Thursday, August 31, 2017

OIC කඹුරුපිටිය - ඉඩම මංකොල්ල කන්න හදනවා.


කඹුරුපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට තියෙන, තම පවුලට අයත් ඉඩම කඹූරුපිටිය පොලිසියේ වත්මන් ස්ථානාධිපති ජයශාන්ත නැමැත්තා - කූඨ ලේඛණ, පොලිස් බලය උපයෝගී කරගෙන මංකොල්ලා කෑමට උත්සාහ ගන්නා බවට, චෝදනා කරන පතිනායක මහතා, මෙම නීති විරෝධී ක‍්‍රියාව ගැන කරන පැමිණිලි මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හා සහකාර පොලිස් අධිකාරී යටගසන බවද කියා සිටී.

මේ වනවිටතක් තම පවුලට අයත් ඉඩම මෙම ජයශාන්ත නැමැති පොලිස් ස්ථානාධිපතිවරයා බලහත්කාරයෙන් ඩෝසර් කර ඇති බවද කියා සිටී.

මෙම පොලිස් ස්ථානාධිපතිවරයා අසල ව්‍යාපාරිකයකු හා එක්ව, නීති විරෝධී ක‍්‍රියාවන්හී නියැලන බවද, වැඩි දුරටත් ප‍්‍රකාශ කරන්නේය. 

ඔහු මේ ගැන පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂට පැමිණිලි කර ඇත. 

මළ පොතේ අකුරක් බෑ... ජීවත් වන්නේ ‘‘පොත්’’ විකුණළා.. කුඩු බොන්නෙකුුගේ කතාව




නමින් කුමාරය. පස්දෙනෙකෙුගෙන් යුත් පවුලක සාමාජිකයෙක්. 

අවුරුදු 10 දී අම්මා නැති වුනා. තාත්තා දාලා ගියා. ලොකු අම්මා ලඟ ලොකු මහත් වුනා. වැස්සකටවත් ඉස්කෝලේකට යන්න ලැබිලා  නැහැ. පදිංචිය වැල්ලේ. බැන්දේ ඉස්කෝලේ දෙක වසරට ගිය කෙනෙක්. ඇයටත් ලියන්න කියන්න බෑ. අරාබි කතා කරන්න පුලූවන්. ජෝර්දාන් බහරෙන් වල තමයි වැඩ කරලා තියෙන්නේ.

හම්බකරගත් දෙයක් නෑ. සියල්ල සුනාමියට ගිහිල්ලා. ඉන්නේ සුනාමි ගෙවල්වල. 

එ් බව පොලිසිය දන්නවා. දැන් කුඩු පැකට් එකක් රු: 600/=ක්. එ් නිසා පෙති බොනවා. 
කුඩු බොන එක ඇත්ත. එ් වෙනුවට පෙති බොන එකත් ඇතත්. නමුත් කිසිම දෙයක් අතේ නැති වෙලවාට අල්ලාගෙන ගිහිල්ලා බොරු නඩු දානවා. එහෙම නඩුවකට අවුරුද්දක් අච්චු වි`දලා ආවේ.

පානදුර ප‍්‍රදේශයේ මහා පරිමාණ කුඩු ජාවාරම් කරුවාව පොලිසිය අල්ලන්නේ නෑ. සුඛෝපභෝගී වාහන තියාගෙන මන්දිර වටා සීසීටීවී කැමරා හයිකරගෙන ඉන්නේ. කිසිම රක්ෂාවක් කරන්නේ නෑ. නිලධාරී ලොක්කන් යනවා එනවා. 

බොරු නඩු වලට මුහුණ දෙන්න සල්ලි නෑ. එ්ක ප‍්‍රයෝජනයට අරන් අපි වගේ කුඩු බොන අයට බොරු නඩු දානවා. 

34 හැවිරිදි තිදරු පියෙකු වන කුමාර හෙරොයින් වලට ඇබ්බැහි වූවෙක්. විකිණීමට ද හවුල් වූවෙක්. පානදුර පොලිස් අධීකාරී කාර්යාලයේ යුනිට් එකෙන් කුඩු හයිකෝට් එකක් දාන බවට කරන තර්ජණ ගැන පැමිණිලි කරන ඔහු





Tuesday, August 22, 2017

වේල්ස් කුමර විදුහලේ කෝච් අල්ලපු ගෙදර එකාව කැප්ටන් කරලා. කණිෂ්ඨ ක‍්‍රිකට් නායකයාව අපයෝජනයට ලක්කරලා



2016 වසරේ 15න් පහළ ඊ කණ්ඩායමේ නායකත්වය දැරු තම පුතාගේ නම කපා පුහුණුකරු ගේ ගජ මිතුරෙකුගේ පුතෙකුව නායකයා හැටියට සම්මාන උළෙලට ඉදිරිපත් කර, ඉන් අනතුතුරුව වෙනස්කම් වලට භාජනය කරමින් අපයෝජනයට ලක් කරන බවට චොදනා කරන සිසුවා ගේ මව එ් පිළිබ`ව විමර්ශණයක් කරන ලෙසට ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාවෙන් හා පාසැල් ක‍්‍රිකට් සංගමයෙන් ඉල්ලා සිටි. 

මව ප‍්‍රකාශ කරන පරිදි තම 15 හැවරිදි පුතා ඉගෙනුම ලබන්නේ මොරටුව වේල්ස් කුමර විදුහලේ 10 ශ්‍රේණියේ ය. 2013 සිටම ඔහු අදලා වයස් කාණ්ඩ වලට අයත් ක‍්‍රිකට් කණ්ඩායම් වල ක‍්‍රීඩා කරනු ලැබීය. 2016 දි ඔහුගේ නායකත්වය යටතේ පාසැල් ක‍්‍රිකට් තරඟ 12 ක පමණ ක‍්‍රිඩා කර, එක් තරඟයක හැර අන් සියල්ලම ජය ගෙන තිබේ. එ් නිසා සිංගර් සමාගම අනුග‍්‍රහය ඇතිව පවත්වන ලද තරඟා වලියේ දෙවන තැන හිමි විය.

2017 ජුලි 24 වන දින පවත්වන ලද සම්මාන දිමේ උත්සවයේදි වර්තාමන පුහුණුකරු කල්ප ප‍්‍රනාන්දු විසින් කූඨ ලෙස තම පුතා වෙනුවට නායකයා ලෙසට වෙනත් ක‍්‍රිඩකයෙකු ව නම් කර තිබින. මේ නිසා තම පුතා දැඩි අපහසු තාවයකට, ලජ්ජාවට පත්කරනු ලැබු බව ඇය චොදනා කරයි.

මේ ගැන ක‍්‍රිකට් ක‍්‍රීඩා කටයුතු භාරව කටයුතු කරන චතුර, පාසලේ සම්පූර්ණ ක‍්‍රීඩා කටයුතු භාර වේලාරත්න යන ගුරුවරුන්ට පැමිණිලි කළද ඵලක් වූයේ නැති බවත්, ඉන් අනතුරුව තෙවරක් විදුහල්පති කුසල කුමාර ප‍්‍රනාන්දු මයාට වාචිකව පැමිණිලි කළ බවත්, එහෙත් සාධාරණයක් ඉටු නොවු බවත් ඇය වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටි.  

සම්මාන උත්සවයෙදි නායකයා ලෙසට හුවා දැක්වු සිසුවාගේ පියා හා පුහුණුකරු කල්ප ප‍්‍රනාන්දු අසල් වැසියන් මෙන්ම ගජ මිතුරන් බවද පෙන්වාදෙන ඇය, ප‍්‍රශ්ණය මතු කිරිමෙන් පසුවු පුහුණු කරු කල්ප ප‍්‍රනාන්දු පුතාට මානසික වධහිංසා පමුණුවමින් ඔහුව අපයෝජනයට ලක්කරණ බවද අවධාරණ කරයි

Friday, August 18, 2017

කොස්තාපල්ගෙන් පොලිස්පතිට කණේ පාරක්

පොලිස් කාරයන්ගේ, කොම්පැනි කාරයන්ගේ, දේශපාලකයන්ගේ බහට යට නොවූ පොලිස් සැරයන්වරයකු විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකදී හෙළිදරව් වූ කරුණු හා තීන්දුව - සියලූම පොලිස් පොඞ්ඩන්ට කදිම මග පෙන්වීමකි.

