Wednesday, December 27, 2017

හොරුන් තක්කඩියන් රකින අධ්‍යාපනය 01 ශ‍්‍රී මහා බෝ සමිදු පිහිටෙන්..



පාසල්වලට ළමුන් ඇතුලත් කර ගැනීමේදී සිදුකරන දුෂණ වංචා තක්කඩිකම් අනන්තය, අප‍්‍රමාණය. එ් අතර ලිංගික අල්ලස ඉදිරියෙන්ම පවතී.

මෙම දුෂණ තරඟයෙන් පැරදී, තම දරුවාට පාසල් අහිමිවූ දෙමාපියන් අතලොස්සක් නීතියේ පිහිට පතති.

රාජපක්ෂ රෙජිමය යටතේ, එසේ තම දරුවාට පාසල අහිමි වූ දෙමාපියන් තිදෙනෙකු ගේ කතාව පිළිවෙගින් ගෙනහැර දක්වන්නේ, දුෂණයට වගකිවයුතු අධ්‍යාපන ලේකම්, ජාතික පාසල් අධ්‍යක්ෂ, අදාල විදුහල්පතිවරු හා ළමුන් තෝරන මණ්ඩලවල සාමාජිකයින්ට  ඕනෑම නීච ක‍්‍රියාවක් කර, ද`ඩුවම් නොලබා , මේ ධර්මද්වීපය තුල දඬුවම් නොලබා සිටිය හැකිබව පෙන්වා දීමටය.

තවද, රාජපක්ෂ රෙජිමය තුල මේ සිදුවීම්වලට සමාන දේ අදත් සිදුවන්නේය. එදා එම වැරදි කල නිලධාරී රොත්ත අදත් රනිල් - අකිල යුවල යටතේ සුවසේ සිටින බවද කිවයුතුයි.

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ප‍්‍රකාශයට පත්කර එ් අනුව ළමුන් ඇතුලත් කර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටී.

මේ බොරුව – පිළීගන්නා බහුතරයක් දෙමාපියන් තම දරුවාට ෙදාස් තබා, හරියට බාරය ඔප්පු කරන්නට බැරිවුවා යයි හිත හදාගෙන, තව තවත් දෙවියන්ගේ නාමයෙන් කපුවන්ට ෙදාල පිදේනි දී නිහඬ වෙති.

තවත් සමහරු, සෑම වර්ගයකම අල්ලස හා දුෂණය කෙරෙහි දැඩි විශ්වාසයෙන් ක‍්‍රියා මාර්ග සොයති. සොයා ගනිති.

අනුරාධපුරයේ, ධර්මපාල මාවතේ නගර සභා නිවාස වල කණ්ඩමබි ගේ පුතා, 2014 පහේ ශිෂ්‍යත්වයට වාඩි වී ලබාගත් ළකණූ ප‍්‍රමාණය 163 කි.

එ් වසරේ අනුරාධපුර මධ්‍ය මහා විදුහලට කඩඉම් ලකුණු 173 ක් විය. එහෙත් කණ්ඩම්බි මහතා පසුබට නොවී, ඉල්ලූම්පත‍්‍රය ඉදිරිපත් කරන ලදි. ඉල්ලූම්පත‍්‍රය බාරගන්නා විදුහල්පති, එ් වසරේ පුරප්පාඩු නැතිවුවත්, ඊළඟ වසර වලදී, චාන්ස් එකක් දියහැකි බවට, ඇගවීම් ද ලැබින.

එ් අනුව, ඔහු කල් බලමින් සිටියේය. 2016 දි ඒ පදනම මත, 07 වසරට ඇතුලත් කරගැනීමට ඔහු ඉල්ලා සිටියේය. එ් වසරේදී 163ක් ශිෂ්‍යත්වයේ ළකුණු ලබාගත් ඔහුගේ පුතා වෙනුවට පිළිවලින් ළකුණු 142ක් හා 132 ක් ලබාගත් සිසුන් දෙදෙනෙකු හත වසරට ඇතුලත් කරගත් බවට විශ්වාසදායී තොරතුරු කණ්ඩම්බි මයාට ලැබිණ. 

ඔහුගේ පුතා ඇතුලත් කරගැනීමට නොහැකිවීම නිසා, කණ්ඩම්බි මහතා තමාගේ මූලික අයිතිවාසිකම් අනුරාධපුර මහා විදුහලේ විදුහල්පති හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් විසින් උල්ලංඝණය කර ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසට ඉල්ලා – පැමිණිල්ලක් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට ඉදිරිපත් කරන ලදි. 

එ් අනුව විමර්ශණයක් ආරම්භ කල මානව හිමිකම් කොමිෂම, විදුහල්පති හා ලේකම් ව කැඳවා ප‍්‍රශ්ණ කරන ලදි.

විදුහල්පතිවරයාගේ පිළිතුර – සරල විය. පුරප්පාඩු ඇතත් නැතත්, සුදුසුකම් තිබුනත් නැතත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නියෝග කරනවානම්, මම ළමයි ව  ගන්නවා කියාය.

නීතිය සදාචාරය බල්ලාට ගියත්, මට කමක් නැහැ, ශ‍්‍රී මහා බෝධි සමිඳුන්ගේ පිහිට කෙසේ වෙතත්, මොන නීති විරෝධී වැඩක් කලත්, අධ්‍යාපන ලේකම් ගේ පිහිට තමයි මට තියෙන්නේ, මේක තමයි ඇත්ත.

මෙම විමර්ශණයේදී, දුෂිත ලෙෂ, අධ්‍යාපන ලේකම් ගේ නියෝග මත ඇතුලත්කර ගත් ළමුන් පස් දෙනෙකු පිළිබඳව තොරතුරු විදුහල්පති කොමිෂමට අනාවරණය කර සිටියේය.

මෙම පරීක්ෂණයට, අධ්‍යාපන ලේකම් පැමිණියේ නැත. එ් වෙනුවට ඔහු නිලධාරිණියක් එවා තිබිණ. ඇය කිසා සිටියේ චක‍්‍රලේඛණ වලට හෙණ ගැහුව්වත්, ”විශේෂ” අවස්ථා (එනම්, පෙර සඳහන් අල්ලෂ, දුෂණ වැනි අවස්ථා* යටතේ අධ්‍යාපන ලේකම්, ළමුන් පාසල් වලට ඇතුලත් කර ගැනීමට නියෝග දෙන බවයි. 

