Friday, August 30, 2013

විනිසුරෙක්, ආබාධිතයෙකුට පහරදීලා

තම නිලයට නොගැළපෙන හැසිරීම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ චෝදනා ලැබූ විනිසුරුවරයෙකු ආබාධිත පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් අහුංගල්ල ‍පොලීසිය විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
විනිසුරුවරයා විසින් කළා යැයි කියනු ලබන පහරදීමෙන් එම පුද්ගලයා දින තුනක්ම බලපිටිය රෝහ‍ලේ ප්‍රතිකාර ලබා ඇත.
විනිසුරුවරයා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමට කරුණු දක්වා ඉදිරියේ දී ඔහුගෙන්  ප්‍රශ්න කෙරෙන බව උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

 විනිසුරුවරයා විසින් පහර දී ඇත්තේ බලපිටිය මෝදරවත්තේ පදිංචිකරුවෙක් වන මාළු වෙළඳාමේ නිරත එස්.එම්. වසන්ත නමැති තරුණයාටය.
'' මාළු තොග වෙළෙඳාමේ යෙදෙන බෝට්ටු හිටන් තියෙන චමින්ද ගිය 25 වෙනිදා හවස මට කෝල් එකක් දීල ඇහුව කොහේද ඉන්නේ කියල. මම කියුවා ටවුමේ කියල. එතකොට එයා මට කියුවා. නඩුකාර මහත්තයා දැන් එයි. ලොකු පරව් මාළුවෙක් කපල පාර්සල් කරල දෙන්න කියල. ආප්ප දහයකුත් කඩෙන් අරගෙන ඔතල දෙන්න කියලත් කිව්වා. තේ බොනවද කියල අහල තේ ඕනෙනම් අරන් දෙන්න කියලත් කිව්වා...
නඩුකාර මහත්තයා බලපිටිය හංදියට එනකොට රෑ 7.30 ට විතර ඇති, නෝනත් එක්කයි වාහනේ ආවේ. ‍පොලීසියේ මහත්තයෙකුත් හිටියා. මම චමින්දගේ මාළු කඩෙන්  හොඳ පරව් මාළුවෙක් අරගෙන කෑලි වලට කපල ඔතල දුන්නා. ආප්ප දහයකුත් දුන්නා. තේ බොමුද කියල ඇහුවාම නඩුකාර මහත්තයා කෝපි එකක් එයාට ඉල්ලල නෝනට කිරිතේ එකක්  ගේන්න කියුවා. මගේ ඔළුවට ‍පොල් ගෙඩියක් වැටිලා ඔලුවේ කට්ට කොටසක් අයින් කරලයි තියෙන්නේ. කකුලකුයි අතකුයි පණත් නැහැ. මම මට පුළුවන් විදිහට බලපිටියේ සද්ධ අයියගෙ කඩෙන් තේ ගෙනල්ල දුන්නා. එයාල වාහනෙන් බැස්සේ නැහැ.
නෝනගේ තේ එක නඩුකාර මහත්තයා අරගෙනයි නෝනට දුන්නේ. නෝනා උගුරු දෙකක් බිව්වා විතරයි, ඒ උණු තේ කෝප්පෙ එකපාරටම උදුරගෙන මගේ මූණට දමල ගැහුවා. විනිසුරුවරයා විසින් කළ පහරදීම ගැන එස්.එම්. වසන්ත විස්තර කළේ එසේය.
දින තුනක්ම රෝහල්ගතව සිටි ඔහු පෙරේදා (28) දහවල් රෝහලෙන් පිටත්ව අහුංගල්ල ‍පොලීසියට ගොස් මේ කතාව ‍පොලීසියටද පවසා පැමිණිල්ලක්ද කර තිබේ.
'' පැමිණිල්ලෙන් පස්සේ සමාදානවෙන්න කතා කරනවා මම කියුවා වෙච්ච අපහසයටයි. පහරදීමටයි ලක්ෂයක්වත් ඕනෙ කියල''  යැයි ද එස්.එම්. වසන්ත සඳහන් කළේය.
අදාළ විනිසුරුවරයා ‍පොලීසියට පවා පහරදී ඇති අයෙක් බවත් ඔහුගේ ක්‍රියාකලාපය විනිසුරුවරයෙකුට ඔබින්නේ නැති බවත් ‍පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක්  පැවැසීය.

-ලක්බිම

Thursday, August 29, 2013

මාර්ටින් ලූතර් කිංගේ ‍‍‍ඓතිහාසික දේශනයේ පනස් වස් සැමරුම.

මාර්ටින් ලූතර් කිං (1929 - 1968) වූ කලී අමෙරිකානු මහජන අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් සටන් කළ ප්‍රධාන නායකයෙකි. ඔහු බැප්ටිස්ට් දේවගැතිවරයෙකු වූ අතර, එවකට ඔහු වැනි කළු මිනිසුන් හට නායකත්වය ලැබුණේ ඉතා කලාතුරකිනි.

එහෙත්, ඔහු මානව අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සටන් කළේය. මොන්ට්ගොමෙරි බස් බෝයිකොට් සංවිධානය (1956-1957) පිහිටවූ ඔහු, පසුව දකුණු ක්‍රිස්තියානි නායකත්ව සමුළුවට සහභාගි විය. එම සමුළුවේ සභාපතිවරයා විය.

1963 වොෂින්ටන්හිදී ඔහු ‘මට සිහිනයක් ඇත’ (I have a dream) මැයෙන් පැවැත්වූ කතාවෙන් ඔහු මානව අයිතිවාසිකම් පිළිබඳව සාමාන්‍ය ජනයා දැනුවත් කිරීමට සමත් වූයේ ය.

1963 වසරේ අගෝස්තු මස 28 වන දින අමෙරිකාවේ ලින්කන් අනුස්මරණ චතුරශ්‍රයේදී පැවැත්වූ එම දේශනයට සවන් දීම සඳහා රැස්ව සිටි පුද්ගලයින් සංඛ්‍යාව 25000 ඉක්මවීය.

එම දේශනයේදී ඔහු අවධාරණය කළේ, වර්ණ භේද වාදය සහ ජාති වාදය මුළුමනින් ම තුරන් කළ යුතු බව ය.

"සමෙහි වර්ණය මත පදනම් නොවී චරිත ස්වභාවය මත පදනම්ව විනිශ්චය කරන සමාජයක් තුළ මගේ දරුවන් ජීවත් වනු දැකීමට මට සිහිනයක් ඇත" යනුවෙන් ඔහු පැවසුවේ, එම අදහස ය.

1964 ඔහු නොබෙල් ත්‍යාගය දිනාගන්නා ලාබාලතමයා වීමට තරම් භාග්‍යවන්ත වුයේ ය. එම සාම ත්‍යාගය ඔහුට හිමි වූයේ, ජාතිවාදය සහ අනෙකුත් ආකාරවල සමාජ බෙදීම්, නොයෙකුත් සමාජ තර්ජන ගර්ජන මධ්‍යයේ වුව ද විවේචනය කිරීම හේතුවෙනි.

මාර්ටින් ලූතර් කිං උපත ලැබුවේ 1929 ජනවාරි 15 ජෝර්ජියා හි ඇට්ලන්ටාහිදීය. පූජක මාර්ටින් ලූතර් කිං සහ ඇල්බර්ටා විලියම්ස් කිං යන දෙපළගේ පුත්‍රයා ලෙස ඔහු උපත ලැබීය. ඔහුගේ පියාගේ නම මයිකල් කිං වූ අතර, එම නිසාම ඔහුගේ උපන් නම ලෙස භාවිතා කරන ලද්දේ මයිකල් කිං යන්නයි. ඒ 1935 වනතුරුය.