රථවාහන පොලිස් සැරයන්වරයෙකු වශයෙන් හැටන් පොලසියේ සේවය කරමින් සිටි, පොලිස් සැරයන් පාලිත නන්දසිරි, අනතුරුදායක ලෙසට පදවන ලද රථයක් නවත්වා, පරීක්ෂා කළේය.

රියදුරාට ලයිසන් නැති බවත්, බීලා සිටින බවත් හෙළිදරව් කර ගැනීමෙන් අනතුරුව - ඔහු පොලිසියට ගෙන යෑමට පියවර ගන්නා ලදි.

රියදුරා - සී.අයි.සී. සමාගමේ ලොක්කෙක් විය. ඔහු බේරා ගැනීමට, එනම් නඩු නොදා මුදාහරින ලෙසට බලපෑම් කරන්නට විවිධ තරාතිරම් වල පුද්ගලයින් ඉදිරිපත් විය. එ් අතර උසස් යයි කියන පොලිස් කාරයෝ ද විය.

නඩුවේදී, රියදුරා ලෙස සිටි සී.අයි.ඞී.සමාගමේ ලොක්කෙක් වු රංජිත් අබේසිංහ නැමැත්තා වරදකරු බව පිළිගෙන රු: 7500/=ක දඩයක් ගෙව්වේය.

මෙම සිද්ධිය 2009 නොවැම්බර් 7 සිදුවූවකි.

බීලා, ලයිසන් නැතිව රියපැදවූ කොම්පැණි කාරයෙකු පිළිබඳව නීතිය ක‍්‍රියාත්මක කරන ලද පොලිස් සැරයන්ට එරෙහිව විශේෂ පොලිස් විමර්ශණ එ්කකය ලවා පරීක්ෂණයක් පවත්වා, විනය පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පති ක‍්‍රියා කලේය.

පොලිස් විනය පරීක්ෂණයේදී පාලිත නන්දසිරි වරදකරු කරු විය. දඬුවම සැරයන් පට්ටම ගලවා, කොස්තාපල් බවට පත් කිරිමය.

පාලිත නන්දසිරි, ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ මෙම අසාධාරණ දඬුවමට එරෙහිවය.

නීතිඥ පුලස්ති හේවාමාන මහතාගේ උපදෙස් මත නඩුවට පෙනී සිටියේ ජනාධිපති නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතාය.

2009 වසරේ පවරන ලද මෙම මූලික අයිතිවාසිකම් නඩුව 2017 මාර්තු 03 විභාගයට ගන්නා ලදි.

2017 අගෝස්තු මස 04 වන දින, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ප‍්‍රියන්ත ජයවර්ධණ හා උපාලි අබේරත්න මහත්වරුන්ගේ එකඟතාවයෙන්, විනිසුරු අලූවිහාරේ තීන්දුව ප‍්‍රකාශයට පත්කමින්, පාලිත නන්දසිරි ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීරණය කර, පොලිස්පති විසින් සැරයන් තනතුරින් කොස්තාපල් තනතුර පහත හෙලූ නියෝගය අවලංගු කරන ලදි. 

එයට අමතරව, විනය පරික්ෂණයේදී නිගමනයන්ට අනුව, වරදට අනුරූප සුදුසු විනය පියවර ගන්නා ලෙසටද පොලිස්පතිට නියම කරනු ලැබීය.

මෙම තීන්දුවෙන් හෙළිදරව් වන්නේ කවුරුත් දන්නා - එදත් අදත් රථවාහන පොලිසිය රාජකාරී කරන හැටිය.

ලොක්කන්ට එක නීතියක්, පොඞ්ඩන්ට එක නීතියක්. එ් අතර ”පගාව” තීරණාත්මක සාධකය.
ලෝකකෙකුට එරෙහිව හරි පියවරක් ගත්තොත් විනය පියවර!! 
අනේ පොලිසිය..!! බුදු සරණයි..!!!

නඩු තීන්දුව සඳහා පිවිසෙන්න -  www.janasansadya.org  > Judgments > Case No. 186 

Thursday, August 17, 2017

පොලිස්පති ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙසට මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටි.


පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ සේවකයෙකු, වධහිංසාවට, කෲර, අමානුෂික, අවමන් සහගත සැළකිලිවලට හා දඬුවම්වලට පාත‍්‍ර කිරීම අදාලව මානව හිමිකම් කොමිෂන් සභාව අමතන ලද ලිපියෙන්, අන්තර්ජාලය ඔස්සේ මෙන්ම පුවත් පත් මගින් ප‍්‍රසිද්ධියට පත්වු, පසුගිය දිනක පොලිස්පති පූජිත ජයසුන්දර විසින් එහි සේවකයෙකුට බැන තර්ජනය කරමින් පහර දීමේ සිද්ධියට  අදාල සු`ඵ සේවකයා, පොලස්පති පූජිත ජයසුන්දරට එරෙහිව පැමිණිලි කිරීමට ඉදිරිපත් වනු ඇතැයි සිතිය නොහැකි බව පෙන්වා දෙමින්, මානව හිමිකම් කොමිෂමේ බලතල අනුව, මෙම සිද්ධිය අදාලව විමර්ශනයක් ආරම්භ කර, නිර්දේශයක් නිකුත් කරන ලෙසට ඉල්ලා තිබේ. පොලිස් වධහිංසාව අවම කිරීම සඳහා පොලිස්පතිවරයාගේ මෙම නීති විරෝධී ක‍්‍රියාවට එරෙහිව නිසි පියවර ගැනීම අනිවාර්ය බව එම ලිපියන් පෙන්වා දි තිබේ.












Saturday, August 12, 2017

බොරු චෝදනා වලින් නිෙදාස් කොට නිදහස් වධ දුන්න පොලිස් කාරයින්ට හයිකෝට් නඩු.


2003 අොග්ස්තු 07 දළදා සමිඳු පිදීමට සූදානම් කරන දානයට පළතුරු ගේන්නට ගිය උදයාංගට, පහරදී කුදලාගෙන ගොස් පසුදින රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නේ පොලිස් කාරයින් දෙදෙනෙකුට අතින් පයින් පහරදී තුවාල කළ බවට වන චෝදනා යටතේය.

උදයාංගට හා ඔහු සමග අත්අඩංගුවට ගත් අසංකව ඇප මත මුදාහරින අධිකරණය, නඩුව 2003.08.20 ට කල් තබනු ලබයි.

වහාම රෝහල් ගතවන උදයාංග තමාට පොලිසිය පහර දුන් බව ප‍්‍රකාශ කරයි. ඔහුගේ කණ් අඩිය පුපුරා ඇති බවට නිරීක්ෂණය කරන වෛද්‍යවරු, ඔහුව රෝහල් ගත කරයි. ප‍්‍රකාශ ලබාගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනු ලබයි.

එතැන් පටන්, ඔහු යුක්තිය උදෙසා වන අරගලයට මුල පුරයි. ඔහුට රැුකවරණය මෙන්ම නායකත්වය දෙන්නේ ඔහුගේ අම්මා ය.

උදයාංග සිය මව සමග ජනසංසදයට පැමිණෙන්නේ 2003 සැප්තැම්බර් 02 දිනය. 

ජනසංසදය හා ආසියානු මානව හිමිකම් කොමිෂම, උදයාංගව හා ඔහුගේ මව, බල ගැන්වීමට පියවර ගන්නා ලදි. නමුත් වසර 14ක් පුරා ඔවුන්ට මුහුණ දෙන්නට වූ ගැට`ඵ අනන්තය අප‍්‍රමාණය. 