එම විශේෂ අවස්ථා මොනවාද කියා ලේකම් ගෙන් අසාගෙන, ඇවිත් කොමිෂමට පැමිණ දැනුම් දනෙ බව කියා පිටව ගියද, එයින් පසුව පැත්ත පලාතකට එ් නිලධාරිණිය පැමිණ නැත.

හේතුව - ලිංගික අල්ලස, මුදල්, වෙනත් ..........., එ්වා කෙසේ කියන්නද – කොමිෂමට මේ සියලූ කරුණු ගැන සැලකිල්ල ලක්කල කොමිෂම, කණ්ඩම්බි ගේ දරුවා – අනුරාධපුර මහා විද්‍යාලයට ඇතුලත් කර ගන්නා ලෙසට නිර්දේශ කළේය.

Sunday, December 24, 2017

ස්ත‍්‍රී දුෂණ චෝදනා වලින් පොලිස් කාරයාව නිදෝස කොට නිදහස් කරයි

.

පසුගිය දින නිමවු, මාතර මහාධිකරණයේ පැවැති ස්ත‍්‍රී දුෂ ණ නඩු විභාගයේදී, එහි විත්තිකරු වූ, කඹූරුපිටිය පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල් ගාමිනී වීරවික‍්‍රම සියලූම චෝදනා වලින්, නිෙදාස්කොට නිදහස් කරනු ලැබීය.

පැමිණිල්ලක් විභාග කිරීම සඳහා  ගොස් සිටි අවස්ථාවේ, කාත් කවුරුත් නැතිව, තනිව සිටි පැමිණිලිකාරියව දුෂණය කළ බවට යන චෝදනාව මොහුට නගා තිබින.

2008 මාර්තු 14 වන දින, තමා විසින් කරන ලද පැමිණිල්ල විභාග කිරීමට පැමිණි මෙම පොලිස් නිලධාරියා, මරණ තර්ජණ කර තමාව ¥ෂණය කල බව ‘‘ඇය’’ කියා සිටියාය.

සිද්ධිය වන විට ඇගේ වයස අවුරුදු 42 කි. නඩුව විභාගය අවසන් වන විට ඇගේ වයස අවුරුදු 50 කි. 

මැය මානසික ආබායකින් පෙළෙන තැනැත්තියක් වන අතර, එ් සදඟා ප‍්‍රතිකාර ලබා ගන්නා කෙනෙකි. නමුත් ‘‘පැමිණිල්ල’’  එ් පිළිබඳව විශේෂ ඉල්ලීම් නොකර, සාමාන්‍ය සාක්ෂිකාරියක ලෙසට, සාක්ෂි දීමට සලස්වා තිබිණ.

හරස් ප‍්‍රශ්ණ වලට භාජනය කිරීමේදී ඇය කිහිප අවස්ථාවක සිහි මූර්ජිත වී තිබේ.

ස්ත‍්‍රී ¥ෂණ නඩුවක දි ‘‘ක‍්‍රියාව කළ බව හා එම ක‍්‍රියාව සිදු කරන ලද්දේ ඇයගේ කැමැත්ත නොමැතිව බව’’ සාක්ෂිවලින් තහවුරු විය යුතු බව පෙන්වා දෙන, මහාධීකරණ විනිසුරු දමිත් තොටවත්ත, වින්දිත තැනැත්තියගේ (ඇගේ* සාක්ෂියත්,  තහවුරු කිරීමට පැමිණිල්ල ඉදිරිපත් කල, ඇගේ නෑනාගේ සාක්ෂියත් පරස්පර බව පෙන්වා දෙයි.

මෙම නඩුවේ සාක්ෂි වශයෙන් කැඳවන ලද්දේ, වින්දිත ‘‘ඇගේ’’ සාක්ෂිය හා ඇගේ නෑනාගේ සාක්ෂි පමණි.

ඇය විසින් සිද්ධියට, දින 04කට පසුව පැමිණිලි කිරීම හා ඇය විසින් හරස් ප‍්‍රශ්ණ වලට ලබා දුන් පරස්පර පිළිතුරු ගැන, අවධානය යොමු කරන විනිසුරු, ඇය විසින් මෙම සිද්ධියට පෙර, නොයෙකුත් ආරවුල් සම්බන්ධයෙන් පැමිණිලි 08ක් 09ක් දමා සිටි, පොලිසිය සම්බන්ධයෙන් හොඳ පළ පුරුද්දක් තිබූ තැනැත්තියක් ලෙසට පිළිගනී. 

මෙහිදී, ඇය අවු: 22 වන විට, ලේ නෑයකු සමග සම්බන්ධකම් පවත්වා දරුවකු ලැබී ඇති බව හා පසුව වෙනත් විවාහයකින් ද දරුවකු ලැබී ඇති බව, පසුව එම පුරුෂයාද අතහැර දමන ලද තැනැත්තියක් බව, සමාජය ගැන හොඳින් දැනුම් තේරුම් ඇති, පොලිස් ස්ථානය සුපුරුදු තැනැත්තියක් බව හා ඉතා බයාදු කුලෑටි අසරණතාවයක් ව්‍යාජ ලෙස පෙන්වීමට උත්සාහ ගන්නා බව පෙනී යන බවද, විනිසුරු වැඩි දුරටත් සිය තීන්දුවේ සඳහන් කරයි.

ඇයගේ මානසික රෝගී ත්තවය ගැන, පැමිණිල්ල මෙහෙය වූ රජයේ නීතිඥවරයා, අධිකරණයට වාර්ථා කලද, සාක්ෂිවලින් හෙළි වූ කරුණු පදනම්ව, විනිසුරු, ඇයට මානසික එ්කාග‍්‍රතාවයක් තිබුනු බවට තීන්දු කරයි. 

