනීමේ උත්සවය අමතා කළ ප්‍රකාශයෙන් මේ අදහස ගැබ් විය.

එහෙත් මේ 13 වන දා රත්මලානේ විනසුරු නිවසේ ආරක්ෂාවට යොදවා සිටි, ග්‍රාමාරක්ෂක ට පොල්ලකින් පහර දීමට අදාලව තොරතුරු අනාවරණය කිරීම මාධ්‍ය අතපසු කරයි. මේ බලපෑම් නිසාද? නැවත සුදු වෑන් එන්න පටන් අරගෙන තිබෙන නිසාද?

පහර කෑමට ලක්වූ ග්‍රාමාරක්ෂක රෝහල්ගතව ඇත. ඔහු ගල්කිස්ස පොලීසියට පැමිණිලි කර ඇත.

නමුත්, අපරාධ සැකකරු සම්බන්ධයෙන් ගත් පියවරක් සඳහන් වන්නේ නැත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ කට ලොක් වී තිබේ. ඒ ඔහු නීතිඥයකු නිසාද?

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් 11 කි. ඒ අතරින් පහර දුන් විනිසුරු හෙළි නොකිරීම 10 කුට, කරන අසාධාරණයකි. සමාන නම් ඇති විටක මෙම අසාධාරණය බරපතලය.
පෙර අවස්ථා කීපයක මහාධිකරණයේ අභියාචනාධිකරණ විනිසරුවරයෙකුට එරෙහිව මේ හා සමාන චෝදනා එල්ල විය.


නමුත් එම පුද්ගලයාට විරැද්ධව ගත් පියවරක් නැත.  

එකම පවුලේ දෙනෛක්ව රිමාන්ඩ් කරයි.


පයාගල පොලිසියේ ඉල්ලීමට, කලුතර අතිරේක මහේස්ත්‍රාත්වරිය, එකම පවුලේ දෙදෙනෙකුව, රිමාන්ඩ් බාරයට පත්කල බව පවසන, හිල්ඩා සිල්වා මිය (අවු : 56) යහපාලනය කියන්නේ මේකදැයි අසයි.

පයාගල, මලේගොඩ, ඇගලුම් ‍කම්හලේ සේවිකාව‍කගේ මාලය කඩා ගත් බවට චෝදනා කරමින් තම පුතාව අත්අඩංගුවට ගත් පයාගල පොලිසිය, අත්අඩංගුවේ සිටි පුතාව බලන්න ගිය තම නැගණිය වූ ඇනී සිල්වා වද අත්අඩංගුවට ගත් බව කියා සිටී.

මාලය කඩාගත් බවට පැමිණිලි කල තරුණිය පොලිසියට පැමිණ, මාලය කඩාගත්තේ පුතා නොවන බව කියා සිටියත්, ස්ථානාධිපති එම තරුණියට බැන, පෙරට්ටුවකට තැබිය යුතු බවට උසාවියට කියා, රිමාන්ඩ් කරපු බවද ඇය වැඩිදුරටත් කියා සිටී.

ඒ වගේම, පොලිසියේ පුතාව බැලීමට පැමිණ සිටි පුංචි අම්මාවද අත්අඩංගුවට ගෙන, රාත්‍රී 10 වනතුරු කබාගෙන, පසුදින උසාවියට එන ලෙසට දන්වා මුදාහැරිය බවය. පොලිසියේ උපදෙස් අනුව, උසාවියට ගිය විට, සාක්ෂිකරුවන්ට තර්ජණය කලා යයි කියා, රිමාන්ඩ් කරපු බවද කියා සිටී.

පොලිස් සහතිකය මත, මුදා හැර, ඒ අනුව උසාවියට ඉදිරිපත් වූ විට, රිමාන්ඩ් කරන්නේ කෙසේද යන ප්‍රශ්ණය නගන ඇය - මෙය පොලිසිය සතුටු කරවන්න කරන දෙයක් බවද, පුද්ගලයෙකුව පදනම් රහිතව රිමාන්ඩ් කිරීම අපරාධයක් බවද කියා සිටී.


මේසේ පයාගල පොලීසිය තම පවුලෙන් පලිගන්නේ 2012දි තම වැඩිමහල් පුතාව හා ඔහුගේ මිතුරෙකුව යටකර මරා දැමු හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධන ගේ බැනැ වෙනුවට වෙනත් අයෙකු ආදේශ කිරිමට පොලීසිය ගත් පියවරට එරෙහිව උද්ඝෝෂණය කළ නිසා බව පෙන්වා දෙන ඇය, මේ කරුණු අදාලව වගකිවයුත්තන්ට පැමිණිලි කර ඇත.

Sunday, February 15, 2015

අලි ඇතුන් හැර, අන් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා..