යුක්තිය පසඳලීම සඳහා වන ආයතන සියල්ලගේම යථාර්තය හඳුනා ගනිමින් නොසැලී සිටීමට ඔවුන්ට ඉතිරිව තිබුනේ ආත්ම ශක්තිය පමණි. ඔවුන් බොහෝ උගතුන් රෙපාහොසතුන් මෙන් නිවටයින් නොවිය.

උදයාංගට තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි විය. රජයේ රැුකියාවක් ලබා ගැනීමට නොහැකි විය. ඔහුගේ තරුණ කාලය ගත කරන්නට වූයේ උසාවි වල දුර්ගන්ධය ආශ්වාස කරමින්ය.

මේ අතර, පොලිස් විශේෂ විමර්ශන එ්කකය, නීතිපති උපදෙස් මත, උදයාංගට පහර දුන්න පොලිස් කාරයින් හතර දෙනාට එරෙහිව රත්නපුර මහාධිකරණයේ නඩු පැවරීමට පියවර ගන්නා ලදි. එ් 2013 දීය.

උදයාංගට විරුද්ධ නඩුවෙන්, උදයාංග නිදහස්ය. දැන් වධකයින් ට එරෙහිව නඩුව ආරම්භ කර ඇත. 

එය ඉවර වෙන්නට කෙපමණ කාලයක් යයිද? 

Monday, August 7, 2017

14 හැවිරිදි දරුවකුට වධ දුන්න පොලිස් කාරයින්ට රු: ලක්ෂ 375,000 ගෙවන්න ගෙවන්න වෙයි.


මීටියාගොඩ පොලිසියේ හිටපු උප පොලිස් පරීක්ෂක අතුකෝරල, ස්ථානධිපති නිශ්සංක හා ග‍්‍රාමරක්ෂක සොයිසා මීට වසර අටකට පෙර එනම් 2008 මාර්තු 07 වන දින, දකූණේ සිංහල බෞද්ධ දාහතර හැවරිදි බුද්ධි ඉවන්ත ගුණසේකරව අත්අඩංගුවට ගෙන, පොලිසියට ගෙන ගොස් පළමුව අතින් පයින් පහරදි, බිම වැටුනු විට පයින් පාගමින් පහරදි, දෙවනු පොල්ලකින්ද, තෙවනුව අත්පිටුපස කොට බැඳ, බාල්කයක එල්ලා, පහර දෙමින් වධ දෙන ලදි. අමානුෂික හා අවමන් සහගත සැලකිලිවලට පාත‍්‍ර කරන ලදි.

මෙම වධ දීමෙන් පසුව, ‘‘බුද්ධ පිළිමය ඉදිරියෙන් තබාගෙන - බුදු සරණයි කියමින්්’’ සිටින ශ‍්‍රී ලංකා පොලිසිය, බුද්ධි ඉවන්ත ගුණසේකරව ඉහත ආකාරයට දස වධදි  මු`ථ රැයම පොලිස් කුඩුවේ තබාගෙන සිට, පසු දින, මාර්තු 08 දහවල් බලපිටිය මහෙස්ත‍්‍රාත් වරයාගේ නිල නිවසට ගෙන ගොස් ඉදිරිපත් කරන ලදි. ඔහුට  එරෙහිව , දිවා කාලයේ නිවසක් බිඳීම, රු: 23000/= ක් වටිනා දේපල සොරකම් කිරීම, සොරබඩු ලඟ තබා ගැනීම යන අමුලික බොරු චොදනා නගාය. 

බුද්ධි ඉවන්ත ගුණසේකර ව මහෙස්ත‍්‍රාත් වරයාට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ඔහු වෙනුවෙන් නිතිඥවරයෙකු ඉදිරිපත් කරනු ලැබුවද, එම නිතිඥවරයා පහර දිම පිළිබඳව මහේස්ත‍්‍රාත් වරයාට සඳහන් කිරිමෙන් වැළකි තිබින. බලපිටිය මහෙස්ත‍්‍රාත් නියෝගය මත බුද්ධි ඉවන්ත ගුණසේකර ව ‘‘පොලිස් ඇපයක්’’ මත මුදාහිරිමට පොලිසියට සිදුවිය. 

ඇප මත මුදාහැරිමෙන් අනුතුරුව නිවසට පැමිණි බුද්ධි ඉවන්ත ගුණසේකර රොගාතුර වීම නිසා පසු දින, මාර්තු 09, බාලිපිටිය මුලික රෝහලට ප‍්‍රතිකාර සඳහා යන ලදි. මාර්තු 13 ‘‘ටිකට්’’ කපන ලද නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරි පරික්ෂා කරන තුරු රොහලින් පිටව යැම වළක්වනු ලැබිය. එහෙත් යම් බලපෑමකට යටත්ව ඔහුව මාර්තු 14 රොහලින් පිටත් කරවන ලදි. එය වාර්තා විමෙන් පසුව දුරකථන පණිවුඩයකින් ඔහුව නැවත රොහලට ගෙන්වා ඇතුලත් කරවා අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර වැඩිදුර ප‍්‍රතිකාර ලබා දිමට රොහල් බලධාරින් පියවර ගනු ලැබිය. දෙවන වරට ඔහු ගේ ‘‘ටිකට්’’ කපන ලද්දේ මාර්තු 24 දිනය. 

බුද්ධි ඉවන්ත ගුණසේකර ගේ පියා ජයන්ත ගුණසේකර ‘‘පෙදරේරුවකි’’. ඔහු තම දාහතර හැවරිදි පුත‍්‍රායාට  මිටියාගොඩ පොලිසියේ, අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක අතුකෝරල ස්ථානධිපති නිශ්සංක හා ග‍්‍රාමරක්ෂක සොයිසා ට එරෙහිව, නීතිමය පියවර ගැනිමට අදිටන් කර, ජනසංසදය හා එක්ව පොලිස්පති ඇතුලූ ප‍්‍රාදේශිය බලධාරින්ට, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර,  මූලික අයිතිවාසිකම් කඩ කිරීම අදාල නඩුවක්, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරිමට පියවර ගනු ලැබිය. එහි අංකය SC/FR 126/2008 වේ. මේ සඳහා මුල්‍යය ප‍්‍රතිපාදන ලබා ගන්නා ලද්දේ ජනසංසදය හා ආසියානු මානව හමිකම් කොමිසම එක්ව ක‍්‍රියාත්මක ව්‍යාපෘති මගිනි.

මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපති ‘‘බි’’ 2694 යටතේ බලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයේ බුද්ධි ඉවන්ත ගුණසේකරට එරෙහිව පවරන ලද නඩුව පවතිද්දි ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යෑම සඳහා අවසරය 2008 මැයි 27 වන දින ලබා දෙන ලදි.

2008.04. 02 වන දින දින මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපති බලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයේ ‘‘බි’’ 2694 බොරු නඩුවට බුද්ධි ඉවන්ත ගුණසේකර හා පියා ජයන්ත ගුණසේකර සහභාගි විමෙන් අනතුරුව සාධාරණයක්  අපෙක්ෂාවෙන් බාලපිටිය උසාවි සංකීර්ණයෙ පිහිටි නීති ආධාර කොමිසමේ ශාඛාවට ගොඩ වදින ලදි. එය සුවිශේෂි අවස්ථාවක් විය. නීති ආධාර කොමිසමේ බලපිටිය ශාඛාවේ එවක නිතිඥ සමන්මලී ද සොයිසා සිරිවර්ධන මෙනවිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ීක්‍රැුත්‍ඍ 126/2008 නඩුවට එම සුවිශේෂි අවස්ථාව පිළිබඳව ලබා දෙන ලද දිව්රුම් ප‍්‍රකාශයේන් එදින සිදුවීමට වඩා නිතිඥයෙකු ගේ වෘතිය භාවය යනු කුමක්ද යන්නෙහි පිළිඹිවකි. 