ඇය විසින්, සිදු වූ ‘‘ක‍්‍රියාව’’ විස්තරාත්මකව පැවසීමට මැළිවීම, එ් පිළිබඳව විමසනවිට ස්ථාවරයන් වෙනස් කිරීම පිළිබඳ අවධානය යොමු කරන විනිසුරු, බලයක් යොදා ලිංගික සංසර්ගයේ යෙදුනාය කියා උපකල්පනය කළත්, පුරුෂයන් දෙදෙනෙකුගෙන් වෙන් වෙන් වශයෙන් දරුවන් ලැබී ඇති අවුරුදු 42 පමණ නැමැත්තියකට ලිංගික සංසර්ගයක් තුළින්, ඇය පවසන තරම් පීඩාවක් ඇතිවූවාය සිතීම අපහසු බවද සිය තීන්දුවේදී ප‍්‍රකාශ කර සිටී.

මේ කරුණු සහ සාක්ෂිවල පරස්පරතාවයන් සැලකිල්ලට ගෙන, වෙනත් සාක්ෂි නොකැඳුවාම විත්තිකරු, ගාමිනී වීරවික‍්‍රම ව නිෙදාස් කර නිදහස් කිරීමට - අධිකරණය පියවර ගන්නා ලදි.

අවුරුදු අටක් පුරා ”යුක්තිය” උදෙසා පැමිණීලිකරු හා විත්තිකරු යන දෙපාර්ශවය අධීකරණය හමුවේ ගෙන ගිය අරගලයෙන්, ස්ත‍්‍රී ¥ෂණ චෝදනාවකින්, විත්තිකාර පොලිස් කොස්තාපල් නිෙදාස්ව නිදහස් විය.

නඩුව ඉවර උනත් ඇගේ කතාව ඉවර නැත. 

තරුණ වියේදී ඇය ඥතියකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන ලදි. එහි ප‍්‍රතිඵලයෙන් දරුවකු ලැබින. එම පසුබිම යටතේ, ඇය ගමෙන් පිටව කලක් ජීවත් විය. නැවත ගමට පැමිණෙන විට ඇයට උරුමව තිබූ ගේ ෙදාර ඉඩකඩම් වල භුක්තිය ඇගේම අසල්වැසි ඥතීන් විසින් අත්පත් කරගෙනය. ඇයට සිදුවුනේ ඉඩම් ආරවුල් වලට මැදි වන්නටය. නිතර පොලිසියට යාමට සිදුවිය. 

එ් අතර ඇය විවාහ විය. එහි ප‍්‍රතිඵලයෙන්ද දරුවකු ලැබින. 

ටික කලකින් සැමියාද අතහැර යන ලදි. නැවත ඇය තනි විය. අසල්වැසි ඥතීන් අතර ආරවුල්  නතර නොවීය.

2008.03.10 දින කඹූරුපිටය පොලිසියට ඇය ගියේ, පෙර දින රාත‍්‍රියේ සිය නිවසට ගල් ගැසීම ගැන පැමිණිල්ල කිරීමටය.

2008.03.14 දින, පො.කො. ගාමිණී වීරවික‍්‍රම පැමිණීයේ පැමිණිල්ල විභාග කිරීමටය. එ් අවස්තාවේ සිදුවීම ගැන ඇය කියන්නේ, ඇගේ ප‍්‍රකාශය සටහන් කරගත්, පො.කො.ගාමිණී වීරවික‍්‍රම, වහලේ හිල් බලන්නට ඇයව කාමරයට එක්ක ගිය බව,  එහිදී කාමරයේ ෙදාර වැසූ පො.කො. ගාමිණී වීරවික‍්‍රම ඇයව ඇඳට තල්ලූකොට මරණ බවට තර්ජණය කොට,   දුෂණය කල බව හා එ් අවස්ථාවේ ඇයට සිහිය නැති වූ බව. 

ඇය මානසික ආතතියකින් පෙළෙන බව, එ සඳහා දීර්ඝ කාලයක සිට ප‍්‍රතිකාර ගන්නා බව, සිද්ධියෙන් පසුව, ඇයගේ දේපල වලට එල්ලවන බලහත්කාරකම් උග‍්‍ර වූ බව සත්‍යයකි. 

ඇගේ දියණිය ඇයට පක්ෂ නැත. පුතාව හදා ගැනීමට නොහැකිව, සසුනට පූජා කරන්නට සිදුවිය. එහෙත්, පුතාට පන්සල් සූදුව දරා ගන්නට බැරිව නැවත ඇ ලඟට පැමිණීමට සිදුවිය. ජීවත් වීමට, ඉන්නට හිඳින්නට තැනක් නැතිවිය.

තම රෝගය ගැන ඈ දැනුවත්ය. එහෙත් අඛණ්ඩව ප‍්‍රතිකාර ගැනීමට, ආර්ථිකය හරස් විය. 

ඈ වෙනුවෙන් නඩුවේදී, නීතිඥ සහයක් පුද්ගලිකව ලබා ගැනීමට ද ආර්ථිකය හරස් විය.

ඇයට උසාවියට එන්නට වූයේ තනිවය. උදේ උසාවියට පැමිණ ඇය හවස හතර පසු වනතුරු උසාවියේ රැුඳී සිටින්නේ, වතුර පමණක් බීලාය. එහි හැමොම විත්තිකරු දෙස බැලූවේ අනුකම්පාවෙනි.

සටහන:-
මැගේ කතාව, කාන්තා අයිතිය පිළිබඳ ප‍්‍රශ්ණයක් ද ? 
කතා කිීරීමට නුසුදුසු, දේශයට අහිතකර කාරණයක ද ?




Tuesday, December 19, 2017

ෆයිල් වහන්න බලන් ඉන්න පොලිස් කොමිෂම



වසර නවයක් පුරා පොලිසියේ සහයෙන් උසාවිය මගහරින ලද පුද්ගලයෙකු පිළිබඳව, බලධාරීන්ට කරන ලද පැමිණිල්ලකට, වසරකට පසුව පොලිස් කොමිෂමෙන් ලැබුන අගනා පිළිතුරකට යවන ලද පිළිතුර පහත දක්වමු.

මීට පෙර අවස්ථා ගණනාවකදී පෙන්වා දුන් පරිදි, බොහෝ රාජ්‍ය ආයතන, කොමිෂම් මෙන්ම පොලිස් කොමිෂම මහජන මුදල් කාබාසිනියා කරන සූදු කල්ලියකි. 

