Showing posts with label tamil. Show all posts
Showing posts with label tamil. Show all posts

Sunday, January 16, 2011

ගංවතුර සහ විදේශිය ආධාර





ගෙවිගිය සති කිහිපය තුළ මුලු ලෝකයටම කාළගණයෙන් බලවත් ආපදා එල්ල විය. බරපතල ආපදා එල්ල වු රටවල් අතර බ‍්‍රසීලය, ශ‍්‍රී ලංකාව, ඔස්ටෙ‍්‍රිලියාව සහ පිලිපිනය පෙරමුණේ සිටිති. ශ‍්‍රී ලංකාවෙි මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇත. ගංවතුර සහ නායයෑමි නිසා පීඩාවට පත් මුලු සංඛ්‍යාව ලක්ෂ 10කට වැඩිය. තවද නිවාස අහිමි වු සංඛ්‍යාව 340000කි.

ශ‍්‍රී ලංකාවෙි වඩාත් බරපතල ලෙස ආපදා තත්වය බලපෑවෙි නැගෙනහිර පළාතටය. එයින් තත්වය වඩාත් දරුනු වුයේ මඩකලපු දිස්ත‍්‍රික්කයේය. 2004 සුනාමි ව්‍යසනයෙන්ද මෙම නැගෙනහිර ජනතාවට බරපතල ජිවිත හානි වලට මෙන්ම දේපල හානි වලට මුහුණදිමට සිදුවිය. මෙවර ගංවතුර හේතුවෙන් අස්වනු නෙලිමට සුදානමින් සිටි කුඔුරු රැුසැක් විනාශයට පත්විය. පාසල් ළමුන්ගේ පොත් පත්ද විනාශ වි ඇත. ගංවතුරෙන් පසුව ටයිපොයිඩි සහ පාචනය වැනි වසංගත රෝග පැතිරියාමෙි අවධානමක්ද පවති.

මෙම ආපදා තත්වය යටතේ ලංකාවට මුලින්ම ආධාර දිමට ඉදිරිපත්ව සිටින්නේ අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාව ඉදිරිදින කිහිපය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන එකක් වටිනා අත්‍යවශයය ද්‍රව්‍යය සැපයිමටද සුදානමින් සිටියි. එක්සත් ජාතින්ගේ සංවිධානයද ශ‍්‍රී ලංකාවට සහන සලසන්නැයි ලෝක ප‍්‍රජාවගෙන් ඉල්ලා ඇත.

මෙම ලැබෙන විදේශ ආධාර නිසි පරිදි විිපතට පත් අයට ලැබිමට සැලැස්විම ආණ්ඩුවෙි වගකිමයි. 2004 සුනාමි ආධාර අප නිසි සැලසුමකින් භාවිතා නොකලා පමණක් නොව ඒ සමිබන්ධ නොයෙකුත් වංචනික ක‍්‍රියාවන්ද සිදුවිය. එපමණක් නොව මෙරටට ලැබුනු ඇතැමි සුනාමි ආධාර ප‍්‍රයෝජනයට නොගෙන පරිත්‍යාග කල රටවලට ආපසු යැවු අවස්ථාවන්ද අසන්නට ලැබිණි.

ස්වාභාවික ව්‍යසන වලින් පසුව දියුණු වු රටවල් ද ඇත. ඒ අතර මිට වසර 15කට පමණ පෙර භූමිකමිපාවක් නිසා විනාශ වු ජපානයේ කොබෙි නගරයද වෙි. අපි මෙි දේවල් වලින් පාඩමි ඉගෙන ගනිමු.












හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි

Wednesday, January 12, 2011

උතුරු නැගෙනහිර පළාත් ඡන්දේටත් සිංහල භීතිය






හැමදේම සිංහලෙන් පමණක් වියයුතුයි යන්න තිරණය කිරිම භීතියක් මිස අන්කවරක්ද? රාජපක්ෂගේ මෙම භීතිිකාව ගැන දෙමළ ජාතික සන්ධානය තවමත් නිහඩ ඇයි?