නිතිඥ සමන්මලී ද සොයිසා සිරිවර්ධන මෙනවිය මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපති විසින් බුද්ධි ඉවන්ත ගුණසේකරට එරෙහිව ‘‘බි’’ 2694 යටතේ බලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවේ දි බුද්ධි ඉවන්ත ගුණසේකර ගේ නිතිඥ වරිය වශයෙන් පෙනීසිටින ලදි.

2008.10.15 දිනැති අංක එච්/ටි/17/2008 යටතේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීම පරිදි  විශේෂ විමර්ශන එ්කකය මගින් එස් අයි යූ 290/09 යටතේ විමර්ශනයක් ආරම්භ කර, එම 2009.06.23 දින අදාල විමර්ශනයේ උධෘත ගොනු නීතිපති වෙත ඉදිරිපත් කර තිබින.

විශේෂ විමර්ෂණ එ්කකයේ අණාවර්ණය කර ගැනීම් පාදක කරගෙන නීතිපති වෙනුවෙන්  2010 දෙසැම්බර් 10 නඩු වාරයේදී, රජයේ නීතිඥවරයා, වගඋත්තරකාර ඉහත පොලිස් නිලධාරීන් තිදෙනාට එරෙහිව, පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව අධිකරණයට වාර්තා කර සිටියේය. 

මේ අතරවාරයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තමන්ට එරෙහිව පවරා තිබෙන මුලික අයිතිවාසිකම් නඩුවට තමන් වෙනුවෙන් ඉදිරිපත්වන ලෙසට මිටියාගොඩ පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක අතුකෝරල, ස්ථානධිපති නිශ්සංක හා ග‍්‍රාමරක්ෂක සොයිසා විසින් නිතිපති වරයා ගෙන් කරන ලද ඉල්ලා සිටින ලදි. එම ඉල්ලිම නිතිපති විසින් ප‍්‍රතික්ෂේප කර, එ් බව ඔහු ගේ  ීක්‍ගක්‍්ග 151රැු08:්*  හා 2008.07.07 දිනැති ලිපියෙන් ඔවුන් තිදෙනාට දන්වා, පුද්ගලිකව නිතිඥ වරුන් මගින් අධිකරණයේ පෙනි සිටින ලෙසට උපදෙස් දෙනුු ලැබිය.

එමෙන්ම බුද්ධි ඉවන්ත ගුණසේකර ගේ පියා ජයන්ත ගුණසේකර පොලිස් මුලස්ථානයේ නීති කොඨාශය අමතමින් කරන ලද විසිමට පිළිතුරු ලබාදෙමින් එහි අධ්‍යක්ෂවරයා සිය 2008.08.07 දිනැති හා පිඑල්සි.එම්අයිඑ්එස්ඊ/49/1222/08 දරන ලිපියෙන් අදාල පොලිස් නිලධාරින් ට එරෙහිව චොදනා පත‍්‍ර නිකුත් කිරිමට කටයුතු කරන බව දන්වා තිබින.

නඩු වාර ගණනාවකට පසුව, මහින්ද රාජපක්ෂ රෙජිමය විසින් අගවිනිසුරු වශයෙන් පත්කොට එහි කටයුතු කල මොහාන් පීරිස් ඉදිරියේ, 2013 ජූලි 24 පැවැති නඩු වාරයේදී, දෙපාර්ශවයේ නීතිඥවරුන් ගේ කරුණු දැක්වීම් මාධ්‍යයේ, උසාවිය දෙපාර්ශවය අතර සමථයක් දැකීමට කැමැති බව ප‍්‍රකාශ කර, බුද්ධි ගුණසේකරට එරෙහිව බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා තිබෙන සොරකම් නඩුව පොලිසිය ඉවත් කර ගැනීම හා බුද්ධි ගුණසේකරට වන්දියක් වශයෙන් මුදලක් ගෙවීම ටත් එයට හිලව්වට බුද්ධි ගුණසේකර විසින් මුලික අයිතිවාසිකම් නඩුව ඉවත් කර ගැනිමත් යන සමථ යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය. මෙහි සරල අරුථ වුයේ වධ දීමට හිලව්වට මුදල් ලබාදි හා බොරු නඩුව ඉවත් කර ගැනීමය. 

අධිකරණය විසින් කරන ලද මෙම යෝජනාව, තමන් පිළි නොගන්නා බවත්, තමන්ට අවශ්‍ය වන්නේ, නඩුව විභාග වීම දැකිම බවත්, බුද්ධි ගුණසේකර හා පියා ජයන්ත ගුණසේකර, සිය නීතිඥවරුන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

2013 නොවැම්බර් 06 නඩු වාරයේදී, වගඋත්තරකාර පොලිස් නිලධාරීන් එවකට මීටියාගොඩ පොලිසියේ සේවය කළ ගල්ගනගේ ශ‍්‍රී නිශ්ශංක ජයරත්න, කාරියවසම් ෙදාන් සමන් පාලිත අතුකෝරල, ඌරු ලියනගේ ෙදාන් තුසිත කුමාර ගණසිංහ හා තිරමාදුර ලලිත් ද සොයිසා යන සිව් දෙනාට විරුද්ධව 1994 අංක 22 වධහිංසාවට එරෙහි පනත යටතේ බලපිටිය මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කර තිබෙන බව රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

මීටියාගොඩ පොලිසිය විසින් බුද්ධි ගුණසේකරට බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරන ලද අංක 2694 දරන, විභාග වෙමින් පවතින නඩුව, 2014.06.19 වන දින කැඳවු අවස්ථාවේදි නීතිපති උපදෙස් අනුව එකී නඩුව එදින ඉවත් කර ගැනීමට පොලිසිය ක‍්‍රියා කරන ලද අතර, නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර තිබූ, මුදල් ඔහුට/බුද්ධි ගුණසේකරට/ මුදාහැරීමට අධිකරණයට නියම කරනු ලැබීය.  

එයින් අනතුරුව, නීතිපතිවරයා විසින්, වධහිංසාවට එරෙහි පනත යටතේ - එවකට මීටියාගොඩ පොලිසියේ සේවය කළ ගල්ගනගේ ශ‍්‍රී නිශ්ශංක ජයරත්න, කාරියවසම් ෙදාන් සමන් පාලිත අතුකෝරල, ඌරු ලියනගේ ෙදාන් තුසිත කුමාර ගණසිංහ හා තිරමාදුර ලලිත් ද සොයිසා යන තිදෙනාට දෙනාට එරෙහිව අංක ්‍යක්‍ඊ 1678 යටතේ බලපිටිය මහාධිකරණයේ නඩු පවරන ලදි.

මෙම මහාධිකරණ නඩු විභාගය කඩිනම්න් අසා නිම කරන කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශයක් නිකුත් කරනු ලැබීය. කෙසේවුවත්, මෙම නඩුව තවමත් බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින බව සඳහන් කළ යුතුයි.

මෙම පසුබිම යටතේ වසර අටකට පසුව, ශ්‍රේෂ්ඨාධිකරණය පෙර ස්ථාවරයන් වෙනස් කොට 2016.05.03 දින නඩුව විභායට ගන්නා ලදි. 2017.07.11 දින ලබාදුන් තීන්දුව කෙරෙහි අවධානය යොමු කරමු.