දිනූෂා ගේ සැමියා, සජිත් ශාන්ත, ආබාධිත දරුවා ද අතහැර ගොස්, ඉන් අනතුරුව වසර නවයක් පුරා, නඩත්තු නොගෙවා, උසාවිය මග හරින ලදි.

එසේ මග හරින විට, පළමු පියවර වශයෙන් අධිකරණය, ඇප මුදල් රාජසන්තක කළේය.

අඛණ්ඩව වරෙන්තු නිකුත් කළේය. එහෙත් පොලිසිය වරෙන්තු ක‍්‍රියාත්මක කළේ නැහැ. 

දිනූෂා මේ කාරණය, ලිඛිතව බලධාරීන්ට දැනුම් දෙන ලදි. ඉන් අනතුරුව 2017 ඔක්තොම්බර් මස අත්අඩංගුවට ගෙන, රක්ෂිත බණ්ධනාගාර ගත කරනු ලැබීය. 

එයින් අනතුරුව, එනම් වසර නවයයි මාස දෙකකට පසුව, පොලිස් කොමිෂමෙන් ලිපියක් දිනූෂාට ලැබින. එයට පිළිතුරු වශයෙන් දිනූෂා, පොලිස් කොමිෂමට යවන ලද ලිපිය පහත දක්වමු.

යහපාලනය රටේ ඇති කරන්නට, මේ රටේ සියලූම රාජ්‍ය ආයතනවල ඉහළ සිට පහළට, සේවය කරන්නන්ට වැටුප් දීමනා ගෙවන රටේ පුරවැසියන් ගේ හඬ අවදි කළ යුතුය. 

එ් සඳහා බලගැන්විය යුතුය. දිනූෂා ගේ ලිපිය - ආදර්ශයකි. 

එස්.දිනූෂා සුරංගි ද සිල්වා මිය,
102/ඊ, බණ්ඩියාවත්ත, දෙදියවල,
වස්කඩුව.
2017.12.18

ශ‍්‍රීමාලි අතාවුද ආරච්චි මිය,
අධ්‍යක්ෂ (මහජන පැමිණිල විමර්ශන 11*,
බස්නාහිර පලාත (ගම්පහ/ක`ඵතර*,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
අංක 09 ගොඩනැගිල්ල,
ඊඵෂක්‍්‍ය පරිශ‍්‍රය,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.

මහත්මියනි,

නඩු අංක 47827 (නඩත්තු* - ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණය

ඔබගේ භඡුක්‍රැුඡුක්‍ෂෘරැුඋඡුරැු533රැු2016 හා 2017.12.12 දාතමින් යුතු ලිපිය හා බැඳේ.

මා විසින් 2016.10.10 දාතමින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට, අවුරුද්දකුත් මාස දෙකකට පසුව, එ්වා ඇති පිළිතුරෙන්, ඔබ කොමිෂම යළි යළිත් උත්සාහ ගෙන ඇත්තේ පොලිසියේ ¥ෂණ අක‍්‍රමිකතාවන් වසන් කර, මහජනතාව මුලා කිරීමටය. 

මාගේ පැමිණිල්ලෙන් පෙන්වාදුන් වරෙන්තුකරුව, අත්අඩංගුවට ගන්නේ වසර නවයකට පසුවය. 

ඔහු අත්අඩංගුවට නොගත් හේතුව මාගේ පැමිණිල්ලෙන් දක්වා තිබේ.

වසර නවයකට පසුව අත්අඩංගුවට ගැනීම සාධාරණය කිරීම ගැන මාගේ බලවත් අප‍්‍රසාදය පළ කරමි.

කළ යුත්තේ ගොනුව වසා දමා, අත පිස දැමීම නොව, වසර 9ක් පුරා අත්අඩංගුවට නොගැනීමට හේතු විමර්හණය කර, අදාල දුෂිත පොලිස් කාරයින්ට එරෙහිව නීතිය ක‍්‍රීයාත්මක කිරීම හා මෙවන් ෂිදුත අවම කිරීමට පියවර ගැනීමය.

මෙයට,
විශ්වාසී,


එස්.දිනූෂා සුරංගි ද සිල්වා.

පිටපත:
ලේකම්/සභාපති
ජාතික පොලිස් කොමිෂන් සභාව.


ජනපති සිරිසේන සෞඛ්‍ය ඇමති කාලයේ දුන් පත්වීමක් උසාවිය අහෝසි කරයි.



සෞඛ්‍ය අමාත්‍යංශයේ, වත්මන් ජීව ඉංජිනේරු වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ පත්වීම අහෝසි කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම තනතුර සඳහා ජනප‍්‍රිය කරුණාතිලක මහතාව පත්කරන ලෙසට නියෝග කළේය.

රාජපක්ෂ රෙජිමය තුළ, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත‍්‍රීපාල සිරිසේන, වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රමුඛ විසිහත් දෙනෙකු වගඋත්තරකරුවන් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද, මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින්, ඉහත නියෝගය ලබාදෙන ලදි. 

මෙම නඩුව, ජනප‍්‍රිය කරුණාතිලක පවරනු ලැබුවේ 2004 වසරේදීය. 2017.11.27 තීන්දුව ප‍්‍රකාශයට පත්කරන ලදි.

ජනප‍්‍රිය කරුණාතිලක මහතා කියා සිටියේ තමාට හිමිවිය යුතු තනතුරු නොදී, වත්මන් අධ්‍යක්ෂධූරය දරන එස්.එස්.අයි.හේරත් ට ලබා දුන්නේ, වැඩිදුර ළකුණු 20ක් නීතිවිරෝධී ලෙස ලබා දෙමින්ය.

ළකුණු 49 පමණක් හිමිවිය යුතු වත්මන් අධ්‍යාක්ෂවරයාට, අදාල නැති ළකුණු 20ක් ලබා දී ඇති බවත්, එ් මගින් තනතුර අහිමිකල ජනප‍්‍රිය කරුණාතිලකට ළකුණූ 67ක් හිමිව සිටි බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් ප‍්‍රකාශයට පත්කර තිබින.

