Wednesday, September 16, 2015

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ, ෂණ, අක‍්‍රමිකතා, වංචා, පිළිබඳ සොයා බැලීම ට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු.



ජනසංසදය, 2015.09.15 දාතමින්  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, අග‍්‍රාමාත්‍යය රනිල් වික‍්‍රමසිංහ මහතා,  කථානායක කරූ ජයසූරිය මහතා සහ ව්‍යවස්ථාදායක සභාවේ සියලූම  සභිකයන් වෙත ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ, ¥ෂණ, අක‍්‍රමිකතා, වංචා, පිළිබඳ සොයා බැලීම ස`දහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙසට හා හිටපු සහ දැනට සිටින අය නිලතල සඳහා පත් නොකරන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කරන ලද පෙත්සම මගින්, 
ආණ්ඩුව ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමේ භාරධූර කාර්යයේ නියැලෙන මේ මොහොතේ, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුලූ කොමසාරිස්වරු පත් කිරීමේදී,
(1* මෙම කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරුන්, නිලධාරීන් කිසිවකු සභාපති සහ කොමසාරිස් වර ලෙසට පත් කිරීමෙන් වැළකී සිටින ලෙසට ද,
(2* විශ‍්‍රාමික පොලිස් නිලධාරීන් ප‍්‍රමුඛ රජයේ නිලධාරීන් කොමසාරිස්වරුන්, පත් කිරීමෙන් වැළකී සිටින ලෙසට ද,
(3* වගකීමක් ඇති, වගවීමට හැකි, පරිපාලන දක්ෂතා ඇති කොමසාරිස්වරුන් පත් කිරීම ඉතා වැදගත් බවද,
(4* කොමිෂන් සභාවේ මූල්‍ය කටයුතු විගණනය කිරීමට පියවර ගන්නා ලෙසට සහ ඉදිරියේ දි විගණයට යටත් කරන ලෙසටද
(5* සියලූ පිරිපාලන කටයුතු පිළිගත් ආයතන නීති රීති වලට යටත් කරන ලෙසටද,
(7* කොමිසමේ අක‍්‍රමිකතා හා මුල්‍ය වංචා සොයා බලා වාර්ථා කිරිම සහ කාර්යක්ෂම සහ ථලදායි කොමිසමක් සඳහා නිර්දේශ ලබා ගැනීම පිණිස ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසටද,        ඉල්ලා සිටිු.
එම පෙත්සමේ පෙන්වා දී ඇත්තේ, 
1996 අංක 21 දරණ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත මගින්, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්ථාපිත කරන ලද දිනයේ සිට ශ‍්‍රී ලාංකික ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම සඳහා කොමිෂන් සභාව සමග ඉතා සමීපව ක‍්‍රියාකරන ලද සංවිධානයක් වශයෙන් මෙම ඉල්ලීම ඉදිරපත් කරණු ලබන බවයි. 

18 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය යටතේ පත්කරණු ලැබූ, මේ දක්වාම ක‍්‍රියාත්මක වන     ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ, සභාපති ප‍්‍රමුඛ කොමසාරිස්වරුන් ද, එකී කාල පරිච්ෙඡ්දයේ එම කොමිෂන් සභාවේ පහත නම් වශයෙන් සඳහන් කරණු ලබන ප‍්‍රධාන නිල තල දරන්නන් විසින් සිදු කර තිබෙන ඉතා බරපතල ¥ෂණ, අක‍්‍රමිකතා සහ වංචා මගින් සිදු කර ඇත්තේ මූලික අයිතීන් උල්ලංඝණයන් ප‍්‍රවර්ධනය කිරීමත්, පීඩකයන් අරක්ෂා කිරීමත්, වින්දිතයන් ප‍්‍රපාතයට ඇද හෙළීම  සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳව සැමට සාධාරණය ඉටු කර ගත හැකි වන්නේ පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිෂන් සභාවක්  මගින් පවත් වන පරික්ෂණයකින් පමණක් වන බවයි.


සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා මයා, කොමසාරිස්වරුන් වන  ජෙෂීමා ඉස්මයිල් මිය, ආන්නද රාජා මයා, ආචාර්ය ප‍්‍රතිභා මහානාම. (ඉවත්ව තිබේ.*, වෛද්‍ය බර්නාඞ් ද සොයිසා මයා, වත්මන් සභාපතිගේ උපදේශක/හිටපු අතිරේඛ ලේකම් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා, ලේකම්, නීතිඥ සමන්ති ජයමහ මිය, වැඩබලන පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ නීතිඥ ප‍්‍රසන්න අරම්පත් මහතා ඇතුලූ වැඩබලන අධ්‍යක්ෂවරු සියලූ දෙනා දුෂණ, වංචා, අක‍්‍රමිකතා වන්ට වගකිව යුතු බවයි.
එම පෙත්සමේ අන්තර්ගත කරුණු:-
‘‘ 01. නීති විරෝධී හා සදාචාර විරෝධී පත්වීම්.
ආනන්ද රාජා මහතා හිටපු පොලිස්පති වරයෙකි. තම සේවා කාලය තුළ මූලික අයිතීන් උල්ලංඝණය දිරිමත් කළ අයෙකි. පීඩකයන්ව ආරක්ෂා කරන ලදි. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට චෝදනාවලට ලක් වූවෙකි.

ආචාර්ය ප‍්‍රතිභා මහානාම මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ දරන ආචාර්ය පදවියට අමතරව සර් ජෝන් කොතලාවල ආරක්ෂක පීඨයේ ද තනතුරක් හොබවයි. කොමිෂමේ මාධ්‍ය ප‍්‍රකාශක වශයෙන් එකල සියලූ මූලික අයිතීන් උල්ලංඝණයන් වසන් කිරීමට සහ ජනතාව නොමග යැවීමට පියවර ගන්නා ලදි.

සභාපති ප‍්‍රමුඛ සෙසු කොමසාරිස්වරු අක‍්‍රීය පුද්ගලයන්ය. පනතේ පැහැදිළි කරන නිර්නායකයන්ට පටහැනිව පත් කරන ලද අය වෙති.

නීතිඥ නිමල් පුංචිහේවා මහතා, වර්තමානයේ ”සභාපතිගේ උපදේශක” ලෙසට පත් කරගෙන සිටිති. හිටපු අතිරේක ලේකම්ය. කොන්ත‍්‍රාත් පදනම යටතේ දිගු කාලයක් සේවය කරන ඔහු පසුගිය කැබිනට් මණ්ඩලයේ හා හිටපු ජනාධිපති ලේකම් ගේ නිර්දේශයෙන් කටයුතු කරණු ලැබීය. මේ නිල තල දරණ අතරම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති පදවිය ද දරණ ලදි.

ජනාධිපතිවරණය සමයේ මොහු වැඩ බලන පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරන විමර්ශන නිලධාරී නීතිඥ ප‍්‍රසන්න අරම්පත් සමග එක්ව, මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනයට එරෙහි වූවන්ට තර්ජනය කරන ලදි. බලපෑම් කරන ලදි.

නීතිඥ නිමල් පුංචිහේවා මහතාව කොමිසමේ රඳවා ගැනීම ස`දහා සභාපති - හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා මහතා ප‍්‍රමුඛ ව, සේවකයන් සිය කාර්යාලයට බලහත්කාරයෙන් ගෙන්වා අත්සන් ලබා ගැනීම සිදු කරන ලද්දේ වැඩ බලන පරිපාලන හා මුල්‍ය අධ්‍යක්ෂ පදවියට පත්ව සිටින විමර්ශන නිලධාරී නීතිඥ ප‍්‍රසන්න අරම්පත් මයාය.

නීතිඥ නිමල් පුංචිහේවා මහතාව සංවිධානාත්මකව විවිධාකාර ලෙස කොමිසමේ මුදල් අයථා ලෙසට පරිහරණය කර තිබෙන අතර, අදටත් එ් සඳහා පිඹුරු පත් සකස් කරමින් සිටි. 

එයට අමතර කොමිෂම තුළ නුසුදුස්සන්ට තනතුරු ලබාදෙමින් තම අවශ්‍යතාවයන් ඉටු කර ගන්නා අතර, එම දුෂිත පිළිවෙත් වලට හිස නොනමන කාර්ය මණ්ඩල සමාජිකයින් ව හිංසාවට පත් කරනු ලබයි.