ජනාධිපති නිතිඥ බි.පි.අ`ථවිහාරේ සහා කේ.ටි.චිත‍්‍රසිරි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගේ එකඟතාවයෙන්, විනිසුරු උපාලි අබේරත්න ප‍්‍රකාශයට පත් කල තීන්දුවෙන් නඩුවේ 1වන, 2වන හා 3වන වගඋත්තරකරුවන් වූ, එවකට ස්ථානාධිපති වශයෙන් ක‍්‍රියාකළ පො.ප. ගල්ගනගේ ශ‍්‍රී නිශ්ශංක ජයරත්න, උප පොලිස් පරික්ෂක කාරියවසම් ෙදාන් සමන් පාලිත අතුකෝරල, ග‍්‍රාමාරක්ෂක තිරමාදුර ලලිත් ද සොයිසා, ‘‘නීතිය පසඳලිමස හ ක‍්‍රියාත්මක කිරිම ද නීතියේ රැුකවරණය ද සර්ව සාධරණ විය යුත්තේය’’ යන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1* වගන්තියෙන් සහතික කරන ලද මුලික අයිතිවාසිකම උල්ලංඝණය කර තිබෙන බව නිගමනය කර, වන්දිවශයෙන් එක් එක් වගඋත්තර කරුවා විසින් රුපියල් ලක්ෂය බැගින් ද, නඩු ගාස්තු වසයෙන් රුපියල් හැත්තෑපන්දහස බැගින් ද බුද්ධි ඉවන්තට ගෙවිමට නියම කර තිබේ. මේ අනුව බුද්ධි ඉවන්තය හිමිවන වන්දිය රුපියල් තුන්ලක්ෂ හැත්තැපනදහසකි.

මුලික අයිතිවාසිකම් නඩුව ගොනු කරමින් මුල් අදියරේ සියුලූ කටයුතු කරන ලද්දේ නිතිඥ ශාමේන් ගුණරත්න මහත්මිය යයි. ඇය විදේශ ගතවිනේ අනතුරුව නිතිඥ ශාරිටා ද ෆොන්සේකා මෙනවිය සමග නිතිඥ විරාන් කොරයා මහතා පෙනිසිටින ලදි. නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදි පොලිස් නිලධාරින් හෝ ඔවුන් වෙනුවෙන් නිතිඥවරයෙකු හෝ පෙනි නොසිටිම විශේෂත්වයකි.

සම්පුර්ණ නඩු තින්දුව 

IN COURT OF THE DEMOCRATIC  SOCIALIST THE SUPREME REPUBLIC OF SRI LANKA
In the matter of an application under and in terms of Articles 17 and 126 of the Constitution of the
Democratic Socialist Republic of Sri Lanka.

SC /FR 126 / 2008

1. Uspatabendige Buddhi Iwantha
Gunasekera,
Dommie Jayawardena Mawatha,
Eranavila, Meetiyagoda.

2. Uspatabendige Jayantha
Gunasekera,
Dommie Jayawardena Mawatha,
Eranavila, Meetiyagoda.
Petitioners
 Vs.
1. Sub Inspector Athukorala
Crime Division,
Police Station, Meetiyagoda.
2. Inspector Nissanka,
Officer in Charge,
Police Station, Meetiyagoda.
3. Home Guard Soysa,
Police Station, Meetiyagoda.
4. W. T. Siripala,
Domanvila,
Meetiyagoda.
5. The Inspector General of Police,
Police Headquarters,
Colombo 1.
6. Hon. Attorney General,
Attorney General’s Department
Colombo 12.
Respondents

BEFORE : B. P. ALUWIHARE, PC, J.
 UPALY ABEYRATHNE, J.
 K. T. CHITRASIRI, J.

COUNSEL :
Viran Corea with Sarita de Fonseka for the
Petitioner
Indunil Punchihewa SC for the 5th and 6th
Respondents
The 1st to 4th Respondents are absent and
unrepresented

ARGUED ON : 03.05.2016
DECIDED ON : 11.07.2017

UPALY ABEYRATHNE, J.
 The Petitioner has complained that his fundamental rights to equality
guaranteed by Article 12(1) of the Constitution of Sri Lanka has been infringed by
the 1st, 2nd and 3rd Respondents.
 At the time of the alleged incident, the 1st Petitioner was a 14-year-old
student in Grade 10, Nindana Maha Vidyalaya, Ambalangoda, and the 2nd
Petitioner was the father of the 1st Petitioner. On 7th March 2008, around 3.30 p. m.
when the 1st Petitioner was at home with his mother the 1st to 4th Respondents with
two other Police Officers had come to their compound with a sniffer dog and
inquired as to the whereabouts of the 2nd Petitioner. Since the 2nd Petitioner was in
his paddy field the 1st Petitioner, having obliged to assist the Police to find the way
to the paddy field which was about seven kilometres away from his house had got
in to the Respondents’ vehicle. Thereafter the 1st Petitioner was taken to
Meetiyagoda Police Station.
 At the Police Station the 2nd Respondent had grabbed the 1st Petitioner
by his hair and assaulted him asking in sinhala ‘badu deepan’. Thereafter the 2nd
Respondent who was wearing shoes, had pulled the 1st Petitioner on to the ground
and trampled the 1st Petitioner whilst kicking him. At that time, the 2nd Respondent
had received a telephone call and had ordered the 1st Respondent to move the 1st
Petitioner out of the room. Upon the said directions, the 1st Respondent had taken
the 1st Petitioner to the Crime Division and had assaulted him again.
 At this point, the 3rd Respondent, who brought a club had assaulted
the 1st Petitioner on his buttocks whilst the 1st Respondent was holding the 1st
Petitioner by the shoulders. Thereafter the 1st and 3rd Respondents had taken the 1st
Petitioner to a room and tied his hands behind his back with a rope while the other
end of the rope was thrown over a beam which was pulled by the 3rd Respondent.
The 1st Respondent had raised the 1st Petitioner by his legs and the 3rd Respondent
had tied the other end of the rope to a nearby concrete pillar. Thereafter the 1st
Petitioner had been beaten by the 3rd Respondent whilst questioning him about the
jewellery and money taken by him breaking a house.
 At about 8.00 p. m. the 2nd Respondent arrived at the Police Station
and directed the 1st Respondent to keep the 1st Petitioner in the cell. At this
moment, the Petitioners had noticed that a Police Officer was taking down
statements of the 4th Respondent’s sister-in-law, her husband and her son.
 On the following day, the 1st Petitioner had been produced before the
Magistrate, Balapitiya, and was bailed out. On the following day, the 1st Petitioner
had been admitted to the Balapitiya Base Hospital and discharged from the
Hospital on the 13th March, 2008. Thereafter, on the next day the 1st Petitioner had
been re-admitted to the same Hospital and warded till the 24th of March 2008. On
14th of March 2008, the 1st Petitioner had been examined by the Judicial Medical
Officer.
 On the 11th March 2008, the 2nd Petitioner has made a complaint to the
ASP Elpitiya, and on 27th March 2008 the ASP has recorded the statements. Also,
by letter dated 19th of March 2008, the 2nd Petitioner has complained to the Human
Rights Commission about the assault to the 1st Petitioner by the 1st, 2nd and 3rd
Respondents.
 The Petitioners have averred that the traumatic and brutal acts of the
1st, 2nd and 3rd Respondents have caused a great physical pain and grave
psychological distress and trauma to the 1st Petitioner. As a result of the torturous
acts the 1st Petitioner was unable to attend to his day to day work for more than
three weeks. The Petitioners have complained to this court that the 1st Petitioner
was subjected to torture and to cruel, inhuman and degrading treatments by the 1st,
2nd and 3rd Respondents and the Petitioners’ fundamental rights guaranteed under
Article 12(1) of the Constitution has been infringed by the 1st, 2nd and 3rd
Respondents.
 The 1st to and 3rd Respondents were absent and unrepresented at the
hearing of this case. Journal Entries of the original docket indicates that the Said
Respondents have been represented by a counsel until 21.09.2015. They have been
duly noticed by this court to attend and defend their case.
 The 1st, 2nd and 3rd Respondents have filed their statement of
objections dated 21st July 2008. In the said statement of objections the 1st to 3rd
Respondents have not specifically denied the several allegations levelled against
them in paragraphs 4, 6, 7, 8, 9 and 10 of the petition dated 07.04.2008. They have
merely stated that they are unaware of the said allegations contained in the said
paragraphs. Also, the 1st to 3rd Respondents have neither denied nor answered the
allegations levelled against them in paragraphs 13 to 18 of the said petition.
 It is very important to note that in paragraph 14 of the petition it is
averred that the conduct of the 1st to 3rd Respondents and their failure to afford
equal protection of the law, have resulted in the Petitioner’s rights guaranteed
under Article 12(1) of the Constitution being violated. Also, in paragraph 16 of the
petition it is stated that due to the aforesaid violations the Petitioners have suffered
substantial and grave physical, psychological and financial harm, damage and loss
and therefore the Petitioners entitled to substantial compensation in a sum
determined by court. Since the 1st to 3rd Respondents have not denied and/or
answered to the said allegations levelled against them by the Petitioners the said
allegations will have to be considered on the facts and circumstances pleaded by
the Petitioners.
 The 1st Petitioner had been examined by the JMO and the Medico
Legal Report dated 05.02.2009 has been filed of record. According to the Medico-
Legal Report the 1st Petitioner had been examined by the JMO on 13.03. 2008 and
14.03.2008. The JMO has found 08 non-grievous injuries on the body of the 1st
Petitioner.
 The 1st to 3rd Respondents answering the averments contained in
paragraph 5(viii) of the Petition, in paragraph 7 of their statement of objections has
stated that one M. Tennyson who was in the police cell on 07.03.2008, had seen
the 2nd Petitioner reprimanding the 1st Petitioner and also beating him. Said M.
Tennyson in his affidavit has stated that when he was in the police cell he noticed
bringing a child to the Police Station. On 07.03.2008, at about 07.00 p.m. when the
said child was seated in a plastic chair in front of the police cell, father of the said
child came to the police station and proceeded to the child after obtaining
permission of the Reserve Police Officer and reprimanded the child whilst beating
him on his back and shoulders.
 It is surprising to note that the said Reserve Police Officer has not
made minutes with regard to the said assault took place in the Police Station. With
regard to such an assault the best evidence would have been the said Reserve
Police Officer. But the 1st to 3rd Respondents have failed to adduce such evidence
in defending their case.
 In cases where the fundamental rights have been infringed, a burden
lie on the Petitioner to adduce evidence to the satisfaction of court since the court
will look for a high degree of probability in deciding which of the facts alleged
have been established. That does not mean that an undue burden is placed on a
Petitioner in his mission for access to justice, by court. When Respondents remain
silent on the matters that have to be explained by them, then such conduct of the
Respondents will ease the burden cast on the Petitioner. At such situations, the
court will act on the materials placed before court by the Petitioner.
 Needless to reiterate the duty cast upon the police towards a person
taken in to custody that the Police are not entitled to lay a finger on a person
arrested, even if he is a hardened criminal, unless the suspect resist the arrest or
attempts to escape.
 In view of the custodial relationship between the 1st to 3rd
Respondents and the 1st Petitioner their conduct was high handed and in deliberate
disregard of the 1st Petitioner’s rights. The 1st Petitioner has been severely
assaulted when he was in police custody and his right to the equal protection of law
has been denied by the 1st to 3rd Respondents. Therefore, I hold that the 1st
Petitioner’s fundamental rights guaranteed under Article 12(1) of the Constitution
have been violated by the 1st to 3rd Respondents. Hence the 1st Petitioner is entitled
to compensation for the injuries sustained, hospitalisation and pain suffering and
humiliation suffered by him.
 Accordingly, I make order that the 1st, 2nd and 3rd Respondents shall
pay a sum of Rs. 300,000/= (Rs. 100,000/- per each) as compensation and a sum of
Rs 75,000/= (25,000 per each) as costs to the 1st Petitioner.
 Judge of the Supreme Court
B. P. ALUWIHARE, PC, J.
 I agree.
 Judge of the Supreme Court
K. T. CHITRASIRI, J.
 I agree.
 Judge of the Supreme Court