අලි ජාවාරම පිලීබ්‍දව තොරතුරු එහළි දරව් වෙමින් පවතින අතර, එයත්, අලි ප්‍රශ්ණයක් බවට පත්ව තිබේ. අලි හිමියන් ගේ සංවිධානය, පසුගිය දා, මල්වතු මාහිමි බැහැ දැක තිබෙන බව වාර්තා විය.

මේ දිනවල අලුත් අයත්, පරණ අයත් මල්වතු අස්ගිරි මා නාහිමිවරු බැහැ දකින්නේ පෝලිමේ ගොස්ය. ඒ අතර දළදා මාලිගාවට මල් වට්ටි ද ගෙන යති, සුදු ඇදගෙන.

 මේ අලි හිමියෝ තමන් ලඟ ඉන්නේ නීත්‍යානුකූලව ලබාගත් අලි බව මල්වතු මා නාහිමි ට කියා ඇත.  වනජීවි නිලධාරීන් කඩා පැන කරන, පරීක්ෂණ නිසා, තමන්ගේ කීර්ති නාම වලට හානි වන බවයි.

මේ අලි හිමියෝ ලඟ ඉන්නේ නීත්‍යානුකූලව ලබාගත් අලි ද, හොර අලි ද යන්න ගැන සොයා ගැනීමට රජයට නොහැකි වී ඇත්තේ රාජපක්ෂ රෙජිමය අනෙකුත් අමාත්‍යංශවල ෆයිල් සොරකම් කර තිබෙන ආකාරයට, අලි රෙජිස්ටර්ය සොරා ගෙන ඇති නිසාය. අලි පොත ලෙසට හදුන්වන මේ අලි රෙජිස්ටරය තවමත් සොයාගන්නට බැරිලු.

ඒ ප්‍රශ්ණයට වඩා බරපතලම ප්‍රශ්ණය වන්නේ මේ අලි හිමියන් මල්වතු මා නාහිමියන්ට කියා ඇති දෙයයි. මේ  හොර අලි සෙවීම නිසා, ඉදිරියට පෙරහැරවලට ගෙනියන්න අලි නැතිවීමේ තර්ජණයක් ඇති බවයි.

ඔවුන් කියන්නේ සිංහල බොෟද්ධ සංස්කෘතිය රැකෙන්නට පෙරහැරේ අලි ගෙන යා යුතුම බවයි.
බෞද්ධ සංස්කෘතිය රකින්නට, අලි ඇතුන්ට වධ දීම හොදයි නම්, සමහර ආගම් හා ජාතීන්ෙග් සංස්කෘතික අංගයක් වන බිලි පූජා වද හොඳ විය යුතුයි.

බෞද්ධයන්ගේ දවස ආරම්භ කරන්නේ, සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා යයි පතමින්ය. මහා හඩ නගා කියමින්ය. ලවුඩ්ස් පීකර් මගින්ද හංදියක් ගානේ ප්‍රචාරය කරමින්ය.

මේ සියලු සත්වයින්ට නිරෝගි සුවය පතන බෞද්ධයින්ට අලි ඇතුන් පමණක් මතක් නොවන්නේ ඇයි? ඔවුන් සත්වයින් නොවන නිසාද, එසේ නැතිනම් මවගෙන්, තම සහෝදරයින්ගෙන්, තම උරුම පරිසරයෙන් වෙන්කර ගොසින්, දම්වැල් දමා බැඳ, හෙංඩුවවෙන් ඇන, කෑම බීම සීමා කර, ප්‍රජනන අයිතිය නැති කර, හිරකර තබා ගැනීමද ?

සත්ව හිංසා මුලුමනින්ම පිටු දකිමින්, එය පදනම් වූ බුදු දහම රැකෙන්නේ අලි ඇතුන්ට වධ දෙමින් පෙරහැරේ ගෙන යාමෙන් නොවේ. යම් සංස්කෘතියක් යම් සත්වයෙකුට හානි කරනවානම්, පීඩා කරනවානම්, එම සංස්කෘතිය පිටු දැකිය යුතුය.