මෙම තීන්දුවෙන් වත්මන් අධ්‍යක්ෂ එස්.එස්.අයි.හේරත් ට තනතුර අහිමි වේ. එමෙන්ම අසාධාරණයට ලක්වූ ජනප‍්‍රිය කරුණාතිලකට සුදුසුකම් මත පත්වීම හිමිවේ. 

රටේ සෞඛ්‍ය සේවය - ඉහළම ස්ථාවරයේ මෙවන්   දුෂණ සිදුවනවානම්, පහළ ශ්‍රේණිවල අන්ත අප‍්‍රමාණ  දුණ ගැන කවර කථාද? 

මේ අකාරයට, අදාල නැති ළකුණු 20 ක් ලබාදී, තනතුරු ලබාදීමට, එවක සෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේන ඇතුලූ බලධාරීන් ක‍්‍රියා කළේ - කුමන පදනමක් මතද යන්න පැහැදිළි කල යුතුය.නියමිත සුදුසුකම් නොමැති අයට තනතුුරු ලබාදීම සේම, තනතුරු ලබා ගැනීමද - පහත්, නිවට, නීච ක‍්‍රියාවකි.

තනතුරු දෙන්නා මෙන්ම ලබන්නාද එකසේ දුෂණයට අක‍්‍රමිකතාවට වරදකරුවන්ය.

යහපාලනය ගැන, තමා දුෂිතයෙකු නොවන බව, පුලපුලා කියන ජනාධිපති සිරිසේන, එ් බව ඔප්පු කළ යුතුයි. 

සුදුස්සන් සිටියදී, නීතියට පිටතින් ගොස් අදාළ නැති ළකුණු එකතු කර, වැඩි ළකුණු ගත් අයට තනතුර දුන් බවට, එදා මොහු හා සෞඛ්‍ය බලධාරීන්, ප‍්‍රශ්ණ කරන්නන්ට පවසන්නට ඇත. දැන් මොකද කියන්නේ ?? 

Friday, December 15, 2017

තෙවරප්පෙරුම ගේ, පොලිසියේ බලපෑම් වලට යට නොවී, හත් අවුරුද්දක් නඩු කියා දිනයි.



මතුගම පොලිසියේ හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරප්පෙරුම ආරච්චිගේ උදය කුමාර උත්තරිතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

2010 ඔක්තොම්බර් 15 වන දින, මතුගම පොලිසියේ හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක කුමාරප්පෙරුම ආරච්චිගේ උයද කුමාර, පියදාසව ව අත්අඩංගුවට ගෙන, අතින් පයින් හා පොලූවලින් පහර දී බරපතල තුවාල සිදු කරනු ලැබීය. අධිකරණ වෛද්‍ය වාර්තාව මගින් එ් බව තහවුරු කර තිබේ.

මෙම වධහිංසා පැමිණවීමට එරෙහිව පියදාස, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. එම පෙත්සම මගින් පියදාස කියා සිටියේ නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම හා වධ හිංසා පැමිණවීම මගින්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන මූලික අයිතිවාසිකම්, උදය කුමාර උල්ලංඝණය කර ඇති බවයි.

මෙයට සමගාමීව, ශ‍්‍රී ලංකා පොලිසියට ආවේණික වූ ක‍්‍රියාදාමය - අකුරටම පිළිපදිමින්, පියදාසට එරෙහිව නඩුවක් කුමාරප්පෙරුම ආරච්චිගේ උදය කුමාර, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරන ලදි.

පියදාස, මූලික අයිතිවාසිකම් නඩුවක්, මතුගම ප‍්‍ර.පො.ප. උදය කුමාර ට එරෙහිව පවරා ඇති බව දැනගත්, පාර්ලිමේන්තු මංත‍්‍රී තෙවරප්පෙරුම, වහාම පියදාස හමුවට ගොස්, උදය කුමාර තම හිතවතකු බවත්, ඡුන්දයට ප‍්‍රයෝජනවත් අයෙකු බවත් ප‍්‍රකාශයක් කර, මූලික අයිතිවාසිකම් නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසට දැඩි බලපෑමක් එල්ල කරනු ලැබීය. 

පියදාස බලපෑම් වලට යටත් නොවී, වසර හතක් පුරා, මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යෑමට ක‍්‍රියා කළේය. එහි ප‍්‍රථිඵලය 2017.12. 06 දින ලැබින. 

පෙර සඳහන් කල පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය පියදාස ගේ ඉල්ලීම පිළිගෙන පියදාසට වන්දි වශයෙන් රුපියල් විසිදහසක් ගෙවන ලෙසට උදය කුමාරට නියම කළෙය. එයට අමතරව, රජයට රුපියල් පහලොස් දහසක් වන්දි වශයෙන්ද, රුපියල් දසදහසක් නඩු ගාස්තු ගෙවන ලෙසට නියම කළේය.

රජය වෙනුවෙන් මෙම වන්දිය හා නඩු ගාස්තුව ගෙවීමේ වගකීම බාර වන්නේ පොලිස්පති වරයාටය. පොලිස්පති එම මුදල ගෙවන්නේ රටවැසියන් ගේ බදු මුදලින්ය. මෙය සෑම රටවැසියෙකුගේම අවධානයට යොමුවිය යුතු කරුණකි.

සෑම දේශපාලකයෙකුම පක්ෂ පාට කූමක් වුවත් අවසානයේ දි  චන්දදායකයා අතහැර දුෂිත පොලිස්කාරයින් සමග අත් වැල් බැ`දගන්නා බව සහතිකය. මෙයද රටවැසියන්ගේ අවධානයට යොමු විය යුතුය.  

මෙම මූලික අයිතිවාසිකම් නඩුවේදී, පියදාස වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන සමග චාමර නානායක්කාරවසම් පෙනී සිටි අතර, ප‍්‍ර.පො.ප.උදය කුමාර වෙනුවෙන් උපුල් කුමාරප්පෙරුම සමග ලහිරු ගලප්පත්ති යන නීතිඥවරු පෙනී සිටින ලදි.