ඔහුගේ පියා විසින් පසුව දෙදෙනාගේම නම් ජර්මානු රෙපරමාදුකරුවෙකු වූ මාර්ටින් ලූතර්ට ගරු කිරීමක් ලෙස වෙනස් කර ගැනීමෙන් පසු, ඔහු මාර්ටින් ලූතර් කිං ලෙස වෙනස් විය. විලි ක්‍රිස්ටින්, ඔහුගේ වැඩිමහලු සොහොයුරිය (1927 සැප්. 11) වූ අතර බාල සොහොයුරා ඇල්පඩ් ඩැනියෙල් (1930 ජුලි 30 – 1969 ජුලි 01) වූයේය.

මාර්ටින් ලූතර් කිං 1939 දී පල්ලියේ ගීතිකා කණ්ඩායම සමඟ Gore with the wind නම් චිත්‍රපටියේ මංගල දර්ශණය දවසේදී ගායනයක් ඉදිරිපත් කළේය. පාසලේ නව වන පන්ති‍ය ද, දොළොස් වන පන්තිය ද මග හරිමින් උසස්වීම් ලද ඔහු වයස අවුරුදු 15දී මෝහවුස් විද්‍යාලයට ඇතුළත් විය. ප්‍රථම කලා උපාධිය අවසන් කළේ සමාජ විද්‍යා විෂය ධාරාවෙනි.

පසුව පෙන්සිල්වේනියාවේ චෙස්ටර්හි ක්‍රෝසර් දේවධර්ම විද්‍යාලයට ඇතුළු වූ ඔහු, දේවධර්ම ශාස්ත්‍රය පිළිබඳ ප්‍රථම උපාධිය දිනා ගත්තේ 1951 දීය. 1951 සැප්තැම්බර් වලදී ඔහු ආචාර්ය උපාධියට සුදානම් වූ අතර, ඒ බොස්ටන් සරසවියේ දීය. ඔහු හැදෑරුවේ ව්‍යවස්ථික දේවධර්ම ශාස්ත්‍රයයි. 1955 ජුනි 5 වන දින ඔහු ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය. අවුරුදු 24 දී ඩෙක්ස්ටර් ඇවෙනිව් බැප්ටිස්ට් පල්ලියේදී (මොන්ටොගොමෙරි, ඇලබාමා) ඔහු දේවගැති තනතුරට පත්විය.

මාර්ටින් ලූතර් කිං 1968 අප්‍රේල් 4 වැනිදා ඝාතනය කරන ලද්දේ, ටෙනෙස්සීහි මෙම්පිස්හිදීය. ඔහුගේ මරණින් පසු ජනාධිපති ජිම් කාටර් විසින් 1977දී ඔහු Presidential Medal of Freedom සම්මානයෙන් පුදනු ලැබීය.

මාර්ටින් ලූතර් කිං ඝාතනය කරන ලද දිනය අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික දිනය වශයෙන් 1986දී සම්මත කරන ලදී. මරණින් පසු ඔහු Congressional Gold Medal සම්මානයෙන් ද පුදනු ලැබීය.

මාර්ටින් ලූතර් කිං අපේක්ෂා කළ වර්ණ භේද වාදයෙන් තොර අමෙරිකාවක් මේ වන නිර්මාණය වී තිබේ. එහි මුදුන් ඵලය වී ඇත්තේ, බරැක් ඔබාමා නමැති කළු ජාතිකයෙකු රටේ ජනාධිපති ධුරයට ද පත්ව සිටීම ය.
 -Srilankamirror.- 

ග්‍රේස් කුමරියේ දරුවන්ට ප්‍රේම කරන්න කෙනෙක් නැද්ද?

