Sunday, August 25, 2013

තොරණ අබියස පොලිස් “රාළහාමි”කණ සපා කනවා සංවිධායකයින්ට පෙනුනේ නැතිලු!!

පසුගිය ඇසල පෝයට, ඕපාත “ ‍‍‍බොදුවෝ ” පිරිසක් තොරණ ඉදි කළේය.දින 07 ක් පුරා පැවති ‍තොරණ දිනපතා විවෘත විය. තොරණ අභියස ඉදිකර තිබූ පහන් වැටේ -  මැටි පහන් සියයක් විය. ආරාධිතයෝ පහනක් දල්වා, රු 1000/= ක්, පරිත්‍යාග කර නම ලව්ඩ්ස් පීකරයෙන් විරිදුවෙන්  නම කියවාගෙන නිවන් සුව පතාගත්තේය.
 රියදුරකු වූ ගාමිනී හතරසිංහ මහතා ආරාධිතයෙකි. ඔහු 29 වන දින විවෘත කිරීමට ගියේ පහනක් දල්වා රු: 1000/= ක් දී පින් ලබාගෙන, එය ඔපාත ජනතාවට විරිදුවෙන් දැන්වීමටය.

නමුත් මහත් අකරතැබ්බයකට මුහුණපානන්ට සිදු විය. තොරණ සංවිධායකයෙකු වූ පො.කො. 66053 අබේසේකර, ගාමිණීට පහර දී කණ සපා කෑවේ පිස්සු බලු රෝගය වැලඳී නොව ඔහුගේ පියාගේ උසි ගැන්වීමටය.

තොරණ සංවිධායකයින් ඇතුලු සිය ගණනක් ඉදිරියේ මේ අපරාධය සිදු විය.

ඔහුගේ කණ සැත්කමකට භාජනය කළේ කරාපිටිය ශීක්ෂණ මහ රෝහලේදීය.
පොලීසිය පැමිණිල්ලට පියවරක් ගන්නේ නැත. පොලිස්පතිට දෙවරක් ෆැක්ස් මගින් දැනුම් දුන්නේය. වැඩක් වුනේ නැත.

දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පතිට කළ පැමිණිල්ලට, හිනිදුම පොලීසියට කැඳවුවත් -  පියවරක් ගත්තේ නැත.

ඒ අපරාධය කළ තැනැත්තා පොලිස්කාරයෙකු නිසාය. මෙම අපරාධය මේ දක්වාම මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර නොමැත.

එයට වඩා වැදගත් වන්නේ සිද්ධිය ඇසින් දුටු තොරණ සංවිධායකවරුන් කියන්නේ එවන් සිද්ධියක් තමන් නොදුටු බවයි. නොඇසුනු බවයි. මේ බණ අහන, බණ කියන  බුදු දහම විකුණාගෙන අනුභව කරන ප්‍රදර්ශණ බෞද්ධයින් ගේ හැටි බව ගාමීණිට වැටහුනේය.


No comments:

Post a Comment