ශ්‍රේෂ්ඨාධීකරණයේ විනිසුරු, ජනාධිපති නීතිඥ බුවනෙක අලූවිහාරේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න හා කේ.ටී.චිත‍්‍රසිරි ගේ එකඟතාවය ඇතිව, තීන්දුව ප‍්‍රකාශයට පත්කරන ලදි.
පියදාසගේ කථාවට සවන් දෙන්න.









Wednesday, December 13, 2017

අමතක කිරිමට ඉඩ නොදිමට, යුක්තිය උදෙසා අරගලයට - ජනතාව බලගැන්වීම.




2017.12.10 දින පැවති, හැට නව වන ජගත් මානව හිමිකම් දින සමරු වැඩසටහනට, රාජ්‍ය තන්ත‍්‍රයේ විවිධාකාර වූ අක‍්‍රමිකතාවයන්ට, පීඩාවන්ට පාත‍්‍රව යුක්තිය උදෙසා අඛණ්ඩව අරගල කරන වින්දිතයන් සමග ඔවුන්ට දිරි දෙන මානව හිමිකම් ආරක්ෂකයන්, සංවිධාන ක‍්‍රියාකාරීන්, හතලිස් හය දෙනෙකු එක්විය. මෙම වැඩසටහනේ ප‍්‍රධාන අමුත්තන් වූයේ වින්දිතයන්ය. 

දේශිය හෝ ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් නොවු මෙම වින්දිතයන්, මේ වන විට මානව හිමිකම් ක‍්‍රියාකාරීන් බවට පත්ව ඇත. ඔවුන් හා මානව හිමිකම් ක‍්‍රියාකාරීන්, නීතිය මත පාලනය ස්ථාපනය කර  ගැනීමට, අවශ්‍ය නීති රෙගුලාසි පිළිඳව දැණුම ලබාගෙන නිපවහන් නීතිඥයන් බවට ක‍්‍රියාකිරීම සඳහා පන්නරය ලබා ගැනීමට අවස්ථාව සැලසීම මෙම වැඩසටහනේ ඉලක්කය විය.
ඡයාරුප:-














Friday, December 8, 2017

ඇමති සාගලගේ ‘යහපාලන’ රෙද්ද මාකෙලිය පොලිසිය ගලවයිි.



ජගත් මුණසිංහ 43 හැවිරිදි තිදරු පියෙකි. බිරිඳ හා එක්ව තේ ද`ඵ කඩා ජීවත් වෙති.

ප‍්‍රදේශයේ මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරුවකු මෙන්ම, පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට ලක්වූ ”ලොකූ” ගේ අවශ්‍යතාවයට අත්අඩංගුවට ගෙන වධ දී බොරු නඩු දමන ලද්දේ, මෙම ලොකූට එරෙහිව පැමිණිල්ලක් දැමීමෙන් කරන ලද අපරාධයටය.

ප‍්‍රදේශයේ අපාරාධකරුවන් හා එක්ව ප‍්‍රසිද්ධියේ පාටි දමන මෙම පොලිස් නිලධාරීන්, අපරාධකරුවන් ආරක්ෂා කරන්නේ, අපරාධකරුවන්ට එරෙහිව, පැමිණිලි කරන්නන් අල්ලා වධ දී බොරු නඩු දමමින්ය.

එම ක‍්‍රියාව මාකෙලියට පමණක් සීමා වූවක් නොවේ.

අපරාධ අවම කිරීමට භාවනා කළ යුතු බව, පොලිසියක් ගානේ බුදු මැදුරු ඉදිකල යුතු බව පිලිගෙන, එ් අනුව, ක‍්‍රියාකරන සාගල ඇමති ගේ අනුදැනුමෙන් තොරව මෙවන් ක‍්‍රියාවන් සිදුවිය නොහැක. 

10 වෙනිදාට යෙදෙන ජගත් මානව හිමිකම් දිනය සමරන යහපාලනය අළෙවි කරන්නන් හට මෙය අගතියක් නොවනු ඇත. 

ජගත් මුණසිංහ විසින්  මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට, නීතිය හා සාමය සහ දක්ෂින සංවර්ධණ අමාත්‍යංශයේ ලේකම්ට, නීතිපති හා ජාතික පොලිස් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ල පහත දක්වමු.

"ප‍්‍රදේශයේ අපරාධ කරුවකු සමග එක්ව අත්අඩංගුවට ගෙන, වධ දී, බොරු නඩු පැවරීම."
2017.12.07 දිනදීය. 
‘‘ 2017.12.01 දින දහවල් එකට පමණ, අසල්වැසියෙකු වූ, නිශ්ශංක (ලොකූ) නැමැති අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන්, මා, 119 ට දැනුම් දුන්නා. එසේ දැනුම් දුන්නේ චතුරංග නැමැති අයගේ දුරකථනයෙන්. මාගෙන් විස්තර අසා, මා ඉන්නා තැනට යෑමට තිබෙන අපහසුව නිසා, පැය 02 කින් පමණ, සමන්තිලක මුදලාලි ගේ කඬේ ලඟට ඇවිත් ඉන්න යයි දැනුම් දුන්නා. 

මා එ් අනුව, සමන්තිලක මුදලාලි ගේ කිඬේ ලඟට ගොස් සිටියා. 

සවස 3.30 ට පමණ, නිශ්ශංක (ලොකූ) නැමැති අය සමග පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් ආවා. සිවිල් පිට පැමිණි ඔවුන්, මාකෙලිඇල්ල පොලිසියට අයත් අය. සැරයන් ජයතිස්ස, පො.කො. නිලංග හා පො.කො.කුමාර යන අයවලූන් වේ.

මා ළඟට පැමිණි විගස, නිශ්ශංක මේ ඉන්නේ බඩු කියා, මාගේ ෂර්ට් එකේ කොලරය කරකවා අල්ලා ගත්තා. සැරයන් ජයතිස්ස මාගේ අත් පිටුපසට ගෙන මාංචු දැම්මා.