කළුතර කලමුල්‍‍ලේ ‍ග්‍රේස් කුමරි ළමා නිවාස‍යේ හැදි වැඩුණු, ‍මේ වන විට තරුණවියට එළඹ සිටින වයස 18 වැඩි විසි‍දෙනකු‍ගෙන් පමණ යුත් පිරිසකට මුහුණ පැමට සිදුව ඇති ‍ඛේදනීය පුවතක් පසුගිය දිනවල අසන්නට ලැබුණි. ‍‍මෙම සිදුවිම පිටුපස අදිසි හස්තයක් ‍ලෙස ක්‍රියාත්මක වන ක‍තෝලික සභාව අසල්වැසියාට ‍‍ප්‍රේම කරන්න යැයි පවසමින් තම ළමා නිවාස‍යේ උපන්දා සිට හැදී වැඩුණු දරුවන්ට සලකා ඇත්‍තේ ඉතාමත් අමානුෂික අන්දමිනි.
මේ තරුණයින් ‍බො‍හෝ ‍දෙ‍නෙක් තමන්‍‍ගේ මව ‍හෝ පියා ‍නොහඳුනති; ඥාති, ‍සොයුරු ‍සොයුරියන් පිළිබඳ ‍නොදනිති. ඔවුන් කුඩා අවධ‍යේ දී ම ‍මෙම ස්ථානයට ‍ගෙනවිත් භාර දී ඇත්‍තේ සිය මව ‍හෝ ඥාතියකු විසිනි. එතැන් සිට ‍මේ දක්වා ඔවුන් හැදි වැඩී ඇත්‍‍තේ ‍මෙම ළමා නිවාස‍යේ ය.
ශ්‍රී ලංකා‍වේ නීතියට අනුව යම් පුද්ගලයකු ‍හෝ කණ්ඩායමක් අනාථ ළමා නිවාසයක් පවත්වා‍ගෙන යන්‍නේ නම් ඒ සඳහා රජ‍යේ ලියාපදිංචි වී අවසර ලබාගත යුතු ය. එ‍හෙත් කළුතර කලමුල්‍ලේ පිහිටි ‍‍‍ග්‍රේස් කුමරි ළමා නිවාසය ‍මෙ‍තෙක් රජ‍යේ ලියාපදිංචි කොට ‍නොමැත. එ‍හෙයින් ඒ සඳහා බලය ලත් නිලධාරින්ට ද ‍මෙම ළමා නිවාසයට එ‍රෙහි ව නීතිමය කටයුතු කිරිමට හැකියාවක් ‍නොමැත.
මෙම ළමා නිවාසය ආරම්භක යුග‍යේ පිරිමි සහ ගැහැනු ‍දෙපාර්ශවය ම හැදී වැඩුණ අතර කල් යා‍මේ දී සියලු ගැහැනු ළමුන් විවිධ ‍හේතුන් මත නිවාස‍යෙන් ‍නෙරපා ඇත. ඇතැම් අය විවාහ වී පිටව ගොස් ඇති අතර තවත් පිරිසක් විවිධ රැකියාවල් ‍සොයා ‍ගොස් ඇත. එ‍‍සේ ගැහැනු පාර්ශවය ඉවත් ‍කොට ඇත්‍‍තේ ළමා නිවාසය වසා දැමී‍මේ පළමු පියවර ‍ලෙසිනි. අනතුරව එළඹ ඇත්‍‍තේ පිරිමි පාර්ශවය ඉවත්කිරිම ය. ‍කෙ‍සේ ‍වෙතත් ‍මෙම ළමා නිවාසය භාරව දිගු කාලයක් ‍සේවය කළ පියතුමා ද ‍මෙ‍සේ ළමුන් පිටත් කර හැරිම පිළිබඳ සිය වි‍රෝධතාව දක්වා ඇති අතර එවිට ක‍තෝලික සභාව එම පියතුමා ‍මෙම ළමා නිවසින් ‍වෙනත් ස්ථානයකට මාරු ‍කොට යවා ඇත.
 අනතුරුව පැමිණි පියතුමා එහි රැඳි සිටි පිරිමි ළමුන් සමඟ නිරන්තර‍යෙන් ගැටුම් අති කර‍ගෙන ඇත. ‍‍ලොවට ම ‍ප්‍රේම කරන්නයි ඉල්ලා සිටින ක‍තෝලික සභාව පළමු‍වෙන් ම ‍මෙම දරුවන්ට පානය සඳහා තිබු ජල සම්බන්ධතාව විසන්ධි කරන අතර ‍දෙවනුව විදුලිය ද විසන්ධි කරනු ලබයි. ඒ පිළිබඳ ව සාකච්ඡා කිරිම සඳහා ඉදිරිපත් වූ තරුණ පිරිසට එ‍රෙහි ව අභූත ‍චෝදනා ඉදිරිපත් කරමින් ‍පොලිසිය හරහා තරුණයන් කිහිප ‍දෙ‍නෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ ද අනතුරු ව එළඹි නඩු දින‍යේ දි ම‍හේස්ත්‍රාත්වරයා ඔවුන් ඇප පිට නිදහස් ‍කොට ඇත.
මේ වන විට ක‍තෝලික සභාව විසින් අදාළ තරුණ පිරිස මහමඟට අද දැමී‍මේ තුච්ඡ, නිහින වැඩපිළි‍වෙළක නිරත ව සිටී. ක‍තෝලික සභාව ‍මේ සඳහා ඉදිරිපත් කරන ‍හේතුව වන්නේ ‘‘දැන් ඔවුන් 18 සම්පූර්ණ වූවන්’’ ය යන නිගමනය යි.
වයස 18 සම්පූර්ණ වුව ද ඔවුන් සමාජය ‍වෙත මුදා හැරිමට තරම් සුදුසු වාතාවරණයක් ‍නොමැත. එ‍සේ මුදා හරින්‍‍නේ නම් ඔවුන්ට ජිවත් විම සඳහා සුදුසු වාතාවරණයක් සකසා තිබිය යුතු ය. එ‍හෙත් ‍මේ කිසිඳු තරුණයකුට එවැනි වටපිටාවක් ‍නොමැති අතර ඔවුන් සමාජ ගත කළ ‍හොත් සිදුවන්‍‍නේ සමාජයට අහිතකර පිරිසක් සමාජ ගතවවීම ය. රජ‍යේ පරිවාස නිවසකින් වුව ද වැඩිවියට පත් දරුවන් මුදාහරින්‍‍නේ ඔවුන්ට ජිවත් විම සඳහා සුදුසු වාතාවරණයක් සකසා දී‍මෙන් අනතුරු ව ය.
 ක‍තෝලික සභාව ‍මේ සැර‍සෙන්නේ ‍මෙම පිරිස පලවා හැර ළමා නිවාසය වසා දමා අදාළ භූමි‍යේ ‍වෙනත් ව්‍යාපාරික ස්ථානයක් ‍ගොඩනැඟීමට ‍හෝ එවන් සුථානයක් සඳහා බදු දිමට බව දැනගන්නට ලැබී ඇත. මීට ‍පෙර ‍මෙම ස්ථානය භාරව කටයුතු කළ පියතුමා ‍මෙම දරුවන් ‍වෙනු‍වෙන් ඉඩම් ‍කොටසක් ‍වෙන් ‍කොට එහි නිවාස තනවා දිමට පවා සැලසුම් ‍කොට ඇත.
එ‍හෙත් ක‍තෝලික සභාව තම අත්ත‍නෝදතික අදහස් ක්‍රියාවට නගමින් අදාළ පියතුමා මාරු කර යවා ඇත. මේ වන විට අදාළ තරුණ පිරිස දැඩි දුෂ්කරතාවයන් මැද්‍දේ එහි ම ‍වෙ‍සෙන අතර ඇතැම් විට ඔවුන්ට මැර තර්ජන ද එල්ලවන බවට ‍තොරතුරැ ලැබි ඇත. එ‍හෙත් බලධාරින් ‍මේ පිළිබඳ ව නෑසු කන් ව සිටිති. නුදුරු දිනක දි ‍මේ තරුනයන්‍‍ගේ ජිවිතවලට යම් කරදරයක් උපද්‍රවයක් සිදු වුව‍හොත් එහි වගකීම අදාළ පල්ලි‍යේ භාරකරු ‍හෝ ක‍තෝලික සභාව විසින් භාරගත යුතුව ඇත. ‍
මේ වන විට ‍මෙම තරුණ පිරි‍සෙන් කිහිප ‍දෙනකුට විරුද්ධව නඩුවක් ද පවතින අතර ඒ සඳහා සාක්ෂි දිමට ඉදිරිපත්වන තරුණයන්ට ද තර්ජන පවතින බව දැනගන්නට ලැබී ඇත.
දැන් පැවසිය යුත්ව ඇත්‍තේ ‘‘අ‍හෝ ‍දෙව් සමිඳාණනි ‍කොහි සිට ‍හෝ පැමිණ ඔබ වන්‍සේ‍ගේ මැර පුත්‍රයන්ගෙන් අප ගලවා‍ගනු නැනව’’ යන්න ය.
මේ දරුවන් ර‍ටේ දරුවන් වන අතර ඔවුන්‍‍ගේ අනාගතය සුරක්ෂිත කිරී‍මේ වගකී‍මෙන් රජයට ද බැහැරවිය නොහැකි ය. එ‍හෙත් ඒ සඳහා මදැහත් විය යුතු බලධාරීන් ද ‍මේ ‍මො‍හො‍තේ පසුවන්‍‍නේ මර නින්‍‍දේ ය. එ‍සේ නම් ඒ දරුවන්‍‍ගේ අනාගතය පිළිබඳ වගකිම භාරදිය යුත්‍තේ කාටද? භාරගන්‍‍නේ කවුරුන්ද යන පැනයට නිශ්චිත විසඳුමක් ලබා දිමට කාලය එළඹ ඇත.

ගාමිණී එදිරිසිංහ.

Tuesday, August 27, 2013

නව ‘නීතිය හා සාමය අමාත්‍යාංශය මිලිටරීකරණය වෙත තවත් පියවරකි .



ජනාධිපතිවරයා යටතේ නීතිය හා සාමය අමාත්‍යාංශයක් ස්ථාපිත කරන බව නිවේදනය කර තිබේ. මේ අමාත්‍යාංශයේ ලේකම් වන්නේ, වාර්තාවන්ට අනුව විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන මේජර් ජනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවාරච්චි ය. මේජර් ජනරාල් මල්ලවාරච්චි    ශ්‍රී ලංකා යුධ හමුදාවේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා ය. පසුව ඔහු ඉන්දුනීසියාවේ සිටි ශ්‍රී ලංකා තානාපති බවට පත්විය. මැලේසියානු ආරක්ෂක අංශවල උදව් ඇතිව එල්ටීටීඊ යේ කුමරන් පද්මනාදන්  හෝටලයකින් පැහැරගෙන ගුවන් තොටුපොළ වෙත ගෙන ඒමේ සිද්ධියේදී ඔහු ප්‍රධාන භූමිකාවක්  ඉටුකළ බව වාර්තා වේ.

මේ අමාත්‍යාංශය පිහිටුවීම උගත් පාඩම් සහ සංහිදියා කොමිසමේ (LLRC) නිර්දේශයක් අනුව සිදුකරන්නේ ය යන බොරු හේතුව මත සාධාරණීකරණය කර තිබුණද මෙයින් නිසැක ලෙසම පෙනී යන්නේ මිලිටරීකරණය හෙවත් හමුදාකරණය වෙත ළං වන තවත් පියවරකි.