යාපනයේ විශ්වාසදායක ආරංචි මාර්ග වලට අනුව ලග එන පළාත් පාලන මැතිවරණයට අදාලව නිකුත් කරන සියලු චක‍්‍රලේඛ සහ රෙගුලාසි ආණ්ඩුව සිංහලෙන් පමණක් මුද්‍රණය කර ඇත. මෙිනිසා උතුරු නැගෙනහිර මැතිවරණ නිළධාරින් බලවත් අපහසුතාවයකට පත්ව තිබෙි.

මෑතකදි යාපනේ දෙමළ සිසුන්ට ශ‍්‍රී ලාංකාවෙි ජාතික ගීය සිංහලෙන් ගැයිමට බලකිරිම ගැටලු සහගත විය. මෙම සිද්ධියෙන් පසුව කොළඔ සෑම දෙයම සිංහලෙන් පමණක් විය යුතුයැයි ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවට නැගෙමින් තිබෙන බව සිවිල් සමාජ කොටස් ප‍්‍රතාශ කරති.

යාපනේ මැතිවරණ නිළධාරින් මෙි තත්වය තුළ තමන්ට සිංහල භාෂා ප‍්‍රවිණයන් අවශ්‍යයව ඇතැයි මැසිවිලි නගති. තවද පරිවර්තන ක‍්‍රියාදාමයට සතියක පමණ කාලයක් අවශ්‍යය බවත් ඔවුන් ප‍්‍රකාශ කර සිිටිති.

මමත් සිංහල. නමුත් මෙි දේ වැරදියි. පොඩිඩක් හිතන්න සිංහලයෙක් වන ඔබටත් මටත් දෙමළ පමණක් කතා කරන්නට හෝ ලියන්නට බල කලවිට ඇතිවන තත්වය කුමක්ද කියලා. අද මෙි දේ වෙන්නේ අප වැනිම මිනිසුන් කොටසක් වන දෙමළ ජාතිකයින්ට. එකම වෙනස අපි බහුතරය ඔවුන් සුලුතරය විමයි. අපි මෙි ගැන තවමත් නිහඩයි. හෙට දවසේ අපිට අසාධාරණයක් වුනොත් අපේ නිහඩබව ඔවුන්ද අනුගමනය කරනු ඇත.










හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි




Monday, January 3, 2011

මේ ඇත්තන්ද අපේමය.



වවුනියාව, මන්නාරම, යාපනය, කිළිනොච්චිය සහ මුලතිව් යන ප්‍රදේශවල වැස්සෙන් අවතැන් වූවනට රජය කිසිම පහසුකමක් සලසා නැතැයි දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ඒ. සුමන්තිරන් මහතා කියයි. අවතැන් වූ තිස් හයදහසකට අවශ්‍ය වියලි ආහාර, මුදල් ආධාර සැපැයීම ඇරැඹීයැයි නැවැත පදිංචි කිරීම් ඇමැති ගුණරත්න වීරකෝන් මහතා පවසයි.

මෙය එතරමි හොද තත්වයක් නොවේ. අපේ ජිවිත වලටද හොද නැත. නැවත වාර්ගික අසමගිය ඇතිවිම වඩාත් අයපත් වන්නේ අප වැනි සාමාන්‍යය වැසියන්ටය. එයට අප ජිවත් වන්නේ දකුණේද උතුරේද බස්නාහිරද නැගෙනහිරද අප කතා කරන්නේ සිංහලද ඉංග්‍රිසිද දෙමළද අප අදහන්නේ හින්දු ආගමද කතෝලිකද බුද්ධාගමද යන්න ආදි මිනිසා විසිින් තිරණය කළ කිසිවක් බලනොපායි.