පොලිස් වධකයින් වෙනුවෙන් රු:- 100,000/-ක වන්දිය ගෙවන ලෙසට වන මානව හිමිකම් කොමිසමේ නිර්දේශය පිළිගන්න පොලිස්පති ශිලාචාර වෙයිද?


බණ්ඩාරගම පොලිසියේ හිටපු ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ආනන්ද, උ.පො.ප. ජයසුන්දර, පො.සැ.53690 මහින්ද, පො.කො.9294, පො.කො.77842, පො.කො.88722, පො.සැ.32748 රනවිර ගොවිතැන් කරමින් ජිවත්වන කරුණාරත්න හා පද්මසිරි ට වධ දෙන්නේ 2013.ජුලි 10වන දිනය. පොලිස් සංස්කෘතිය රැක ගනිමින් දෙදෙනාව පසු දින පොලිස් ඇප මත මුදා හරින්නේ බොරු නඩු දමාය. 
දෙදෙනාම රොහල් ගතව තාමට පොලිසිය වධ දුන්න බව ප‍්‍රකාශ කර සිටින ලදි. රොහලේදි වෛද්‍යවරුන්ට හා රොහල් පොලිසියට තමන්ට පහර දුන් ආකාරය විස්තර කර නිතිමය පියවර ගැනිමට අවශ්‍ය බවද කියා සිටියේය. රෝහලින් පිටවු පසු ජනසංදය හා එක්ව මානව හිමිකම් කොමිසමට, පොලිසිපතිට පැමිණිලි කරන ලදිි. 
මානව හිමිකම් කොමිසම් සභාව විමර්ශණය ආරම්භ කළ අතර එ් සඳහා ජනසංසදයේ නියෝජනය ඔවුන් දෙදෙනාට ලබා දෙමින් බල ගන්වන ලදි. බණ්ඩාරගම පොලිසිය ඔවුන්ට පවරන ලද බොරු නඩුවට ඉදිර්පත් වෙමින් තම නිර්දෝශි භවය සෘජුව ප‍්‍රකාශ කරන ලදි.
ගතවු වසර හතර පුරාම ඔවුන් දෙදෙනා ට නිවි සැනසිල්ලේ ජිවිත්වීමට වධකයින් ඉඩ දුන්නේ නැත. පොලිසියට එරෙහිව කරන ලද පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට හා බොරු චොදනා වලට වැරදි කරු බව පිළිගෙන නඩු ඉවර කරගන්නා ලෙසට වන වධකයින්  ගේ බලපෑම විවිධාකාර විය. එ් සෑම බලපෑමකටම මුහුණ දෙමින් නොසැලි සිටිමට ඔවුන් සමත් විය.
බොරු නඩුව බණ්ඩාරගම සංචාරක උසාවියේ තවමත් පවති. නඩුව දිග්ගස්සන්න උසාවියට නොපැමිණෙන විට නිකුත් කරන වරෙන්තු වලට  පොලිස්කාරයින්ව අත්අංඩුවට ගන්න පොලිසියට බැරිය. 
එම පසුබිම යටතේ 2017 අගොස්තු 01 දාතමින් ශ‍්‍රි ලංකා මානව හමිකම් කොමිසම් සභාව සිය නිර්දේශය කොමසාරිස් වරුන් වන නිතිඥ ගසාල් හුසේන් හා ජනාධිපති නිතිඥ සාලිය පිරිස් මහත්වරුන්ගේ අත්සනින් ප‍්‍රකාශයට පත් කරනු ලැබිය. 
ඉහත පොලිස් නිලධාරින් කරුණාරත්නට හා පද්මසිරිට මොට ආයුධ වලින් පහර දි, 24 පැයකට වඩා වැඩි කාලයක් රඳවාගෙන සිටි බවට සහා අත්අඩංගුවට ගැනිමේදි මෙම නිලධාරින් සිවිල් ඇඳුමින් සිටි බවට නිගමනය කරන ශ‍්‍රි ලංකා මානව හමිකම් කොමිසම් සභාව, එම නිලධාරින් ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11, 13(1) හා 13(2) වගන්ති උල්ලංඝණය කර තිබෙන බවට තිරණය කරයි.
එ් අනුව ශ‍්‍රි ලංකා පොලිසිය කරුණාරත්නට හා පද්මසිරිට වන්දි වශයෙන් එක් අයෙකුට රු:-50,000/- බැගින් ගෙවිය යුතු බව නිර්දේශ කරයි. පොලිස් වධ හිංසා වල වගකිම පොලිස්පති දැරිය යුතුය. ශ‍්‍රි ලංකා මානව හමිකම් කොමිසම් සභාව පොලිස් වධහිංසාව අවම කිරිම සඳහා තැබු ඉදිරි පියවරක් ලෙසට මෙම නිර්දේශය අගය කරමු.
ආණඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන ලද බවට හා අපරාධ වලට වැරදි කරුවන් බවට වන අධිකරණ තින්දු නොසලකා හරිමින් අදාල පොලිස් නිලධාරින් ට එරෙහිව විනය පියවර නොගෙන සේවයේ තබාගෙන සිටිනවා පමණක් නොව සමහරුන්ට උසස්විම් දිම හා එම සේවා ස්ථානවල ම රඳවාගෙන සිටිම මගින් පොලිස්පති හා ජාතික පොලිස් කොමිසම ‘‘දණ්ඩ මුක්තිය’’ ක‍්‍රියාවට නංවා ඇත්තේ ඔවුන් නිතියට යටත් නැති බව ජනතාවට එත්තු ගන්වමින්ය. 
ශ‍්‍රි ලංකා මානව හමිකම් කොමිසම් සභාව, පොලිස් වධකයින් වෙනුවෙන් රු:- 100,000/-ක වන්දියක්  කරුණාරත්න හා පද්මසිරි ට ගෙවන ලෙසට වන නිර්දේශය පිළිගන්න පොලිස්පති ශිලාචාර වෙයිද යන පැනය නගන්නේ එම පසුබිම යටතේය. 
ශ‍්‍රි ලංකා මානව හමිකම් කොමිසම් සභාවේ නිර්දේශය ක‍්‍රියාවට නංවන ලෙසට පොලිස්පතිට, පොලිස් කොමිසමට, නිතිය හා සාමය අමාත්‍යංශයට බලපැම් කරන ලෙසට සිවිල් සමාජයෙන් ඉල්ලා සිටිමු.
අදාල විඩියෝව:- 