LLRC නිර්දේශ සිදුකරන්නේ නීතියේ ආධිපත්‍යයේ රාමුව තුළ සිටය. නීතියේ ආධිපත්‍යය යටතේ නීතිය හා සාමය මගින් සරල ලෙසම අදහස් කරන්නේ නීතියේ ප්‍රධානත්වය හෝ ආධිපත්‍යය ස්ථාපිත කිරීමයි. තවද සිවිල් පොලීසිය, අභිචෝදක වශයෙන්  ස්වාධීන නීතිපති දෙපාර්තමේන්තුවක් සහ ස්වාධීන අධිකරණයක් යන නීත්‍යානුකූල අධිකාරීන් හරහා නීතිය බලාත්මක කිරීමයි. නීතියේ ආධිපත්‍යය යටතේ හමුදාව සිටිය යුත්තේ බැරැක්ක තුළ ය. රට ට තර්ජනයක් ඇති විට පමණක් ඔවුන්ව සේවය සදහා කැදවේ. කෙසේ වෙතත් දැන් ශ්‍රී ලංකාවේ සිදුවන්නේ නීතිය හා සාමය පවත්වාගෙන යාමේ බොරු හේතුව දක්වමින් හමුදාව පෙරමුණට ගැනීමයි.
වැලිවේරියේදී පිරිසිදු ජලය ඉල්ලීම පමණක් කළ ගම්වැසියන්ගේ සාමකාමී උද්ඝෝෂණයකට හමුදාව මැදිහත් වුණේ කෙසේදැයි රටම දුටුවේය. සොල්දාදුවන් ලෙස ක්‍රියාකළ ස්නයිපර් තුවක්කුකරු‍වෝ අසරණ ජනතාව වෙඩිතබා ඝාතනය කළහ. සෙසු සොල්දාදුවෝ පල්ලි වත්තට පවා ඇතුළු වූහ. දේවස්ථානයේ රැකවල් ලබමින් සිටි ජනතාවට තාඩන පීඩන කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස පල්ලි වත්තේදී එක් අයෙක් මිය ගිය අතර පුද්ගලයන් ගණනාවක් තුවාළ ලැබූහ. ඝාතනය කළ තවත් දෙදෙනෙක් විරෝධතාව සමග කිසිදු සම්බන්ධතාවක් නොතිබූ වයස අවුරුදු දහ‍සයේ සහ දහඅටේ පසුවූ යොවුන් දරුවන් ය. මේ ගැන පරීක්ෂණය පැවැත්වීමට නියම වුණේ ද හමුදාවට ම ය. හමුදා පරීක්ෂණය මෙහෙයවන නිලධාරියා යුධ අපරාධ සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අන්තර්ජාතික වශයෙන් සැක කරන්නෙකි.

මේ තත්වය යටතේ පුරවැසියා‍ගේ සිවිල් නිදහස සහ රටේ නීතියේ අනාගතය පිළිබද සැලකිලිමත් වන්නන් ‘නීතිය හා සාමය’ යන්නේ අඹරවා පටලවා තිබෙන තේරුම බරපතළ ලෙස අධ්‍යයනය කළ යුතුය. මේ ගැටලුව සම්බන්ධයෙන් සිදුකළ බරපතළ අධ්‍යයනයන් තිබේ. උදාහරණයක් වශයෙන්, රට හමුදාකරණය කිරීම උදෙසා ‘නීතිය හා සාමය’ යන යෙදුම ‍භාවිතා කළ එක් රටක් වූයේ, ජනරාල් නී වින් ගේ හමුදා ඒකාධිකාර පැවති සමයේ  මියැන්මාරය (බුරුමය) යි. 1962 සිට 1988 දක්වා වූ ඔහුගේ පාලන කාලයේදී ‘නීතිය හා සාමය’ යන්න, මියැන්මාරයේ බ්‍රිතාන්‍ය යටත‍්විජිත පාලනයක් පවතින විට ස්ථාපිත කර තිබූ මූලික නෛතික ව්‍යූහය නොරැකීම පිණිස වන සටන් පාඨය බවට පත්විය. ‍මෙහිදී  ඉතා ස්වභාවික ලෙසම, හමුදාමය ආයතන ද ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් විසින් මෙහෙයවනු ලැබීය. එය ඊනියා අධිකරණවලට හමුදාවෙන් විනිසුරුවරුන් පත්කිරීම දක්වාම දුරදිග ගියේය. අද මියැන්මාරයේ සිටින අගවිනිසුරු පවා හිටපු හමුදා නිලධාරියෙකි.

ඔස්ට්‍රේලියා ජාතික විශ්ව විද්‍යාලයේ (Australian National University (ANU)) ආචාර්ය නික් චීස්මන් විසින් ‘The politics of law and order in Myanmar’ (‘මියැන්මාරයේ නීති‍ය හා සාමයේ දේශපාලනය’ ) යනුවෙන් මේ පිළිබද අධ්‍යයනයක් සිදුකර ඇත. මේ අධ්‍යයනයේදී, ‘නීතිය හා සාමය’ යන යෙදුම, නීතියෙන් ‘සාමය’ යැයි කියන දෙය විප්පයෝග කිරීමට හෙවත් වෙන් කිරීමට පාවිච්චි කරන ආකාරය ඔහු විසින් දක්වා ඇත. මේ ක්‍රියාවලිය මගින් ආණ්ඩුවේ නියෝග ‘නීතිය’ යන තත්වය අත්පත් කර ගනියි. නීතියේ ආධිපත්‍යය පවතින ක්‍රමයක් තුළ නීති සාදන්නේ පාර්ලිමේන්තුවක් හරහා වන අතර එය නීත්‍යානුකූල බව ලබාගැනීමට නම් නීතිය මගින් නියම කළ උපමානයන් අනුගමනය කළ යුතුය. එපමණක් නොව නීතියේ ආධිපත්‍යය පවතින තත්වයක් තුළදී නීතිය අවසාන වශයෙන් අධිකරණයේ අර්ථනිරූපණයට බදුන් වේ. කෙසේ නමුත් හමුදාමය සන්දර්භයක් තුළ පවතින නීතිය හා සාමයක් යටතේදී ආණ්ඩුවේ නියෝගවලට අධිකරණය ද ඇතුළුව ‍සැවොම හිස නැමිය යුතුය. මෙහිදී අධිකරණ ද හමුදා නියෝග ක්‍රියාත්මක කරන හුදු උපකරණ පමණක් බවට පත්වන ආකාරය ආචාර්ය චීස්මන් විසින් විදහා දක්වයි.

දැන්, LLRC නිර්දේශ ක්‍රියාවට නංවන බවට බොරු හේතුව ඉදිරිපත් කරමින් හමුදාකරණය තවදුරටත්- නොනැවතී සිදුවෙයි. සමහරවිට, ‘නීතිය හා සාමය’ යන යෙදුම යො‍දාගෙන ඇත්තේ LLRC නි‍ර්දේශයක් ක්‍රියාවට නංවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරයේදී  ආචාර්ය නවී පිල්ලේ (එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්)ගේ සිතට කාවැද්දවීමේ අදහසින් විය හැකිය. මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාවට පැමිණෙන වැදගත් අවස්ථාව ද හමුදාකරණය නීත්‍යානුකූල කිරීම සදහා යොදාගැනීම, රට යන අත පෙන්වන ලකුණකි.

ආසියානු මානව හිමිකම් කොමිස‍මෙන් ප්‍රකාශයක්
Read this Statement online

ජාඩියට මූඩිය - එක වල්ලේ පොල් රාජපක්ෂ හා බෙලෝරුසියා ඇලෙක්සැන්ඩර් හමුව.


එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් පිලිබ විශේෂ නියෝජිත  පිල්ලේ මහත්මිය  මෙරටට එන විට, ජනාධිපති රාජපක්ෂ  බෙලෝරුසියාවට  ගියේය.

ශ්‍රී ලාංකිකයින් අතර බහුතරය බෙලෝරුසියාවක් ගැන ඇහුවාමය. මේ රට ගැන  දැනගෙන හිටියේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පැරැන්නන් පමණක්ය. ඒ සෝවියට් සමූහාණ්ඩුවේ රටක්ව පැවති නිසාය.

සෝවියට් සමූහාණ්ඩුව රටක්ව බි වැටීමෙන් පසුව බිහිවූ පැවති බෙලෝරුසියාව රාජ්‍යයේ ප්‍රථම ජනාධිපති වුනේ ඇලෙක්සැන්ඩර් ලුකසෙන්කෝය.