ඔහු සිය උප්පැන්න සහතිකය පවා වෙනස් කර ඇති බවට ප‍්‍රකාශ වන අතර, එ් බව තහවුරු වන්නේ, ඔහු විසින් ලබාගෙන ඇති විදේශ ගමන් බලපත‍්‍ර මගින් හා විවිධ අවස්ථාවල රාජකාරිමය වශයේන ලබා දී ඇති ප‍්‍රකාශ වලින්ය.

ලේකම් නීතිඥ සමන්ති ජයමහ මියට, ලේකම් තනතුර දැරීම සඳහා අත්‍යවශ්‍ය මූලික සුදුසුකම් නොමැති බව ප‍්‍රකාශ වේ. 2012.04.30 සිට කොන්ත‍්‍රාත් පදනමේ සිටින අතර, ඇයගේ සේවය අකාර්යක්ෂම බව ප‍්‍රකාශ වී ඇතත්, ඇයව තනතුරේ ස්ථිර කිරීමට කඩිමුඩියේ පියවර ගෙන ඇත්තේ ආණ්ඩු වෙනස් වීම සමගය. මැය එවැනි තනතුරුවලට නුසුදුසු තවත් එක් හේතුවක් වන්නේ ඇයගේ සැමියා යුධ හමුදාවේ නිලයක් දැරීම.

පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ තනතුරේ වැඩ බැලීමට පත් කරණු ලැබ සිටින විමර්ශන නිලධාරී නීතිඥ ප‍්‍රසන්න අරම්පත් මයාට එම තනතුරට අදාල අවම සුදුසුකම් නොමැති බව ප‍්‍රකාශ වන අතරම, ඔහු මෙම තනතුරේ සිටිය දී නීතිඥ වෘත්තියේ නියැලෙන බව ප‍්‍රකාශ වේ. මෙය බරපතල නීති විරෝධී ක‍්‍රියාවකි. මොහු 2009 වසරේ සිදු වූ ටයර් සොරකමට අදාලව, වගකිව යුත්තෙක් බව ප‍්‍රකාශ වේ. එ් අවස්ථාවේ මොහු වැඩ බලන ප‍්‍රවාහන නිලධාරී වශයෙන් ක‍්‍රියා කර තිබේ.

2008 වසරේ කොමිෂන් සභාව, කොමිෂන් සභාවේ සේවකයන් පිරිසක් පිටස්තරයකු ද සම්බන්ධ කරගෙන ගිනි තබන ලදි. මෙම පිරිසට අදාල නඩු විභාගයට බලපෑම් කර, අවසන් කිරීමට ද, ඉන් අනතුරුව වසර 8ක් හිඟ වැටුප, වැටුප් වර්ධක සමග යළි සේවයේ පිහිටු වීමට ද සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්්ත පෙරේරා, සභාපති උපදේශක (හිටපු අතිරේක ලේකම්* නීතිඥ නිමල් පුංචිහේවා, පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ (වැ.බ* නීතිඥ ප‍්‍රසන්න අරම්පත් පෙරමුණ ගෙන තිබේ. 

හිටපු විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න මහතා සමග අයථා ලෙස සම්බන්ධකම් පවත්වාගෙන කොමිෂන් සභාවේ සේවකයන් ට නීති විරෝධීව රජයේ විශ‍්‍රාම වැටුප් ලබන සේවකයන් බවට ප‍්‍රකාශයට පත් කරවීමට පියවර ගැනීමට මූලික වූයේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්්ත පෙරේරා, සභාපති උපදේශක (හිටපු අතිරේක ලේකම්* නීතිඥ නිමල් පුංචිහේවා, පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ (වැ.බ* නීතිඤ ප‍්‍රසන්න අරම්පත් යන අය බව පැවසේ.

පසුගිය ආණ්ඩුව සමයේ පොලීසිය, හමුදාව, බන්ධනාගාරවල සිදු කරණු ලැබූ ඝාතන හා වධහිංසා පිළිබඳව විමර්ශනය කරන බවට ප‍්‍රකාශ කළ ද එ්වායේ වාර්තා ප‍්‍රසිද්ධ කළේ නැත. එසේ නැතිනම් එ්වා සාධාරණීකරණය කරමින් වාර්තා නිකුත් කරණු  ලැබීය. මේ හැම කරුණකදී ම පෙරමුණ ගෙන ක‍්‍රියා කළේ, සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්්ත පෙරේරා සභාපති උපදේශක (හිටපු අතිරේක ලේකම්* නීතිඤ නිමල් පුංචිහේවා, පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ (වැ.බ* ප‍්‍රසන්න අරම්පත් ප‍්‍රමුඛ කොමසාරිස් වරුන් ය.

මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විශාල මුදලක් වැය කර පවත්වාගෙන යනු ලබන ප‍්‍රාදේශීය කාර්යාලය ”සුදු අලියන්” පමණක් නොව පීඩාවට පත්වන පුද්ගලයන් (වින්දිතයන්* තව තවත් පීඩාවට පත්කරණු ලබන, පීඩකයන් සමග එක්ව ක‍්‍රියාකරන ¥ෂිත මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වී තිබේි.

පෙර ස`දහන් කළ පරිදි, අවම සුදුසුකම් නොමැති, විෂමාචාර ක‍්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ට පදවි පිරිනමා නඩත්තු කරන අතරම, ¥ෂණ අක‍්‍රමිකතා නොකරන, ¥ෂණවලට එරෙහිව ක‍්‍රියා කරන නිලධාරීන්ගෙන්, සේවකයන්ගෙන් පළි ගැනීම සඳහා ක‍්‍රියා කරන්නේ අති විශාල මුදල් වියදම් කරමින්ය. ඊනියා පරීක්ෂණ මගින් අවංක දක්ෂ නිලධාරීන්ට දඬුවම් කිරීම, හිතවතුන්ට මාරු වීම්, වරප‍්‍රසාද ලබා දීම, හිතවතුන්ගේ විනය විරෝධී ක‍්‍රියාවන් යට ගැසීම, වංචාවලට අනුබල දීම සිදු කර තිබේ.

පෙර සඳහන් කළ පරිදි මානව හිමිකම් කොමිෂමේ අතිරේක ලේකම් පදවියේ (කොන්ත‍්‍රාත් පදනමින්* ක‍්‍රියා කරන අතරම, එයට සමගාමීව ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති ධූරය දරමින් ක‍්‍රියා කළ නීතිඥ නිමල් ජී පුංචිහේවා, කොමිෂන් සභාවේ සභාපති, කොමසාරිස්වරු, වැඩ බලන අධ්‍යක්ෂවරුන්ට සෘජුව හෝ වක‍්‍රව ඉඩම් ලබා දී ඇති බවට වාර්තා වේ.

විමර්ශන ලිපි ගොනු ගොඩ ගැසීමට ඉඩ හැර, එම ලිපි ගොනු වැඩ අවසන් කිරීම යන ප්‍රෝඩාකාරී යෝජනාව යටතේ, සහකාර උපදේශක (අතිරේක ලේකම්ව සිටි* නීතිඥ නිමල් පුංචිහේවාට එක් ලිපි ගොනුවකට රු: 5000/- බැගින් ගෙවීම යටතේ ඔහුට අනියම් ලෙසට මුදල් උපයා තැනීමට අවස්ථාවක් ලබා දීමට සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්්ත පෙරේරා හා ලේකම් සමන්ති ජයමහ මිය ප‍්‍රමුඛත්වයෙන් අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් ගෙන තිබෙන බවද වාර්තා වේ.

අඛණ්ඩව පසුගිය කාල පරිච්ෙඡ්දයේ, මානව හිමිකම් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට, දේශක ගාස්තු වශයෙන් රු: 10,000/- ක් ද, ප‍්‍රවාහන ගාස්තු හා නවාතැන් පහසුකම් සලස්වා විශාල මුදල් වංචාවක් සිදු කර ඇති බව වාර්තා වේ.

”පොලිස් ස්ථාන පරීක්ෂාව” යටතේ ප‍්‍රධාන කාර්යාලය හා ප‍්‍රාදේශීය කාර්යාලවලට අනුබද්ධ විමර්ශන නිලධාරීන් මුදල් වංචා කර තිබේන බව හා එම කාර්යයේ කිසිදු ඵලදායි තත්වයක් නොමැත.