ජාතික ගීය සිංහලෙන් පමණක් වාදනය කිරිමට යත්න දැරිමටත් වඩා මෙම තත්වය බරපතලය. මෙි සෙල්ලන් කරන්නේ මිනිස් ජිවිත සමගයි. මේ තත්වය උද්ගතවිමට දින කිහිපයකට ප්‍රථම කොංග්‍රස් පක්ෂයේ නායකයකු වන රාහුල් ගාන්ධි ප්‍රකාශ කළේ රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජනතාවගේ යහපතට කටයුතු කරතියි යන්න පිළිබද තමන්ට විශ්වාසයක් නොමැති බවයි. ගාන්ධිගේ දැක්මවත් නැතිවද දෙමළ ජාතික සංධානය මෙම රජයට සහය දක්වන්නට යන්නේද යන්න අපට අසන්නට සිදුව ඇත.

කෙසේනමුත් දකුණේ ජනතාවට කරහැරිය නොහැකි වගකිමක් හා යුතුකමක් ඇත. එනමි උතුරු නැගෙනහිර ජනතාවට මනුෂ්‍යයින්ට සලකන ආකාරයට සලකන්නයි මෙි ආණ්ඩුවට අවධාරණය කිරිමට. මක්නිසාද ඔවුන්ද අපේම ඇත්තන් බැවිනි.




හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

Saturday, December 4, 2010

21 හැවිරිදි දෙමළ තරුණියට පොලිසිය එල්ලා පහර දෙයි





සදාශිවමි ක්‍රීෂ්ණමේනි කොළඹ පැමිණියාය. ඒ යමක් කමක් හරිහමිබ කර තම දෙමාපියන්ගේ ජිවන බරට යමි දායකත්වයක් සැපයිමටය. ඇය සීදුවේ ගෙදරක මෙහෙකාරකමට නතර වුවාය. එම නිවසේ ස්වාමියා කටුනායක ගුවන් තොටුපලලෙත් ස්වාමිදුව ගුවන් හමුදාවෙත් සේවය කළහ.

ක්‍රීෂ්ණමේනිට වැඩ කළහැකි වුයේ සතියක් පමණි. සිදුව පොලිසයේ නිළධාරින් එම ගෙදරට පැමිණ ඇගේ හැදුනමිපත පරික්ෂාකර දවස් දෙකකින් පොලීසියට කටඋත්තරයක් ගැනිමට එන්නැයි පවසා පිටව ගියහ. නිවසේ ස්වාමින් ඇය කැටුව පොළිසියට ගියහ. කටඋත්තරය ගැනිම කෙසේවෙතත් පොලිසිය ඇයව නතර කරගන්නා ලදි. සමිපුර්ණ කාලය මාස දෙකකි. ඇගේ ජංගම දුරකතනයට නිතරම කොල් එන නිසා ඇය එල්. ටි. ටි යට සමිබන්ධ බවට තමන්ට සැක බව ප්‍රකාශ කර ඇත්තේද සිය හාමිපුතාලා විසින්මය.

පොලිසිය තුළ ඇගේ අත් වලට මාංචු දමන ලදි. ඇයට මුලු දවසම පුටුවක හිදගෙන සිටිමට සිදුවු අතර නිදා ගැනිමට පැදුරු කැබැල්ලක්වත් ලැබුනේ නැත. දිනක් ඇය මැරෙන්නට ඔනෙයි කියා පැනගියාය. එදින ඇගේ අත් වලට මාංචු දමා තිබුණේ නැත. නමුත් ඇය නැවතවාරයක් පොලිස් අත්අඩංගුවටම පත්විය. ප්‍රතිඵලය වුයේ පොලිස්කාරයින් සිය අත්වලින් ඇගේ කමිමුලට හා පිටට පහරදිමයි.