සියලු ආයතන බලය තමා යටතට ගත් මොහු නිදහස් අදහස් ප්‍රකාශනය, මාධ‍‍ය නිදහස, සාමකාමී රැස්වීම්, ආගම ඇදහීම පවා දැඩිව සීමා කරමින්, ඒකාධිපති පාලනයක් රටතුල දියත් කළේය.

තව නට්සිවාදියෙකු වන මොහු, එරට පාලනය කරන්නේ, මරා දැමීම්, පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, බොරු චෝදනා නැගීම් හා වධහිංසා කරමින් එරට අධිකරණය රූකඩයක් බවට පත්කරමින්ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අනුව, යුරෝපයේ මානව හිමිකම් කඩ කරන රටවල් අතරින් පළමු තැන ගෙන සිටින බෙලෝරුසියාව, ඇමරිකාවේ හා යුරෝපා සංවිධානයේ සම්භාධක රැසකට යටත්වූ රටකි.

ශ්‍රී ලංකාව රාජපක්ෂ පාලනය සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නේ මානව හිමිකම් උල්ලංඝණය කරන දුෂිත රාජ්‍යය නායකයින් සමගය.

මෙම සම්බන්ධය ජාඩියට මූඩිය හා එකවල්ලේ පොල්  යන ජන කියමන සනාථ කරයි.

Sunday, August 25, 2013

උසස් අධ්‍යාපනය කන්‍යාවන්ට පමණක් විය යුතුලු - ඉස්ලාම් අන්තවාදින්ගෙන් යෝජනාවක්

උසස් අධ්‍යාපන සිසුවියන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කළ යුතු බවට වන යෝජනාවක් ඉන්දුනීසියාවේ අධ්‍යාපන ලොක්කෙකු විසින් ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ දකුණු සුමාත්‍රාවේ අධ්‍යාපන නිලධාරියෙකු වන මොහොමඩ් රසීඩ් විසිනි.

මුස්ලිම්වරුන් බහුතරයක් සිටින ඉන්දුනීසියාවේ ඉස්ලාමීය අන්තවාදීන් විසින්, එරට ස්ත්‍රීන් පීඩාවට පත් කරන්නේ කොරානය උපුටා දක්වමින්ය.

කෙසේ වෙතත් මෙම, දූෂ්ඨ යෝජනාව එරට අධයාපන ඇමතිවරයා මුළුමණින්ම ප‍්‍රතික්ෂේප කර ඇත.  කාන්තා අයිතීන් පිළිබ සංවිධාන වල දැඩි විරෝධයට හා පිළිකුලට ලක්ව තිබේ.

එහෙත් එරට මුස්ලිම් අන්තවාදීන් සදාචාරය හා ආගමික ඉගැන්වීම් උපුටටා දක්වමින්, ඉස්ලාම් නීතිය ගෙන ඒමට උත්සාහ ගනිති.

MADRAS CAFÉ තමිල්නාඩුවේ තිරගත කිරීම අත් හිටවයි.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණය හා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනය පසුබිම් කර ගත් මැඩ්ඩ්‍රාස් කැ‍‍පේ චිත්‍රපටය, තමිල්නාඩුවේ ප්‍රදර්ශනය තහනම් කිරීමට, තමිල්නාඩු

එල්.ටී.ටී. ඊ.  හිතවාදී පක්ෂ ගත් උත්සාහය සාර්ථක වි තිෙබ්.තමිල්නාඩුව හැර ඉන්දියාව පුරා ප්‍රදර්ශනය වන මෙම චිත්‍රපටය, බැලිය යුතු චිත්‍රපටයක් ලෙසට හින්දුස්ථාන් ටෛයිම්ස් පුවත්පත හුන්වාදී තිබේ.

මෙයට පෙර, විශ්වරූපම් ප්‍රදර්ශනයට තමිල්නාඩු මුස්ලිම් අන්තවාදී පක්ෂ විරුද්ධ වූවා සේම, මැඩ්ඩ්‍රාස් කැ‍‍පේ වලට විරුද්ධ වූයේ දෙමළ ජාතිවාදී පක්ෂ බව ප්‍රකාශ වේ.

රහස් පරීක්ෂකවරයෙකු වන (ජෝන් ඒබ්‍රහම්) හා මාධ්‍යෙව්දිනියක් (නාර්ගීස් ක්රි) වටා ගෙතුනු කතාවකි.

තොරණ අබියස පොලිස් “රාළහාමි”කණ සපා කනවා සංවිධායකයින්ට පෙනුනේ නැතිලු!!

පසුගිය ඇසල පෝයට, ඕපාත “ ‍‍‍බොදුවෝ ” පිරිසක් තොරණ ඉදි කළේය.දින 07 ක් පුරා පැවති ‍තොරණ දිනපතා විවෘත විය. තොරණ අභියස ඉදිකර තිබූ පහන් වැටේ -  මැටි පහන් සියයක් විය. ආරාධිතයෝ පහනක් දල්වා, රු 1000/= ක්, පරිත්‍යාග කර නම ලව්ඩ්ස් පීකරයෙන් විරිදුවෙන්  නම කියවාගෙන නිවන් සුව පතාගත්තේය.
 රියදුරකු වූ ගාමිනී හතරසිංහ මහතා ආරාධිතයෙකි. ඔහු 29 වන දින විවෘත කිරීමට ගියේ පහනක් දල්වා රු: 1000/= ක් දී පින් ලබාගෙන, එය ඔපාත ජනතාවට විරිදුවෙන් දැන්වීමටය.

නමුත් මහත් අකරතැබ්බයකට මුහුණපානන්ට සිදු විය. තොරණ සංවිධායකයෙකු වූ පො.කො. 66053 අබේසේකර, ගාමිණීට පහර දී කණ සපා කෑවේ පිස්සු බලු රෝගය වැලඳී නොව ඔහුගේ පියාගේ උසි ගැන්වීමටය.

තොරණ සංවිධායකයින් ඇතුලු සිය ගණනක් ඉදිරියේ මේ අපරාධය සිදු විය.

ඔහුගේ කණ සැත්කමකට භාජනය කළේ කරාපිටිය ශීක්ෂණ මහ රෝහලේදීය.
පොලීසිය පැමිණිල්ලට පියවරක් ගන්නේ නැත. පොලිස්පතිට දෙවරක් ෆැක්ස් මගින් දැනුම් දුන්නේය. වැඩක් වුනේ නැත.

දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පතිට කළ පැමිණිල්ලට, හිනිදුම පොලීසියට කැඳවුවත් -  පියවරක් ගත්තේ නැත.

ඒ අපරාධය කළ තැනැත්තා පොලිස්කාරයෙකු නිසාය. මෙම අපරාධය මේ දක්වාම මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර නොමැත.

එයට වඩා වැදගත් වන්නේ සිද්ධිය ඇසින් දුටු තොරණ සංවිධායකවරුන් කියන්නේ එවන් සිද්ධියක් තමන් නොදුටු බවයි. නොඇසුනු බවයි. මේ බණ අහන, බණ කියන  බුදු දහම විකුණාගෙන අනුභව කරන ප්‍රදර්ශණ බෞද්ධයින් ගේ හැටි බව ගාමීණිට වැටහුනේය.