කොමිෂමට පැමිණෙන වින්දිතයන් දැඩි අපහසුතාවයට පත් කරණු ලබන අතර පීඩකයන් සමග එක්ව, ඔවුන් සමථ කිරීමේ කාර්යයේ නිරත වී සිටින වත්මන් සභාපති ප‍්‍රමුඛ කොමසාරිස්වරු, සභාපති උපදේශක නීතිඥ නිමල් පුංචිහේවා මයා, වැඩ බලන පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ, විමර්ශන නිලධාරී නීතිඥ ප‍්‍රසන්න අරම්පත් මයා, සමහර විමර්ශන නිලධාරීන්, වින්දිතයන් නින්දාවට, අපහාසයට පාත‍්‍ර කිරීම.

පීඩකයන් ආරක්ෂා කාරීම සඳහා විමර්ශන ලිපි ගොනු අතුරුදහන් කරවීම. විමර්ශන වාර්තා නිකුත් නොකිරීම.

වින්දිතයන්ගේ ආරක්ෂාව සඳහා ඇතිකර තිබෙන හදිසි ඇමතුම් අංකය බාරව ක‍්‍රියා කරන සමහර විමර්ශන නිලධාරීන් පීඩකයන් වෙනුවෙන් පෙනී සිටී.

පරිපාලනයේ ¥ෂණ හා අක‍්‍රමිකතා පවත්වාගෙන යෑම සඳහා, කොමිෂමේ නිලධාරීන්/ කාර්ය මණ්ඩලය අනන්‍යයතාවය හෙළි නොකිරීමට පියවර ගෙන තිබීම.

කලාපීය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය වන එ්ෂියා පැසිපික් මානව හිමිකම් සංවිධානය :්ඡුෑ* විසින්ල  ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, පූර්ණ සාමාජිකත්වයෙන් ඉවත් කොට, තත්ත්වයෙන් පහත හෙලා ඇති බව ඔබ දන්නා කරුණකි. මෙම සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්තාව හා නිර්දේශ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්්ත පෙරේරා මයා විසින් සඟවා තබාගෙන තිබේ.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ¥ෂණ හා අක‍්‍රමිකතා පිළිබඳව අප විසින් කරන ලද හෙළිදරව් කිරීම් නිසා බොහෝ සේ කුපිත වූ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්්ත පෙරේරා මයා ප‍්‍රමුඛ ඉහත සඳහන් කළ  කණ්ඩායම එ් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, ලේකම් නීතිඥ සමන්ති ජයමහ මිය මගින් පැමිණිලි කරන ලදි. එම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ කුමක්දැයි නොදනිමු. එහෙත් එ් පිළිබඳව අපගෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ විශේෂ විමර්ශන එ්කකය ෂෂෂ මගින් ප‍්‍රකාශයක් සටහන් කර ගනු ලැබීය. විශේෂ විමර්ශන එ්කකය ෂෂෂ ප‍්‍රකාශ කර සිටියේ නීතිපති උපදෙස් මත පරීක්ෂණ කරන බවයි. අප හෙළිදරව් කළ කරුණු ඔප්පු කිරීමට හැකි බව අවධාරණය කරමු.

ඉහත සඳහන් කරුණු ඔප්පු කිරීම සඳහා ලිඛිත සාක්ෂි තිබෙන අතර පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිෂමක් පත්කිරීම (සාක්ෂිකරුවන් ආරක්ෂා කරන* මගින්, වාචික සාක්ෂි දීමට සේවක මණ්ඩලයේ සේවකයන් සූදානමින් සිටින බව ද අවධාරණය කරමු.’’
තවද, මේ කරුණු ඇතුළත් දීර්ඝ විස්තර ජනසංසදය හා කාර්ය මණ්ඩලය නිර්නාමිකව ගරු ජනාධිපති හා අග‍්‍රාමාත්‍යවරයා වෙත වරින් වර දැණුම් දීම් කර තිබෙන බව ද සඳහන් කරයි.

බැල්කනි ටිකට් ගත්තොත් ෂෝ එක පටන් ගන්න පු`ඵවන්. රුපියල් පනහයි නේ වැඩි වෙන්නේ. ටිකට් දෙන තැනැත්තා යෝජනා කලා.

බැල්කනි ටිකට් ගත්තොත් -ෂෝ එක පටන් ගන්වා.
ඔබ නැතිව ඔබ එක්ක.