Saturday, August 5, 2017

උපතින්ම ආබාධිතයෙකුට රෙදි ගලවා නයිමිරිස් දමා පහර දී පුච්චපු ශ‍්‍රී ලංකා පොලිසිය -


උපතින් ආබාධීතයෙක්. ජන්මයෙන් බෞද්ධයෙක්. දෙමාපියන් දෙන්නා රැුක බලා ගන්නා මොහුට, රෙදි ගලවා, නයි මිරිස් බ්ලෙන්ඩර් කරලා ඇස්වලට දාලා, පොලූවලින් පහරදී, හීටරයකින් පුච්චලා වධ දුන්නේ පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පවත්වාගෙන යන නිල වධකාගරයේ දීය.

පොලිසියේ අපරාධ ගැන විවෘත අධීකරණයේ ප‍්‍රකාශ කිරීමට පලි ගැනීම සඳහා මෙම දස වධදීම කර, පැනඩෝල් කුඩුකර, එවා රත්කර ”කුඩු” කියා උසාවියට ඉදිරිපත් කිරීම පිළිබඳවත්, එයින් ද නතර නොවි පස්සෙන් පන්න පන්නා පළිගැනිමට වෙර දැරිම පිළිබඳවත් උපතින්ම ආබාධීතයකු වූ, ජන්මයෙන් බෞද්ධ, අතු පැලක වෙසෙමින්, හව් හරනක් නැති අම්මා තාත්තා රැුකබලා ගන්නා, 23 හැවිරිදි තරුණයෙකුගේ කතාව, යලි යලිත් ඔප්පු කරන්නේ නීතිය කඩා වැටීමයි. එමෙන්ම බොරදියේ මා`ඵ බාන ඊනියා සිවිල් සංවිධානවල ප්‍රෝඩාවයි.

‘‘සිවිල් සංවිධාන’’ ලෝකෙට කියන්නේ, සු`ඵ ජාතීන්ට පමණක් පීඩා සිදුවන බවයි. මහා ජාතිය මේ වන විට ජාත්‍යන්තරය හමුුවේ සු`ඵ ජාතියක් බවට පත්කර ඇත. එයට නිදසුනකි සංජීව ගේ කතාව.

‘‘  මගේ නම සංජීව පෙරේරා, වයස අවු: 23යි. සිංහල. බුද්දාගමේ. පියාට රැුකියාවක් නැ. මවටද රැුකියාවක් නැ. පවුලේ සහෝදරවරු 02ක් හා සහෝදරියන් 02ක් සිටිති. මා පවුලේ බාලයා වේ. මමත් මව හා පියා සමග ජීවත්වන්නේ. මගේ වැඩිමහල් සොහොයුරා පදිංචි නිවසේ කුස්සියේ. වැස්සට තෙමෙනවා. අව්වට වේලෙනවා. මා කිසි දිනක ඉස්කෝලේ ගියේ නැහැ. මා ඉපදිලා තියෙන්නේ අඩු මාසෙන්. මාස 07 න්. ඉපදී මාස 02කින් ශෛල්‍ය කර්මයකට භාජනය කරලා තමයි, මුත‍්‍රා මාර්ගය හදාලා තිබුනේ. තවමත් මට මුත‍්‍රා අමාරුව තියෙනවා. මුත‍්‍රා කරන්න විනාඩි පහක් හයක් යනවා. සමහර විට විනාඩි දහයක් විතර යනවා. වසරකට හය හත් පාරක් මට ‘රත්තයා’ කියන රෝගය වැළඳෙනවා. මේ අමාරුකම් නිසා ඉස්කෝලේ ගියේම නැහැ. අවුරුදු තුනකට පමණ ඉස්සෙල්ලා යාලූවෙක් එක්ක වෙසක් බලන්න ගිහිල්ලා මට කුඩු බොන්න අරන්න දුන්නා. 

දවසක් මම කුඩු බොන්න සල්ලි අම්මාගෙන් ඉල්ලූවා. මාගේ අක්කා කෙනෙක් පොලිසියට කෝල් කරලා මම කුඩු බොනවා, කඳවුරකට දාන්න කියලා ඉල්ලුවා. පානදුර පොලිසියෙන් ඇවිත් මාව අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්තේ උ.පො.ප.සංජීව කියන නිලධාරියා. මගේ අතේ කුඩු තිබුනේවත්, කුඩු බීලා හිටියේවත් නැහැ. 

මාව පානදුර මුලික රෝහලට ගෙනහිල්ලා ෙදාස්තර මහත්තයෙක් ලඟට දැම්මා. ෙදාස්තර මහත්තයා මගෙන් කිසි දෙයක් ඇහුවේ නැහැ. කිසිම පරීක්ෂණයක් කලේ නැහැ. පොලිසියෙන් දීපු පෝරම කොළ පුරවලා පොලිසියටම දුන්නා. මාව ගෙනහිල්ලා කූඩුවට දාලා පසුවදා පානදුර උසාවියට ඉදිරිපත් කලා. උසාවියේදී කූඩුවට නැංවුවාට පස්සේ, මම අත උස්සලා නඩුකාර තුමාට කිව්වා, මම හෙරොයින් බෙන්නේ නැහැ, පානදුර රෝහලේ ෙදාස්තර මහතා මාව බලන්නේ නැතිව තමයි කොල පිරෙව්වේ, එ් නිසා වෙනත් ෙදාස්තර මහත්තයෙකුට දාන්නා කියා. මට එහෙම කියන්න උප දෙස් දුන්නේ අම්මා.