Wednesday, August 21, 2013

“ග්‍රේස් කුමරි” - තරුණයින්ගේ ඡන්ද අයිතියටත් කෙළී

කළුතර කලමුල්ලේ, “ග්‍රේස් කුමරි”  ළමා නිවාසයේ උපන්දා සිට හැදී වැඩුනු දහඅටට වැඩි තරුණයින් විස්සකට අධික පිරිසකගේ නම්, 2013 ඡන්ද නාම ලේඛණය සංශෝධනය කිරීමේ ලේඛන වලට ඇතුලත් කර නොමැතිලු.
මේ වන විට කතෝලික සභාව මෙම තරුණයින් පන්නා දැමීමේ දැඩි උත්සාහයක නිරතව ඇත.
මෙම නිවසේ විදුලිය විසන්ධි කිරීම, පයාගල පොලිස් ස්ථානය හා එක්ව බොරු නඩු පැවරීම මේ වන විටත් සිදු කර තිබේ.
අනවසරයෙන් පදිංචි වී සිටින -   “සක්කිලි”  පිරිසක් ලෙසට හඳුන්වමින්, මෙම තරුණයින් පන්නා දැමීමේ කුමන්ත්‍රණයේ එක් පියවරක් ලෙසට, දහඅටට වැඩි පිරිසකගේ නම්, සැලසුම් සහගතව ඡන්ද නාම ලේඛන සංශෝධනය කිරීමේ ලේඛන වලට ඇතුලත් කිරිම වළක්වා ඇති බව මෙම තරුණයින් කියා සිටි.
මේ පිළිබඳව දැඩි කණස්සල්ලට   පත්ව සිටින මෙම තරුණ පිරිස “අසල්වැසියන්ට ප්‍රේම කිරීමට ” දෙසන  සභාවේ නියම ස්වරූපය මෙයින් පැහැදිලි වන්නේ යැයි කියති.

ගිහිල්ලා ප්ලාස්ටික් සැත්කමක් කරගන්න. ඔවදන! ස්ථානාධිපති - උතුරු කළුතර පොලීසිය.

ඇය විසි අට හැවිරිදි, ආබාධිත තරුණියකි.පදිංචිය-කඵතර උතුර, මාදංවත්ත, වස්කඩුව.  සුජිත් ප්‍රියන්ත නැමැත්තා, ඇයව විවාහ කරගන්නා බවට පොරොන්දු වෙමින්, දූෂණය කර, පලා යන ලදි.

මේ පිළිබදව, ඇය 2013.08.02 දින, කඵතර උතුර පොලිසියට පැමිණිල්ලක් කරන්නේය.මැයගේ පැමිණිල්ල බාරගැනීම ප්‍රතික්ෂේප කල ස්ථානාධිපතිවරයා ගිහිල්ලා ප්ලාස්ටික් සැත්කමක් කරගන්නැයි උපදෙස් දුන්නේය.

මේ ආකාරයට පොලිස් ස්ථානාධිපති ක්‍රියාකර ඇත්තේ, තමාව දූෂණය කල බවට නම් කරනු ලබන සුජිත් ප්‍රියන්ත යන අය, රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රාදේශීය සභ මංත්‍රීවරයෙකුගේ කිට්ටු හිතවෙතකු නිසා බව - ඇගේ පවුලේ උදවිය කියා සිටී.

මේ පිළිබව ලිඛිත පැමිණිලි කිරිමෙන් පසුව ඇය ගේ ප්‍රකාශය සටහන කරගෙන රෝහල් ගත කිරිමට පියවර ගත් ස්ථානාධිපති ‘‘ප්ලාස්ටික් සැත්තමක්  සැත්කමක් කර ගන්න යයි කිව්වේ විහිලුවට බවද කියා සිටි.

නීතිය මත පාලනය ගොඩනැ`ගීමට කඩතුරා බි`ද හෙළමු

ශ‍්‍රි ලංකාවේ ¥ෂිත ම ආයතනය කුමක්දැයි ලක්වැසියකුගෙන් විමසුව හොත් නිසැක ව ම ලැබෙන පිළිතුර නම්, ‘‘පොලිසිය’’ යන්න යි. මෙම පිළිතුර කෙතරම් නීරස වුව ද සත්‍යය එය නම්...?මේ පිළිතුර සපයන කවර හෝ පුද්ගලයකු වේ නම් ඔහු එය පවසන්නේ තමන් ලද අත්දැකීමකින් නොවන්නට පිළිවන. ඇතැම් විට තම ඥාති මිත‍්‍රාදියෙක්, හිතවතෙක්, අසල්වැසියෙක් ලද අත්දැකීමක් මත පවසනවා විය හැකි ය. කෙසේ වුව ද පොලීසියට මතු නොව නීතිය හොබවන කුමන පුද්ගයකු හෝ ආයතනයක් පිළිබ`ද පූර්ණ විශ්වාසයක් ලාංකීය ජනතාව තුළ තහවුරු වී නොමැත. එය හේතු කොට ගෙන යම් පුද්ගලයකු අත්අඩංගුවට පත් වූ වහාම කළ යුතු නීතිමය කටයුතු පසෙක ලා අදාළ පුද්ගලයාගේ පාර්ශවය වෙහෙසෙන්නේ තම හිතවත් දේශපානඥයකු හෝ නීතිය හොබවන තවත් උසස් නිලධාරියකුගේ පිහිට පැතීමට ය. මේ වන විට මෙම ක‍්‍රියාදාමය නීතිය හෝ රීතිය බවට පත් ව ඇත්තේ ස්වයංක‍්‍රීයව ම ය.

එහෙත් නිදහස් මිනිසුන් ලෙස ජීවත් වන අප මෙම ක‍්‍රියාදාමයෙහි තව දුරටත් ගැලී සිටින්නේ ද? එසේත් නැත්නම් එම කඩතුරා බි`ද හෙළා ‘‘සැබෑ නීතිය’’ කුමක් ද යන්න විමසා බලා, වටහාගෙන ඒ අනුව කටයුතු කරන්නට අධිටන් කරගන්නේ ද?ක්‍ෂණික ව ම මෙම තීන්දුවට එක`ග වන්නට ඔබ කිසිවකුත් අසමත් බව අපි පිළිගනිමු. මන් ද මෙවන් තත්ත්වයන්හි ආරම්භය පැනනෙ`ගන්නේ පවුල තුළින් බැවිණි. තම පවුලේ අධිපතියා ලෙස සැලකෙණ පියා, ලොකු අයියා හෝ ලොකු මල්ලීගේ (මෙය වඩාත් බලපාන්නේ පවුලේ වැමහල් අය කාන්තාවන් වූ අවස්ථාවන්හි දී ය.* අණසකට යටත්වන පුද්ගලයා කුඩා කල සිට පන්ති නායකයා, ශිෂ්‍ය නායකයා, පාසල් ගුරුවරයා, විදුහල්පතිවරයා ආදීන්ට යටහත් පහත් වන්නේ ය. අනතුරුව එය දක්නට ලැබෙන්නේ ග‍්‍රාම නිලධාරියා අබියස  ය. එහි ම දිගුවක් ලෙස මෙම බියසුලූ භාවය පොලිසියේ සිට අධිකරණ පද්ධතිය දක්වා විහිද යයි.