මෛත්‍රී අඩි පාරේ විජයදාසත් යයි. කණකොක් හඩ ඇසෙන්නට පටන්ගෙන


අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ, සිය පුතුණුවන් වන රකිත රාජපක්ෂව, සිය අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් බවට පත්කරගෙන තිබේ.
මෙය දැඩිව හෙළා දැකිය යුතු කරැණකි. නින්දිත ක්‍රියාවකි. රාජපක්ෂ රෙජිමය, රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයේ සියලු පාදඩ ක්‍රියාවන්, සිදු කලේ, අමාත්‍යංශ වලට පත්කර ගෙන තිබූ විවිධාකාර රැකවලා, උපදේශකයින් හරහා බව අප හොදාකාරවම දනිමු.
අධිකරණයේ ස්වාධීනත්වය ගැන - ඉමහත් බලාපොරොත්තු තබාගෙන, වෙනසක් ඇති කරන ලද මේ අවස්ථාෙව් සිදුකල මෙම නින්දිත පත්වීම, ඉදිරියේදී අධිකරණයේ ස්වාධීනත්වයට බලවත් තර්ජණයක් වනු ඇත.
මෙම මාධ්‍ය ලේකම් පුත්‍රයාට බලයන් ‍දෙකක් හිමි වේ. එකක් මාද්‍ය ලේකම් බලය. එය ඉතා අල්ප එකකි. ඇත්ත වශයෙන් අමාත්‍යංශයක මාධ්‍ය ලේකම් වරයාට පැවරෙන කාර්ය, පලපුරුදු ලිපිකරු මහතෙකුට ඉතා කාර්යක්ෂමව කල හැක්කකි.
මෙම තනතුරු පුතාට දෙන්නේ තාත්තාගේ ඇමති බලය සමගයි. ඔහු ක්‍රියාත්මක කරන්නේ පියාගේ ඇමති බලයයි.
පවතින තත්වය තුල, ඕනෑම අධිකරණයකට ඔහුට කතාකොට, මෙම නඩු තීන්දුව මෙහෙම විය යුතු යැයි කිව්වහොත්, එයට පටහැනිව තීන්දු දෙන්නට හැකි, නිවැරදි ක්‍රමවේදයන්ට අනුව පත්වීම් ගෙන සිටින, විවිධ වරප්‍රසාද අපේක්ෂාවෙන් සිටින විනිසුරුවන් අපේ අධිකරණයේ නැතැයි කියන්නට තරම් සමතෙක් සිටීද ?
අවලාද නගන්නට ඉඩ නොදී, මෙම තනතුරට පත් කිරීමට එරෙහිව පළමුවෙන් හඩ නැගිය යුත්තේ, රාජපක්ෂ රෙජිමය පළවා හැරීමට පෙරමුණ ගත් නීතිඥ සංගමයයි.
එම සංගමය ගන්නා ලද තීරණ කුමක් වුවත්, මේ රටේ පුරවැසියන්ට එයට විරුද්ධත්වය පල කරන්න, බලපෑම් කරන්න අයිතියක් තිබේ.
ඒ සදහා පෙරට එමු.











මෛත්‍රීපාල නෑගම් යෑම අරඹයි


මහින්ද රාජපක්ෂගේ පවුල් ගස ට එරෙහි ගොඩ නැගුණු ජන බලයට නිගා කරමින්, මෛත්‍රීපාල ජනාධිපති වරයා, සිය සහෝදරයා වන පී.ජී.කුමාරසිංහ ව ටෙලිකොම් සභාපති කිරීම විවේචනයට ලක් විය.  එම විවේචනය තිබියදීම, සිය බෑණා, දියණීය චතුරිකාගේ සැමියා වන තිලින සුරන්ජිත් ව ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී වශයෙන් පත්කරගෙන තිබේ.
මෙයද විවේචනයට භාජණය වේ.

නමුත් එය ප්‍රමාණවත් නැත. තව දින කිහිපයක් ගතවන විට තවත් නෑදෑයින්ට තනතුරු පිරිනමනු ඇත. ෙමය අාරම්භය යි.
වහාම, මෙම තනතුරු පිදීම හෙළා දකිමින්, එම තනතුරු වලින්, එම පුද්ගලයින් ඉවත් කරන ලෙසට - ජනමතයක් ගොඩ නැගිය යුතුය.
නැතිනම්, මේ තනතුරු ලබාගත් පුද්ගලයින්, තම නිල බලය හා එකතුව තිබෙන ජනපති බලය අයුතු ලෙස යොදා ගැනීම වලක්වන්නට බැරිවෙන බව අනිවාර්යයි.
පිළිගත් සදාචාර සම්පන්න, ශිෂ්ඨ පිළිවෙත් වලට පටහැනිවූ මෙම පත්වීම් දීම මෙන්ම, ඒ ආකාරයට එකී පත්වීම් ලබා ගැනීමද වරදකි.
මෙම පත්වීම් ලාභීන්ට ඉහත සදහන් කල පරිදි, හිමිවන ද්ව්ත්ත බලය, අයුතු, අසාධාරණ හා අක්‍රමිකතා ක්‍රිය සදහාද, වංචා සදහා ද යොදා ගනු ඇත.

පිවිතුරු හෙටක්, සාධාරණ සමාජයක්, සිවිල් බලය ප්‍රමුඛ - මෛත්‍රී පාලනය බිහි කිරීමට, ප්‍රසිද්ධියේ පෙරමුණගත් පිරිසද, තිරයෙන් පිටුපස ඒ සදහා විශාල මෙහෙයක් ඉටුකල පරිසිද ඉදිරියට ආ යුතුයි.

විශේෂයෙන් රාජපක්ෂ රෙජිමයේ භීෂනය නිසා, නිහඩව තම යුතුකම් ඉටුකල පිරිස - ඉදිරියට පැමිණිය යුතුයි. ප්‍රමාදය මහ විපතකට මුල පුරනු ඇත.