2015.09.15 - මාෂා පානදුර, ප:ව:6.20 ට තිදෙනකේ සිනමා ශාලාවට පිවසියා. කිසිවක් නැත. ටිකට් දෙන පාටක්වත් නැත. මොකද අද ෂෝ එක නැද්ද. පහලොවක් ආවොත් පෙන්වනවා. අපි යන්නද? යන්න එපා, සර්විස් අය එන්න පු`ඵවන්. ටික වෙලාවකින් තවත් දෙන්නෙක් එක් විය. වේලාව 6.30 යි. තවත් අයෙක් එක්විය. 

බැල්කනි ටිකට් ගත්තොත් ෂෝ එක පටන් ගන්න පු`ඵවන්. රුපියල් පනහයි නේ වැඩි වෙන්නේ. ටිකට් දෙන තැනැත්තා යෝජනා කලා. 

හය දෙනා මුහුණ බලා, යෝජනාව ට එකඟ විය. චිත‍්‍රපටය පටන්ගෙන විනාඩි 5කින් පමණ තවත් අයෙක් එක් විය.

ඔබ නැතිව ඔබ එකක් - චිත‍්‍රපටය නැරඹුවෙමි.

වැඩිහිටයන්ට වඩාත් සුදුසු බව දැන්වීමේ පහතින් සඳහන්ව තිබිණ. තිස් වසරක යුද්ධය, මේ වන විට ඉතිහාසයට එක්ව හමාරය. මතක් වන්නේද නැත. මතක් කර ගන්නේද නැත.

වැඩියෙන් යුද්ධය ගැන කතා කරන්නේ උතුරේ අය. වැඩියෙන්ම පීඩා විඳින්නේ උතුරේ අය. දකුණේ අය පීඩා විඳින්නේ කෙසේද? ඒ ගැන කථා කරන්න සුදාන

ඔව් - ඔබත් එක්ක ඔබනැතුව වඩාත් සුදුසු වැඩිහිටියන්ට. එ් වයසට ගිය වැඩිහිටියන්ට නම් නොවේ. හිතන්න ට පු`ඵවන්, දකින්න ට පු`ඵවන්, වැඩිහිටියන්ට.

බෞද්ධ සොල්දාදුවකු තමන් කළ අපරාධය අමතක කරන්න, සාධාරණිය කරගන්න බැරිව මැරි මැරි උපදින හැටි, හෘදය සාක්ෂීය ඇති අයෙකු වීම නිසා. බෞද්ධයෙකු වීම නිසාම නොවේ.

වැඩිහිටියන් බැලිය යුතුයි. සිනමා ශාලාවලින් චිත‍්‍රපටය ගැලවී යන්නට පෙර. මාධ්‍යය මේ ගැන කතාවක් නැත. නිෂ්පාදක විද්‍යුත් මාධ්‍ය කාල වන්කරවාගෙන ප‍්‍රචාරය කරන්නේද නැත.

සෙක්කුව වටිනා ඇන්ටික් භාණ්ඩයක් බවට සෙක්කුවේ සිටින සිනමා ප්‍රේක්ෂක බහුතරය මුදවා ගැනීමේ ”වැඩිහිටියන්’’ ගේ වගකීම වේ.


Sunday, September 13, 2015

ජාත්‍යන්තර ෙපාත් ප්‍රදර්ශණය


 ෙමම මස 18 සිට 27 දක්වා, ෙප.ව. 9.00 සිට රාත්‍රි 9.00 දක්වා BMICH හිදි. ජනසංසදය හා අාසියානු මානව හිමිකම් ෙකාමිෂම ඉදිරිපත් කරන ප්‍රකාශණ අෙලවි කුටය L-370. 

ශ‍්‍රී ලංකාවේ වධ හිංසාව සහ නීතිය රජ දවස සිට අද දක්වා ශ‍්‍රී ලංකාවේ පවතින කෲර අමානුෂික වධ හිංසාව පිලිබඳව සංෂිප්ත සටහනක් හා වර්තමානයේ වධහිංසාවට එරෙහිව පවතින නීති ඇතුලත් විග‍්‍රහයකි. චිත‍්‍ර අන්තර්ගතයි. 