නිදහස්් ජනතාවක් වන අප, අපට හිමි අයිතිවාසිකම් හෝ අප වෙනුවෙන් නිතිය ක‍්‍රියාත්මක කිරිමට බැ`දී සිටින ආයතන සහ පුද්ගලයන් අප වෙනුවෙන් ඉටු කළ යුතු වගකිම් කොටස කුමනාකාරද යන්න පිළිබ`ද ව නො දැනුවත් ය. නිතිය හොබවන්නන් ඉදිරියේ නිවටයන් බවට පත්වන්නට සිදුව ඇත්තේ එබැවිණි. එහෙත් ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රකාර ව අප සැම සියලූ දෙනා වෙත ම ඇති මානව හිමිකම් පිළිබ`ද අප දැනුවත් විය යුතු ය. මේ ස`දහා රජයේ හෝ අදාළ ආයතනයන්හ නිසි වැඩපිළිවෙළක් නොමැත. මන් ද ඒ හරහා ජනතාව දනුවත් වුවහොත් අවාසිය වන්නේ අදාළ ආයතනයන්හි බලධාරින්ට ම ය. එසේ නම් අප කළ යුත්තේ අප සතු සියලූ අයිතිවාසිකම් පිළිබ`ද දැනුවත් වීම ය. මෙම කරුණ අරභයා ජනතාව දැනුවත් කරනු වස්, පානදුර ‘‘ජනසංසදය’’ ආයතනය මගින් ‘‘ නීතිය මත පාලනය ගොඩනැ`ගීමට කතුරා බි`ද හෙළමු’’ නමින් අගනා කෘතියක් සම්පාදනය කොට ඇත. නිවසේ සිට අධිකරණ පද්ධතිය දක්වා ආයතනයන් වෙතින් මහජනයා වෙත ඉටු කළ යුතු වගකිම් සහ මහජනයා එම වගකිම් ඉටුකරවා ගැනිම ස`දහා කළ යුත්තේ කුමක් ද යන්න පිළිබ`ද සියලූ තොරතුරු මෙහි අන්තර්ගත් ව ඇත. මෙය පරිශිලනය කිරිම තුළින් අප මෙතෙක් ස්වකැමැත්තෙන් ම වසා සිටි දෑස් නිරාවරණය කරන්නටත්, මෙතෙක් අක‍්‍රිය කොට තිබු මනස මෙහෙයවන්නටත් ඒ අනුව: මහජනතාවගේ බදු මුදලින් යැපෙන, නීතිය හොබවන ආයතනයන්හි සේවයේ නියුතු වූවන්ගේ අසාධාරණ ක‍්‍රියාදාමයන් සහ මහජනයා වශයෙන් ඊට එරෙහි ව අප කළ යුත්තේ කුමක් ද යන්න පිළිබ`ද ව උදාහරණ සහිතව දක්වා ඇත. මෙවන් විෂයයක් සම්බන්ධයෙන් ලංකාවේ මෙතෙක් පළ වු ප‍්‍රථම ග‍්‍රන්ථය මෙය වනවාට කිසි`දු සැකයක් නොමැත. 

නිදහස් ජනතාවනි,
අප අපට හිමි අයිතිවාසිකම් කොතෙක් නම් නොදැන සිටින්නේ ද සහ අපගේ බදු මදලින් නඩත්තුවන ආයතන සහ ඒවායේ නිලධාරීන් වෙතින් අප වෙත ඉටු කළ යුතු වගකිම් සහ යුතුකම් කොතෙක් නම් පැහැර හැර ඇද්ද යන්න පිළිබ`ද අවබෝධ කර ගන්නත මින් මතු එවන් තත්ත්වයන් මතු නොවන්නට වගබලාන්න ‘‘ නීතිය මත පාලනය ගොඩනැ`ගීමට කතුරා බි`ද හෙළමු’’ කෘතිය කියවන්නත වටහා ගන්නත ක‍්‍රියාත්මක වන්න.    

Sunday, August 18, 2013

Germany to become first European state to allow ‘third gender’ birth certificates.

German parents will no longer be legally obliged to register their newborn child as male or female, and will instead be officially allowed to assign the baby a “third gender” if the sex cannot be clearly identified at birth.
The new law will come into force on November 1, on the back of a constitutional court decision which states that as long as a person “deeply feels”that they belong to a certain gender, they have a personal right to choose how they legally identify themselves.
Parents of newborn infants will be allowed to leave the gender form on the child’s birth certificate completely blank if it is born with unusual physical characteristics making it impossible to determine the gender.
The new law will apply to intersexuals, also known as hermaphrodites, rather than transsexuals. Hermaphrodites are people in possession of both female and male physical characteristics.
Justice Minister Sabine Leuthheusser-Schnarrenberger said the decision will have deep repercussions and will require “comprehensive reform” of all documents issued by the state. Adult passports currently require people to state their gender, partly to avoid potential problems when traveling abroad.
The ‘third gender’ designation will also have an effect on marriage laws. As of now, only men and women are allowed to legally marry in the country. Homosexual couples can enter into a civil partnership, and no provisions are made for unions between other genders.
Germany is the first European country to implement such legislation, although Australians have allowed citizens to mark their gender on a passport as X since 2011. New Zealand followed suit last year. Activists in both countries say the legislation has helped curb discrimination against transsexuals and those of indeterminate gender, whether they have had gender reassignment surgery or not.
Silvan Agius, policy director at human rights organisation ILGA Europe - the European branch of the International Lesbian, Gay, Bisexual, Trans and Intersex Association - told Spiegel newspaper that the decision will push the rest of the EU to do the same.

"Germany's move will put more pressure on Brussels," Agius said. "That can only be a good thing."

වයස 95ක කාන්තාවක් දූෂණයට වුරුද්ධවූ ගම්වාසීන්ව පොලීසිය වීඩියෝ තිබුණා.

මීට දින 6කට පමණ පෙර මහව රිදී බැඳි ඇල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 95ක කාන්තාවක් දූෂණය කර තිබුනා.

ඒ ආයුධ සන්නද්ධව පැමිණි ප්‍රදේශයේ වැලි ලොරි වලින් කප්පම් ගන්නා පුද්ගලයෙක් විසිනි.

පැමිණිල්ල සිදු කර දින 6ක් ගතවූවත් පොලීසිය ඔහුව අත් අඩංගුවට නොගත් නිසා මහව රිදී බැඳි ඇල්ල ප්‍රදේශවාසීන් අද (17) උදෑසන විරෝධතාවයක් පැවැත්වුවා.


ඒ පාදෙනිය සිට අනුරාධපුරය දක්වා ඇල්ල හරහා දිවෙන මාර්ගය අවහිර කරමින්.

එතැනට පැමිණි මහව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් තම නිළධාරියෙකුට ගම්වාසීන්ව වීඩියෝගත කරන්නැයි උපදෙස් දී තිබු අතර කොස්තාපල්වරයෙකු විසින් තම ජංගම දුරකථනයෙන් ගම්වාසීන්ව වීඩියෝ කර තිබුණා.

එහිදී පොලීසිය පැවසුවෙ සැකකරු සිටිනා ස්ථානය දන්වන්නේ නම් ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලීසියට හැකි බවයි.

ගම්වාසීන් විසින් පොලීසියට චෝදනා කළේ "පොලීසිය ඇවිල්ලා හොඳට කාලා බීලා යනවා. අරක්කු බෝතලේටයි සිගරට් එකටයි තමා ඒ ගොල්ලෝ වැඩ කරන්නේ. අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා මූට දඬුවම් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා." යනුවෙනි


 


BY- 33000.lk

Saturday, August 17, 2013

Cola the cause for aggression in children: study

Heavy soft drink consumption is associated with aggression, attention problems and withdrawal behaviour in young children, a new study has found.

The study by researchers at Columbia University's Mailman School of Public Health, University of Vermont, and Harvard School of Public
Health assessed approximately 3,000 five-year-old children.
The kids were enrolled in the Fragile Families and Child Wellbeing Study, a prospective birth cohort that follows mother-child pairs from 20 large US cities.
Mothers reported their child's soft drink consumption and completed the Child Behaviour Checklist based on their child's behaviour during the previous two months.
The researchers found that 43% of the children consumed at least one serving of soft drinks per day, and 4% consumed four or more.
Aggression, withdrawal, and attention problems were associated with soda consumption. Even after adjusting for socio-demographic factors, maternal depression, intimate partner violence and paternal incarceration, soft drink consumption was linked to increased aggressive behaviour.
Children who drank four or more soft drinks per day were more than twice as likely to destroy things belonging to others, get into fights and physically attack people.
They also had increased attention problems and withdrawal behaviour compared with those who did not consume soft drinks.
While this study could not identify the exact nature of association between soft drink consumption and problem behaviours, limiting or eliminating a child's soft drink consumption may reduce behavioural problems, researchers said.