ඉන්පසු මට සැරයන් ජයතිස්ස, පො.කො.නිලංග හා පො.කො.කුමාර යන අය, අසල වැටෙන් ඇද කඩාගත් ලාඩප්පා පොලූවලින් පිටට, අත්වලට, කකුල්වලට ගැහුව්වා. වටකරගෙන අතින් ඔලූවට, මුහුණට ගැහුව්වා. කන්දෙකට ගැහුව්වා. ඔලූව කඬේ ලෑලි බිත්තියේ ඇන්නා.

එසේ පහරදී, සැරයන් ජයතිස්ස මා ළඟ ඉද්දී, පො.කො.නිලංග හා කුමාර, නිශ්ශංක (ලොකූ) සමග ඔහුගේ නිවසට ගියා.

ඔවුන් නිවසට ගොස්, නිශ්ශංක (ලොකූ) යන අයගේ පියා වන ගුණරත්න ව එතැනට අල්ලාගෙන ආවා.

ඉන්පසු යතුරු පැදිවල තියාගෙන මාකෙලිඇල්ල පොලිසියට ගෙන ආවා.

පොලිසිය ඇතුලට ගෙන යන විට, පොලිසියේ ස්ථානාධීපති, කලූපාට පොල්ලක් ගෙන, පිටට ගැහුව්වා. පොල්ල කැඩුනා. ඉන්පසු සැරයන් ජයතිස්ස, පො.කො. නිංග හා කුමාර මට අතින් පයින් ගැහුව්වා.

ස්ථානාධිපති අමරසිංහ එ් අතර පැමිණ, මට අතින් පහරදී, පුරුෂ ලිංගය අල්ලා මිරිකා, කරකවා, මිරිස් කුඩු දානවා කියා තර්ජණය කලා.

ඔවුන් මට මේ සියල්ල කළේ උඹ චන්ඩියෙක්ද කියා අසමින්.

මට පහර දෙන අතර, ගුණරත්න නැමැති අයටද ගැහුව්වා. 

පැයක් විතර තියාගෙන ඉඳලා, යතුරු පැදිවලින් බදුරලිය පොලිසියට ගෙන ආවා. එසේ ගෙන ආවේ සැරයන් ජයතිස්ස, පො.කො. නිලංග හා කුමාර යන අය.

බදුරලිය පොලිසියට ගෙන ආ පසු මාංචු ගලවා, කූඩුවට දැම්මා. ? එළි වෙනකම් කූඩුවේ සිටියා. 

පසුදින (2017.12.02 )උදේ 10.30 ට පමණ, මාගේ බිරිඳ වන කුරුඳුකාරගේ නිලන්ති දේවිකා ශ‍්‍රියා කල්‍යානි පොලිසියට පැමිණියා.

ඊට පස්සේ, ඇප දුන්නා. ඇපයට අත්සන් කලේ මාගේ බිරිඳ විසින්. 2017.12.08 දින උසාවියට එන ලෙසට දැනුම් දුන්නා. චෝදනා දන්නේ නැහැ.

පොලිසියෙන් පිටවූ පසුව, මාව කෙළින්ම බදුරලිය රජයේ රෝහලට ගියා. බදුරලිය රෝහලට මට පොලිසියෙන් ගහපු බව කිව්වා. 

රාත‍්‍රි 10ට පමණ බදුරලිය රෝහල ගිලන් රථයෙන් මාව නාගොඩ මහා රොහලට මාරු කරනු ලැබුවා. එහිදි ද මා පොලිසියෙන් ගහපු බව වෛද්‍යවරුන්ට ප‍්‍රකාශ කළා. 5බි වාට්ටුවේ නවත්වා ප‍්‍රතිකාර කළා. වාට්ටුවේ ඉන්න විට රෝහල් පොලිසියෙන් පැමිණ විස්තර ලබා ගත්තා. ලියා ගත් දේ කියවා තේරුම් කළේ නැහැ. අත්සන ගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරි පරික්ෂා කළා. 2017.12. 04 ටිකට් කැපුවා.

2017.12.04 රෝහලින් පිටවූ පසුව, සවස 3.00 ට පමණ, මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් පැමිණිල්ලක් කලා. මා කියන දේ යතුරු ලියනය කලා. නමුත් නැවත කියවා පැහැදළි කළේ නැහැ. අත්සන් ගත්තා. සහකාර පොලිස් අධිකාරී ක‍්‍රියා කළේ අපරාධය කල පොලිස් නිලධාරීන් ආරක්ෂා කරන්න. 

දවස් තුනක් බලාගෙන හිටියා කැඳවනවා කියපු නිසා. නමුත් කැඳවූයේ නැති නිසා, 2017.12.07 (අද* ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හමුවන්නට ආවා. එහිදී, මතුගම පොලිස් ස.පො.අධිකාරී එනකම් ඉන්න කිව්වා. පැය 2 1/2 ක් පමණ ඉන්නකොට, මතුගම ස.පො.අධිකාරී පැමිණියා. 

නමුත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී හෝ මතුගම ස.පො.අධිකාරී ව හමුවන්නට මට ඉඩ දුන්නේ නැහැ.

හීන්කෙන්ද නැමැති ආරක්ෂක සහායක පැමිණ,  ඕන වුනොත් ආයේ එන්න, පරීක්ෂණ කරගෙන යනවා කියා, මට යන්න කිව්වා. 

මේ සියල්ලෙන්ම පැහැදිලි වූයේ, මට අමානුෂික ලෙසට පහර දුන්න, බොරු නඩු දැමූ, මා කෙලිඇල්ල පොලිස් මුරපොලේ ස්ථානාධිපති අමරසිංහ, සැරයන් ජයතිස්ස, පො.කො.නිලංග හා කුමාර ආරක්ෂා කිරීමට ක‍්‍රියා කරන බවය.

මෙ ආකාරයට මේ සියලූම නිලධාරීන් ක‍්‍රියා කරන්නේ, බදුරලිය පොලිස් වසමේ, මෝල්කාව, යාලමැඩිය ප‍්‍රදේශයේ, මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ජාවාරම් කරන, පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ, මහාධිකරණ නඩුවේ චුදිත වන - නිශ්ශංක (ලොකූ* සමග පොලිසිය පවත්වාගෙන යන සහසම්බන්ධය බව වගකීමෙන් ප‍්‍රකාශ කරමි.’’