ගිහි පිරිත 1988-89-90 භීෂණ සමයේ, මව,පියා,පුතා, උසාවි නියෝගයෙන් පානදුර පොලිසියට ගියේ 1989.12.31 පරණ අවුරුද්ද දවසේ. ආපසු ආවේ නැත. ”ගිහි පිරිත” - පානදුර පොලිසියට ගිය තම මව,පියා හා සොහොයුරාව,සොයමින් ගිය වැඩිමහල් සොහොයුරා ගේ කතාව. වීඩියෝව ඇතුලත්

Friday, September 4, 2015

යහපාලනය ගේන්න කළ මෙහෙවර ට හිලව්වට ජේ.පී.කම් ඉල්ලයි.


රාජපක්ෂ රෙජිමය පරාජය කිරීමට පෙරමුණ ගත්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ප‍්‍රමුඛ විවිධ සංවිධාන සමහරක් තමන් හා තම ක‍්‍රියාකාරීන්ට සමාදාන විනිසුරු පදවි ලබාදෙන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.

අත්‍යාවශ්‍ය සමාජ වෙනසකට දායක වී, තතනතුරු ලබා ගන්නා, පදවි ලබා ගන්නා අය සිදු කරන්නේ තම බඩ ගොස්ස්තරය වඩා ගැනීම බව කිව යුතුයි. මේ පිරිස ලබා ගන්නා තනතුරු ඉතා අයුතු ආකාරයට යොදා ගන්නා බව සහ තමන්ගෙන් යැපෙන්නන් බිහි කිරීමට පියවර ගන්නා බව ඉතිහාසය පෙන්වා දි තිබේ.

පදවි, තනතුරු, කොන්ත‍්‍රාත්, ගැනීමට පමණක්, රජයේ කාර්යාලවලින් සංස්ථාවලින් අයුතු ප‍්‍රයෝජන ලබාගැනීම ට මේ පුද්ගලයින් මත යැපෙන්නට බලයක් නැති අයට බල කරනු ඇත.

පෝලිමේ නොසිට බෙහෙත් ගැනීම, පොලීමෙන් පැන ශෛල්‍යකර්මයක් කර ගැනීම, රෝහලේ ඇඳක් ලබා ගැනීම වැනි දේ සඳහා ද, ඉදිරියේදී යහපාලනයේ පෙරටුගාමීන් පසු පස යන්නට අසරණයින්ට සිදුවනු ඇත. 

වත්මන් දේශපාලකයින් ඔවුන්ගේ හෙංචයියන් පසු පස ගොස් කර ගන්නා වැඩ, ඉදිරියේදී මේ පිරිස මගින් සිදුකර ගැනීමට සිදුවනු ඇත.

සමාදාන විනිසුරු පදවි හෙවත් සිංහලෙන් ”ජේ.පී” පදවි, මේ රටට සුද්දන් හඳුන්වා දුන්නේ, යම් නිශ්චිත අරමුණක් සඳහා-

එය පසුගිය කාලයේ මෙම පදවිය දේශපාලන හෙංචයියන්නට බෙදා දුන්නේය. ඔවුන් අතර  ලියන්නට කියන්නට බැරිය විය. සමහරු ස්ත‍්‍රී ¥ෂකයින්ය. බහුතරය වන්දි භට්ටයින්ය.
පිටකොන්දක් නැති, ගරුත්වයක් නැති, හිවලූන් වැන්නවුන්ය. මේ තනතුරු, යහපාලනයට කර දුන්න අය හා තමන් වටා සිටින්නවුන්ටත් බෙදා ගැනීමට දරන උත්සාහය නින්දිතය. 

ආණ්ඩුව යහපාලනය අපේක්ෂා කරන්නේනම්, ප‍්‍රසිද්ධියට පත් කරන ලද නිර්ණායක මත, මේ පදවි ලබාදී මේ රටේ ගරුත්වයක් ඇති පුරවැසියන් පිරිසක් ගොඩ නැගීමට පියවර ගත යුතුයි. 

ශ‍්‍රීමා බණ්ඩාරනායක මැතිනියගේ කාලය තුල, ජනතා කමිටු පිහිටුවා රටට ම කල හදිය මතක ඇති අය අද නැති තරමිය. නැවතත් වෙනත් වචන වලින් එවැන්නක් ඇති වීමට ඉඩ ආණ්ඩුව නොතැබිය යුතුයි.