Friday, August 16, 2013

මතුගම පොලීසිය බලාගෙන ඉන්නේ ජීවිතයක් නැති වෙනකන්ද?

දෙදහස් හයේ සිදු කළ අපරාධයකට මේ දක්වාම මතුගම පොලීසිය නඩු දමා නැහැ. පොලීසි ගිහිල්ලා උඹ මගේ පු ..... ඇරියද” අපරාධ සැකකරු ප්‍රසිද්ධියේ පැමිණිලිකාරියා‍ෙගන් අසනනවාලු.

තම නිවසට ගල් ගසා හානි කළ පුද්ගලයකු  වූ තෙබුලන්දගේ ජයසිරි ට විරුද්ධව මතුගම පොලීසියට නිලූකා කුමාරි  මහත්මිය පැමිණිලි කළේ 2006 වසරේදීය.

පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කරන ලදි. සමථයක් නොවීය. ඒ බව සමථ මණ්ඩලය මතුගම පොලීසිය දැනුවත් කරන ලදි. එහෙත් වසර හතක් ගතවීඇතත් නඩු දමා නැත.

එයින් අනතුරුව නිරන්තරයෙන් මෙම පුද්ගලයා බීමත්ව පැමිණ අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් මරණීය තර්ජන කරනු ලබයි. එම අවස්ථාවල පෛාලීසියට පැමිණිලි කලද ප්‍රෙයා්ජනයක් වී නොමැත. 2013.08.14 දින මෙම පුද්ගලයා බීමත්ව පැමිණ අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් මරණීය තර්ජන කරනු ලබන විට හදිසි ඇමතුම් අංකයට 119 ට, කතා කළද පැමිණ නැත.    

තෙබුලන්දගේ ජයසිරි ට විරුද්ධව මතුගම  පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඔහුගේ ඥාතියකු මතුගම පොලීසියේ සේවය කරන නිසාද යන සැකය ඇය මතු කරයි.

මතුගම පොලීසිය මෙසේ අපරාධකරුවකුට ලබාදෙන ආරක්ෂාව නිසා ඉදිරියේදී ඔහු තම සැමියාට අනතුරක් කරාවිය යන සැකය, බිය ඇයට ඇත.

සතිඅන්ත පොලවල වෙළඳාම් කරමින් දිවි ගැට ගහගන්නා ඇය, තම දුක් ගැනවිල්ල මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට ලිඛිතව පැමිණිලි කරමින් යුක්තිය ඉටු කරන ලෙසට ඉල්ලා සිටී.

හොරුන්, දූෂිතයින්, අපරාධකරුවන් රැකීමේ උත්තරීතර චින්තනය යටතේ වැජඹෙන හොරණ ශ්‍රී මේධංකරයේ විදුහල්පති සේනාරත්න

කමනී මානෙල් මහත්මිය සිය නිවුන් දරුවන් දෙන්නා,  ශ්‍රී මේධංකර මහා විදුහලට ඇතුලත් කර ගැනීම සහා අයදුම් කළේය. ඇය ප්‍රකාශ කරන පරිදි  සියලු සුදුසුකම් තිබිණ. එහෙත් එම දරුවන් දෙන්නාව තෝරා නොගැණින. සම සුදුසුකම්, අඩු සුදුසුකම්, සුදුසුකම් නොමැති දරුවන් මේ වන විට ඇතුලත් කරගෙන හමාරය.
ඇය ප්‍රකාශ කරන්නේ විදුහල්පති ඉල්ලූ  මුදල ගෙවීමට ඇයට නොහැකි වීම තම දරුවන් දෙන්නාට, අදටත් අධ්‍යාපනය අහිමිවීමට හේතුව බවයි.
රුපියල් 10,000/=   සිට, ඉහළට අල්ලස් ලබාගන්නා මේ විදුහල්පති කේ.ඒ. සේනාරත්න ඒ සහා හොරණ මහජන බැංකුවේ පවත්වාගෙන යන සංවර්ධන ගිණුම හා ආරියරත්න වෙළසැල උපයෝගී කර ගන්නා බව ඇය කියා සිටී.
ඇය දන්නා නිවැරදි තොරතුරැ රැසක් වගකිවයුතු ආයතන වලට දැනුම් දී තිබේ. නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි යන අපේක්ෂාවන් ඇය කල ගෙවයි.
ළමුන් ප්‍රාණ ඇපයට අරගෙන, සියලු දූෂිත ක්‍රියාකාරකම්, අක්‍රමිකතාවන්, හොරකම් ප්‍රසිද්ධියේ කරන ශ්‍රී මේධංකර මහ විදුහලේ, කේ.එම්. සේනාරත්න, තවමත් නිදැල්ලේ හැසිරෙමින් දැහැමෙන් සෙමෙන් වැජෙෙඹන්නේ චින්තනයේ මහිමයෙන්ය.
ළමුන් ඇතුළත් කර ගැනීමේ සිට සීල ව්‍යාපාරය දක්වාවූ සියලු කාරණා වලින් මුදල් ගරා ගනිමින්, අපචාරයන්හි නියැලෙමින්, අල්ලස් ලබා ගනිමින්, ළමුන් අපයෝජනයට ලක් කරමින් වසර නවයකට ආසන්න කාලයක් නිරුපද්‍රිතව රැී සිටින්නේ කෙසේද යන්න වටහා ගන්නට බැරි දෙගුරුන්, තම දරුවාගේ ආරක්ෂාවට මූලිකත්වය දෙමින් මුණිවත රකිති.
උත්තරීතර චින්තනය මනාව වටහා ගත්තවුන්, මෙම දූෂිතයා හා එක්ව, තම අභිප්‍රායන් මුදුන් පමුණුවා ගනී. ඒ පිරිස ඔහු වෙනුවෙන් පිකට් කරන්න, පෙත්සම් අත්සන් කරන්න, කුණු බාල්දි කර ගසන්න සැදී පැහැදී සිටිති.
මේ දූෂිතයා තරම් හො එකෙක් බස්නාහිර පළාත් මහ ඇමතිට නැති තරම් යයි කියති. ඒ නිසාම පළාත් අධ්‍යාපන කේෂත්‍රෙයේ දූෂිතයින්ද මොහු වටා රොක් වී සිටිති. සෙස්සෝ හූල්ලති.
මීට පෙර අවස්ථා ගණනාවකදී,  මොහුට එල්ලවූ බරපතල නීති විරෝධී විනය විරෝධී ක්‍රියාවන් පිළිබ චෝදනා සියල්ලම යට ගැසුවේ ඉහත සහන් පිරිසය.
Chaminda Priyantha Kumara. Age 32 years. He was arrested on 21st May 2013 at around 8.30 pm on suspicion of stealing a mobile phone.Chaminda was taken to Kalutara South police and inhumanly tortured by police officers.

The law that prevails in Sri Lanka acquits murderers while imprisoning a person suspected of stealing a mobile phone.

³ That was why Chaminda’s testicles were pulled and crushed with a pole.

³That was why they held a rubber hose around his neck and two of them pulled it from either side.

³That was why they stripped a disabled person, forced him to lay on the ground and jumped on his body like a monkey.

³That was why they water boarded him.

Almost everyone in the country knows that police officers wish to assault innocent people.

As a result of an accident, Chaminda underwent surgery and was left disabled; the fingers of his right hand do not work; the lower part of the left arm was mutilated.



‘’They laid me down on a bench. They held a ‘kurudu’ pole to my neck and tied my hands and legs together with chains. Then they pulled my testicles and crushed them using a wooden pole. After crushing my genitals, they got onto the bench still wearing their boots and jumped on my body. I am still in pain now. I still feel the pain, and my hands also hurt. They assaulted me all over with a ‘kurudu’ pole.After assaulting me they put the kurudu pole across my neck.After putting the pole across my neck once again, they tied a T shirt over my face, covering it. They used water boarding method on me…’’ - K.C.D. P Kumara