ඔහු ඉල්ලා සිටින්නේ, මාකෙලි ඇල්ල පොලිස් මුරපොලේ, පොලිස් අපරාධ කරුවන් සිව් දෙනා වන, 1. ස්ථානාධිපති අමරසිංහ, 2. සැරයන් ජයතිස්ස, 3. පො.කො.නිලංග 4. පො.කො. කුමාර
 යන නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රීයාත්මක කරනා ලෙසටය.

එමෙන්ම මෙය මුලික අයිතින් උල්ලංඝණය කිරිමක් බව පෙන්වා දෙයි.


Thursday, December 7, 2017

පොලිස් කොමිෂම යහපාලනයේ රෙදි ගලවයි.


කඹුරුපිටිය පොලිසිය, නීතිය හා සාමය බාර ඇමති සාගල රත්නායකගේ බල ප‍්‍රදේශයට අයත් එකකි.

පතිනායක පවුලට අයත් ඉඩමකට කඹුරුපිටිය පොලීසියේ ස්ථානාධිපති ඇතුලූ වී, බලහත්කාරකම් කිරීම ගැන පැමිණිල්ලක් පොලිස්පතිට කර, එහි පිටපතක් පොලිස් කොමිෂමට යොමු කිරීමට පතිනායක මහතා පියවර ගත්තේ, 2017.08.23 වන දින දීය.

එම පැමිණිල්ල විමර්ශනය කළ බවත්, පොලීසියට, අන් අයගේ ඉඩම්වල බෝඞ් ගැසීමට හැකි බවත්, බෙදුම් නඩුවක් තිබෙන නිසා මැදිහත්වීමට නොහැකි බව ප‍්‍රකාශ කරන පොලිස් කොමිෂම යලිත් වරක් තමන් ‘‘යහපාලනය’’ යටතේ විගඩමක් බවට පත්ව තිබෙන බව ඔප්පු කර ඇත.

පතිනායක මහතා 2017.12.06 දාතමින් පොලිස් කොමිෂම අමතන ලද ලිපිය සියලූ කරුණු පැහැදිළි කරයි.

පී.එම්. තිලකා කල්‍යාණි මිය
පළාත් අධ්‍යක්ෂ (දකුණු පළාත)
ජාතික පොලිස් කොමිෂන් සභාව
දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණය
පළමුවන මහල
ගාල්ල

මහත්මියණි

කඹුරුපිටිය ස්ථානාධිපතිවරයාගෙන් සිදුවී ඇති අසාධාරණය සම්බන්ධව

උක්ත කාරණය අදාලව ඔබගේ NPC/PCID/SOU/MT45/17 හා 2017.11.23 දාතමින් යුත් ලිපිය හා බැඳේ.

මාගේ පැමිණිල්ල අදාලව ඔබ, පිළිතුර ප‍්‍රතික්ෂේප කරන බව ප‍්‍රථමයෙන් ප‍්‍රකාශ කර සිටිමි.

(1* ඔබ විමර්ශනයක් කළ බව සඳහන්ව ඇතත්, එය කා සමග කරන ලද විමර්ශනයක් ද කියා, මා දන්නේ නැත.

මා දන්නා පරිදි විමර්ශනයක් කිරීමේදී, පැමිණිලිකරුගෙන් පැහැදිළි කර ගැනීමක් කරගත යුතුය. 

(2* ඔබගේ ඊනියා පිළිතුර පැහැදිළි කරන්නේ, ඔබ පොලීසිය සුද්ධ කිරීමට පොලිස් නීති විරෝධී කි‍්‍රියා ආරක්ෂා කිරීමට කරන ලද්දක් බවය.

(3* ඉඩම් නඩුව ඇත්තේ පොලිස් ස්ථානාධිපති සමග නොවේ. පොලිස් ස්ථානාධිපති සමග ඉඩම් නඩුවක් තිබුණත්, පොලිස් බලතල යොදාගෙන ඉඩම් මංකොල්ලා කෑමට නොහැකි බව නොදන්නවා විය හැක.

(4* මෙම ඉඩම අදාල ඉඩම් නඩුව, ”බෙදුම් නඩුවකි” එහි පාර්ශවකරුවන් මාගේ ඥතීන්ය. එ් නිසා ස්ථානාධපතිට, ඉඩමට අයිතිවාසිකම් කිව නොහැකිය.

(5* මෙම ස්ථානාධිපතිවරයා ක‍්‍රියා කරන්නේ නීතියට අනුව නොවන බවද, වෙනත් ”බලවතුන්ගේ” අවශ්‍යතාවය මත බව වගකීමේන ප‍්‍රකාශ කරමි.

(6)”පොලීසිවල නාම පුවරුව” පුද්ගලික ඉඩම්වල අනවසරයෙන් ප‍්‍රදර්ශනය කිරීමට තිබෙන්නේ කුමන නීතියක්, කුමන රෙගුලාසියක් යටතේද, යනන් නොපමාව මා වෙත දැණුම් දෙන්න.

(7)වත්මන් යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා නියෝජනය කරන, මාතර දිස්ත‍්‍රික්කයට අයත් කඹුරුපිටිය ආසනයේ, කඹුරුපිටිය පොලීසියේ පොලිස් ස්ථානාධිපතිගේ ”නීති විරෝධී” ක‍්‍රියාවන්, සිද්ධියට අදාල නැති ”නඩුවක්” බව හුවා දක්වා, යහපාලනයේ ප‍්‍රධාන අංගයක් වන නීතියට සියල්ල යටත් බව වන ප‍්‍රධාන කරුණ, ඔබ කොමිෂම හෑල්ලූවට ලක් කිරීම ගැන මාගේ අප‍්‍රසාදය පළ කරමි.

මා පෙර සඳහන් කරන ලද පරිදි ඔබගේ පිළිතුර ප‍්‍රතික්ෂේප කරන අතර, නොපමාව මෙම ස්ථානාධිපතිට එරෙහිව විනය පියවර ගෙන නාම පුවරුව ඉවත් කරන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලමි.    

මෙයට,
අ.ක/ එම්.ඩබ්. පතිනායක 

පිටපත:- ජ.පො.කො