එම සිද්ධියෙන් දින දෙකකට පසුව ඇයව බුස්සේ හමුදා කදවුරට රැගෙන යන ලදි. එහිදි හමුදාව ඇයට මාපට ඇගිලි දෙකෙන් එල්ලා ඉතා අමානුෂික ආකාරයට පහරදි ඇත. තර්ජනය කිරීම් වැඩිවිය . ඇයව නිරුවත්කර පහර දෙන බවට තර්ජනය කිරිමෙන් පසුව එයින් බේරිමට ඇය බොරුකිවාය. එනමි බදුල්ල, ග්‍රනල්ඩි පින් වත්තේ පදිංචිව සිටි කුලි වැඩ කරන පියෙකුට සහ තේ දලු නෙලන මවකට දාව උපන් ක්‍රීෂ්ණමේනි තමන් කොටි කතක් බව කිවාය. බුස්සේ ගත කල කාලය වසර දෙකකි.

දැන් සාදාශිවමි ක්‍රිෂ්ණමෙනි නැතිනමි සැක අංක 2248 පසුවන්නේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේය. ඇයව රිමාණ්ඩි කළේ 2010.10.02 වන දිනය. අංක 4483 දරන නඩුව අලුත් කඩේ අංක 08 දරන මහේස්ත්‍රාත් උසාවියේ ඇසෙමින් පවති.






හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

Friday, November 12, 2010

සොනියාගේ සහය


හර්ෂි සි. පෙරේරා විසිනි






මිළ සරණාගත ප්‍රශ්නය විසදිමට ඉන්දිය සහය ලබා දෙන බව මාධ්‍යය වාර්තා කළේය. මෙි තත්වය දෙස අප ධනාත්මකව බැලිය යුතුය. සරණාගත කදවුරු වල දුක් විදින්නේ අපේම රටෙි අපේම සහෝදර ජනතාවය.
ඔවුන්ගේ ප්‍රශ්නය විසදිම මගින් ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යයන්තරවද තිරණාත්මක වාසියක් රටට ලැබේ. සියලු දමිළ ජනතාව කොටින් බවට කරන හංවඩු ගැසිම අප එනමි සිංහලයින් දැන්වත් නතර කළ යුතුය. අපේ බුදු දහම අපට වෛරයෙන් වෛරය නොසන්සිදෙන බව කියා දෙයි . ඔබත් මමත් දමිළ ජනයාට මෛත්‍රී කළයුතුයැයි මෙයින් අදහස් නොවේ. නමුත් අපට පරණ තරහා අමතක කළ හැක. මෛත්‍රි කිරිම කෙසේවෙතත් පන්න පන්නා වෛර කිරිම නතර කළ හැක.

රට ගැන සිතිය යුතුය. රටේ සංවර්ධනය ගැන සිතිය යුතුය. එහෙත් තමන්ගේ රටෙ ජන කොටසක් කදවුරුවල දුක්විදිද්ද එවැනි සංවර්ධනයක් සමෘද්දියක් ගැන සිතිම කතා කිරිම ඔප්පු කරන්නේ දෙබිඩි පළිවෙතකි.
ජාතික හෝ ජත්‍යන්තර වශයෙන් හෝ වෙවා අපට ලැබෙන හොද දේවල් අප නොපිරිහෙලා ලබා ගත යුතුය. එහිදි ඒකේ අතිතය ගැන විමසිම යටගිය කුණුගොඩවල් හාරා ඇවිස්සිම අවාසිසහගත වන්නේ අපටමය. එබැවින් වර්තමානයේ ගතයුතු බුද්ධිමත්ම තිරණය දුරදිග බලා ධෛර්යෙන් යුතුව ගනිමු. අනාගතය ගැන එනමි එක් ජතියක් එක් දැක්මක් ඇති රටක් ආසියාවේ ආශ්චර්ය වු එම සුභ සිහිනය දකිමු.

ඉන්දියාව ඉතා වෙගයෙන් දියුණු වෙ. එවැන් රටක බුද්ධිය අත්දැකිමි සහ සමිපත් ප්‍රයෝජනයට ගෙන කදවුරුවල සිටින දමිළ ජනතාවට සහනයක් සලසාදිම ලැඡ්ඡාවට කරුණක් නොවේ.