නඩුකාර තුමා, මාව රිමානඞ් කරලා, වෙනත් ෙදාස්තර මහත්තයෙකුට දාන්න කියලා නියම කලා. මා කලූතර බන්ධනාගාරයට ගෙන ගියා. බන්ධනාගාරයෙන් නාගොඩ මහා රෝහලට ගෙන ගියා. එහිදී මාව වෛද්‍යවරයකු පරීක්ෂා කලා. මගේ ලේ ගත්තා පරීක්ෂණ කරන්න. දවස් අටකට පස්සේ බන්ධනාගාරයෙන් උසාවියට ගෙන ආවා. වෛද්‍ය වාර්තාවේ තිබුනා මගේ ශරීරයේ හොරොයින් නැහැ කියා. මාව එම නඩුවෙන් නිදහස් කලා.

මම කුඩු වලට ඇබ්බැහි වුනේ නැහැ. යාලූවා එක්ක ඉඳලා හිටලා ටිකක් බ්ව්වා. එයත් නතර කරන්න  ඕනැ කියලා තීරණය කරලා, එ් අනුව මම උපදේශක මහතෙකු මගින් උණවටුන කඳවුරට ගිහිල්ලා පුනරුත්තාපනය වුනා. දැන් මම කුඩු බොන්නේ නැහැ. 

මම ගමෙන් පිටවෙලා ගිහින් පේන්ට් වැඩ කරනවා. හැමදාම වගේ පේන්ට් වැඩ තියෙනවා. මම දවසකට රුපියල් 1700/= ක් හොයනවා. මා වැඩට ගිහිල්ලා එනකොට, 2016 සැප්තැම්බර් 15 වන දින, රාත‍්‍රී 11.30 ට විතර මාව අත්අඩංගුවට අරගෙන පානදුර වැල්ලේ පොලිස් අධිකාරී කාර්යාලයේ කාමරයක් තුලට ගෙන ගියා. එහිදී නිරුවත් කරලා, බිම බුදි කෙරෙව්වා. කකුල් දෙකෙන් දෙන්නෙක් අල්ලාගෙන, අත්දෙකෙන් දෙන්නෙක් අල්ලාගෙන, ”ලොකු මහත්තයා” කියන අසංක රාජකරුණා කියන නිලධාරියා, බඩ මැදින් පුටුවක් තියලා වාඩිවෙලා ඇස්වලට මිරිස් ඉස්ම වැක්කෙරුවා. මගේ ඉස්සරහාදිම බ්ලෙන්ඩරයක දාලා නයි මිරිස් කෙටුවේ. එ් කාමරයේ ඇඳක් තිබුනා. බ්ලෙන්ඩරයක්, හීටරයක් තිබුනා. මිරිස් වක්කරලා ඉවරවෙලා පොලූවලින් ගැහුව්වා. හීටරය රත්කරලා අත පිච්චුවා. 

ඊට පස්සේ මාව නාන කාමරයකට ගෙනහිල්ලා නාවලා, බිත්තිය වටේට කොකු අල්ලා තිබුනු කාමරයකට ගෙනහිල්ලා මාංචු දාලා තිබ්බා. පසුවදා උදේ පාන්දර පොලිසියට ගෙනවිත් කුඩු හා සොරකම් නඩු දෙකක් දාලා උසාවි දැම්මා. 

මා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ මහතා මට පහර දුන්න බව උසාවියට කිව්වා. මාව බන්ධනාගාරය මගින් රෝහල් ගත කරන ලෙසට නියම කලා. කලූතර බන්ධනාගාරයෙන් මාව නාගොඩ රෝහලට ගෙන ආවා. මාව පරීක්ෂා කලා. කුඩු මිළිග‍්‍රෑම් 3250 ක් දාලා තිබුනා. රස පරීක්ෂක වාර්තාව අනුව තිබුනේ මිළි ග‍්‍රෑම් සියයක් පමණි. මාගේ ඉස්සරහාදිම තමයි පැනඩෝල් කුඩු කර, හැන්දකට දාලා රත්කළේ. මාස පහකට පස්සේ මට ඇප ලැබුනා. අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් මට වධ දිපු අන්දම හා මා කුඩු කාරයෙක් නොවන බව තහවුරු කරලා තියෙනවා.
මම මේ පොලිස්කාරයො දාපු බොරු නඩු වලට වැරදි කාරයා කියලා උසාවියෙදි පිළි නොගත්තු එකේ පලිය ගන්න තමයි මේ විදිමට වධ දිලා බොරු නඩු දාන්නේ. 

මට රස්සාව කරගෙන අම්මා තාත්තව බලාගෙන ඉන්න දෙන්නේ නැ. මාව මොක්කක් හෝ දේකට අත්අඩංගුවට ගෙන වධ දිලා බොරු නඩුදාන්න තමයි හදන්නේ. අපරාධකාරයෙක් කරන්න තමයි උත්සහ ගන්නේ. 

මම මේ ගැන පොලිස්පතිට පැමිණිලි කලා. මානව හමිකම් කොමිසම් සභාවට කථා කරලා කිව්වා. පැමිණිලි කලා. මට නඩු කියන්න සල්ලි නැහැ.’’



වධකයෙකු වු පො.ප, දමිත පෙරේරා ට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භ කරයි?



මොරටුව පොලිසියේ පොලිස් පරීක්ෂක දමිත පෙරේරා මීට වසර අටකට පෙර, සරත් කුමාර නයිඩොස්ව අත් අඩංගුවට ගෙන, වධ දී, බොරු නඩු දමා, මහා තෘප්තියක් ලබා ගන්නා ලදි.

කුලීවැඩ කරන්නෙකු වන සරත් කුමාර නයිඩොස්,  පොලිස් වධහිංසාවට පත්වූ බොහෝ දෙනා මෙන්, බිය නොවීය. විශේෂයෙන් ඔහුගේ බිරිඳ ශ‍්‍රියාණි තම සැමියා වෙනුවෙන් ඉදිරිපත්ව යුක්තිය ඉටු කර ගැනීමට පෙරමුණ ගත්හ.

පොලිස් පරීක්ෂක දමිත පෙරේරා, සරත් කුමාර නයිඩොස් ට විරුද්ධව දමන ලද බොරු නඩු සියල්ලන්ගෙන්ම ජය ගැනීමට ඔහුට හැකිවිය.

ඔහු පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවෙන් ද ඔහු ජය ගන්නා ලදි. එමගින් රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද ඔහුට හිමි විය. පොලිස් පරීක්ෂක දමිතට රුපියල් ලක්ෂයක මුදලක් පුද්ගලිකව නයිඩොස් වෙත ගෙවීමට සිදු විය. 

මෙම නඩු තීන්දු ප‍්‍රකාරව පො.ප.දමිත පෙරේරා ට විරුද්ධව, විනය පරීක්ෂණයක් කරන ලෙසටත්, වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් නඩු පවරන ලෙසටත් ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින ලදි.

පොලිස් පරීක්ෂක දමිත පෙරේරා එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති බව - සරත් කුමාර නයිඩොස් ට දන්වා, ප‍්‍රකාශ ලබා දීමට පැමිණෙන ලෙසට, දැනුම් දෙමින් පණිවුඩයක් එවා තිබින.

නමුත් එම පණිවුඩයේ- දිනය වේලාව තිබුනත්, ස්ථානය හා හමුවිය යුත්තා කව්රුන් ද යන්න සටහන් කර නොතිබිනි.  මෙය අත් වැරැද්දක් විය නොහැක.

පොලිස් පණිවුඩය.

එ් බව ඔහු පොලිස්පතිට දැනුම් දී, විධිමත් කැඳවීමක් කරන ලෙසටත්, අවම වශයෙන් දින පහකට කලින් දැනම් දීම කරන ලෙසටත් ඉල්ලා තිබේ.

සිය ඉල්ලීම ඔහු විද්‍යුත් තැපැල මගින් ද පොලිස්පති වෙත යොමු කරනු ලැබීය.